විරාග හෝරාව
05~ පස්වන කොටස ~

මතකනෙ. සෙනූට අමතරව දැන් මෙතුනිවත් බලාගන්නව මං. වැරැද්දක් උනත් හිත යටින් කැමැත්තකුත් තියෙනව. අන්තිමට ලොක්ක වගේ විමර්ශන අංශෙ වැඩත් භාරගත්ත.
එතැන් සිට...
"සර්.... මෙන්න මේ රිපෝට් එකට උත්තරයක් එවන්න කිව්ව ට්‍රාන්ස්පෝට් එකෙන්. ගිය සතියෙ ආපු ස්ටොක් එකක්"
සෙනූ දැන් මාර ගැම්මෙන් වැඩ කරන්නෙ. කලින් හිටපු බ්‍රාන්ච් එකෙත් හොඳට වැඩ කලා. මෙතන මට පේන්නද මංද කලින්ට වඩා දෙගුණයක් වැඩ කරනව.
සෙනූ දීපු රිපෝට් එකත් අරන් සෙනූගෙ අතින් අල්ලල ඇදල ගත්ත මේසෙ ලඟට.
"ස...සර් එපා.... මේ කට්ටිය ඉන්නව. දවල්ට යං. හානෙ. දැන් වැඩ කරන්න තියෙනව"
"දවල්ට එනවද. ශුවර්ද"
"ඔව් ඔව් අනේ. අතාරින්නකො"
හිමීට අතට කිස් එකක් දීල සෙනූව යැව්ව මං. ශෙහානයත් ටීවි එක සද්දෙට දාගෙන බොරුවට ෆයිල් එකක් දිහා බලන් ඉන්නව වගේ ටීවි බලනව.
මම වීදුරුවට තට්ටු කරල උට 'වැඩේ කරහං' කිව්ව.
විමර්ශන අංශෙ ගානක් නැතුව සේපට යනව. වැඩිය ප්‍රශ්න එන්නැති උනත් තීරණ ගන්න ගියාම බොක්ක කූල් වෙනව.
බ්‍රාන්ච් එකට ඇහැ දානකොට දැක්කෙ මෙතුනි මං දිහා බලන් ඉන්නව කියල. මම එයා දිහා බැලුව කියල දැක්ක ගමන් මෙතුනි පුටුවෙන් නැගිටල රූම් එකට ආව.
"සර්. security එකට පොඩ්ඩක් එන්න කිව්ව. බිල්ඩින් එකේ cctv repair එකක් ගැන බලන්න"
තාක්ශණික අංශෙ වැඩකට විමර්ශන අංශෙ අධ්‍යක්ෂකව අරන් යන්නෙ ඇයි කියල හිතන මම

"මාව ඕන්නෑනෙ ඒකට"
"එන්නකො සර් පොඩ්ඩක්"
මෙතුනි බලකරල කියපු නිසා මම මෙතුනිත් එක්ක ලිෆ්ට් එකට ගියා.
"ඇයි ඒකට මට එන්න කිව්වෙ. මම අදාල නෑනෙ ඒ වැඩේට"
මෙතුනි ඇඟිල්ලක් තොල් දෙකට තියල කතා කරන්න එපා කියල ලිෆ්ට් එකේ closing button එක එබුව.
ලිෆ්ට් එකේ දොර වැහුන ගමන් මෙතුනි මාවත් තල්ලු කරන් බිත්තියට හේත්තු කරල මාව කිස් කලා.
"මෙ... මෙතුනි.. මේ මොකද කරන්නෙ"
"මට අහන්න දෙයක් තියෙනව ඉශාර. ප්ලිස්. අදට විතරක්"
මල කෙලියයි. අහන්න දෙයක් තියෙනව නං කිස් කලේ ලබ්බටද.
"මෙ... මෙතුනි. මෙතන නෙවෙයි. පොඩ්ඩක් හරියට ඉන්න. වෙන කොහෙටහරි යමුකො."
"එහෙනං මාත් එක්ක එන්න"
මෙතුනි එක්ක එන්න පොරොන්දු උන නිසා මෙතුනි මාව අතෑරල මුකුත් උන්නෑ වගේ ඉඳිය පහලට යනකංම.
මෙතුනි මාවත් එක්කන් කෙලින්ම ගියේ පාරෙන් එහා පැත්තෙ තිබ්බ අපේ පරණ ගබඩාවට. එතන වෙන බිල්ඩිමක් ගහන්න කියල ඒ ගබඩාව අයින් කලා. තාම එතන වැඩ පටන් අරන් නැති නිසා කවුරුත්ම නෑ ඒකෙ.
මෙතුනිත් එක්ක සේපට කාටවත් මීටර් නොවෙන්න ගබඩාව අස්සට රිංගුව.
"මේ ඉක්මනට යං හරිද. වැඩ අස්සෙ මේවට පුරුදු වෙන්න එපා."
"ඉශාර. ඇත්තටම මට ආදරෙයිද ඔයා"
"කලින් කිව්වනෙ ඉතින්. මම ආදරෙයි ඔයාට. ඒත් මට බෑ ඔයා එක්ක මෙහෙම දිගටම එන්න. සෙනූට හොරෙන් ඔයත් එක්ක මෙහෙම ලව් කරනව කියන්නෙ කැත වැඩක් කියල ඔයාටත් තේරෙනවනෙ. ඔයා ඉන්න තත්වෙ නිසා මම තාමත් ඔයා එක්ක එන්නෙ මේ. ඒ නිසා වැරදියට හිතන්න එපා"
මෙතුනි ටිකක් වෙලා බිම බලන් ඉඳල ආපහු මට කතා කලා.
"මට තේරෙනව ඉශාර. සොරි. අදට විතරක් එහෙනං මාත් එක්ක ඉන්න ටිකක් වෙලා. මම ආපහු ඉශාරට කරදර කරන්නෑ. අදට විතරක්"
"හරි හරි ඒකට කමක් නෑ. ලන්ච් එකට කලින් යමු"
මෙතුනි මගෙ ළඟට ඇවිල්ල මගෙ ටයි එක ලූස් කරල ඒක ගැලෙව්ව. මීට කලින් කෙල්ලෙක් එක්ක මෙහෙම ඉඳල නැති නිසා මාව ගැහෙන්න ගත්ත.
ටයි එක ගලවල මගෙ ශර්ට් එකේ උඩ බොත්තම ගලවනකොටම මම කතා කලා.
"මේ මොකක්ද කරන්නෙ මෙතුනි"
"අදට විතරක් මෙහෙම ඉන්න දෙන්න ඉශාර. අදට විතරක්. ප්ලීස්."
"හම්ම්"
කතාව පොඩ්ඩක් අසම්මත විදිහට දහඅට ප්ලස් පැත්තට යනව වගේ නිසා මට බනින්න හදන පාඨකයො

මෝල් වෙලා ඉන්න වෙලාවක කතාව ලියපු මම

උඩ බොත්තන් තුනක් ගලවල දාල මගෙ ශර්ට් එක ඈත් කරල මෙතුනි මට තුරුල් උනා. මෙතුනිගෙ කම්මුලේ රස්නෙ මගෙ පපුවට දැනුන හොඳට.
"ඉශාර"
"ම්ම්ම්ම්"
"සෙනුදිව හොඳට බලාගන්න. ඔයා හොඳ කොල්ලෙක්. ඔයාව මේවට පටලගත්තට මට සමාවෙන්න."
"ඒක නෙවෙයිනෙ වැඩේ. ඔයා මෝඩ වැඩ නොකර ඉන්න. කොල්ලෙක් ගිය පලියට මෙහෙම හැසිරෙන්න එපා. ඔයා ඉගෙනගත්ත වැදගත් කෙල්ලෙක්. මේ වගේ දේවල් ඔයාටමයි හොඳ නැත්තෙ"
මෙතුනි තව ටිකක් මට තද උනා. හංසයො දෙන්නත් ඇඟේ වදින නිසා ආතල් වැඩි කමටම ටෙන්ට් එක වදින්න ගත්ත.
"මෙතුනි. යමුද දැන් අපි. 1ට ළඟයි"
"ඔයාට ස්තූතී ඉශාර ගොඩක්. මමත් ආදරෙයි ඔයාට හැමදාටම. සමාවෙන්න මට ඒකට."
"හම්ම් ඒකට කමක් නෑ. පරිස්සමට ඉන්න අද ඉඳන්. උදව්වක් ඕනි උනොත් කියන්න. යාලුවෙක් විදිහට මම ඕනෙ දෙයක් කරන්නං"
කියල මම මෙතුනිගෙ නිකටෙන් අල්ලං උස්සල කම්මුලට කිස් එකක් දුන්න.
දීල ශර්ට් එකත් හදාගෙන සේපට එලියට ඇවිල්ල බ්‍රාන්ච් එකට ආව.
මෙතුනිට බනින්නත් බෑ මට. ඕනෙම කෙනෙක්ට ඒ තත්වෙට මුහුණ දෙන්න අමාරු වෙන්න පුලුවන්. මෙතුනිට ආදරේ කරනව කියන්නෙ සෙනූට ආදරේ කරන්නෑ කියන එක නෙවෙයි. ඒත් දැන් මෙතුනිටම තේරිලා වගේ මේක වැරැද්දක් කියල.
බ්‍රාන්ච් එකට එනකොට එතන වෙනම මගුලක් වෙලා.
විසි දෙනෙක් විතර ටීවි එකට එබි එබි දඟලනව. මැද්දෙ ශෙහානය සල්ලි පුරවපු කෝප්පයක් අල්ලන් කෑ ගහනව.
"ආන් ඒ ඕවරේට 4ක් වැදුනා.... ඊළඟ ඔට්ටුව රුපියල් 10යි... ඊළඟ ඕවර් තුනට කීයක් වදීද.... ආ... මෙන්න මෙහෙන් රුපියල් 2කේ කාසියක් වැටුනා අපේ සෝමපාල මාමගෙන්... සෝමපාල මාම කියනව ඊළඟ ඕවර් තුනට ලකුණු 32ක් ගහනවලු.... මාමට අමතක වෙලා මේක ටෙස්ට් මැච් එකක් කියල. ඒකට කමක් නෑ. මටනෙ සල්ලි හම්බෙන්නෙ. තව කවුරු හරි ඉන්නවදෝ....."
මල පැනපු පාර මම ගිහිල්ල බිත්තියෙන් ටීවි එකේ ප්ලග් එක ගැලෙව්ව.
"මේක සූදු පොලක් කියලද හිතුවෙ තමුසෙල. කවුද මේ. මැනේජ්මන්ට් එකෙ උන් මෙහෙ රිංගල. තමුසෙලගෙ බ්‍රාන්ච් වලට යනව. මෙතන පිස්සු කෙලින්නැතුව. ශෙහානය දීපං ඔය සල්ලි ටික අදාල එවුන්ට"
මම කෑ ගහපු නිසා කට්ටියම සයිලන්ට් උනා. ශෙහානයත් නෝන්ජල් හිනාවක් දාල අකමැත්තෙ වගේ ආපහු සල්ලි ටික බෙදන්න ගත්ත.
"යකෝ ඔෆිස් එකෙන් පොඩ්ඩක් එලියට යන්න බෑනෙ වැඩකට. මුන් මගුල් නටනව"
සෙනූ එතන පේන්න හිටපු නැති නිසා මම බය සැක නැතුව බැන්නෙ. සෙනූ හිටියනං එයාටත් බනින්න වෙනවනෙ.
එතකොටම සෙනූ මගෙ කාමරේ ඉඳන් එලියට ආව කොලේකුත් අරගෙන
"ශෙහාන් අයියෙ. මෙන්න ලිස්ට් එක. දැනට කිත්සිරි අයිය 100ක් දිනල. ඊළඟ එක දාමු විකට් එකකට. හෙට බෙදමු දිනපු අයට"
සෙනූ මාව දකිනැතුවද කොහෙද හෝ ගාල කියවනව. සෙට් එකම ඩිම් වෙලා සෙනූ දිහා බලන් ඉන්නව.
"ඇයි මේ කට්ටිය යන්නෙ. ශෙහාන් අයියෙ වැඩේ ඉවරද. අපරාදෙ අනේ"
සෙනග ටික අඩු වෙනකොට මම එතන මැද්දෙ අත් දෙක බැඳන් හිටන් ඉන්නව දැක්ක නිසා සෙනූගෙ ඇස් දෙක ලොකු උනා.
"ස... සර්.... ම.... මං..... ස....."
"සෙනුදි. ඕක ඩස්ට්බින් එකට දාන්න. පස් දෙනාම රූම් එකට. දැන්ම!"
මම ගිහිල්ල මගෙ පුටුවෙන් වාඩි වෙලා හිටිය කට්ටිය එනකං. මෙතුනි ඇරෙන්න අනිත් පස් දෙනාම රූම් එකට ඇවිල්ල මගෙ ඉස්සරහින් පේලියට හිටගත්ත. කවුරුත් කතාවක් නෑ. බිම බලන් ඉන්නව.
"මොකක්ද ඒ උනේ මෙතන"
උත්තරයක් නෑ.
"සෙනුදි. උත්තරයක් නැද්ද. ශෙහාන්?"
"ඒ බං. මගෙ වැරැද්ද. මුන්ට බනින්න එපා. මම වැඩේ කලේ"
ශෙහානය අනිත් උන්වත් බේරන්න ඌ ඉදිරිපත් උනා.
"මට වැඩක් නෑ කවුද කලේ කියල. මම දැක්ක හැටියට පස් දෙනාම ඒකට සහභාගි උනා. මම මේ කියන දේ හොඳට අහගන්න"
සෙනූ අඬන්න ඔන්න මෙන්න වගේ නිසා මම පොඩ්ඩක් සැර බාල කලා.
"මමත් කොල්ලෙක්. ආතල් ගන්න ඕනෙ. මම දන්නව. හැබැයි මේක අපේ රස්සාව. මුලින් ඒක කරල ඊට පස්සෙ මෙතන නැටුවත් මට කමක් නෑ. මම තාම පොඩි කොල්ලෙක් උන පලියට මම හැමදේටම අවසර දෙයි කියල හිතන්න එපා. ලොක්ක මාව මෙතනට දැම්මෙ මං ගැන විශ්වාසය තියල. ඒ නිසා සීමාව පනින්න එපා මීට පස්සෙ කවුරුත්ම. හිත් නරක් කරන් ඉන්න කැමති නෑ මම කාත් එක්කවත්. මම කියන දේ තෙරෙනවනෙ"
"ඔව් සර්" කට්ටියම කිව්ව.
"බොහොම හොඳයි. දැන් ටීවි එක දාගෙන මැච් එක බලන ගමන් හරි කමක් නෑ වැඩ කරන්න. හිත් රිදුනනං සමාවෙන්න. අධ්යක්ෂ හැටියට මට ඒක අනුමත කරන්න බෑ. දැන් වැඩ කරගන්න. යන්න පුලුවන්"
කට්ටියම කසු කුසුවක් ගහන් එලියට ගියා. සෙනූ අප්සට් ගහලද කොහෙද මගෙ මූණ බැලුවෙත් නැතුව එලියට ගියා. ඇයි අතටම මාට්ටු උනානෙ.
දවල්ට කන්න කියල කට්ටියම කැන්ටින් එකට යන්න පිටත් උනා.
"සෙනූ. කන්න යං"
"ස... සර් යන්න සර්... මම මේ ටික ඉවර කරල එන්නං"
මම සෙනූගෙ අතින් අල්ලල නැගිට්ටල ඇදගෙන ආව. සෙනූත් කතාවක් බහක් නැතුව මගෙ පස්සෙන් ආව. කැන්ටිමට යන්නැතුව ළඟ තිබ්බ කඩේකට ඇවිල්ල බත් එකක් ඕඩර් කලා.
"අ... අනේ අයියෙ. සමාවෙන්න මට... "
"මෝඩියෙ. කට වහන් ඉන්න. දැන් කමුකො. එන්න මං ළඟට"
කියල මම සෙනූගෙ පුටුවෙ කකුලකින් ඇදල මගෙ පුටුව ගාවටම ගත්ත.
සෙනූ තමා දවල්ට කවන්නෙ මට. සෙනූත් කන ගමන් මට කැව්ව. කෙල්ල අප්සට් ගහලද මංද අද වෙනද වගේ කතාවක් නෑ වැඩිය.
"සෙනූ. හවසට ශෙහානයගෙ ගෙදර යමුද. උගෙ නංගි කැම්පස් තේරිලා. අද පාටියක්ලු"
"අයිය යන්න අයියෙ. මම විශ් කලා කියන්නකො"
"එහෙම බෑ. මම යනව නං ඔයා එන්න ඕනෙ. මගෙ කෙල්ල නං මං කියන විදිහට ඉන්න"
ඔරන් ඔටන් වගේ තිබ්බ සෙනූගෙ මූණට පොඩි හිනාවක් ආව ඒක කිව්වම.
කාල බීල ඉවර වෙලා සෙනූ එක්ක පොඩ්ඩක් වෙලා කතා කරල ආපහු ඔෆිස් එකට ආව.
වැඩත් ඉවර කරල ඕෆ් වෙලා සෙනූව ගෙදරට දාල මමත් ලෑස්ති උනා පාටියට. හය වෙද්දි ආපහු සෙනූව එක්කන් යන්න සෙනූගෙ ගෙදරට ආව.
මතු සම්බන්ධයි...