Gorr the God Butcher

Gorr the God Butcher

Unknown
Christian Bale and Gorr the God Butcher

Gorr The God Butcher

Gorr the god butcher , ළඟ ළඟම එන Thor love and thunder එකේ villain කෙනෙක් විදිහට බලාගන්න පුළුවන්..ඉතින් අද ගෙනාවෙ Gorrගෙ comic side එක ගැන...

🔷 Origin

'Gorr' උපත ලබන්නේ නමක් නැති ග්‍රහලෝකයකයි. මේ ග්‍රහලෝකයේ ජීවත් වුන අය හැම දවසකම ජීවත් වුනේ කුසගින්නේ. මේ අය ගොඩක් දෙවිවරුන් ගැන විශ්වාසය තියාගෙන ඉන්න ඉගැන්වීම් කරපු පිරිසක් නමුත් දෙවියන්ට කොච්චර යාඥා කරත් ඒ යාඥා වලට කිසිම විදිහක හොද පිළිතුරක් ඔවුන්ට ලැබුනේ නම් නෑ...

Gorr ගේ කුඩා කාලයේම මව සහ පියා මිය ගියපු නිසා ඉතාමත් කටුක ජීවිතයක් තමයි ගෙවන්න සිද්ද වෙන්නේ. වසර ගණනාවකට පස්සේ ඔහු Arra සමග විවාහ වෙනවා. දරුවක් කිහිප දෙනෙක්ගේම පියෙක් බවට Gorr පත් වෙන නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මියගියා.

Gorr ගේ ගැබ් ගෙන සිටි බිරිදද භූමිකම්පාවක් හේතුවෙන් මිය යනවා. අධික කුසගින්න නිසා ඔහුගේ දරුවන් එකිනෙකා මිය යන්නට පටන් ගන්නවා. අවසානයේ ඉතිරි වන්නේ Agar නම් Gorr ගේ පුත්‍රයා විතරයි. Agar ද කුසගින්න නිසා මරණය පෙනි පෙනී ඉන්න අවස්ථාවේ දී Agar මිය යන බව ඔහුට පෙනී ගියපු නිසා සියළුම දුක් වේදනාවන් දරා ගෙන Agar ට පවසනවා ඔවුන්ට කිසි දවසක කුසගින්නේ ඉන්නට සිදු වෙන්නේ නැති වනාන්තරයකට ඔවුන් ඉක්මනටම ලගා වෙනු ඇති බව. අවසානයේ Agar ද මිය යනවා.

Agar ගේ මරණයෙන් පස්සේ දෙවියන් ගැන තිබ්බ සියළුම බලාපොරොත්තු ඔහු අත්හැර දාල ප්‍රසිද්ධියේම පවසන්නේ දෙවියන් නැති බවයි. මේ නිසා ඔහුගේම ජනතාව විසින් Gorr ව පිටුවහල් කරනවා. මේ නිසා කාන්තරයේ ඔහේ ඇවිදිමින් තමන්ගේ මරණය සිදු වෙන්නැයි යාඥා කරමින් ඉද්දී දකින්නේ සටන් කරන දෙවිවරුන් දෙන්නෙකුයි.

අදුරු Elder God කෙනෙක් වන 'Knull' (Knull ව නම් ගොඩක් අය දන්නවා ඇති Symbiotes ලගේ දෙවියන් විදිහට හදුන්වන්නේ Knull) සහ Enigma Forces වලින් බල ගැන්වුන රන් පැහැ සන්නාහයක් පැලදි තවත් දම් පැහැති සමක් තිබෙන God කෙනෙක් තමයි මේ සටන් කරන්නේ කොහොම නමුත් Gorr ළගට මේ දම් පැහැති සම ඇති God ඇද වැටෙනවා අහසින්. මේ දේවල් දකින 'Gorr' කම්පනයට පත් වෙනවා වගේම දෙවියන් ඇත්තටම ඉන්නවායැයි ඔහු දැනගන්නවා.

මේ ඇද වැටුන රන් පැහැ සන්නාහයක් පැළදි God විසින් Gorr ගෙන් උදව් ඉල්ලනවා. නමුත් මේ දෙයින් කුපිත වුන Gorr එක්ක Knull ගේ කඩුව බැදෙනවා. මේ කඩුව 'All-Black The Necrosword' නමින් හදුන්වනවා මින් පස්සේ. ඒ වගේම මේ කඩුව Symbiote කෙනෙක්. Gorr ඒ කඩුවෙන් රන් සන්නාහයක පැළද God ව මරලා දලා තමගේ යාඥා වලට කන් නොදුන්න නිසා හැම God කෙනෙක් ගෙන්ම පළිගන්න බවට පොරොන්දු වෙනවා.

Gorr ඕනිම God කෙනෙක් හෙළා දකිනවා. විශ්වය පුරාම සංචාරය කරමින් හමුවෙන හැම God කෙනෙක්ම ඔහු මරා දානවා. ඔහු Fear, War, Chaos, Genocide, Revenge, Plagues, Earthquakes, Blood, Wrath, Jealousy, Death, Degradation වැනි දේවල් වලට අධිපති Gods ලා හැමෝම මරා දානවා.

🔷 Gorr සහ Thor ගේ පළමු හමුව.

මීළගට Gorr එන්නේ පෘථිවියට. පෘථිවියට ආව ගමන් එක God කෙනෙක්ව මරා දානවා. මේ මරා දාපු God ගේ මළසිරුර මුහුද දිගේ Iceland වලට ගලාගෙන ආවයින් පස්සේ Thor විසින් හොයාගෙන පසුව Vikings Riding Party එකක් අතරතුර තවත් මිය ගිය Slavic Gods ලා කිහිප දෙනෙක් හමු වෙනවා.

මේ අවස්ථාවේදීම Thor ට පහර දෙන Gorr ට පුලුවන් වෙනවා Thor ට මරණාසන්න වෙනතුරුම පහර දෙන්න. නමුත් අවසන් පහර Gorr ලබා දෙන්න කලින් Thor කරපු Lightning Strike එක්කින් දෙන්නම විසි වෙනවා. Gorr කොහොම හරි ගුහාවකට ගිහින් බේරිලා ආයෙමත් ඇවිත් Thor එකක් සටන් කරලා පරාද කරලා දවස් 17ක් තිස්සේ ඔහුට වද දීලා Asgard තියන තැන දැනගන්න උත්සාහ කරනවා නමුත් Thor එක කියන්නේ නෑ. Viking Worshipers ලා ඔවුන්ව හොයාගන්නවා.

Gorr ගේ අවධානය වෙනස් වුණා, Thor ට යම් කාලයක් ලබාගන්න පුළුවන් වුණා. මේ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගත්ත Thor, Gorr ගේ දකුණු අත කපා දානවා. Thor හිතන්නේ Gorr මිය ගියා කියලායි නමුත් ඔහු මිය යන්නෙ නෑ. මේ සිදුවීමෙන් පස්සේ Gorr තවත් අවුරුදු 1000ක කාලයක් විවිධ Gods ලා මරමින් තව තවත් ශක්තිමත් වුනා සහ ඔහුගේම සෙබළුන් පිරිසකුත් නිර්මාණය කර ගන්නවා.

ඔන්න ඔය විදිහට තමයි Gorr ව Gorr The God Butcher බවට පත් වුනේ සහ Thor සහ Gorr The God Butcher මුලින්ම හමු වෙන්නේ. 

🔷 Powers, Abilities & Weaknesses.

- Powers.

Gorr කියන්නේ සාමාන්‍ය නිකම්ම නිකන් පිටසක්වල ජීවියෙක්. කිසිම විදිහක Superhuman හැකියාවන් ඔහුට තිබ්බෙ නෑ. All-Black The Necrosword එක එක්ක එකතු වුනායින් පස්සේයි ඔහුට බලයන් ලැබෙන්නේ.

මේ හරහා ඔහුට පියාපත්, සන්නාහ, ආයුධ වැනි දේවල් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනවා. Black Berserkers නම් ජීවීන් නිර්මාණය කරන්නත් ඔහුට පුලුවන්.

Gorr ට සුපිරි ශක්තියක් හිමියි. ඔහුට පුලුවන් වුනා Young Thor, වර්තමාන Thor, Allfather Thor යන් තුන් දෙනාටම එක වර මුහුණ දෙන්න. මිලියන ගණනාවක Gods ලගේ මරණය සිදුවුනේ Gorr ගේ අතිනුයි. ඔහු තනිවයි ඒ දේවල් කරේ.

සුපිරි දරාගැනීමේ හැකියාවක් ඔහුට හිමියි. Thor ගේ ලොකු Lightning Strike වලින්, Allfather Thor ගේ God Blast වගේ ලොකු විශාල දේවල් වලින් වෙන ප්‍රහාර දරා ගන්න ඔහුට පුලුවන්.

Gorr ට සුපිරි වේගයක්ද තියනවා. ඉතාමත් වේගයෙන් පියාසර කරන්න ඔහුට පුලුවන්. Thor ව පවා ඉක්මනටම අල්ලගන්න ඔහුට පුලුවන් වුනා.

ඔහුට දීර්ඝායුෂ හිමියි. ඔහුට වසර බිලියන කිහිපයක් ජීවත් වීමේ හැකියාව තියනවා ඔහුගේ උපරිම බලයේ පෙනුමෙන්ම.

පුනර්ජනන ශක්තියත් Gorr ට හිමියි. Gorrට Thor ගෙන් එල්ල වුන Lightning Strike වල තුවාල දවස් තුන හතරකින් කැලලක්වත් ඉතිරි නොවෙන විදිහට සුව වෙලා තියනවා. Thor කපා දැමූ Gorr ගේ අතත් ආයෙ නිර්මාණය කරගන්නත් ඔහුට පුලුවන් වුනා.

- Abilities.

සටන් ශිල්පයේ ප්‍රවීණයෙක් වෙනවා Gorr. Gorr ට අඩුම තරමේ අවුරුදු 3000ක වත් සටන් ශිල්ප වල අත්දැකීම් ඔහුට හිමියි. Gods ලා එක්ක කරපු ද්වන්ද සටන් නිසා. ඒ පිළිබද ප්‍රවීණයෙක් ඔහු.....

ඒ වගේමයි ඔහු වද දීමේ ප්‍රවීණයෙක්. යම් තොරතුරක් ගන්න වද දෙන එකට ඔහ් අති දක්ෂයි.

• Weaknesses.

All-Black The Necrosword Symbiote කෙනෙක් නිසා සාමාන්යයෙන් Symbiote කෙනෙක්ට තියන දුර්වලතා වන Sonic Waves, ගින්දර වගේ දේවල් තමයි ඔහුගේ දුර්වලතාවය වෙන්නේ.

ඒ වගේම Symbiote මත Gorr ගේ බලයන් තීරණය වෙන්නේ. Symbiote ඉන්නකල් ඔහුට බලය තියනවා.

🔷 Finally.

මේ දේවල් එක්ක Gorr The God Butcher කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියන එක පැහැදිලියි. Gorr තමයි God Bomb එක නිර්මාණය කරන්නේ. පවසන විදිහට මේ God Bomb එක හදක් තරන් ලොකුයි. ගොඩක් අමුද්‍රව්‍ය එකතු කරලයි ඔහු මේක හදන්නේ. මේ අමුද්‍රව්‍ය අතරට Elder God කෙනෙක්ගේ හදවතකුත් ඇතුලත්.

ඒ වගේම මේ Character එකට "Thor Love And Thunder" චිත්රපටයේ රංගනයෙන් දායක වෙන්නේත් ලේසි පහසු නළුවෙක් නෙවෙයි, ඒ තමයි Christian Bale. තවමත් ඔහුගේ Look එක අපිට දකින්න නම් ලැබුනේ නෑ. නමුත් Lego Sets වල Photos වලින් නම් ඒ ගැන පොඩි අදහසක් අපිට ගන්න පුලුවන් වුනා නමුත් අපි ඉදිරියේදී බලමු.

මේ වෙනකොටත් මේ "Thor Love And Thunder" චිත්‍රපටය ගැනත් ගොඩක් Rumors පැතිරිලා යනවා. ඒ අතරින් එකක් තමයි මේ Gorr The God Butcher, Thanos ටත් වඩා බලවත් කියන එක. මේ ගැන කිසිම තොරතුරක් නම් නෑ. ඉවසීමෙන් බලන් ඉන්න එක තමයි එකම විකල්පය.

By Marvel Fans LK™


Report Page