Green Eyes

Green Eyes

❤ ❤
අභිරහස් සමුදායක හැගවුණු වියරුව....



කතෘ අයිතිය සුරකින්න. මෙම කතාව උපුටා ගැනීම, අනවසරයෙන් වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්.




~පලමුවන දිගහැරුම~





"සර්....අදත් මර්ඩර් එකක්...."





ගැඹුරු කල්පනාවක ගිලිලා හිටපු OIC හර්ෂණ ගැස්සිලා ගියෙ pc සමන්ගෙ හඩට...






"ඒ කොහෙද...මොනවා වෙලාද මේ පාර..."





එකදිගටම උනු මර්ඩර්ස් නිසාම වෙහෙසට පත්වෙලා හිටපු හර්ෂණ ඇහුවේ කුතුහලයෙන්...





"කලින් වගේම තමයි සර්...ඇස් උගුල්ලලා දාපු පිරිමි කෙනෙක්ගෙ බොඩි එකක්...බාහිරින් වෙන කිසිම හානියක් කරලා නෑ...මේ පාරත් පාලු පාරක තමයි දාලා ගිහිං තියෙන්නේ..."






ඒක ඇහුව ගමන් හර්ෂණගේ තරහ තවත් වැඩි උනා...තමන් කොච්චර දක්ෂ නිලධාරීයෙක් උනත් මේ අභිරහස විසදගන්න බැරුව දගලන නිසාම ඔහු හිටියේ තමන් ගැනම කේන්තියෙන්....







"මේ මාසෙට කීවෙනි මර්ඩර් එකද අයිසේ මේ...එක දිගට මර්ඩර්ස් හතරක් දවස් හතට...එහෙන් ලොක්කා මගෙ ඔලුව කනවා මේකෙ කිසිම හෝඩුවාවක් තාම හොයාගන්න බැරි උනාද කියලා...මට තේරෙන්නේ නෑ බං මොනවා කරන්නද කියලා...අර කඩදාසි වලින් එක එක ඉගි දෙනවා ඒත් ඒකෙන් මොනවා කියනවද කියලා හොයාගන්න අමාරුයි....දැන් බොඩි එක කොහෙද තියෙන්නේ ..."






ඉදගෙන හිටිය තැනින් නැගිට්ට හර්ෂණ මේ ප්‍රශ්නෙ ගැන මීට වඩා සෙවිල්ලෙන් ඉන්න ඕනෙ කියලා හිතුණු නිසාම එහෙම කිව්වා.





"බොඩි එක එතනම තමයි සර් තාම...අපේ කට්ටියක් යැව්වා තැනට...ප්‍රභානි මිසුත් ඇවිල්ලා ඇත්තේ බොඩි එක චෙක් කරන්න..."






සමන් කිව්ව දේත් එක්ක මේ ප්‍රශ්නෙ ඉක්මනට විසදන්න ඕනෙ කියලා හර්ෂණට තදින්ම දැනුනා...






ඔහුට හම්බුනු පලවෙනි පත්වීමේ විසදන්න හම්බුනු සංකීර්ණම ප්‍රශ්නෙ මුලු කොළඹම භීතියට පත් කරපු මෙම මිනීමැරුම් ක්‍රියාදාමයයි...






කේස් හත අටක් දැනට විසදලා තිබුනත් මෙච්චර බැරෑරුම් මර්ඩර් කේස් එකක් හැඩ්ල් කරන්න නොලැබීමම ඔහුට අලුත් අත්දැකීමක් ලබාදුන්නා....






ටිකක් වෙලා කල්පනා කරපු හර්ෂණ සමන්ට කතා කලේ මර්ඩර් එක උන තැනට යන්න ඕන නිසා.





"සමන්...."






"සර්....."







"මර්ඩර් එක උන තැන ලොකේෂන් මට දැන්මම දාන්න මං දැන් එතන්ට යනවා...කලින් නැතිඋනු දෙන්නගෙයි ⁣දැන් මරලා තියෙන කෙනාගෙයි මොනාහරි සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න මං එනකල්...ඒ වගේම දවස් දෙක තුනක ඉදන් අතුරුදහන් කියලා ආපු පැමිණිලි හැම එකක්ම ⁣පිලිවෙලකට තියන්න...."






"හරි සර්....මං බලන්නම්..."





කැප් එකයි ෆෝන් එකයි අරගෙන හර්ෂණ කාමරයෙන් එලියට ගියෙ ඔලුවේ දහසක් ප්‍රශ්න කැකෑරෙන විට...







"ආ තව දෙයක්....."






එලියට යන්නට ගියත් යමක් මතක් උනු නිසාම සමන්ට ඔහු නැවතත් කතා කලා....






"මොකක්ද සර්..."







"කලින් මර්ඩර් එක උන තැන අපි හොයාගත්ත හැම සාක්ෂියක්ම පිලිවෙලට තියලා තියන්න මං එනකොට...විශේෂයෙන්ම අර හම්බුනු කඩදාසි ටික...."






"හරි සර්..."







සමන් ආචාර කරලා ගියාට පස්සේ ස්ටේෂන් එකෙ හිටිය තව දෙන්නෙක් එක්ක හර්ෂණ මිනිය තිබුන තැනට ගියා...






ඔවුන් එතනට යනකොටත් අධිකරණ වෛද්‍ය ප්‍රභානි ඇවිත් මිනිය චෙක් කරනවා...






"අදත් කිසිම අභ්‍යන්තර තුවාලයක් නැද්ද ප්‍රභා..."






මිනිය චෙක් කරලා අපරාධ තිර පටි වලින් එලියට ආපු ප්‍රභාගෙන් හර්ෂණ ඇහුවේ හිතේ තිබුණු කුතුහලයට....





"ඔයා හරි හර්ෂ...මේ බොඩි එකෙත් කිසිම බාහිර වගේම අභ්‍යන්තර තුවාලයක් නෑ...තියෙන එකම දේ මේ මනුස්සයගෙ ඇස් දෙක පණපිටින් උගුල්ලලා තියෙනවා...ඊටපස්සේ බෙල්ල මොකක් හරි දේකින් හිරකරලා තියෙනවා පණ යනකන් කලින් ඒවා වගේම...වෙන චූටි සියුම් තුවාලයක සලකුණක්වත් නෑ...මැරිච්ච කෙනාට වයස කොහොමත් අවුරුදු 27, ක් විතර ඇති...."





ප්‍රභා කිව්ව දේත් එක්ක හර්ෂණ ටිකක් කල්පනා කලා.






"එතකොට මේ මර්ඩර්ස් තුනම එකම විදිහට කරලා තියෙන්නේ ඔයා කියන විදිහට..මැරිච්ච තුන්දෙනාම තරුණ අය....ඒත් මට තව දෙයක් දැනගන්න ඕනෙ ප්‍රභා..."



බැරෑරුම් මුහුණක් මවාගෙන හර්ෂණ හැරුනේ ප්‍රභානි දිහාට....




"කියන්න හර්ෂ....මොකක්ද දැනගන්න ඕනෙ..."





මරණ පරීක්ෂණ වාර්තා බලන ගමන් ප්‍රභා ඔලුව උස්සලා ඇහුවා. 






"මේකයි අපි එක එක්කෙනාගෙ ඇස් වල පාට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවනෙ...එතකොට ඔය මැරුනු තුන්දෙනාගෙම ඇස්වල පාට අපිට හොයාගන්න බැරිවෙයිද..... අයි මීන් මොකක් හරි ටෙස්ට් වගෙකින්..."






"ම්ම්ම්....පුළුවන්... එයාලගෙ ඇස්වල පාට බ්ල්ඩ් ටෙස්ට් එකකින් හොයාගන්න පුළුවන්...."





හර්ෂණගේ හිතට ටිකක් හරි සැනසීමක් ලැබුනේ ඒ වචනවලට.




"හැබැයි අනිත් දෙන්නගෙ බ්ල්ඩ් සාම්පල් අපිට ඕන වෙනවා හර්ෂ ඒකට...."



ප්‍රභා මිනිය දිහාත් බලන ගමන් කිව්වේ හර්ෂණගේ මුහුණට හීනි හිනාවක් නැගෙනකොට....




"අත්තනායක...."



හර්ෂණ කතා කලේ ඔහු සමග හිටිය නිලධාරියෙකුට. 



"සර්...."




"ප්‍රභානි මිස් ටෙස්ට් එකට ඉල්ලන හැම දෙයක්ම හොයලා දෙන්න....ස්ටේෂන් එකෙන් ඕන දේවල් තියෙනවනම් සමන්ට කියලා ඉල්ලලා දෙන්න මං කිව්වා කියලා...."




"හරි සර්...."






"ප්‍රභා ඔයා අත්තනායකත් එක්ක අපි ආපු ජීප් එකේ ගිහින් ඕන දේවල් ඉල්ලගන්න....ඒ වගේම තව දෙයක්

කොච්චර කල් යයිද ප්‍රභා ඔය රිපෝට්ස්වල රිසාල්ට් එන්න..."




හර්ෂණ ඇහුවේ බලාපොරොත්තු දල්වාගත් දෙනෙතින්....



"හවස් වෙනකොට රිසාල්ට් එක දෙන්න පුළුවන් වෙයි හර්ෂ..."





 


"ඒක හොදයි...අපිට කොහොමත් මේ කේස් එකේදී කාලේ ගොඩක් වටිනවා ප්‍රභා..."





අත්තනායක එක්ක ප්‍රභා ගියාට පස්සේ හර්ෂණ මිනිය තිබූ ස්ථානයට ගියා. 





"සර්.... අදත් අපිට මිනිය ලග තිබිලා කොලයක් හම්බුනා..."




එතැන හිටිය නිලධාරියෙක් හර්ෂණ දිහාට A4 ප්‍රමාණයේ කඩදාසියක් දික් කලේ ඒ දිහා ඔහු උවමනාවෙන් බලන කොට....





"E260297...."






"මොකක්ද මේකෙන් කියන්නේ...."





ටික වෙලාවක් කල්පනා කරපු හර්ෂණ මරණ පරීක්ෂණ වාර්තා ලැබුණු නිසාම ආයෙත් පොලිස් ස්ටේෂන් එකට ආවේ මිනියෙ අනන්‍යතාව හොයාගෙන පවුලේ අයට දැනුම්දෙන්න ටීම් එකේ කිහිපදෙනෙක්ට බාර දීලා...







ස්ටේෂන් එකට ආපු වෙලාදිම සමන් කාමරේට ආවේ ෆයිල් තොගයක් උස්සගෙන...






"මං කිව්ව දේවල් හැම එකක්ම පිලිවෙලකට තියෙනවද සමන්..."






රාජකාරි පුටුවේ ඉදගන්න ගමන් හර්ෂණ ඇහුවේ මිනිය තිබුනු තැනින් හොයාගත්ත කඩදාසිය ගැන කල්පනා කරමින්....






"ඔව් සර් හැම එකක්ම තියෙනවා...ඒත් අතුරුදහන් උනු පැමිණිලි ඇවිත් තියෙන්නේ ගෑනු ලමයි දෙන්නෙක් ගැන...එයාලවත් හොයාගෙන තියෙනවා සර්...කිසිම පිරිමි කෙනෙක් අතුරුදහන් උනු පැමිණිල්ලක් ඇවිත් නෑ සර්...."






සමන් කිව්ව දේත් එක්ක මැරුන කෙනා මේ පලාතේ කෙනෙක් නෙමෙයි කියලා හර්ෂණට තේරුනා....






"ඒ කියන්නෙ මේ මැරුනු කෙනා මේ පලාතේ කෙනෙක් නෙමෙයි...සමන් මට තව දෙයක් හොයලා ඕනෙ...හැම ස්ටේෂන් එකටම කෝල් කරලා අද හවස් වෙන්න කලින් අතුරුදහන් උනු හැම පිරිමි කෙනාගෙම නේම් ලිස්ට් එකක් ඕනෙ...අපේ හැම ඔෆිසර් කෙනෙක්ම දැනුවත් කරලා මේ වැඩේ කරන්න..."






"හරි සර්...මං ඉක්මනටම රිපෝට් එකක් හදලා දෙන්නම්...."






සමන් එලියට ගියාට පස්සේ හර්ෂණ කල්පනා කලේ මේ අභිරහස ගැන.






තිබුණු සාක්ෂි හැම එකක්ම පරිස්සමින් එලියට ඇරගෙන ඔහු ආයෙත් පරීක්ෂා කලා...






පෑනකුයි කොලයකුයි ඔහු අතට ගත්තේ හිතුණු හැම කරුණක්ම ගොනු කරන්න.






තිබ්බ හැම කරුණක්ම ගොනු කලාට පස්සේ හර්ෂණ ඒ දිහා විමසිල්ලෙන් බැලුවා.






"හර්ෂණ මචං ආයෙත් මර්ඩර් එකක් වෙලාලු නේද බං..."





එහෙම කි⁣යාගෙන ඇතුලට ආවේ හර්ෂණගේ බැජ් මේට් තිසංක.







"ඔව් බං අර විදිහටම තමයි...කිසිම ඇගිලි සලකුණක්වත් ,තුවාලයක්වත් හොයාගන්න නෑ...තියෙන එකම දේ ඇස් දෙක උගුල්ලලා බෙල්ල හිරකරලා මරලා දාලා තියෙන්නේ...තව කලින් වගේම කොලයක් තියලා ගිහින්...




මට තේරෙන්නේ නෑ බං

OIC වෙලා මේක තාම හොයාගන්න බැරි උනාද කියලා ඒ අස්සෙ ලොක්කා අහනවා ...මෙහෙම දිගටම ගියොත් මට මාරුවීමකුත් ලගදිම සෙට් වෙයි වගෙ....."





හර්ෂණ කිව්වේ තිබුණු හැම සාක්ෂියක්ම ආයෙත් ඉටි කවරවලට දාන ගමන්...




"ම්ම්ම්...ඒකත් එහෙමද...අද තිබුණු කොලේ උබ ලග තියෙනවද. තියෙනවනම් ඒකයි අනිත් කොල තුනයි එලියට ගනින්කෝ...."




කඩදාසි හතරම අතට අරං තිසංක ටික වෙලාවක් කල්පනා කලා...





"මං නම් හිතන්නෙ මේක මොකක්හරි පලිගන්න කරපු දෙයක් හර්ෂයා.....මේ බලපන්කො මේ කොල හතර දිහා..."



තිසංක එහෙම කිව්වම හර්ෂණද ඒ දිහා විමසිල්ලෙන් බැලුවා.





"I030403"



"R101201"



"G140699"



"E260297"



"මේ කොල දිහා බලපන්කො...අපිට මෙතනදි මිනීමරුවා ඉගියක් දෙනවා කියලා උබට හිතෙන්නෙ නැද්ද..."




"ඒ කිව්වේ බං...මට තේරුනේ නෑ...උබ කියන්නෙ මේක මොකක්හරි කෝඩ් එකක් කියලද..."



හර්ෂණ ඇහුවේ තිසංක කිව්ව දේ හරියටම නොතේරුනු නිසා...





"හ්ම්ම්....ඒ කිව්වේ මෙහෙමයි බං.... මෙතන උනු හැම මර්ඩර් එකක්ම එක්කට එකක් සම්බන්ධයි...මේ දීලා තියෙන කෝඩ් අනුව මේ හැම එකක්ම එක්කෙනෙක් කලා කියන්න අපිට පුළුවන්....ඒ වගේම මැරුනු හතර දෙනාගෙම නම ගම විස්තර උබ ගාව තියෙනවනම් දීපන්කො..." 




තිසංක කිව්ව විදිහටම හර්ෂණ තිබුණු සියලු විස්තර සාක්ෂි තිබූ අල්මාරියේ තිබි ගෙනත් දුන්නා.




"දැන් බලපන් මේකෙ ති⁣යෙන විදිහට ඉස්සෙල්ලාම මැරුනෙ අයගෙ නම්වල මුල්අකුරු...



I

R

G

E



ඒ කියන්නෙ පිලිවෙලින් බැලුවොත්



Iresh

Raveen

Gagana

Eshan



ඒ පිලිවෙලට තමයි මර්ඩර්ස් ටික වෙලා තියෙන්නේ...එතකොට අපිට ඉතුරු වෙලා තියෙන්නෙ මේ කෝඩ් ටික හොයාගන්න එක...ඒක හොයාගත්තනං මේ අභිරහසේ භාගයක් විසදලා ඉවරයි..."




"හොයාගන්න දෙයක් නෑ බං මට තේරුනා මේ පැටන් එක..."



ටික වෙලාවක් කඩදාසි එකින් එක පරීක්ෂා කරපු හර්ෂණ කිව්වේ සිනාමුසු මුහුණින්....



"මේ තියෙන්නේ මෙච්චර වෙලා අපිව පටලපු අංක ටික... "




කඩදාසියක කේත ටික පිලිවෙලින් ලියලා හර්ෂණ තමන්ගෙ තර්කය පැහැදිලි කලා....




"ඉස්සෙල්ලාම ඉරේෂ් ඒ කියන්නෙ හරියටම 21 වෙනිදා පාලු පාරක දාලා ගිහිං තිබුන අවුරුදු 21 කොල්ලා....



උපන්දිනෙ ගත්තොත් 2003/04/03.




එතකොට පලවෙනි කෝඩ් එක



I030403




උපන්දිනෙ අනිත් පැත්තට ලියලා තියෙන්නේ.




දෙවනියට රවීන්...23 වෙනිදා මරලා දාලා තිබුන අවුරුදු 23 කොල්ලා....




උපන්දිනය = 2001/12/10 




දෙවනි කෝඩ් එක 



R101201




තුන්වෙනිය⁣ට ගගන...25 වෙනිදා මිනිය හොයාගත්ත අවුරුදු 25 කොල්ලා....




උපන්දිනය=1999/06/14



තුන්වෙනි කෝඩ් එක


G140699



එතකොට අන්තිමේට උනු මර්ඩර් එක ගත්තම එෂාන් අවුරුදු 27 යි,ඊයේ ඒ කියන්නෙ 27 වෙනිදා මරලා දාලා තියෙන්නේ...



උපන්දිනය= 1997/02/26



කෝඩ් එක= E260297



මෙතන තියෙන විශේෂම දේ තමයි මේ හැම මර්ඩර් එකක්ම වෙලා තියෙන්නෙ මැරුනු අයගෙ වයස අනුව.ඒ කියන්නෙ බං වයස් අංකෙ අනුව ඒ අංක තියෙන දවසේ මරලා දාලා තියෙන්නේ...එතකොට අනිවාර්යයෙන්ම ඊලග ටාගට් එක වෙන්නෙ අවුරුදු 29ක කොල්ලෙක් 29 වෙනිදා...ඒ කියන්නෙ හෙට..."



හර්ෂණ තර්කය නිමාකලෙ තිසංකට උනත් සිදුවු සියල්ලම තේරුම් යනකොට...



"ඒක ඇත්ත බං...මේ කේස් එක අපි හිතන තරම් ලේසි නෑ...හෙට වෙන්න තියෙන මර්ඩර් එක අනිවාර්යයෙන්ම නවත්තන්න වෙනවා...ඒත් ඒක හොයාගන්නෙ කොහොමද බං කවුද ඊලග ටාගට් එක කියලා..."


තිසංක හර්ෂ දිහාට හැරිලා ඇහුවේ කුතුහලයෙන්...




"හොයාගන්න පුළුවන් තිසා...මං සමන්ට කිව්වා දවස් දෙකක ඉදන් අතුරුදහන් උනු හැම පිරිමි කෙනෙක්ගෙම ලිස්ට් අනිත් ස්ටේෂන් වලටත් කියලා හොයාගන්න කියලා...තව ක්‍රමයක් තියෙනවා බං ඒක හොයාගන්න බලමුකෝ කොහොමත් ඌට තව කල් නටන්න වෙන්නෙ නෑ...අපි කොහොමහරි හෙට වෙන්න යන මර්ඩර් එක නවත්තන්...කොහොමත් මේ කේස් එකෙ භාගයක් අපි හොයාගෙන ඉවරයි...ඉතුරු ටිකත් අපි හොයාගමු හෙට වෙන්න කලිං...."




හර්ෂණ තිසංක දිහා බලාගෙන ස්ථීර හඩකින් කිව්වා...




"ඒක හොදයි බං...කොහොමහරි මේ කේස් එක හෙට වෙනකොට විසදන්න ඕනෙ...මොන දේ උනත් අපිට ඒක කරන්න වෙනවා.."




"ම්ම්ම්...ඒක ඇත්ත..."




හර්ෂණ කිව්වේ තිසංක දිහා බලාගෙන සුසුමක් හෙලමින්....









......To be continued.....





අලුත් කෙටිකතාවක් ගෙනාවා...



ගොඩක් දුරට කොටස් තුනක එකක් වෙයි.



crime story එකක් ලිව්ව පලවෙනි වතාව.


අඩුපාඩු නම් ගොඩක් ඇති


කතාව හොද නරක ගැන අදහසක් කියාගෙන යමු☺❤



මම


Iru🙈

Report Page