iOS 18 ගැන දැනගමු
Jenith Indusara
මෙතරම් කලෙකට Apple සමාගම release කරපු ලොකු ම update එකක් විදිහට iOS 18 එක හඳුන්වන්න පුළුවන්. මොකද iOS User Interface එකට කලෙකට පස්සේ ලැබුණු deep ම customisation එක ලැබුණේ මේ iOS 18 update එකෙන්. ඒ විතරක් ම නෙවේ පෙරට වඩා ගොඩක් advanced features ලබා දීමටත් මේ iOS 18 එකට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් iOS 18 ගැන කතා කරමු.
Home Screen
Apple user කෙනෙක් නම් ඔයගොල්ලොන්ට මෙච්චර කල් Android වල වගේ App Icon එකක් වත් අපිට ඕන තැනක තියාගන්න හැකියාවක් තිබුණේ නැති බව දන්නවා නේ. ඒත් මේ iOS 18 update එකත් එක්ක Home screen එක Android වල වගේ ම customise කිරීමේ පහසුකම ලබා දීලා තියෙනවා. ඒ අනුව App icon move කරන්න, Icon වල colours, sizes වගේ ගොඩක් දේවල් change කරන්න හැකියාව තියෙනවා. මේ icons වල colour එක වෙනස් කිරීම නම් Apple ලා Android copy කිරීමක් වගේ තමයි. මොකද Android 12 වල introduce කරපු Monet themeing වලට සමාන දෙයක් තමයි මෙතනදිත් සිදු වෙන්නේ.
Control Centre
Control Centre කියන්නේ ඉතින් iOS එකට ම Unique feature එකක් කිව්වොත් නිවැරදියි. හැබැයි ඉතින් මේකත් Home Screen එක වගේ ම තමයි මෙච්චර කල් තිබුණේ. ඒත් iOS 18 එකත් එක්ක control centre එකට හිතා ගන්නවත් බැරි තරම් deep customisation එකක් Apple සමාගම ලබා දීලා තියෙනවා. Control centre එකට custom buttons add කිරීම, major shortcuts වෙච්ච wifi, media වගේ buttons පවා replace කිරීම, Control centres එකකට වඩා වැඩි ගණනක් එක විට use කිරීමේ හැකියාව වගේ ගොඩක් useful features ලබා දෙන්න මේ හරහා හැකියාව ලැබිලා තියෙනවා.
RCS Messanging
RCS ( Rich Communication Service) කියන්නේ Android devices වලින් සාමාන්ය text message එකකට වඩා advanced විදිහට high resolution photos, videos, documents එක්ක ම secured විදිහට text messages send කරන්න Google සමාගමෙන් හදපු platform එකක්. මේ වෙනකම් Apple users ලාට තිබ්බේ green bubble blue bubble විදිහේ RCS තරම් advanced නොවුණු platform එකක්. ඒත් මේ iOS 18 update එකත් එක්ක Apple users ලාටත් RCS පහසුකම අත්විඳින්න පුළුවන්.
App Lock and Hiding Apps
Android users ලාට නම් අලුත් දෙයක් නොවුණට Apple devices සඳහා මෙතෙක් built-in app lock පහසුකම හෝ app hide කිරීමේ හැකියාව තිබුණේ නෑ. ඒත් මේ iOS 18 update එකත් එක්ක මේ පහසුකම ලබා දෙන්න Apple ලාට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ සඳහා varify කර ගැනීමට අපිට faceID, touchID හෝ passcode එක භාවිතා කිරීමටත් හැකියාව තියෙනවා.
Apple Notes
iOS 18 update එකත් එක්ක Apple Notes වලට ගොඩක් වැදගත් වෙන features කිහිපයක් introduce කරලා තියෙනවා. එකෙන් ප්රධාන ම එකක් තමයි in-line math කියන්නේ. මේකෙන් අපි මොකක් හරි සුළු කිරීම් සහිත ගාණක් type කරන් ගියොත් ඒක ඒ වෙලාවෙම සුළු කරලා පිළිතුර ලබා දීමට මේ හරහා හැකියාව තියෙනවා. ඒ වගේ ම text editing හා විවිධ files එක්ක Notes save කිරීමේ පහසුකමත් ලබා දෙන්න Apple සමාගම කටයුතු කරලා තියෙනවා.
Gaming Improvements
Gaming කියන්නේ අපි ගොඩක් වෙලාවට කරන්න කැමති දෙයක් නේ. ඒත් මේ වෙනකං Android වල තිබුණත් iOS වල නම් dedicated gaming mode එකක් හෝ ඒ හා සමාන දෙයක් වත් තිබුණේ නෑ. ඒත් මේ iOS 18 එකත් එක්ක Games play කරද්දී background activities අඩු කරලා higher frame rate එකක් එක්ක වගේ ම ගොඩක් හොඳ audio latensy එකක් එක්ක games play කිරීමේ හැකියාව උදා කරලා තියෙනවා.
iPhone mirroring
Screen mirroring කියන්නෙත් ඉතින් Android වලට නම් අලුත් දෙයක් නෙවෙයි. මොකද Android වල නම් mirror කරනවාට වඩා ලොකු දෙයක් වුණත් මේ වෙද්දී කරන්න පුළුවන් 🫠 iOS 18 හා macOS Sequoia එක්ක iPhone screen එක Mac එකකට share කරන්නත් සමහර features Mac එක හරහා ම Access කිරීමේ පහසුකමත් ලබා දීලා තියෙනවා.
Accessibility Features
iOS 18 එකත් එක්ක users ලාට යම් තරමකට වැදගත් වෙන features කිහිපයක් introduce කරලා තියෙනවා. Eye tracking කියන්නේ එකෙන් එකක්. මේ හරහා අපේ ඇසේ movements හරහා iPhone එක හෝ iPad එක control කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම CarPlay සඳහා voice controls, colour filters හා sound recognising වගේ වැදගත් features කිහිපයකුත් එකතු කරන්න Apple සමාගම අමතක කරලා නෑ.
ඉතින් Guys අපි මේ කතා කරේ iOS 18 එකෙන් introduce කරපු ඔයගොල්ලොන්ට වැදගත් වෙයි කියලා හිතන features කිහිපයක්. ඉතින් ඔයාලගේ යාලුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.