💔GIRLS💔
🙏😊💎උදිත💎😊🙏 🔥🔥🔥☯️☮♊
මේ කතාව මන් ලියන්නෙ අපේ ආදරනීය නංගිලා වෙනුවෙන්...ඔව් ඉතිං මල්ලිලා කියෙවුවත් වරදක් නෑ...මේක හැමෝගෙම කතාව නොවෙන්න පුලුවන් ඒත් බොහෝ දෙනෙක්ගෙ කතාවක්....
ආදරේ.....
ඉපදුනගමන් අපිට දැනෙන්නෙ අපේ අම්මගෙ ආදරේ උනුසුම...ඊට පස්සෙ ආදරනීය තාත්තා...ඊටත් පස්සෙ සහෝදර සහෝදරියො...
එහෙම නේද....
කාලය ගත වෙද්දි තරුන හැගිම් වලින් අපේ හිත පිරෙන්න ගන්නකොට අපි හොයනවා වෙන කෙනෙක්ගෙ ආදරේ...
එහෙම නේද....
අපේ වටේ ඉන්න යාලුවො එකින් එක්කෙනාට පෙම්වතුන් හම්බෙනකොට හිතට පුංචි පාලුවක් තනිකමක් දැනෙනව නේද...
දැනිලා තියනවද ඔයාලට....
ඊට පස්සෙ ඔයාලා හොයනවා...ඔව් ඔයාලා හොයනවා ඔයාල පරිස්සම් කරන් හිටපු ආදරේ දෙන්න කෙනෙක්...
මොනවද බලන්නෙ ඉස්සෙල්ලම ඔයාලා...ලස්සන....
එහෙම නේද...ඔව්..ලස්සන තමයි මූලිකම සාදකය වෙන්නෙ....
ඉතිං ඒක හරිද...
ලස්සන කොල්ලෙක් ඔයාලගෙ ජීවිතේට ආවට පස්සෙ ඕන් ඔයාලට දැනෙනෙව ඔයාලා ඉන්නෙ ලස්සන ලෝකෙක කියලා...
ඒ ලෝකෙ අ ඔයයි එයයි ...ඔය දෙන්න විතරමයි...
ඉතිං ඒ ආදරෙත් එක්ක ඔන්න ඔයාලට මෙච්චර කාලයක් ආදරේ කරපු ආදරනීය අම්මා තාත්තගෙ සහෝදර සහොදරියන්ගෙ ආදරේ වදයක් වෙනවා...කරදරයක් වෙනවා...
අම්ම පොඩ්ඩක් හොයලා බැලුවත් තාත්තා ආදරේට මොනවා හරි ඇහුවත් කේන්ති යනවා ඔයාට...
"මේ මොන කරදරයක්ද..."
මොහොතකට හරි එහෙම හිතෙනවා...
ඉතිං ඔයාලගෙ ලෝකෙ ඔය දෙන්න විතරයි...
ඔයාගෙ තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරලා අරන් දුන්න ෆෝන් එක ලස්සන එස් එම් එස් වලින් පිරෙද්දි ඔයා තව තවත් ඔයාගෙ කුමාරයට ලං වෙනවා...
ඔයා පාඩම් කරන්න කාමරේට ඇවිත් පොත අස්සෙ ෆෝන් එක තියාගෙන එස් එම් එස් ගහද්දි ඔයා මහන්සි වෙලා පාඩම් කරනවා කියලා හිතලා ඔයාගෙ අම්ම තේ එකක් කිරි එකක් හදාගෙන කාමරේට එද්දි ඔයාy ඉක්මනට ෆෝන් එක හංග ගන්නව...
ඔහොම ඔයාලගෙ ආදරේ ලස්සනට ගලාගෙන යද්දි ඔයාලට එස් එම් එස් ගහලා කෝල කරලා විතරක් මදි වෙනවා...
බස් එකේ අත් පටලගෙන ඇවිල්ලා පොඩ්ඩක් තුරුල් වෙලා ඉදල එන වෙලාව මදි වෙනවා...
"ටිකක් නිදහසේ කතා කරන්න තිබුනන්..."
ඔන්න ඔයාගෙ කුමාරයා පලවෙනි බීජෙ ඔයාගෙ ඔලුවට ඇතුල් කරනවා..
එස් එම් එස් වලින් ඔයාගෙ තරුන හැගීම් ටිකෙන් ටික උලුප්පල ගන්න ඔයාගෙ කුමාරයට පුලුවන් වෙනවා...
මුලින් මුලින් ලැජ්ජාවෙන් ඇබරුනත් ටිකෙන් ටික ඔයත් ඒකට හුරු වෙනවා...
"හෙට කොහේ හරි යමුද..."
ඔන්න දෙවෙනි බීජෙ....
"නිදහස් තැනකට කතා කරන්න..."
"පංති..."
"එක දවසයිනෙ සුදු අම්මි..."
"අනේ..."
"විස්වාස නැද්ද මාව...මගෙ ආදරේ ශුවර් නැද්ද..."
ඔන්න ඔතන තමයි නංගියේ උබට වරදින තැන...ඔබේ කුමාරයගෙ අන්තිම තුරුම්පුව...
තමන්ගෙ කෙල්ලට පන වගේ ආදරේ කරන එක කොල්ලෙක් වත් තමන්ගෙ කෙල්ලව විනාස කරන්නෙ නෑ...
එක එක අගු පිල් ගානෙ එක්කන් යන්නෙ නෑ...
ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් තමන්ගෙ කෙල්ලව රකින්නෙ හරියට මැණිකක් රකින නාගයෙක් වගේ...
උබේ කුමාරයගෙ ආදර වචන වලට රැවටිලා උබේ අම්ම උදේම නැගිටලා උයලා දෙන බත් මුලත් අරගෙන තාත්තා වියදමට අතට දෙන ගානත් ගුලි කරගෙන රත්නත්තරේ පිහිටයි දුවේ කියන ආශිර්වාදෙත් අරගෙන උබ යන්නෙ උබේ කුමාරගෙ තුරුල්ලට...
පොඩි කාමරේකට උබව එක්කන් ගිහින් ගොඩක් ආදරෙන් උබට කතා කරයි...
ලස්සන වචන ගොඩකුත් එක්ක පුංචි පුංචි ස්පර්ශයන් උබව ටිකෙන් ටික වෙනම ලෝකෙක අතරමං කරාවි...සිහිය උබෙන් ටික ටික ඈත් වෙද්දි
උබේ අම්ම තාත්තගෙ ගෞරවේ බොහොම ලස්සනට ඇද ඇතිරිල්ලෙ සිතුවමක් වෙයි...
ඔව් උබ අඩයි වැලපෙයි...උබේ කුමාරයා උබව සනසවයි...උබ විස්වාස කරයි....
උබ ආපහු ගෙදර යන්න ගෙදරින් ආපු අම්මගෙ තාත්තගෙ පුංචි දෝනි විදියට නෙමේ...එදා රෑ ඇදට වැටිලා උබ සිහි කරයි ඒ මොහොත...
ආස හිතෙයි උබට...ඔව්..ඒ මිහිරෙන් මත් වෙයි උබ..
ආයෙත් ආයෙ ආයෙමත් ඔය දේ සිද්ද වෙයි...
ඒත් ටික දවසකින් උබ හීන මවපු උබේ කුමාරයා ටිකෙන් ටික උබව මග අරින්න ගනී...
පිච්චෙයි උබ කවදාවත් නැති විදියට...
අන්තිමට උබට උබේ කුමාරයගෙ සේයාවක්වත් හොයාගන්න නැතිවෙයි...ඔව් එතකොට උබට තේරෙයි පුංචිම පුංචි කලලයක් උබේ කුසේ වැඩෙනවා කියලා...
අන්න එදාට උබට මතක් වෙයි දැනෙයි අර උබ ඉපදුන දවසෙ උබට දැනුන උබේ අම්මගෙ තාත්තගෙ ආදරේ....
ඔයාගෙ අම්මට තාත්තට ලස්සන හීනයක් තියෙනවා ඔයාව ලස්සන මනමාලියක් කරලා පෝරුවට නග්ගන්න...ඒත් ඒ තැනට ගොඩක් අයට එන්න බෑ..ඒ වගේම කෙල්ලෙක්ව පරිස්සම් කරලා පෝරුව වෙනකන් කැන්දන් එන්න හැම කොල්ලටම බෑ...
අදහසක් කියාගෙම යන්න හිතට දැනුනා නම්..