FMTA Statement and Open letter
@No PMC. වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයේ විවෘත ලිපිය




FFMTA Statement and Open letter to Hon. Minister of Education -30 April 2024
We, the Federation of Faculty of Medicine Teachers Associations (FFMTA) wish to express our concerns in the strongest terms regarding the Serious Threat to Free Education and Medical Education in Sri Lanka due to arbitrary and ill-advised recruitment of civilian Sri Lankan students to the MBBS degree program at the KDU, on a fee levying basis, disregarding the merit order of the GCE Advanced Levels and against the original mandate of KDU.
වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් සම්මේලනය-විවෘත ලිපිය
2024.04.30
ගරු. (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත
අධ්‍යාපන අමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ගරු අමාත්‍යතුමනි
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) MBBS වැඩසටහනට අත්තනෝමතික සහ අයථා ලෙස සිවිල් ශිෂ්‍යයන් බඳවාගැනීම හේතුවෙන් ශ්‍රීලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට සහ නිදහස් අධ්‍යාපනයට එල්ල වී ඇති තර්ජනය පිලිබඳවයි.
වෛද්‍ය පීඨ ගුරු සංගම් සම්මේලනය (FFMTA)
ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) MBBS වැඩසටහනට අත්තනෝමතික සහ අයථා ලෙස සිවිල් ශිෂ්‍යයන් බඳවාගැනීම හේතුවෙන් ශ්‍රීලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට සහ නිදහස් අධ්‍යාපනයට එල්ල වී ඇති තර්ජනය පිලිබඳව සහ ජාතික මට්ටමේ කුසලතා අනුපිලිවලට පිටින් යමින් මුදල් ගෙවීමේ පදනම මත සිවිල් ශිෂ්‍යයන් බඳවාගැනීම පිලිබඳව අපගේ දැඩි අවධානය යොමු කර ඇති බව දැන්වීමට කැමැත්තෙමු.
අපගේ අවධානය යොමු වී ඇති කරුණු පහත සඳහන් පරිදි වේ.
1. නෛතික රාමුව සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ අවසන් කැමැත්ත උල්ලංඝනය කිරීම:
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය පිහිටුවන ලද්දේ1981 දිවංගත ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ කැමැත්ත අනුව යමින් ය. ශිෂ්‍යභට නිලධාරීන් සඳහා උසස් අධ්‍යාපන ඇකඩමියක් පිහිටුවීමට අදාලව එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂක විද්‍යාලයය සහ සැන්ඩ්හර්ස්ට් හි ඉන්දියාවේ නවදිල්ලියේ රාජකීය හමුදා ඇකඩමිය(Royal Military Academy )අනුව යමින් පිහිටවූ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ1981 අංක 68 දරන පනතේ මෙසේ සඳහන් වේ.
“සහ දිවංගත ජෙනරාල් ශ්‍රීමත් කොතලාවලගේ ප්‍රාර්ථනාව හා ආශාව මත එම ඉඩම සහ පරිශ්‍ර සහ චංචල දේපල සන්නද්ධ හමුද වල ජාතික සේවය සඳහා නියුතු වන්නන්ගෙ උසස් අධ්‍යාපනය සහ පුහුණුව ලබාදීමට ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට යොද ගත යුතුය."
ගාස්තු අය කරන සිවිල් සිසුන් ඇතුළත් කර ගැනීම මෙම අවසන් කැමැත්ත පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි තවද KDU පනතට අනුව එම වෛද්‍ය පීඨයට ගාස්තු අය කරන සිවිල් සිසුන් බඳවා ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැත
2. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් උල්ලංඝනය කිරීම: ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය විසින් ප්‍රකාශයට පත් කරන ලද 'වෛද්‍ය විද්‍යාලයක් ප්‍රතීතනය කිරීමේ ප්රමිතීන්' A කොටස: සාමාන්‍ය තොරතුරු, A,1 උපවගන්තිය පහත සඳහන් දේ පැහැදිලිව සඳහන් කරයි, “වෛද්‍ය සිසුන් සඳහා ඇතුළත් වීමේ නිර්ණායක පාරදෘශ්‍ය අතර ශ්‍රීලංකා වෛද්‍ය සභාව විසින් නිර්වචනය කර ඇති අවම ප්‍රමිතීන්ට සෑම අවස්ථාවකම ගැලපිය යුතුය. වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීමේ අවම නිර්ණායක පහත සඳහන් දේවලින් එකක් විය යුතුය.
ඒ. ශ්‍රී ලංකා අපොස උසස් පෙළ (AL): ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව විෂයයන් - 2C’s සහ 1S සමත්
බී. ලන්ඩන් AL/, Cambridge, Pearson Edexcel AL): ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ
භෞතික විද්‍යාව - 2B සහ 1C සමත්.”
කෙසේ වෙතත්, 2024 අප්‍රේල් මාසයේදී KDU විසින් ප්‍රකාශයට පත් කරන ලද බඳවා ගැනීම් පිළිබඳ දැන්වීම පරිදි
" Cambridge/Edexcel ජෛව විද්‍යා විෂය ධාරාව සඳහා ඇතුලත් වීමේ නිර්ණායක "C සාමාර්ථ දෙකක් සහ D සාමාර්ථයක්" ලෙස වෙනස් කර ඇත. අයදුම් කිරීමේ ක්‍රියාවලියේ ද සඳහන් වන්නේ "අපේක්ෂකයින් තෝරා ගැනීමේ අවසන් සහ තනි අයිතිය විශ්ව විද්‍යාල කලමනාකරණ මණ්ඩලය සතු" බවයි. එමගින් වරප්‍රසාද ලත් සුළු පිරිසකට අත්තනෝමතික මාර්ගයක් තිබෙන බව හැඟවේ.
මෙය ශ්‍රීලංකා වෛද්‍ය සභාව විසින් පැහැදිලිව දක්වා ඇති ප්‍රතීතන ප්රමිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් මෙන්ම රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට පහල හෙලීමකි. තවද, ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්ට අනුව, “සෑම විශ්වවිද්‍යාලයක්ම වෛද්‍ය සභාව විසින් පිළිගෙන ඇති වෛද්‍ය උපාධි එහි අනුමත වෛද්‍ය අධ්‍යාපන වැඩසටහනේ කිසියම් සැලකිය යුතු වෙනසක් පිළිබඳ , බඳවාගැනීම් වෙනස් කිරීම් සහ අවශ්‍ය සම්පත් ප්‍රමාණවත් ද සහ අවම ප්‍රමිතින් ට අනුකූල ද යන්න තීරණය කිරීම සඳහා වෛද්‍ය සභාව වෙත දැනුම් දිය යුතුය."
3. 1978 විශ්ව විද්‍යාල පනත මගින් පාලනය වන වත්මන් උසස් අධ්‍යාපන ක්‍රියාවලියට සමාන්තරව පද්ධතියක් ස්ථාපිත කිරීම සහ වෛද්‍ය අධ්‍යාපන ක්‍රියාවලිය හමුදාකරණය: මෙම සමාන්තර මාර්ගය නිදහස් අධ්‍යාපන ක්‍රමය හරහා පැමිණෙන සිසුන්ට බරපතල අසාධාරණයක් සිදු කරනු ඇත.
4. අසමානතා පුලුල් කිරීමට තුඩු දෙන උසස් අධ්‍යාපන අවස්ථා හැසිරවීම සහ අනිසි ලෙස භාවිතා කිරීම:
වත්මන් බඳවා ගැනීමේ සංඛ්‍යාව සමඟ වුවද KDU ආයතනයේ පහසුකම් පූහුණු අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නැත. MBBS වැඩසටහනේ. KDU උපාධි අපේක්ෂකයින්ගේ සායනික පුහුණුව ලබා දීමේදීඅධ්යාපන අමාත්‍යාංශය යටතේ ඇති වෙනත් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන්ට තිබෙන සායනික පහසුකම් වලට ද බාධා සිදුවී ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ KDU හි උපාධි අපේක්ෂක ඉගැන්වීම සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවන බව සහ
ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් පිරිනමනු ලබන ලෝක වෛද්‍ය අධ්‍යාපන සම්මේලනය (WFME) විසින් පිළිගෙන ඇති MBBS උපාධිය සඳහා ද විශාල ගැටලු ඇති විය හැකි බවයි.
5. රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ හෙළමින් අසාධාරණ සහ සදාචාර විරෝධී රාජ්‍ය සම්පත් වෙන් කිරීම
: විශ්වවිද්‍යාල පනතට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සම්පත් වෙන් කිරීම සිදුවන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහාය. ජාතික විගණන කාර්යාලය විසින් සටහන් කර ඇති පරිදි, KDU රෝහල ඉදිකරනු ලැබුවේ රාජ්‍ය බැංකුවකින් (මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ පොලිය සමඟින් )රුපියල් බිලියන ගණනක ණයක් භාවිතා කරමිනි. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ තුල දැඩි සම්පත් හිඟයක් නිසා අභියෝග විශාල ප්‍රමාණයකට මුහුණ දී තිබූ කාලයකය.
එබැවින් වැරදි උපදෙස් මත KDU ආයතනයෙ බලතල ඉක්මවා යමින් රටේ නිදහස් අධ්‍යාපනය සහ වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ හෙලමින් සිදු කිරීමට යන මෙම අයථා බඳවා ගැනීමේ ක්‍රියාවලිය වැළැක්වීමට සියලු පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
අත්සන් කලේ.
මහාචාර්ය ඉන්දික කරුණාතිලක, සභාපති, FMTA, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය
වෛද්‍ය අශ්විනි ද ආබෲ, ලේකම්, FMTA, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය ඉරුෂිකා ප්‍රනාන්දු, සභාපති, FMTA, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
වෛද්‍ය L. B. L. ප්‍රභෝද සභාපති, FMTA,රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය
මහාචාර්ය ශාලුක ජයමාන්න, FMTA සභාපති, වෛද්‍ය පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය
වෛද්‍ය ලතිකා අතාවුද, ලේකම්, FMTA, වෛද්‍ය පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය
මහාචාර්ය ශ්‍යාමලී සමරනායක, සභාපති, FMTA, වෛද්‍ය විද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ආචාර්ය ශශංක රාජපක්ෂ, ලේකම්, FMTA, වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලය
මහාචාර්ය K. T. සුන්දරේසන්, සෞඛ්‍ය විද්‍යා පීඨය, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය
https://t.me/NoPMC