Gratitude Journaling

Gratitude Journaling

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

🌸💓🌸💓🌸💓🌸💓🌸💓🌸💓🌸💓🌸💓
හුස්ම ගන්න එකට පවා මේ මිහිතලයේ හැම දේකටම ස්තූතිවන්ත වෙන්න පුරුදු වන්න. ඒ ආදරේ නිසාම විශ්වය ඔබට ලස්සන පුදුම සහගත දේවල් තෑගි කරන්න පටන් ගනිවී.
මංතාරා ට ආදරණීය ඉල්ලීමක් ලැබුණා "Gratitude Journaling ගැන කතා කරන්න" කියලා.

🌸 කොරෝනා කාලේ ජීවිතයට තව අලුත් දෙයක් එකතු කර ගන්න කැමති නම් 'Gratitude Journal' එකක් maintain කරන්න ඔයාට පටන් ගන්න පුලුවන්.

🌸 මේක එක එක ක්‍රම වලට කරන්න පුලුවන්. අද දවස හොඳින් ගෙවා ගන්න ඔයාට උදව් වුණ දේවල් වලට හා පුද්ගලයන්ට ස්තූති සටහනක්, අද දවසේ ඔයා සතුටු වුණ හේතු ගැන පොඩි note එකක් ලියන්න ඔයාට පුලුවන්.

🌸 සමහර වෙලාවට මේක ඔයාගේ phone එකේ app එකක් විදිහට තියාගන්නත් පුලුවන්. සතුටු වුණ වෙලේ ගත්තු photo එකකුත් add කරලා ඒ ගැන වචන ටිකක් ලියන්න වගේම ඒ වෙලේ ඔයාගේ mood එක, එදා දවසේ කාලගුණය ගැනත් ඔයාට select කරලා save කරන්න පුලුවන්.

🌸 තව gratitude jar එකක් හදා ගන්න පුලුවන්. බෝතලයකට සතියට එක ගානේ හරි ඔයා ලියන note එක නවලා දාන්න. අවුරුද්දේ අන්තිමට ඒවා එලියට අරං කියවන්න. සතුටු වෙන්න කොච්චර හේතු තිබුනද කියලා හිතෙයි. සමහර වෙලාවට ලියන්නේ නැති වුනත් ඕක bus එකේ train එකේ යනඑන ගමන්, රෑ නින්දට කලින් හිතෙන් වුනත් කරන්න පුලුවන්.

🌸 Journaling විදිහට කරන එකෙන් stress, down ගතියක් දැනෙන වෙලාවට ඒක බැලුවම ඔයාට හිතෙයි ඔයා කොයි තරම් වාසනාවන්ත ද කියලා. මේකෙන් ඔයා පුංචිම දේවල් පවා අගයන්න පුරුදු වෙනවා. ජීවීතය blessing එකක් විදිහට දකින්න පුරුදු වෙනවා. "everything happens for a good reason" කියන එක නිතරම මතක් වෙලා සුබවාදී වෙනවා. තව තමන් ගැනම ආදරේ ඇති වෙනවා. ඒ වගේම Law of Attraction වලටත් මේකේ යම් සම්බන්ධයක් තියෙනවා. අපි සතුටු වෙන දේවල් ගැන මතක් කරන එකෙන් ඒ සිතුවිලි නිසා වැඩි වැඩියෙන් ඔයාගේ මනස මෙහෙයවෙන්නේ සතුටු හිතෙන දේවල් හොයන්න.

🌸 ඔන්න ඔයාට සතුටු හිතෙන ඒවා ගැන පොඩි example ටිකක් කිවුවොත්,

💓 ආස කෑමක් කාපු එක 🍱😋

💓 මල් ගහක අලුතින් මලක් පිපෙන එක🌹

💓 ගෙදර අස් කරලා පොලොව දිලිසෙන විදිහ හැඩ බලන එක 🏡

💓 කාලෙකින් ඇහුනේ නැති සිංදුවක් මතක් වෙලා ආයෙත් අහන එක 🎧

💓 වෘත්තීය මට්ටමේ කරන වැඩ complete කරාම දැනෙන feeling එක 💰

💓 online order කරපු පාර්සල් එකක් ගෙදරට එන එක 🎁

🌸 හරිම පුංචි දේවල් නේ. සමහර විට තවත් කෙනෙක්ට ' 'මෙයා මෙකෙන් ගන්න ආතල් එක මොකක්ද කියලා තේරුම් ගන්නවත් බැරි වෙයි'. හැබැයි කාටවත් වැරද්දක් නොවී ඔයාට ජීවත් වෙනවා කියලා දැනෙන feeling එකයි මෙතනදි focus වෙන්නේ. සතුටු හිතෙන කාරණා නම් එකිනෙකාගෙන් වෙනස්. ඒත් සතුටු වෙන්න මහ දේවල් ඕනා නෑ කියලා ඔයාටම දැනෙන්න ගන්නවා.

🌸 හැබැයි මං අත්දැකීමෙන් දන්නවා ඒ වේලේ පොඩි කියලා හිතෙන දේවල් කාලයක් ගිහින් ආයෙත් බලද්දි හිතෙනවා 'අනේ මං ඒකෙන් කොච්චර සතුටු වෙලාද' කියලා. පුදුම ආත්ම තෘප්තියක් දැනෙනවා. ඔන්න බලන්කෝ gratitude journaling පටන් ගත්තම රෑකට වහින සද්දේ අහගෙනත් ඔයාට සතුටු වෙන්න පුලුවන්.

🌸 Discover your own happiness තමයි gratitude journaling වලින් වෙන්නේ. මේක හරිම පුංචිම දේකින් සතුටක් හොයන 'පොලියානාගේ සතුටු හිතෙන සෙල්ලම' වගේ දෙයක් (පොලියානා පොත් කියවපු අය නම් දන්නවා ඇති). ඒ වගේම ඔයාගේ සතුට ඔයාම හොයා ගත්ත එකක් නිසා කාටවත් ඒක උදුර ගන්න බෑ. හරිම පරිස්සම්.

🌸 අපි මෛත්‍රී භාවනාව කියලා කරන්නෙත් මේකට සමාන දෙයක්. හැමදේකටම මෙත් වඩනවා. සතුටු වෙනවා. අගයනවා. ස්තූතිවන්ත වෙනවා. journal එකක් විදිහටම නැති වුනත් මේ concept එක ජීවීතයට පුරුදු කර ගන්න එකෙන් අලුත් විදිහට ලෝකය දකින්න ඔයාට පුලුවන් වෙනවා. ලස්සන දේවල් ජීවීතයට ලැබෙන්න ගනිවී.

✍🏼 මංතාරා 💫 post no. 36
(කරුණාකර උපුටා ගැනීමේදි කතෘ අයිතිය සුරකින්න)

Report Page