Food Science And Nutritions - Wayamba University Srilanka

Food Science And Nutritions - Wayamba University Srilanka

Study with CHILL


👩‍🔬 ආහාර විද්‍යාව සහ පෝෂණය - වයඹ විශ්වවිද්‍යාලය ( Food Science And Nutritions - Wayamba University Srilanka )

#Degree_details_part 20

#Food_science_and_nutritions_WUSL


පෝස්ට් එකක් ලියන්න කරුනු හොයන්න දවසක් විතර යන නිසා අනවසරෙන් උපුටා ගැනීමක් කරන්න එපා කියලා මුලින්ම කාරුණිකව ඉල්ලනවා..


ඒ වගේම ගොඩක් කරුණු මම සෑහෙන්න හොයලා සහ දන්න ගැන අහල තමයි ඔයාලට ලියන්නෙ..තනි පුද්ගලයෙක් මේ වැඩේ තනියම කරන නිසා සමහර වෙලාවට වරදින්න පුළුවන්.. ලොකු කොටසක් නෙවෙයි සමහර පොඩි පොඩි කොටස් අඩුපාඩු වෙන්න පුළුවන්..ඒ දේවල් වල අඩුපාඩුවක් තියෙනවා තියෙනවා නම් ඔරිජිනල් පෝස්ට් එක යටින් comment එකක් දාන්න...


👩‍🔬 ආහාර විද්‍යාව සහ පෝෂණය - වයඹ විශ්වවිද්‍යාලය ( Food Science And Nutritions - Wayamba University Srilanka )


ඇග්‍රි කරපු අයටත් ෆුඩ් සයන්ස් පැත්තෙන් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් යන්න පුළුවන් හොඳම උපාධිය තමයි මේක... මොකද ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල තියෙන අනෙකුත් ආහාර විද්‍යා උපාධින් සඳහා ඇතුළුවෙන්න භෞතික විද්‍යාව කරල තියෙන්න ඕන..


මේක අවුරුදු 4ක විද්‍යාවේ විද්‍යාවේදී ගෞරව උපාධියක් ...


මේ deegree එකේදි අධ්‍යයන අංශ දෙකක් යටතේ දී ඉගැන්වීම් කටයුතු සිදු වෙනවා..


1) ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශය (Department of Applied Nutrition)

2) ආහාර විද්‍යාව සහ තාක්ෂණ අධ්‍යනාංශය ( Department of food science and technology )


ව්‍යවහාරික පෝෂණ අධ්‍යයන අංශය මානව පෝෂණය පිළිබඳව ඉගැන්වීම් කටයුතු සිදු කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රාජය විශ්වවිද්‍යාලය..


දෙවන වසර අවසානයේ දී කැමති විදියට ඔයාලට මේ Department දෙක යටතේ පැවැත්වෙන විශේෂ විෂයන් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා...


ඒ කියන්නේ දෙවැනි අවුරුද්දෙන් පස්සේ ඔයාලට තෝරගන්න පුළුවන් ඔයාලගේ special degree එක විදිහට එක්කෝ food science and technology එහෙමත් නැත්නම් applied nutrition ...


මේ applied nutrition තමයි ශ්‍රී ලංකාවේ රෝහල් වල වගේම ගොඩක් ස්ථාන වල ඉන්න Dietician ලා බිහිකරන ප්‍රධානතම උපාධිය ..


ඒ වගේම පෝෂණවේදීන් වෙන්නටත් මේ උපාධිය සම්පූර්ණ කරාම හැකියාව තියෙනවා ...


මේ දෙපාර්තමේන්තුව යටතේ විශේෂ උපාධියක් හදාරනවා නම් ,

Food industrial, community development ,health care වගේම research side එකෙන් රාජ්‍ය වගේම පෞද්ගලික අංශවලත් විශාල වශයෙන් රැකියා අවස්ථා ලැබීමක් සිදු වෙනවා..


ඔයාලා දන්නවනේ දියවැඩියාව, අධි රුධිර පීඩනය , ස්ථුලතාවය වගේ ශ්‍රී ලංකාව තුළ තියෙන බෝ නොවන රෝගවලට විවිධ සායනයන් පැවැත්වෙනවා රාජ්‍ය වගේම පෞද්ගලික රෝහල් වලත් ... මෙන්න මේවයෙ ඉන්න dieticians ලා පෝෂණවේදීන් බිහිවෙන්න මේ උපාධිය කරලා applied nutrition special කරපු අය තමයි ...


මම පහලින් දාන්නම්මේ උපාධිය හදාරන අයට තියන විෂයන් වලින් සුළු ප්‍රමාණයක්..මම මේ සබ්ජෙක්ට් ටික උපුටාගත්තේ අන්තර්ජාලයෙන්..


Chemistry

Laboratory course in Chemistry

Principles of Biochemistry and Genetics

Food Production Systems

Biochemistry of Energy and Metabolism

Human physiology

Microbiology

Principles of Food Science

Human Nutrition

Food Analysis and Quality Assurance

Food Processing and Preservation technology


මේ වගේ පුළුල් පරාසයක විහිදිලා තියන විෂයන් ගැඹුරෙන් අධ්‍යනය කරන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා මේ උපාධිය හැදෑරීමේ දී ..


මේ උපාධිය කරන අයට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් තමයි පළවෙනි අවුරුද්ද අවසානයේ ඔවුන්ට යම්කිසි අනුබද්ධිත ආයතනයක සති දෙකක කාලයක් සේවය කිරීමේ හැකියාව ලැබෙනවා..

මේක කරන්නේ විශේෂ ඇගයුම් ක්‍රියාවලියක් විදිහට ...


සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් සිද්ධවෙන්නේ අන්තිම වසර වගේ ..නමුත් මේකෙදි කලින්ම මේ අත්දැකීම ලබාගැනීමේ හැකියාවක් තියෙනවා ...


ඔයාල තුන්වෙනි අවුරුද්දෙන් පස්සේ Food science and technology special degree එක තෝරගත්තොත් ඔයාලට එතනදි අනෙක් විශ්වවිද්‍යාල වලින් කරන food science and technology වලට ගොඩක් දුරට සමාන විශේෂ උපාධියක් ලබා ගන්න පුළුවන්..


එහිදීත් ඒ උපාධිවල උගන්වන ගොඩක් විෂයයන් ආවරණය වීමක් සිදුවෙනවා ..


මං පහලින් දාන්නම් අන්තර්ජාලයෙන් උපුටා ගත්තු තවත් මේ food science and technology special subject එක හදාරන අයට තියෙන subjects ටික ..


Bio Technology

Confectionary and Beverage

Dairy Products Technology

Food chemistry

Food Engineering

Food Product Development

Rapid Chemistry Sensing Method

Food Microbiology

Food Packaging

Post Harvest Technology of Fruit amd Vegetables

Food Safety and Quality Management

Fish Meat and Egg Production

Cereal Chemistry of Bakery Products

Spectroscopty Methods

මේ දිහා බැලුවම තේරෙනවා කොච්චර පුළුල් පරාස එක කොච්චර ගැඹුරට විහිදිලා තියන නවීන ලෝකයට අත්‍යවශ්‍ය විෂයයන් ද මේ උගන්වන්න කියලා ..


ඉතින් මේ special degrees දෙකෙන්ම අන්තිමට ලෝකයට බිහි වෙන්නේ වෙන්නෙ මනා දැනුමකින් සන්නද්ධ සහ ඉතාමත් හොඳ ප්‍රායෝගික දැනුමකින් පරිපූර්ණ උපාධිධාරියෙක් ...


මේ විෂයන් වලට අනුබද්ධිත විවිධ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා වගේම ජාත්‍යන්තර තලය පුරා විසිරී පැතිරී තියෙන නිසා මේ degree එක කරන අයට ජොබ් අතින් නම් අඩුවක් නැහැ කියලා තමයි ගොඩක් අය මට කිව්වේ...


මේ ඩිග්‍රිය එකේ අන්තිම අවුරුද්දෙ අන්තිම semester එකේ ඔයාලව යොමුකරනවා සීමාවාසික පුහුණුවක ට...


එහිදී, ආහාරවේදි පුහුණුව හෝ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණුව ලබා ලබා ගැනීම සිදුකරන්න පුළුවන් ...


ඒ වගේම අන්තිම අවුරුද්දේ දී පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කරලා ඒ ඔස්සේ දැනුම හොයන්නත් අවස්ථාව ලැබෙනවා..


ඉතින් මේ උපාධි අවසානයේ පෝෂණවේදියකු ඒ වගේම ආහාර වේදියෙකු වශයෙන් සේවය කරන්න ලොකු නැඹුරුතාවයක් ලැබෙනවා වගේම ඊට අමතරව ආහාර ක්ෂේත්‍රයේ ඕනෑතරම් රැකියා ශ්‍රී ලංකාව තුළ වගේම ජාත්‍යන්තරව තියනවා..


ශ්‍රී ලංකාව පුරා විසිරිලා තියෙන විවිධ ආහාර නිශ්පාදන ආයතන(nestle,CBL,Maliban,cocacola etc)

උඹලා වගේම රාජ්‍ය අංශයේ රැකියාවක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ..


ඊට අමතරව ගුරුවෘත්තිය, පරිපාලන සේවා , තමන්ගේම ව්‍යාපාර කටයුතු, උසස් අධ්‍යාපනය හදාරල විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් වගේ තවත් ක්ෂේත්‍ රාශියක් බිහි වෙලා තියෙනවා මේක කරපු අයට..!


ඉතින් ඔයාල කවුරුහරි මේ degree එකට selec වෙලා තියෙනවා නම් ඔයාට ලැබුණු ගොඩාක් හොඳ අවස්ථාවක් කියලා හිතාගෙන ඉතාමත් හොදින් අධ්‍යන කටයුතු කරල ඉහළටම යන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!


මේ පෝස්ට් එකෙන් යම් දෙයක් දැනගත්තනම් අනිත් අයටත් දකින්න ශෙයා කරන්න..!!

පේජ් එකටත් ලයික් එකක් දාන්න..!!


තවත් වැදගත් ලිපියකින් ආයෙ හම්බෙමු..


හැමෝටම ජය!!


#StudywithCHILL

#Degreevaluation

Report Page