Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

-Episode 15-

True love, remembrance and respect

Epi 14


අද තමයි ඉන්වෙස්ටිගේෂන් එක ආපහු පටන් ගන්නෙ. ඊයෙ පිස්සු නටලා නිදියගද්දි හොදටම රෑ උනා ඒක හින්දා උදේ 10 නැගිට්ටත් දැනෙන්නෙ පාන්දර 4ට නැගිට්ටා වගේ ෆීලින් එකක්. ඒත් එහෙම කියලා බැහැනෙ. නසීර් ඇති මම එනකම් මග බලාගෙන. මට දැන් එයාගෙ මූණ මැවිලා පේනවා. කිරි එකත් හදාගෙනම මම පිටත් උනේ කැළෑ ඩේසි වල සුවදුක් විමසන ගමන් ම නසීර්ව හම්බෙන්න යන්න. 


දැන් ග්‍රවුන්ඩ් එක ඉස්සර තරම් ම ලස්සන නැහැ, කැළෑ ඩේසි පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවා. මේ කාලෙට මම තරම් කවුරුත් දුක් වෙන්නෙ නැතුව ඇති.

"හේයි පලා. "

"නසීර්..ගුඩ් මෝනින්ග්"

"ගුඩ් ඒවිනින්ග්"

"හරි හරි ඉතින් පොඩ්ඩක් නින්ද ගියා"

"පලා ඔය මග් එක ඔයාගෙද"

"නැහැනෙ. මේක අර එහා ගෙදර සීයගෙ එක. මම සතියකට ඉල්ල ගත්තා"

ඒ පාර හිනා වෙනවා. මට දැනුයි තේරුනේ ඇයි හිනා වෙන්නෙ කියලා. මග් එක ඉතින් එකක් ලොකුයි සහ ඒකත් නිල් පාට. මෙහෙමයි මට අනිත් මග් වල කිරිබොද්දි දැනෙන්නෙ කැළණි ගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ හැඟීමක්, ඇත්තම කිව්වොත් මම කිරි බිව්වා කියලා කටටවත් දැන්නෙන්නෙ නැහැ. ඉතින් මම ටිකක් ලොකු මග් එකක් ගත්තා.

"ඕකට කිරි කොච්චර අල්ලනවද දන්නෙ නැහැ"

"අනේ මේ"


"නසීර් අරගොල්ලො තාම නෑනෙ"

"මොනගොල්ලොද"

"ප්‍රොෆිසර්ගෙ ටීම් එක"

"පොඩ්ඩක් ඉවසන්න පලා. එයාලට තියෙන්නෙ අපේ ප්‍රශ්නෙම විතරක් නෙවෙයි"


"පලා පොඩ්ඩක් ඔහොම්මම ඉන්න මම ඉක්මනට එන්නම්"

හා කියන්නත් කලින් අතුරු දහන් උනා. දැන් ඒවා මට හුරු වෙලා. නසීර් මට තාම ගහක් හරහා ගිහින් පෙන්නුවෙත් නැහැ.


"පලාහ් පලාහ්"

"ඇයි නසීර්" හැරෙන තැපෑලෙන් ආයෙත් ආවා. මොකකට හරි හැබැයි බය වෙලා වගේ.

"ඔයා දැන් බෝඩිමට යන්න. මේ දැන්ම ම"

"ඒත් ඇයි"

"ටීම් එක ආවා"

"ඉතින් අයියෝ ඉන්වෙස්ටිගේෂන් තියෙන්නෙ බෝඩිමේ නෙවෙයිනෙ"

"පලා එතන ඉන්නෙ පිරිමි අය විතරයි. ඔයා දැන් බෝඩිමට යන්න"

"ඒත් නසීර්.."

"හරි මම ඔයාට උනු හැම දේම එයාලා ගියාට පස්සෙ කියන්නම්. ප්‍රොමිස්"

"හරි එහෙනම්.බායි නසීර්"

හ්ම්ම් නැවතත් බෝඩිමට. නසීර් මොනවා කරනවා ඇත්ද. එයාලා නසීර්ගෙ අර ලැවැන්ඩර් සුවඳ පීරුණු ගෙදර විනාස කරනවා ඇත්ද දන්නෙ නැහැ. නැත්තම් මගෙ කැළෑ ඩේසි ටික පොඩිකරනවා ඇති ද. ප්‍රශ්න කෝටියයි. මට හැරී පෝටර් එකේ රෙද්ද තිබ්බා නම්....


ට්‍රීං...ට්‍රීංං......

හරි, නියම වෙලාවට ප්‍රොෆිසර්ත් කෝල් කරන්න. දැන් මම මොකද කියන්නෙ. මම ගියේ නෑනෙ. නෑ නෑ ගියෙ නෑ නෙවෙයි යන්න දුන්නෑ.


"හේලෝ ප්‍රොෆිසර්"

"හෙලෝ උත්පාල. ඔයා ඉන්වෙස්ටිගේෂන් කරන තැනද ඉන්නෙ" දැන් කෝ උත්තර.

"නැහ් ප්‍රොෆිසර්"

" ඒ ඇයි"

"රෙදි නෑ" 

"මොකද්ද" දෙවියනේ කාමරේ දොර මුල්ලෙ කුණු රෙදි ගොඩ දිහා බලාගෙන උත්තර දුන්නට පස්සෙයි කියපු එකේ බරපතලකම තේරුනේ. තාච්චියෙන් වැටුනු මිනිහට දේවාලෙ කඩන් වැටුනා වගේ. දේවාලෙ නෙවෙයි පල්ලිය.

"නැහැ ප්‍රොෆිසර් මේ......මගෙ රෙදි වේලිලා නැහැ" ගුරුතුමාට කියන කතාවක්ද දෙයියනේ මම ඒ කිව්වෙ. මම නම් ආයෙ යන්නෙ නැහැ යුනිවර්සිටි.

"හරි හරි..එනිවේ ගියපු නැති එකම හොදයි. ඒත් ඊයෙ ආපු ව්දිහට මම හිතුවෙ කොළ අතු හරි ඇඳගෙන යයි කියලා". කොලඅතු නෙවෙයි මම රෙදි නැතුව හරි යනවා බට් නසීර් එන්න එපා කිව්වනෙ.

"ඇයි ප්‍රොෆිසර් යන්න එපා කිව්වෙ"

"නැහැ එතන ඉන්නෙ පිරිමි අය විතරයි. අනිත් එක ඔයාව ඕනෙ නැහැ. ඔයා එහෙම විශේෂ දෙයක් දන්නෙ නැහැනෙ" නෑ නෑ දන්නෙ නැහැ මම. ඔය ඩයරි එක එහෙම ගියේ ඉබේ පාවෙලානෙ අහසෙ. මම ඉතින් කියන්නෙ නැහැ.

"හරි හරි මම ගියේ නැහැ. ඒත් මම ප්‍රොෆිසර්ට වඩා නම් යම්කිසි දෙයක් දන්නවා"

"සී යූ සර්. බායි"

ඔයිට වඩා දෙයක් කියන්න ඕනෙ උනත් මම කටවහගත්තේ නසීර් නිසා. මගෙ එක වචනයක් ඇති ඔය ඉන්වෙස්ටිගේෂන් එක නවත්තලා දාන්න.

ලෝයර්ස්ල උඩඟුයි, පණ්ඩිතයි කියලා අහලා තිබ්බට ඒක ඇස් දෙකට දැක්කෙ ප්‍රොෆිසර් හාවඩ්ගෙන්. එයා හිතන් ඉන්නෙ ලෝකෙ ඉන්න එකම ලෝයර් එයා කියලා. එයාගෙ මම දකින එකම හොද උගන්නන එක විතරයි. මමත් කවදා හරි එහෙම වෙයි ද දන්නෙ නැහැ. මට නම් එහෙම වෙන්න බැරි වෙයි.

පලා හෙවත් තම්පලා


සදාදර

Mrs.හෝම්ස්


සොරි ටිකයි type කරගන්න පුලුවන් උනේ. 

හෙට මගෙ පවුලේ කෙනෙක්ගෙ birthday එකක්. ඉතින් මට පුලුවන් උනොත් විතරයි මේක දෙන්න වෙන්නෙ. අනිත් එක තමයි මේ යන්නෙ අවසාන කොටස් ටික. මට ඕනෙ නැහැ මේක තවත් ඇදලා කතාවෙ තියෙන ලස්සන නැති කරන්න.

අවසානය මොන වගේ වෙයිද..මටත් හිතාගන්න බැහැ. මට හිතෙනවා දුක හිතෙන අවසානයක් වෙයි කියලා. බලමුකො අපි.

 




Report Page