විරාග හෝරාව
OBS~ OBS 01 - සෙනූගෙ කතාව ~

"එක්කො නැගපං බයික් එකට. නැත්තං මාව අතෑරල පලයන්"
"අනේ... සංජු අයියෙ.. මට අද පංතිනෙ. තේරුම් ගන්නකො අයියෙ. මං වඳින්නං. වෙන දවසක යමු අපි."
මහ පාරෙ අඬ අඬ සංජුල අයියට කිව්වෙ මට එදා එයා එක්ක එන්න වෙන්නෑ කියල. ඒත් එයා කියන්නෙ පංති යන්නැතුව එයා එක්ක එන්න කියල.
"හා හා හරි. තමුසෙ අද වෙන එකෙක් එක්ක යන්න ලෑස්ති වෙලා ඇති. මේක ඉවරයි කියල හිතාගනින්. මගෙ මූණවත් බලන්න එපා"
කියල සංජුල අයිය බයිසිකලේ දුම් දාගෙන එදා මගෙන් ඈතට ගියා.
මම සෙනුදි මාරවිල. ඒලෙවල් වලට පංති ආපු මුල් දවස් වල හම්බුන අයිය කෙනෙක් තමා සංජුල කියන්නෙ. අයියයි මමයි යාලු වෙලා අවුරුද්දක් යන්නත් කලින් අයියගෙ අතින්ම මං ගෑණියෙක් උනා.
ඒත් සංජු අයිය ගැන මගෙ හිතේ තිබ්බ ආදරේ අඩු උනේ නෑ. ඒ මගෙ පළවෙනි ආදරේ. එදා ඒ විදිහට සංජුල අයියත් මාව දාල ගියාට පස්සෙ මට දැනුනෙ මේ ලෝකෙ මාව තනි වෙලා කියල. අම්මටයි තාත්තටයි පස්සෙ මම වැඩියෙන්ම ආදරේ කලේ එයාට.
ඒත්.. එයත් ගියා.....
විභාගෙ ලිව්වත් හොඳට පාස් වෙන්න බැරි උනා. ඉතින් රස්සාවලට අයදුම් කර කර ඉන්නකොට තමා මට මේ කම්පැනි එකේ ක්ලාක් කෙනෙක් හැටියට බැඳෙන්න හිතුනෙ.
එදා ඉරිද දවසක්. මාව ඉන්ටව් කරන්න හිටියෙ සර් කෙනෙකුයි මිස් කෙනෙකුයි.
"ගුඩ් මෝනින් සෙනුදි....."
ඒ කටහඬ..... ඉන්ටව් බෝඩ් එකේ හිටපු සර් තමයි මට මේ කම්පැනි එකේ මුලින්ම කතා කලේ. ඒකත් හරිම කරුණාවන්ත කටහඬකින්.
"අපිට සෙනුදිට ඇත්තටම මීට වඩා ලොකු පෝස්ට් එකක් දෙන්න අමාරුයි. හැබැයි සෙනුදි හරියට වැඩ ටික කලොත් සෙනුදිට ඉක්මනටම උඩට යන්න පුලුවන් වෙයි."
"මං උපරිම උත්සාහය දෙන්නං සර්"
"හරි එහෙනං. සෙනුදි හෙට ඉඳන් එන්න වැඩට. සෙනුදිගෙ වැඩ බලන්න මමයි තව සර් කෙනෙකුයි එනව මුල් මාස දෙකේ. සෙනුදි ඒ ගැන විරුද්ධයි නං අපි ලේඩි කෙනෙක් එවන්නං"
"අ... අනේ නෑ සර් ඒකට කමක් නෑ"
"බොහොම හොඳයි" කියල ඒ සර් මට අතට අත දුන්න.
හරිම රස්නෙයි ඒ අත. ලොකුයි ගොඩක්. මගෙ අතම වහගත්ත වගේ.
ඒ සර් තමයි ඉශාර ජයකොඩි!
ඉශාර සර් එක්ක එන අනිත් සර් ගොඩක් සැරයි කියල මම හිතුවෙ. ඉශාර සර්ත් ගොඩක් තැන්පත් කෙනෙක්. හැබැයි ගොඩක් තදයි.
සඳුද ඔෆිස් එකට එනකොටම ඉශාර සර් මාව දැකල මාවත් එක්කන් ගියා මැනේජ්මන්ට් එකට. සර්ත් එක්ක මාව බලන්නයි වැඩ පුරුදු කරන්නයි ආපු අනිත් සර් නං පිස්සෙක්. ඉශාර සර්ගෙ හොඳම යාලුවලු ඒ. නමින් ශෙහාන්.
ඒ දෙන්න එක්ක වැඩකරපු පළවෙනි මාසෙන්ම මගෙ රස්සාව ස්ථිර කලා ඉශාන් සර්. අලුතෙන් ජීවිතයක් පටන් ගන්න හීන දැකපු මට ඒක ලොකු හයියක් උනා.
කම්පැනි එකේම මගෙ හොඳම යාලුවො වගේ හිටියෙ ඉශාන් සර් යි ශෙහාන් සර් යි.
මගෙ ජීවිතේ අනිත් පැත්ත හැරවුනේ අහසම කලු කරල තිබ්බ එක හවස් වරුවක. ඕෆ් එක දාල එලියට ඇවිල්ල පොද ගහන නිසා ෆයිල් එකකුත් ඔලුවට අල්ලන් ගෙදර එන්න හදනකොට ඉශාර සර් බයික් එක මං ළඟින් නැවත්තුව.
සර්ත් එක්ක ගෙදරටම ආවට පස්සෙ වැස්ස නිසා එදා රෑ සර් මාත් එක්ක හිටිය.
ඉශාර සර් පහුවෙනිද ගෙදරින් එලියට බැස්සෙ මගෙ ජීවිතේ ඉශාර සර්ටත් කොටසක් වෙන් කරගෙන.
මමයි ඉශාර අයියයි ඇවිදින්න ගියා , එකට කන්න ගියා බීච් එකටත් ගියා අපි. ඉශාර අයිය මාව ගොඩක් ආදරෙන් බලාගත්තෙ මේ ලෝකෙ බැඳීම් කියල දෙයක් නෑ කියල හිතන් හිටපු මාවත් පුදුම කරවල.
මගේ ජීවිතේට ආපහු පරණ මතකයන් එකතු වෙන්න පටන් ගත්තෙ කම්පැනියෙ award ceremony දවසෙ දවල් වරුවෙ තනියම එලියට ගියපු වෙලාවක.
කම්පැනි එකේ ලොබි එකේ දැකල පුරුදු මූණක් තිබ්බ නිසා කවුද කියල හොයන්න මම ඒ දිහාවට ගියා.
ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි......
ඉස්සර දවසක මාව අතෑරල දාල යන්න ගිය සංජුල අයිය.
සංජුල අයිය මාව දැකල ඉඳන් හිටපු තැනින් නැගිටල මං ගාවට ආව.
"සෙ...සෙනුදි. දෙයියනේ ඔයා..."
"ස... ස... සංජුල අයියෙ.. මෙ.. මෙහෙ මොකද කරන්නෙ ඔයා"
"මොකක්ද වස්තුව උනේ ඔයාට. කෝ එන්න මං ළඟට"
කියල සංජුල අයිය එයාගෙ ඒ අඳුරු අත් දෙක මගෙ කම්මුලට ළං කලා.
මම පස්සට වෙලා සංජුල අයිය දිහා බැලුවම එයා නිකංම ආපහු අත් දෙක පහල දාගත්ත.
"මට සමාවෙන්න සෙනුදි. මම නිසා ඔයාට වැරදි දේවල් ගොඩක් උනා නේද සෙනුදි. මං දන්නව මට සමාව දෙන්න බෑ කියල. ඒත් මම හදවතින්ම කියන්නෙ මට සමාවෙන්න සෙනුදි"
"එ.... එපා අයියෙ. මම සතුටින් ඉන්නව වෙනදට වඩා."
"අනේ කොච්චර දෙයක්ද සෙනුදි"
"අයිය ඇයි මෙහෙ ආවෙ"
"මම ජොබ් එකකට ඇප්ලයි කලා. අද ඉන්ටවීව් එක තියන්න පරක්කු වෙනව කිව්ව. ඉශාර කියල සර් කෙනෙක්ලු ඉන්නෙ බෝඩ් එකේ. සෙනුදි දන්නවද එයාව"
"ඔ.... ඔව් මං දන්නව"
"සෙ.... සෙනුදිට පුලුවන් ද...නෑ... එපා...."
"මම උදව් කරන්නං අයියෙ. ඉශාර සර් ගොඩක් හොඳ කෙනෙක්"
"ගොඩක් ස්තූතී සෙනුදි. මම මේක ඉවර කරල එන්නං. කතා කරන්න පොඩ්ඩක්"
ඇයි මම මේ මිනිහට උදව් කරන්නෙ කියන එක මටත් ප්රශ්නයක් උනා. මම තාමත් හිත ඇතුලෙන් එයාට ආදරේ කරනවද? ඒක නං කීයටවත් වෙන්න බෑ.
කම්පැනි එකේ උත්සවේ නිසයි අද ඉන්ටව් එක පරක්කු වෙන්නෙ. ඒ නිසා මම ඉක්මනට ඉශාර අයියව හොයන් ගියා.
විස්තර ටික කියල ඉශාර අයිය මගෙන් ඇහුව ඒ මගෙ යාලුවෙක්ද කියල.
"අ.... අයියෙ. ඒ..... ම.... මගෙ.. කලින්..... බෝයි....ෆ්රෙ"
ඉශාර අයියගෙ අත වේගෙන් මගෙ කම්මුලේ වැදුනේ මූණට දැනුන වේදනාවට වඩා පපුව ඇතුලෙන් පිච්චෙනව වගේ වේදනාවක් මට දැනෙන්න සලස්සල.