Flow States

Flow States

Optimus


ඔයාල අහල තියෙනවා ඇති sport කරන අය නිතරම කතාවෙන දෙයක් තියෙනවා මේ ටිකේ zone එකෙන් පිට ඉන්නේ ඉක්මනට ආපහු ට්‍රැක් එකට වැටෙන්න ඕනි කියලා..

මේකෙන් අදහස් වෙන්නේ එක්තරා පුරුදු රටාවක් එහෙම නැත්නම් ගලායාමක් (flow එකක්) නැවතිලා තියෙනවා ආපහු ඒ පුරුදු රිද්මයට එන්න ඕනි කියන එකයි..

ඔයා gamer කෙනෙක් නම් online play කරද්දී පොඩි වෙලාවකට AFK (away from keyboard) වෙනවා කියලත් අදහස් කරන්නේ මේ වගේ දේකට.

උදාහරණයක් විදිහට ඔයාලට මතකද ඔයාල අන්තිමට ලොකු විභාගයක් ලියපු විදිහ? උසස් පෙළ කරන කෙනෙක් නම් අන්තිමට කරපු විභාගය සාමාන්‍ය පෙළ නේ. (උසස් පෙළ කරපු කෙනෙක් අන්තිමට කරපු "තරගකාරී විභාගය" මොකක්ද කියලා ඇහුවොත් ඒක ශිෂ්‍යත්වේ තමා හොදේ. O/level කියන්නේ තරගකාරී විභාගයක් නෙවෙයි..)

ඉතින් ඒ අන්තිමට කරපු ලොකු විභාගේ දවස් වල ඔයා හැසිරුණු විදිහ මතක් කරගන්න පොඩ්ඩකට.. හොදට වැඩ ටික කරපු නෝමල් ළමයෙක් නම් ඔයාට ඒ ටිකෙයි සාමාන්‍ය ඔය දැන් ඉන්න විදිහෙයි ලොකු වෙනසක් තේරෙන්න ඕනි.. විභාගයක් ලියද්දි ඇගට එනවා පොඩි flow එකක්. එකදිගට සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය දවසක කරනවට වඩා වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් ඒ දවසකදී..

මෙන්න මේ flow එක එහෙමත් නැත්නම් zone එකේ ඉන්න එකට අපි කියනවා flow state එකක් කියලා.. flow state එකක් හදාගන්න විදිහ වගේම ඔයාල කොහොමද ඒක පාවිච්ච් කරන්න ඕනි කියලත් මං කියලා දෙන්නම්.. ඒත් ඊට කලිම් ඔයාල පොඩි concept එකක් දැනගෙන ඉන්න ඕනි.. ඒ තමයි mental inertia - මානසික අවස්ථිතිය


Mental Inertia - මානසික අවස්ථිතිය


භෞතික විද්‍යාවේදී අපි කතා වෙන වස්තුවක අවස්ථිතිය මගින් අදහස් වෙන්නේ සිය වාර්තමාන චලන අවස්තාව වෙනස් කිරීමට වස්තුවක් දක්වන අකමැත්තයි. අවස්ථිතිය වැඩි වස්තුන් වල වර්තමාන චලිත ස්වභාවය වෙනස් කරන්න අපහසුයි. එයාල කැමති තමන් ඉන්න අවස්ථාවේම පවතින්නයි. එක තැනක නතර වෙලා ඉන්න වස්තුවක් චලනය කරන්නත්, චලනය වන වස්තුවක් නතර කරන්න හෝ තව වේගය වැඩි කරන්නත් අපහසු මේ නිසයි.. එහෙම වර්තමාන චලිත ස්වභාවය වෙනස් කරන්න නම් අපිට බාහිරින් බලයක් ඒ වස්තුව මත යොදන්න වෙනවා..


මෙන්න මේ සංකල්පයම මං දැකල තියෙනවා මිනිස් මනසේත් ක්‍රියා කරන හැටි. මේක ගොඩක් පැති වලට විහිදුනු සංකල්පයක්. ඒත් අද මං කතා කරන්නේ පාඩම් කරනකොට, අලුතින් දෙයක් ඉගෙන ගද්දි අදාළ වෙන කොටස විතරයි..


අපේ මොළය කැමති නෑ තමන්ගේ වර්තමාන තත්වයට අභියෝගයක් එල්ල වෙනවට. ඒ කියන්නේ මොලයට අලුතෙන් වැඩක් දෙනවට කැමති නෑ. මෙතැනදී අලුතෙන් වැඩක් කියන එකෙන් අදහස් වෙන්නේ මේකයි. හිතන්න ඔයා ඔහේ නිකන් ඉන්න කෙනෙක් කියලා. ඔයාට කවුරුහරි උගන්නන්න ගත්තොත් ඔයා කොහොමද ඒකට මුහුණදෙන්නේ?


ගොඩාක් අය කරන්නේ තමන්ට ඇහෙන දකින දේ ලියාගන්න එකයි. මේකට හේතුව වෙන්නේ මොළය කැමති නෑ අලුතෙන් සංකල්ප සහ තොරතුරු process කර කර ඉන්න. එයාට පුරුදු ඔයා කලින් හිටියා වගේ නිකන් ඉන්න. ඉතිම් මොළය අලුතෙන් එන මේ අභියෝගය වෙනත් අවයවයකට බාර දෙනවා. ඒ කිව්වේ කන් දෙකෙන් ඇස් දෙකෙන් දකින දේ කෙලින්ම අත් දේකට යවල පොතට වමාරනවා වගේ දෙයක්. මොලයට බර වැටෙන්න දෙන්නේ නෑ.


හිතන්න කෙනෙක් ඉන්නවා හැමදේම අමාරුවෙන් හොදට ඉගෙන ගන්නව කියලා. එයාගේ මොළය හුරු වෙලා තියෙන්නේ එක දිගට මේ ලෝඩ් එකේ බර කරට අරන් මහන්සි වෙන්නයි. ඉතිම් එයා ඔහේ ඉන්නේ නැතුව ඒ මොහොතේම ඒ ඒ දේවල් ඉගෙන ගන්නවා. ඉතිම් පොඩ්ඩක් හිතලා බලන්න මේ දෙන්නගෙන් වැඩිපුර වාසි කාටද කියලා?

හරි දැන් අපි බලමු කොහොමද flow state එකක් හදාගන්නේ සහ කොහොමද ඒක පාවිච්ච් කරන්නේ කියලා. ඒ වගේම මං අමතරව tips ටිකකුත් දෙන්නම් ඒවගෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න බලන්න..


Enter the Flow State

Step 01 - පූර්ව ප්‍රවාහ බාධක ඉවත් කිරීම


මේක හරියට ගගක් ගලන්න යන පාරේ තියෙන ගල් අයින් කරනවා වගේ දෙයක්. මේ පියවර හරිම වැදගත් වගේම මේක ඔයා කරන්න ඕනි flow state එකකට යන්න ඕනි කාලයට ගොඩාක් කලිනුයි. උදාහරණයක් විදිහට ඔයාට හෙට උදේට පාඩම් කරන්න මේ flow state techniques යොදාගන්නවානම් ඒකට ඕනි කරන මේ පියවර කරන්න ඕනි අද රෑට. මේක ආයෝජනයක්. මෙතැනදී ඔයා සරලවම කරන්න ඕනි හෙට කරන්න තියෙන වැඩ වලට ඕනි පසුබිම අද සකස් කරලා දාල තියන එකයි.


තව තේරෙන්න පැහැදිලි කරලා දෙනවනම්... හෙට උදේට ඔයාට පාඩම් කරන්න ඕනිනම්, හරියටම හෙට උදේට පාඩම් කරන්නේ මොකක්ද කියලා තීරණය කරලා ඒකට අවශ්‍ය දේවල් ලගට අරගෙන ඒකට ඕනි කරන වාතාවරණය හදලා තියලා නින්දට යන්න.


සාමාන්‍ය කෙනෙක් කරන්නේ හෙට මට physics වල තාපය පාඩම පොඩ්ඩක් බලාගන්න ඕනි කියලා හිතලා නින්දට යන එකයි. ඒත් ඔයා මෙතැනදී කරන්නේ හෙට උදේට මට තාප සන්නයනය කොටස සම්පුර්ණයෙන්ම කවර් කරලා ඉවරයක් කරන්න ඕනි කියලා හිතලා ඒකට ඕනි සටහන් පොත් short note වගේම ලියන්න ඕනි කරන පොත් පෑන් පන්සල් හෙට උදේට මුලින්ම දිගෑරල බලන පොතේ පිටුව ඇතුලට දාල පුලුවන්නම් පොතේ ඒ පිටුව දිගැරලා තියලා නිදාගන්න එකයි.


ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ වගේම සාර්ථක ව්‍යාපාරිකයෝ මේක කරලා දෙන්න වෙනම සේවකයෝ පවා දාල තියනවා. මොකද මේක ඒ තරම් වැදගත් දෙයක්. gym එකකට training වෙන්න යද්දී ඒකට අදාළ weight පවා load කරලා තියනවා ඒ අය. මොකද ඔයාට එතකොට කෙලින්ම වැඩේට බහින්න පුළුවන්. වෙන දේවල් වලට කාලය සහ මොළය නාස්ති වෙන්නේ නෑ. ඒත් ඉතිම් අපිට එහෙම කරලා දෙන්න අය නැනේ. ඒ නිසා අපි අපේ අනාගත කාලයේ ජිවත් වෙන පුද්ගලයට ඒක කරලා දෙමු. එතකොට ඔයා වැඩේට බහිද්දී ඔයාගේ අතීත ස්වරුපය ඔයා වෙනුවෙන් ඒක කරලා තියෙයි. ඒ ගැන එයාට ස්තුති වෙන්න. මේක කරන්නේ නැතුව නින්දට යන හැම දවසකම ඔයා කරන්නේ ඔයාගේ අනාගත ස්වරුපයට කරදරයක් කියලා හොදට මතක තියාගන්න.


Step 02 - ප්‍රවාහයේ දී පැමිණිය හැකි බාධා වලක්වා ගැනීම

ඔයා ඔක්කොම ටික ලස්සනට plan කරලා වැඩේට බැස්ස විතරයි අම්මා ඇවිත් කන්න අඩ ගහනවා 🥲 එහෙම නැත්නම් ගෙදර කවුරු හරි මොකක්ද හරි දෙයක් කරනවා ඔයාට මේ වැඩේට full attention එක දෙන්න බැරිවෙන විදිහට.. එතකොට මොකද කරන්නේ?


මට මේක අනන්තවත් වෙලා තියෙනවා. හැබැයි ඊට පස්සේ මං කරපු පොඩි දෙයක් නිසා මට ඒක 100%ක්‍ ම නැති කරලා දාන්න පුළුවන් උනා. මං කලේ මොකක්ද කියලද හිතන්නේ? 😁


මං flow state ඒකට බහින්න කලිම් දවසේ රෑට ( ඕනිනම් උදේට උනත් ලොකු අවුලක් නෑ ) අම්මට ගිහින් කියනවා අම්මේ මං ලොකූ වැඩක් කරන්න හදන්නේ මේක හරියට කලේ නැත්නම් විභාගේ ෆේල් වෙන්න උනත් පුළුවන් මට කාටවත් කරදර කරන්න දෙන්නෙපා කොටින්ම මට කන්න වත් කතා කරන්නෙපා මං බඩගිනි උනාම ඇවිත් කන්නම් කියලා.💀


ආයේ ඉතින් මහා උරග දැවැන්තයා ආවත් අපේ අම්මව පහු කරන් මං ගාවට එනවා බොරු 😂😂


සරලවම කියනවනම් ගෙදර අයගෙන් කරදරයක් වෙනවනම් පාඩම් කරද්දී එයාල ලගට ගිහින් situation එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මට ඇහිලා තියෙනවා ගොඩක් අය කියනවා ගෙදර හිටියාම වැඩක් කරගන්න බෑ මෙහෙමයි මෙහෙමයි කියලා. ඒත් ඇත්තටම ඔයා කවදාහරි ගෙදර අයගෙන් අහල තියෙනවද? මට පාඩම් කරන්න ඕනි පොඩ්ඩක් මට disturb කරන්නේ නැතුව ඉන්න පුලුවන්ද කියලා? පොඩි උන් වගේ trigger වෙලා අනේ මට කරදර කරන්නෙපා ගගා කෑගහන්නේනතුව අම්මේ මං පාඩම් කරන්න යන්නේ චුට්ටක් සද්ද බද්ද අඩු කරගන්න පුලුවන්ද කියලා අහල බලන්න. මං කියනවට කරලා බලන්න. ලොකු වෙනසක් තේරෙයි..

මීට අමතරව හැමවෙලේම phone එක do not disturb mode දාගෙන තියාගන්න හුරු වෙන්න. මං දැන් මාස ගානක ඉදන් මගේ phone එක do not disturb mode දාල තියෙන්නේ. අවුරුද්දකට විතර ඉදන් කොහොමත් notifications off. do not disturb mode එක bypass කරන්න පුළුවන් මන් select කරපු contacts වලට විතරයි. හුරු වෙන්න do not disturb mode එක දාගන්න. ඔයා මේක දාන්නේ නෑ කියන්නේ කොහෙවත් ඉදන් එන නොටිෆිකේෂන් එකක්, වැඩකට නැති කෝල් එකක් ඔයාට ඔයාගේ වැඩ වලට වඩා වටිනවා කියන එකයි. එච්චරයි..

(ඒ වගේම වැඩ ටික කරන් යද්දී මොනම හරි හේතුවක් නිසා phone එක use කරන්න උනොත් එක කරන විදිහ මං වෙනම දාන්නම්. එක පොඩි tech article එකක් වෙයි.)


Step 03 : ප්‍රවාහය ඇරඹීම


මෙන්න මේක තමයි ඔයා උදේට ඇහැරිලා කරන්න ඕනි පලවෙනි පියවර.. විවිධ හේතුන් මත අර මුල් පියවරවල් සමහර විට උදේට කරන්න වෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්නෙපා කියලා තමා මම කියන්නේ. මේක හරියටම කරනවා නම් step 1 and 2 කරන්න ඕනි කලිම් දවසේ හෝ flow එකට එන්න ගොඩක් කාලෙකට කලිම්.


මේ පියවරේදී තමා ඔයා පාඩම් කරන්න පටන් ගන්නේ..


ඔයා කලින් දවසේ තෝරාබේරාගෙන ලගට ගත්තු දේවල් පාවිච්චි කරලා දැන් වැඩ කරන්න පටන් ගන්න ඕනි. ඒත්.. කොහොමද ඒක කරන්නේ? කොහොමද පාඩම් කරන්නේ? ඇත්තටම කියනවනම් මොකක්ද අපි පාඩම් කරනවා කියලා කියන්නේ?

මෙන්න මෙතැනදී තමා අර මං මුලින් කියලා දීලා හිටපු අවස්ථිතිය කතාවට අදාළ වෙන්නේ..


ඔයාගේ මොලයේ cognitive load එක කියන්නේ මොකක්ද සහ multitasking කරන එක පාඩම් කරද්දී සින්දු අහන එක හොද නැත්තේ ඇයි කියලා මං කලිම් ලිපියක ලොකුවටම විස්තර කලා. ඒක බලලා නැත්නම් ගිහින් බලන්න 👇

https://t.me/OptimusBlogs/86


හරි ඉතිම් මේ cognitive load එකට ඔයා බරක් දාද්දි අර brain එකේ තියෙන අවස්ථිතිය ඒකට කැමති වෙන්නේ නෑ. ඉතිම් එයා පුළුවන් තරම් ඒක වලක්වාල දාන්න හදනවා. එහෙම වලක්වන්න ගන්න උප්පරවැට්ටි අතරේ කිසිම තේරුමක් නැතුව short note ලියවන එක, highlight කරන එක එහෙම තියෙනවා හොදේ. එ වගේ දේවල් වලට අපි කියනවා passive learning modes කියලා. brain එකට බර දාල cognitive load එකෙන් වැඩ ගන්න විදිහට වලට කියනවා active learning methods කියලා. මේකට අයිති වෙන්නේ පේපර් කරන එක, පාඩම් කරලා ඒවගෙන් ගත්ත දැනුමෙන් ප්‍රශ්න වලට උත්තර ලියන එක වගේ දේවල් තමා. අහද්දිත් එපා වෙනවා නේ? අන්න ඒක තමා mental inertia එකේ හැටි. හැබැයි ඒක දිගට විභාගේ ලියද්දි අවුලක් නෑ නේද? අවස්තිතියේ හැටි තේරුම් ගන්න.

ඒ වගේම අවස්ථිතිය නිසා ඔයාට flow එකට වැටෙන්න බැරි වෙන්න පුළුවන්. එක තැනක එක දෙයකට අවධානය දීලා තත්පර පහක් ඉන්න බෑ නිකම් පපුව හිර වෙනවා, ඔලුව තද වෙනවා වගේ දැනෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒක වළක්වාගන්නේ මෙහෙමයි..


අපේ ඇස් හරියට කැමරා වගේ. ඔයාට මොකක්හරි දෙයකට focus කරන්න ඕනිනම් ඒක දිහා බලලා ඇස් පුංචි කරන්න. neuroscientist ලා කියන විදිහට මෙහෙම කරන එකෙන් අපේ මොලයට සිග්නල් එකක් යනවා අපිට මෙන්න මේ දෙයට අවධානය දෙන්න ඕනි කියලා. ඉතිම් ඔයා පොඩි වෙලාවක් මෙහෙම ඇස් දෙක පුංචි කරන් දෙයක් දිහා බලන් හිටියොත් මොළය ඒ දෙයට ඇත්තටම අවශ්‍ය අවධානය දෙන්න පටන් ගන්නවා.


හැබැයි ඔයාගේ ඔය අලගෙඩි මොළය හැමතිස්සෙම කැමති නිකන් ඉන්නයි. ඒ නිසා හොදට අවධානය දුන්නත් ටික වෙලාවක් යද්දී ඔයාට නොදැනුවත් වම ඔයා වෙන දෙයක් ගැන හිතන්න පටන් අරන් තියෙයි.. එතකොට ඒකට ඔයාට ටිකක් දුක හිතෙයි මං මෙච්චර try කරලත් හිත එකතැනකට ගන්න බැරි උනානේ කියලා. ඒත් ඇත්තම කතාව තමා ඔයා සතුටු වෙන්න ඕනි ඒ උණු දේ ගැන. මොකද කියනවනම් ඒ ඔයා ගත කලේ එක අවධානය කාල චක්‍රයක්. සාමාන්‍ය මනුස්සයෙක්ගේ මේ එක cycle එකක් යන්න හරිම පොඩි වෙලාවක් යන්නේ. ඔයා shorts tiktok එහෙම බලනවානම් ඒක තවත් අඩු අගයකට පත් වෙනවා. ඉතිම් මෙහෙම ඔයා distract උනා කියලා තේරුණු ගමන් ආපහු කෙලින්ම කරපු වැඩේට බහින්න. ආපහු distract උනා කියලා ටික වෙලාවකින් තේරුනාම ආපහු හොදට focus කරන්න. කාලය ගත වෙද්දී ඔයාව ඔයාට නොදැනීම flow state එකකට වැටෙනවා. මෙන්න මෙතැනදී ඔයා තේරුම් ගන්නවා ඇත්තටම flow state එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයාගේ ඔලුව ඇතුලේ වෙන දේවල් වැඩ කරන්නේ නැති වෙනවා. ඔයාට lazer focus එකක් එනවා. දැන් ඔයා ඉන්නේ flow state එකක.


මේ state එක සාමාන්‍යයෙන් විනාඩි 40ක්‍ පැයක් දෙකක් තුනක් උනත් තියෙන්න පුළුවන්. හැබැයි ඒකට හොදට පුරුදුවෙන්න ඕනි. ඒත් මං නම් කියන්නේ මේක පොඩි කෑලි වලට කඩාගන්න කියලා. හොදට මතක තියාගන්න මේ flow state එකක්. නැතුව deep work ස්ලොට් එකක් නෙවෙයි. මේ ඔයා දිගටම පාඩම් කරන්න හදන විදිහක්. ඉතිම් පොඩි වෙලාවක් ලොකු අවධානයක්‍ තියාගන්න නෙවෙයි ඔයාට ඕනි දිග කාලයක් හොදට වැඩ කරන්නයි ඕනි. ඒකයි deep work එකෙයි, flow state එකකයි තියෙන වෙනස...


මෙන්න මේ නිසා තමා මං මේකට pomodoro technique එක use කරන්නේ. ඒ කියන්නේ ඔයා විනාඩි 50ක්‍ flow state එකට යනවා.. විනාඩි දහයක් මොලයට විවේකයක් දෙනවා.. එ විවේකයේදී කරන්න ඕනි එක්කෝ පොඩ්ඩක් ඇලවෙලා නිදාගන්න එක හෝ චුට්ටක් එලියට ගිහින් අහස දිහා ඈත කඳු දිහා බලන් ඉන්න එක..

ඒ විනාඩි 10 ඉවර උනාට පස්සේ ඔයා ආපහු කරන්න ඕනේ කලින් වගේම flow state එකට වැටෙන එකයි. මේ විනාඩි දහය ඇතුලතදී වැදලා කියන්නම් phone එකනම් අල්ලනවත් එපා ඔයාට ආපහු පැය ගානකට flow state එකකට නම් යන්න තියා හිතන්නවත් බැරි වෙනවා.. හරි දැන් ආපහු flow state එකකට යන්න try එක දෙන්න ආපහු විනාඩි 50කින් break එකක් ගන්න. මෙන්න මේ වැඩේ තව හොදට කරන්න මම use කරන්නේ google clock app එකේ තියෙන timer feature එක. (පස්සෙ දවසක විස්තර කරලා දෙන්නම් ඒ App එක design කරලා තියෙන්නෙම මේ pomodoro technique එකට use කරන්නමයි..)


හරි දැන් ඔහොම වැඩ ටික කරලා ඉවරයක් කරලම දැම්ම.. ඊට පස්සේ මොකක්ද කරන්නේ? දැන් ඔයාට කරන්න තියෙන්නේ ඊළගට කරන්න තව වැඩක් නැත්නම් ආපහු අනාගත කාලයේදී මෙහෙම සුපිරියට වැඩ කරන්න ඉන්න ඔයාගේ අනාගත ස්වරුපයට ඒ වැඩේ ලේසි කරලා දෙන එකයි. එකියන්නේ ආපහු අර step 01 එක repeat කරලා තියන්න. එච්චරයි..


මගෙන් තව අමතරව උපදෙස් ටිකක් දෙන්නම්..


මේ විදිහට වැඩ කරන එක ඇත්තටම එපා වෙනවා කියලා හිතෙනවනම් ඔයා වැරදියි. මේක පට්ට ආතල් වැඩක්. එක පාරක් හරි මේක කරලා බැලුවොත් තේරෙයි ඔයාට මං කියන්නේ මොකක්ද කියලා.


මේ දේවල් කරන අතරේ හෙට කරන්න ඕනි දේ ඔයාට තෝරාගන්න තේරෙන්නේ නැත්නම් ඒක කරන්නේ මෙහෙමයි..

ඔයාට කරන්න තියෙන ලොකු වැඩක් අරගෙන ඒක පොඩි පොඩි කෑලි(segments) වලට කඩාගන්න. ඊට පස්සේ ඒක ආපහු චූටි චූටි කොටස්(strips) වලට බෙදන්න. හෙට මේ වෙලාවට කරනව කියලා දාගන්න ඕනි එක segment එකක්. ඊට පස්සේ එවෙලාවේදී අදාළ ස්ට්‍රිප්ස් ටික කරගෙන යන්න.


ඔයා හෙට දවසට කරන්න නියමිත වැඩ ටික දැම්මට පස්සේ උදේට නැගිටපු ගමන් කරන්න ඕනි එ segments වලින් ඔයාට එපා වෙන අමාරුම එකයි. මේකට අපි කියන්නේ eat the frog කියලා. දවස පටන් ගත්ත ගමන් එදාට කරන්න තියෙන ලොකුම එපාම වෙන වැඩේ ඉවරයක් කරලා දානවා කියන්නේ ඉතිම් ඔයා ඊට පස්සේ කරන හැමදෙයක්ම අමතර වාසියක් විතරයි. හරියට cake එකක් අයිසින් කරලා දානවා වගේ. ඔයාට දවස නිදහසේ සතුටින් ගත කරන්න පුළුවන් ඔලුවට බරක් නැතුව.



මේ වගේ තව ගොඩක් ලිපි මං ලියල තියෙනවා මගේ telegram බ්ලොග් එකේ.. නිකන් ඉන්නවනම් පොඩ්ඩක් ඇවිත් ඔලුව දාල බලලා යන්න.. ඕනි වෙන දෙයක් තිබ්බොත් ඉගෙන ගන්න..

my telegram blog - https://t.me/OptimusBlogs

Report Page