♡ නුහුරු ඇරයුම් ♡
OBS 01« OBS Part 01 »

"සඳලතා පායනව අරහෙ. උඹ මෙහෙ පාන් ගිලිනව. අන්න ඉනෝක මිස් ලැබ් එකට කතා කලා."
කැන්ටිමේ ආතල් එකේ කකා ඉන්න ගමන් ලකිය ඇවිල්ල බෙරිහං දෙන්න ගත්ත.
ඒලෙවල් වලට ඇවිල්ල මාස දෙකයි. වා නං වා පෝ නං පෝ සීන් එකේ නිසා මම වැඩිය සිරාවට බැහැල වැඩ කරන්න ගියෙ නෑ. ඉතින් පන්තියක් කට් කරනව කියන්නෙ නෝමල් දෙයක් මට.
ඒ උනාට ලකිය කෑ ගහපු විදිහට මාව නෝට් නිසා එහෙම්ම අතත් හෝදන් ඌ එක්ක ආව.
ඉනෝකා මිස්ගෙත් නැලවිල්ල තියෙනව ඉතින් මෑ කරල් වගේ. කොල්ලො ලැබ් එකට ගිහිල්ල කොම්පියුටර් කරේ තියන් මිස්ගෙ නැලවිල්ල බලන්නෙ.
පැය එකහමාරක් තිස්සෙ ගේම් ගහල ගහල අන්තිමට පීරියඩ් එක ඉවර උන නිසා සෙට් එකම බැස්ස එලියට.
මගෙ පර්ස් එක පංතියෙ හින්ද වෙන උන්ට කලින්ම මම සැනික පර්ස් එකත් අරන් පනින්න හිතන් පංතියට එනකොට කවුද මංද කිරි ටොයිය කෙල්ලෙක් පංතියෙ වාඩි වෙලා ඉන්නව.
"ඒ වැරදි පංතියක බං ඉන්නෙ. අපේ පංතියෙ මට මතක විදිහට ඔයා වගේ කෙනෙක් හිටියෙ නෑ"
ඒකි ඔරවල බැලුව බැලිල්ලක් මම දොර ගාවින් අඩියක් පස්සට යන්නම.
"තමුසෙට වැඩක් නෑනෙ. තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නව"
අඩෝ බනින්න එපා බං.

"හා හා. කවුද ඉතින් ඔයා. මොකෝ අපේ පංතියෙ කරන්නෙ"
"තමුසෙ වැඩක් බලාගන්නව ගිහිල්ල"
මම ලෙප්ට්.
ආපහු ඒකිගෙ මූණවත් බලන්නැතුව මම පර්ස් එකත් අරන් පංතියෙන් පනිනකොටම ලකියත් ආව. ලකිය අරකිව දැකල හිනා වෙලා මට කතා කලා.
"ශනුකි ඇවිල්ල නේ. මං හිතුවෙ ලබන සතියෙ වගේ එයි කියල"
"අඩෝ උඹ දන්නවද ඒකිව"
"අර උපේක්ශ ඇන්ටිගෙ බෝඩිමට ආවෙ කෙල්ලො දෙන්නෙක් බං. ඒ එක්කෙනෙක් මෙයා. මේකිට පට්ට සල්ලිලු"
සල්ලි නිසා තමා සයිස් දාන්නෙ දැකලවත් නැති උන්ට.
පීරියඩ් තුනක්ම කට් කරල රවුම් ගහල පංතියට එනකොට එතන තව මගුලක් වෙලා. කෙල්ලො ටික වටවෙලා කුටු කුටු ගහනව. කොල්ලො පැත්ත ගහල. හෙනම භීශනේ පංතියෙ.
ලකිය ගිහිල්ල කොල්ලෙක්ගෙන් ඇහුව මොකෝ සීන් එක කියල.
"ආන් අර අලුතෙන් ආපු කෙල්ලගෙ ෆෝන් එකක් උඩ අයියල දෙන්නෙක් ඇවිල්ල උස්සන් ගියා. ෆෝන් එක ඕන්නං යාලු වෙන්නලු"
මට ඒ වෙලාවෙ මල පැන්නෙ ඇයි කියල මමවත් දන්නෑ. සාමාන්‍යයෙන් මට මල පනිනව අඩුයි. ඒ උනාට මල පැන්නොත් පැන්නම තමා.
සැනික කොමස් එකටයි ආට් එකටයි ගිහිල්ල සේනාව රැස් කරගෙන අපේ සෙක්ශන් එකේ උඩ තට්ටුවට ලෑන්ඩ් කලා. 12 වසර ඉන්නෙ යට. 13 ඉන්නෙ උඩ.
අදාල ඩයල් දෙක හිටපු පංතිය අහගෙන දොරත් ලොක් කරගෙනම ඇතුලට පැන්න. අපේ සෙට් එකේ සිරාවටම ගහගන්න පුලුවන් උන් ඉන්නෙ දෙන්නයි. අඩු ගානෙ මටවත් ගහගන්න බෑ. වන් ශොට් මම ඩවුන්.
ඒ උනාට පිරිස් බලය වැඩි වෙනකොට ප්‍රතිවාදියාට මානසික බලපෑමක් කරන්න පුලුවන් කියන තියරිය මම දැනන් හිටිය. නන්නයො දෙන්නෙකුත් පැනල ඒ අස්සෙන්.
ලොකු උන් බය වෙලා බලන් ඉන්නකොටම මමයි ලකියයි අර කියපු බුවාල දෙන්න ගාවට ගියා.
"අයියේ... මම උපරිම හොඳින් කියන්නෙ.... අර ගත්තු ෆෝන් එක දීල මේක මෙතනින් ශේප් කරමු"
ඌත් ලේසියට අරින්නෑ. තදයෙක් වගේ.
"ඇයි උඹ ඒකිගෙ කොල්ලද. උඹ ඒකිව දන්නෙත් අදනෙ who to"
"වෙන්නැති. ඒ උනාට ඒකි මගෙ පංතියෙ කෙල්ලෙක්. උඹට ඕනෙ අමාරු විදිහට නං ඒම කරමු මට ප්‍රශ්නයක් නෑ"
ටිකක් වෙලා සයිලන්ට් උනා පංතියම.
මම බලන් හිටියෙ පළවෙනි move එක උන් ගන්නකං. ඒ උනාට අපේ සෙට් එකේ කුකුල් වලි කාරයො දෙන්නට ඉවසගන්න බැරුව පැනපු ගමන් වෙන එකෙක්ට කෙලගෙන කෙලගෙන ගියා.
ගහන්න ඕනෙ එකාට නැතුව පැත්තක හිටපු එකෙක්ට ගහනව දැක්කම මම

වලිය ඇදි ඇදි යන අතරෙ මම පැත්තට පැන පැන defense mode එක දාන් හිටිය. මගෙ යකා අවුස්සගත්තෙ අරූමයි. මම පැන පැන ඉන්නකොට මගෙ ශර්ට් එකේ බොත්තමක් ගැලවෙන්නම මාව ඇදල තල්ලු කලා.
යකා ආවේස වෙලා වගේ උට නෙලාගෙන ගිහිල්ල අන්තිමට උගෙ බෑග් එක අවුස්සල ෆෝන් එක ගත්ත. ෆෝන් එක හම්බුනා කියල සිග්නල් එක දීපු ගමන් කොල්ලො ලෙප්ට්. ගුටිකාපු උන් ඉන්නව හැබැයි වලියක් නෑ.
ආපහු පංතියට එනකොට කෙල්ලො ටික අපි දිහා බැලුවෙ නිකං කුඩුකාරයො දිහා බලනව වගේ.
මම අස්සෙන් අස්සෙන් රිංගල අර කෙල්ල ගාවට ගිහින් ඉස්සරහින් හිටගෙන ෆෝන් එක මේසෙ උඩින් තිබ්බ.
"ලොකු නෝනා. මම වැදගත් එකෙක් නං නෙවේ ඔයා වගේ. ඒ උනාට පංතියෙ කෙල්ලෙක් නිසා උදව් කරන එක මගෙ වගකීමක්. ෆෝන් එක ගෙනාවට කමක් නෑ. ඉස්කෝලෙ ඇතුලෙ දිගාරින්න යන්න එපා. ප්‍රශ්න වෙයි"
ඒකි අඬන්න වගේ ලුක් එකක් දීල බකස් ගාල ෆෝන් එක අරන් බෑග් එකට ඔබාගෙන අහක බලාගත්ත.
ඕනෙ පු@ක් කරගනින් කියල හිතල වාඩි වෙන්න යනකොට අපේ මිසා ඇවිල්ල කේලම දිගෑරිය.
"උඩ පංතියෙ රන්ඩුවට ගිය අය වහාම කියන්න. අපේ සෙක්ශන් එකෙනුත් හිටියලු. හැමෝටම දඬුවම් ලැබෙන්න කලින් කවුද ගියේ කියන්න"
අපේ පංතියෙ ඉන්නව චීත්ත ටිකක්. කට්ටියව මාට්ටු වෙලා මුන් ෆෝන් එක ගැන කිව්වොත් ඒම අරකිටත් ප්‍රශ්නයක් වෙලා තත්වෙ තව දරුණු වෙනව. ඉතින් මම තනියම නැගිට්ට.
"මිස් මම විතරයි ගියෙ. මම පටන් ගත්තෙ රණ්ඩුව"
ඊට කලිනුත් කොච්චර සක්කිලි වැඩ කරල තිබුනත් එදා තමා මට ඉස්කෝලෙන් පළවෙනි රෙඩ් කාඩ් එක වැදුනෙ. අර මුලින්ම ගුටි කාපු අහක හිටපු එකා පිනාගෙ නෑයෙක්ලු.
ශනුකි මුලින්ම ආපු දවසෙ සිද්ද උනේ ඔන්න ඕකයි.