GPA
Study with CHILL
🔥මොකක්ද මේ GPA (grade point average)🔥
කැම්පස් එකේ අන්තිමට උපාධිය ලැබෙන්නේ, class එකක් ලැබෙන්නේ GPA එක අනුව. පිටරට ශිෂ්යත්වයක් ගන්න බලාපොරොත්තු වෙනවනම්, class එකක් එක්ක උපාධිය ගන්න බලාපොරොත්තු වෙනවනම්, දෙවන වසරෙන් පස්සේ විශේෂ උපාධියකට තේරෙන්න බලාපොරොත්තු වෙනවනම් GPA ඉහල අගයක තියෙන්න ඕන. ලංකාවේ හැම campus එකේම GPA එක ගනනය කරන්නේ පහල තියන වගුවේ විදියට. ඕනෑම උපාධියකට එහෙමයි.
grade GPA
A+ 4
A 4
A- 3.7
B+ 3.3
B 3
B- 2.7
C+ 2.3
C 2
C- 1.7
D+ 1.3
D 1
E 0
GPA එක උපරිම අගය 4යි. අවසානයට ගනනය කරන්නේ මධ්යනය ගණනය කරන විධියට
සාමාන්ය උපාධියට අවුරුදු 3යි. සෙමෙස්ටර් 6යි. මේ කාලය credit 90 ක් කරන්න ඕන. විශේෂ උපාධියකට අවුරුදු 4යි. සෙමෙස්ටර් 8යි. credit 120යි.
සෙමෙස්ටර් එකකට credit 15 ක් වගේ කරනවා. එක් එක් විෂයන් වලට credit ගණන වෙනස්. සමහර ඒවා 1යි. සමහර ඒවා 2,3,4 වගේ. කෙනෙක් credit 1 විෂයකට A එකක් ගත්තොත් එයට GPA ගණනයට 4ක් එකතු වෙනවා. කෙනෙක් credit 2 විෂයකට A එකක් ගත්තොත් එයට GPA ගණනයට 4*2= 8ක් එකතු වෙනවා. මේ විදිහට එක එක විෂයන් සඳහා GPA අගයන් ටික එකතු කරලා credit ගානෙන් බෙදලා GPA එක ගණනය කරනවා.
උදා:
විෂය credit ගණන grade GPA
1 1 A 4
2 2 B 6
3 2 A 8
4 1 B 3
5 1 C 2
එකතුව 7 23
GPA= 23/7 =3.28
අවසානයේදී ලැබෙන GPA අගය අනුව තමයි class එක ලැබෙන්නේ. මෙය ඕනෑම උපාධියක් සඳහා අදාලයි.
Class GPA
First 3.70
second upper 3.30
second lower 3.00
pass 2.00
මොනාහරි හේතුවක් නිසා අවසානයේදී GPA 2.00 ට අඩු උනොත් උපාධිය ලැබෙන්නේ නෑ. class එකක් ගන්නනම් පලවෙනි සෙමෙස්ටර් එකේ ඉදලම හොද GPA අගයක් පවත්වා ගන්න වෙනවා. මේක අන්තිම අවුරුද්දේ මහන්සිවෙලා කරගන්න බෑ මොකද GPA එක කියල අන්තිමට ගණනය කරන්නේ මධ්යනය අගයනේ.
සමහර උපාධි වල මුල් අවුරුදු 2න් පස්සේ විශේෂ උපාධි වලට තෝරාගන්නවා. සාමාන්යෙන් 10 ක් වගේ තමයි ගන්නේ. ඒකට අදාළ කරගන්නෙත් GPA එක.
අවුරුදු 4ක උපාධියකුත් එක්ක class එකක් තියනවනම් පශ්චාත් උපාධිය සදහා USA, කැනඩා, ජපන්, ඔස්ට්රේලියාව, නවසීලන්තය වගේ රටකට ශිෂ්යත්වයක් හදාගන්න අමාරු නෑ.විශේෂයෙන් විද්යා, ගණිත, තාක්ෂණ අංශ වලට අදාළ උපාධිවලට. ඒ නිසා ඔයාලට දෙන්න තියෙන උපදෙස තමයි. පළමු සෙමෙස්ටර් එකේ ඉඳන්ම උපරිම GPA තියාගන්න කියන එක.
https://www.ugc.ac.lk/en/policy/commission-circulars/11-circulars-published-in-2008/464-commission-circular-no-901.html
(උපුටා ගැනීමකි)