👩‍🏫 Green Technology University of Ruhuna

👩‍🏫 Green Technology University of Ruhuna


Study with CHILL

👩‍🏫 හරිත තාක්ෂණය රුහුණ විශ්වවිද්‍යාලය - Green Technology University of Ruhuna

#Degree_details_part18

#Green_Technology_University_Of_Ruhuna


පෝස්ට් එකක් ලියන්න කරුනු හොයන්න දවසක් විතර යන නිසා අනවසරෙන් උපුටා ගැනීමක් කරන්න එපා කියලා මුලින්ම කාරුණිකව ඉල්ලනවා..


සැහෙන්න වැඩ අස්සෙ තමා මේ පෝස්ට් ලියන්නෙ. ඒ නිසා වාදගත් වුනා නම් පේජ් එකට රිවීව් එකක් දාන්න.


ඒ වගේම මගෙ youtube channel එකත් subscribe කරලා තියාගන්න..

https://youtu.be/Z0Tcx0iXEcI


ඒ වගේම ගොඩක් කරුණු මම සෑහෙන්න හොයලා සහ දන්න ගැන අහල තමයි ඔයාලට ලියන්නෙ..තනි පුද්ගලයෙක් මේ වැඩේ තනියම කරන නිසා සමහර වෙලාවට වරදින්න පුළුවන්.. ලොකු කොටසක් නෙවෙයි සමහර පොඩි පොඩි කොටස් අඩුපාඩු වෙන්න පුළුවන්..ඒ දේවල් වල අඩුපාඩුවක් තියෙනවා තියෙනවා නම් ඔරිජිනල් පෝස්ට් එක යටින් comment එකක් දාන්න...


👩‍🏫 හරිත තාක්ෂණය රුහුණ විශ්වවිද්‍යාලය - Green Technology University of Ruhuna


රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට තමයි මේ හරිත තාක්ෂණය කියන උපාධි පාඨමාලාව පිරිනමන්නෙ..


සාමාන්‍යයෙන් රුහුණ විශ්වවිද්‍යාලය කෘෂිකර්ම පීඨයෙන් උපාධි පාඨමාලාව තුනක් පිරිනැමීම සිදු වෙනවා..


1)Agriculture resources management and technology

2) Agri Business Management

3) Green technology

කලින් පෝස්ට් එකක මේ ඉතුරු දෙක ගැන සදහන් කරලා තියනවා..


මේ හරිත තාක්ශනය උපාධි පාඨමාලාවේ ප්‍රධානතම පරමාර්ථය තමයි පරිසර හායනය වළක්වමින් නවීන තාක්ෂණය භාවිතා කරමින් රට සංවර්ධනය සහ ලෝකය සංවර්ධනය සදහා ක්‍රියාකාරී උපාධිධාරීන් බිහි කරන එක.


සාමාන්‍යෙන් ලෝකේ තියෙන තාක්ෂණයත් එක්ක සහ මෙම සංවර්ධනය ක්‍රියාවලියත් එක්ක බලන් යද්දි ලෝකයට විශාල වශයෙන් පරිසර දූෂණය සිදු වෙනවා.

ඒ වගේම පරිසර හායනය සිදු වෙනවා ..


ඉතින් මේ පරිසර දූෂණය පරිසර හායනය වලක්වා ගනිමින් කොහොමද තිරසාර විදියට සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යන්න කියන දේ තමයි මේ degree program එකෙන් ගොඩක් දුරට focus කරල තියෙන්නෙ කියලා තමයි මට දැනගන්න ලැබුණේ ..


මේ සිද්ධිය මෙතනදි මම බොහොම සරලව කිව්වට මේක බොහෝ සංකීරණ සිදුවීමක්..


ඉතින් මේ degree එක මගින්


🌱Environment management

🌱Renewable energy production

🌱Energy efficiency and crop production for bio based products

🌱Sustainable land use

🌱Waste management and recycling

🌱Traditional/indigenous technology,

🌱Production technologies for bio

🌱products Environmental improvement

🌱Efficient management of water and quality managem


කියන පරාසයන් ආවරණය කිරීම සිදු කරනවා..


ඉතින් ඔයාට මං උඩින් දාලා තියෙන ආවරණය කරන දේවල් දිහා බැලුවම ඔයාගේ ඩීග්‍රි එකේ ඉගෙන ගන්න තියෙන්නෙ මොනවද, මේ ආශ්‍රයෙන් මොනවගේ රැකියා අවස්ථාවන් වලට ද යන්න පුළුවන් කියල දල අදහසක් ලැබෙන්න ඇති...


සාමාන්‍යෙන් මේ උපාධිධාරියෙක් ග්‍රාමීය සංවර්ධනය සඳහා වෘත්තීයවෙදියෙක් ලෙස සහ පහත සදහන් අංශ යටතේ වෘත්තීය වේදින් වනවා..


🎖️️කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය🎖️️බලශක්තිය සඳහා බෝග නිෂ්පාදනය 🎖️️සහ යටිතල පහසුකම් සංවර්ධනය

🎖️️කර්මාන්ත සදහා අමුද්‍රව්‍ය සැපයීමප්🎖️️පාරිසරික වශයෙන් බහුවිධ ප්‍රවේශයක් තුළ තිරසාර සංකල්ප ඒකාබද්ධ කිරීම මගින් සම්පත් ප්‍රශස්තිකරණය

🎖️️පාරිසරික සංවේදී නිෂ්පාදනයන් නිෂ්පාදනය කිරීම මගින් පරිසරය සමතුලිතතාවය සහ ප්‍රමිතිය රැකගැනීමට වගබලා ගැනීම.


මෙම උපාධිය මගින් ලැබෙන්නා වූ රැකියාවන් ගැන කතා කරාම බොහෝ විට රජයේ, පෞද්ගලික හෝ වෙනත් ආයතන වල උපදේශකයන් ලෙස රැකියාව කිරීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා .


ඊට අමතරව,


💰Development officers

💰Managers

💰Environmental officers

💰Technical officers

💰Extension officers

💰ඒ වගේම මං උඩින් සදහන් කරපු degree එකේ අන්තර්ගතයන්ට අදාල ගොඩක් ෆිල්ඩ්ස්වල රැකියා අවස්ථා ලබා ගැනීමේ හැකියාව තියෙනවා.


ඊට අමතරව Bsc degree එකක් ඉල්ලන ඕනෑම රැකියාවකට යන්නත් චාන්ස් එක තියෙනවා .


ඒ වගේම SLAS වගේ විභාග කරලා පරිපාලන අංශයට යන්නත් පුළුවන්


ඊට අමතරව higher studies වලට යන්නත් පුළුවන්.


ඉතින් මේ deegre එකේ content එක දිහ බලද්දි මට නම් හිතුණේ සෑහෙන්න හොඳ content එකක් තියෙන අනාගතයේ හොඳ රැකියා අවස්තා ඇති වෙන්න පුළුවන් ඩිග්‍රි එකක් තමයි මේක කියලා..


මොකද දැන් ලෝකේ එන්න එන්න ග්‍රීන් concept එකට යන නිසා මට හිතුන විදියට නම් මගේ පෞද්ගලික අදහස මේකෙ ගොඩක් Rich degree එකක් කියන එක..


ඉතින් ඔයාට තවත් තොරතුරු ලබාගන්න පුළුවන් degreeඑක කරන සහ කරල ඉවර වෙච්ච අයගෙන් අහලා..

ඒ වගේම වෙබ් එකෙන් එයාලගෙ handbook එක අරගෙන ඒක පරිශීලනය කරලත් බලන්න පුළුවන්.


ඉතින් ඔයාලට මගේ පොස්ට් එක වැදගත් උනානම් තව කට්ටියට බලන්න ශෙයා කරගෙන යන්න..


Follow me on Facebook - https://www.facebook.com/Study-With-CHILL-104053341778974/


Youtube - https://youtu.be/3BgLX3lmMSc


Telegram group - https://t.me/joinchat/TzVjMXm9MxjhqE5M


Twitter - https://twitter.com/StudywithChill?t=CYWBzunloouQ8F8Jut8fpw&s=09


Gmail - studywithchill@gmail.com


එහෙනම් හැමෝටම ජය..

Report Page