Gay Relationship

Gay Relationship

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ° Admin

Gay relationships ගැන ගොඩක් අයට (90% කට වඩා) සුන්දර අත්දැකීම් නෑ. මේක ලංකාවට විතරක් නෙමෙයි බටහිර රටවල් වලත් නිතර අහන්න දකින්න ලැබෙන දෙයක්. ගොඩක් සම්බන්දතා අවසන් වෙන්නේ පුදුමාකාර කලකිරීමක් දුකක් ජීවිතයට එකතු කරලා. ඊට පස්සේ සමහරු සම්බන්දතා ගැන කතා කරන්නවත් කැමති නෑ. ගොඩක් අය කියන්නේ පිස්සුද බන් මොන relationships ද ඕවා හරියන්නේ නෑ. අහු වෙන එකෙක් කාල ඉන්න එක ඊට වඩා සැපයි ඕව පටන් අරන් නැති ප්‍රශ්න දාගන්නවට වඩා. තවත් අය කියන්නේ කාවද බන් අද කාලේ විශ්වාස කරන්න පුළුවන් ඔක්කොම ඉන්නේ වටේ යන එවුන්, මාත් එක්ක ඉන්න ගමනුත් වෙන එවුන් එක්ක හොරාට යනවා. මේ දේවල් වල සැහෙන්න ඇත්තක් තියෙනවා. gay relationships කැඩෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. විශ්වාසයක් නැති කම, දෙන්න අතර අවබෝදයක් නැති කම, Sex වලින් සැහීමකට පත් නොවීම, සමාජ පිළිගැනීමක් නැති කම, තමන්ගේ පවුලෙන් එන බලපෑම් වලට මුණ දීමට හැකියාවක් නැති කම, ආර්ථික ප්‍රශ්න, අනාගතය සැලසුම් කිරීමට නොහැකිවීම..මේ වගේ හේතු ගොඩක් බලපාන්න පුළුවන්. එත් මතක තියා ගන්න මේ මොන ප්‍රශ්නේ තිබුනත් ඒවට සාර්ථකව මුණ දීල මුළු ජීවිත කාලෙම එකට ඉන්න couples බටහිර රටවල් වල විතරක් නෙමෙයි ලංකාවෙත් ඉන්නවා. ඉතින් මම මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ closed gay relationship එකකට යන්න කවුරුහරි බලාපොරොත්තු වෙනවනම් ඒ වගේ දෙයක් කොහොමද සැලසුම් කරන්නේ, මොන වගේ වෙනස්කම්ද තමන්ගේ ජීවිතේ කර ගන්න ඕනි වගේ දේවල්. මේ දේවල් බැරි නම් ඉතින් නොකෙරෙන දීගෙකට ගිහින් තමන්ගේ ජීවිතේ විනාශ කර ගන්නවට වඩා අහු වෙන එකෙක් කාල ඉන්න එක හොදයි.


පලවෙනි දේ තමයි කවදාවත් relationship එකක් හදාගන්න ඉක්මන් වෙන්න එපා. මොකද අපි එකට ඉමුද කියල කියන්න කලින් දෙන්න අතර හොද අවබෝදයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. දෙන්නම කැමති අකමැති දේවල් හොද දේවල් නරක දේවල් දුර්වලකම් මේ හැමදේම ගැන අවබෝදයක් දෙන්නටම තියෙන්න ඕනි. ඒක ඉතින් ඉබේ ඇති වෙන්නේ නැනේ. ඒ හින්ද කාලයක් දෙන්න දෙන්නට තේරුම් ගන්න. match වෙනවද කියල බලන්න. හොදම දේ තමයි තමන්ට කෙනෙක් ගැන හැගීමක් ආදරයක් දැනුනොත් එයාගේ හොදම යාළුවා වෙන්න try කරන එක. එහෙම උනොත් දෙන්නට දෙන්න කවුද කියල හොදින්ම තේරුම් ගන්න පුළුවන්. match වෙනවනම් ඉතින් කාලයක් ගියාම එයාට propose කරන්න. මේක තමයි බටහිර රටවල් වලත් relationship එකකට යන විදිහ. නැතුව facebook එකේ දැකල message කරලා මම ඔයාට කැමති අපි දෙන්න එකට ඉමුද කියල කියන එක නෙමෙයි. 


දෙවෙනි දේ තමයි දෙන්න අතර සමාජීය ගැලපීමක් තියෙන්න ඕනි. ඒ කියන්නේ තමන්ගේ අද්‍යාපන මට්ටමට සමාජ මට්ටමට අනිත් කෙනා ගැලපෙන්න ඕනි. එහෙම නැත්නම් හරි අමාරුයි දෙන්නට දෙන්න තේරුම් ගන්න. උදාහරණයක් විදිහට අපි හිතපු එක්කෙනෙක් doctor කෙනෙක් අනිත් කෙනා company එකක සුළු සේවකයෙක්. ඒ වගේ වෙලාවක දෙන්නට දෙන්න අවබෝධ කර ගැනීමේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්ද හොදම දේ තමන්ගේ level එකට match වෙන කෙනෙක් හොයා ගන්න එක. දෙන්නම ඉන්නේ එකම field එකක නම් වැඩේ ගොඩක් ලේසි වෙන්න පුළුවන්.


තුන්වෙනි දේ තමයි ප්‍රශ්න වලට මුණ දීමේ හැකියාව. Gay relationship එකක් කියන්නේ රෝස මල් ඇතිරූ යහනාවක් නෙමෙයි. ප්‍රශ්න ගොඩක ආරම්භයක්. උදාහරණයක් විදිහට තමන්ගේ පවුලෙන් එන ප්‍රශ්න, යාලුවන්ගෙන් එන ප්‍රශ්න, සමාජයෙන් එන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවාට මුණ දෙන්න නම් හොද පෞර්ෂයක්, ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි. මොන දේ උනත් එක මතයක ඉදීමේ හැකියාවක් තියෙන්න ඕනි. එහෙම බැරිනම් තව කෙනෙක් අමාරුවේ දාන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එක හොදයි.


Gay relationship එකක් කියන්නේ තව කෙනෙකුට උදවු කරන එක නෙමෙයි. එකිනෙකා අතර ඇතිවෙන සහ සම්බන්දතාවයක්. ඒ හින්ද අනේ අය්යේ මට උදවු කරන්න..මට ඉගෙන ගන්න උදවු කරන්න එතකොට අපිට එකට ඉන්න පුළුවන්. මෙහෙම කියල තව කෙනෙක්ගෙන් උදවු ගන්න එක තව කෙනෙක්ගෙන් යැපෙන එක සම්බන්දතාවයක් නෙමෙයි. මේ වගේ දේවල් ලංකාවේ ඕනි තරම් තියෙනවා. ඒ වගේ දේවල් වලදී ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ වැඩේ කර ගත්තට පස්සේ අනිත් කෙනා හිමින් සීරුවේ මාරු වෙන එක. මොකද ජීවිතේ කිසිම අරමුණක් නැති හින්දා.


සම්බන්දතාවයක් පටන් ගන්නවානම් ඒකට අරමුණක් තියෙන්න ඕනි, targets තියෙන්න ඕනි. ජීවිතේ කොහොමද plan කරන්නේ කියල දෙන්නටම හොද අවබෝදයක් තියෙන්න ඕනි. තැන් දෙකක ඉදන් love කරන්න බෑනේ. ඒ හින්දා ලංකාවේ ඉන්නවනම් දෙන්නටම එකට ඉන්න පුළුවන් තැනක් හොයා ගන්න වෙනවා. තමන්ගේ පවුලෙන් ඈත් වෙලා ජීවත් වෙන එක හොදයි. එහෙම නැත්නම් ඒකට පැවැත්මක් නෑ. ඒ එක්කම තමන්ගේ අදායම වැඩි කර ගන්න හැටි educational qualifications වැඩි කර ගන්න හැටි දෙන්නම ප්ලෑන් කරන්න ඕනි. savings කියන දේත් හරිම වැදගත්. එත් joint accounts වල‍ට යන්න හදිස්සි වෙන්න එපා. ලොකු ප්‍රශ්නයක් ආවොත් ඕනිම වෙලාවක දෙන්නටම රටින් යන්න පුළුවන් විදිහට හැමදේම හදාගෙන තියා ගන්න.Gay relationship එකක් පවතින්නේ sex හින්ද නෙමෙයි. sex ඕනි. දෙන්නටම එකිනෙකාගෙන් සැහීමකට පත්වීමේ හැකියාව තියෙන්න ඕනි. එත් sex වල වැදගත්කම 25% ක් වගේ තමා. අනිත් 75% හැදෙන්නේ ජීවිතේ විදින ආකාරය අනුව. මුලදීම තේරෙනවනම් අනිත් කෙනාගෙන් තමන්ට සැහීමකට පත් වෙන්න බෑ කියල එක නවත්තල දාන්න. තමන්ගේ partner ට හොරෙන් වෙන අයත් එක්ක sex කරන්න හිතන්නවත් එපා. එකට ඉන්න පටන් ගත්තට පස්සේ අනිත් අයත් එක්ක කරන Sex chat , video sex කොටින්ම porn videos බලන එක පවා නවත්තන එක හොදයි. එහෙම නැත්නම් තමන්ගේ හිත හැම වෙලාවෙම අලුත් අත්දැකීම් පස්සේ දුවන්න පටන් ගන්නවා. එතකොට කලින් ගත්ත fun ඒවායේ රස හිතේ හොල්මන් කරන්න පටන් ගන්නවා. ඒකට ඉඩ දෙන්න එපා. කරන්න කැමති හැමදේම තමන්ගේ partner එක්ක විතරක් කරන්න. ගොඩක් relationships කැඩෙන්නේ sex වලින් සැහීමකට පත් නොවෙන හින්ද. ඒ නිසා දෙන්නට දෙන්න පුළුවන් හැම විදිහටම අනිත් කෙනාව සැහීමකට පත් කරන්න උත්සහ කරන්න. හීනෙන්වත් වෙන දෙයක් ගැන හිතන්න එපා. එහෙම උනොත් හැමදාම එකට ඉන්න පුළුවන් වෙයි. 


අවසාන දේ තමයි කොහොමද ජීවිතේ විදින්නේ කියන දේ. සම්බන්දතාවයක් පටන් ගත්තට පස්සේ ජීවිතේ ඒකාකාරී වෙන්න ඉඩ දෙන්න එපා. තමන්ට match වෙන යාලුවෝ සෙට් එකක් හදා ගන්න. එයාලත් එක්ක trips යන්න, party දාන්න. Sex ඇර කරන්න පුළුවන් හැමදේම කරන්න. Gym life එකක් හද ගන්න පුළුවන් නම් පට්ට. එතකොට ඒක මුළු ජීවිතේටම කරන ආයෝජනයක්. ඉබේම ලෙඩ නැතුව ජීවිතේ විදින්න දෙන්නම පුරුදු වෙනවා. Fashion කරන්න. තමන්ගේ partner ට ඒවා කරන්න උනන්දු කරන්න. වයසට ගියා කියල ලස්සනට ඉන්න එක නවත්තන්න එපා. එහෙම හිටියොත් සමාජෙන් පවා තමන්ට value එකක් හැදෙනවා. ඒ වගේම සමාජේ වෙනුවෙන් දෙයක් කරන්න, අනිත් අයට උදවු කරන්න පුළුවන් නම් ඒ දේවල් කරන්න. එකට ඉන්නවා කියන්නේ ඇද උඩ ඉන්න එක නෙමෙයි. ඊට වඩා ජීවිතේට ලොකු අරමුණු තියෙන්න ඕනි. රට රටවල් වල ඇවිදින්න යන්න පුළුවන් නම් එහෙම කරන්න. ඒ වගේ දෙවල් වලට ආයෝජනය කරන්න ලොකුවට හිතන්න එපා. පුළුවන් තරම් දෙන්නත් එක්ක මේ මොහොතේ ජීවත් වෙන්න. අනාගතයේ කරන්න යන දේවල් ගැන හිත හිතා අද දවසේ සතුට නැති කර ගන්න එපා. මොකද හැම මොහොතක්ම හරිම වටිනවා. 


ඉතින් මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. හැබැයි තමන්ගේ relationship එක තව කෙනෙක්ගේ එකක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. මොකද එක එක්කෙනා ජීවිතේ දකින විදින විදිහ වෙනස්.

Little_Secret

Report Page