English
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
ගොඩක් දවසක් ඉදන් ලියන්න ඕන කියල හිතපු topic එකක්, මේ ටිකේම ගොඩාක් වැඩ වලට හිර වුන නිසා article එකක් ලියන එක චුට්ටක් පස්සට ගියා..ඒත් දවසින් දවස English කතා කරන විදිය අහන අයට, english ඉගෙනගන්න ආස අයට මං පොරොන්දු වෙලා තිබ්බ විදියටම මං article එකක් දෙන්න හිතුවා.
මං මුලින්ම කියන්න ඕන මං මහලොකුවට ඉංග්‍රීසි කතාකරන්න දන්න කෙනෙක්වත් ඉංග්‍රීසි special degree එකක්වත් කරල තියෙන කෙනෙක් නෙවෙයි..ඒ නිසා මං කියන්නේ මං ඉංග්‍රීසි පුරුදු වෙන විදිය සහ මං ඉගෙනගන්න විදිය විතරයි. හැබැයි මං esoft එකේ english diploma එකක් කරල තියෙනවා සහ කැම්පස් එකේ අවුරුදු ගානම ඉගෙනගත්තෙ English medium වලින්.ඒ නිසා ඒ foundation එක මට තියෙනවා..ඒත් මං කියන්නම් අද පොඩි tips ටිකක් ඔයාලට english යම්තාක් දුරකට හදාගන්න, හැබැයි මං ඒ ගැන දන්න හොදම කෙනා නෙවෙයි 🙏
අනික මං කියන්න ඕන විශේෂම දේ අපි හැමෝම ලංකාවෙ මිනිස්සු, ඉතින් මොන වෙලාවකවත් ඔයා සිංහල හරි දෙමල හරි භාෂාවෙන් කතා කරන්න කිසිම තැනක කිසිම වෙලාවක ලැජ්ජ වෙන්න ඕන නෑ..
මට තියෙන්නෙ ඉංග්‍රීසි පසුබිමක් තියෙන පවුලක් නෙවෙයි.අපෙ පවුලෙ අයවත් කිසිම වෙලාවක ඉංග්‍රීසි වලින් කතාකරන්නැ.යාලුවො එකක් ඉතින් කොහොමත් කතාකරන්නෑනෙ.ඉතින් ගොඩක් වෙලාවට මට ඉංග්‍රීසි කතාකරන්න වුනේ office එකේදි..මුලින්ම මට overseas call එකක් ඔස්ට්‍රේලියා වලින් එද්දි මං කොච්චර ඉංග්‍රීසි දන්නවා වුනත් මටත් බය හිතුනා කතාකරන්න..ඒත් අර මාලුවෙක් වතුරට බහින්නම ඕනලුනෙ පීනන්න වගේ මට කතාකරන්නම වුනා.දැන් මට overseas call එකක් ආවා කියල ඉස්සර තරම් කතාකරන්න බයක් දැනෙන්නැ.අනික ගොඩක් job interview තියෙන්නෙම ඉංග්‍රීසි වලින්.ඒ නිසා ඔයා ඉංග්‍රීසි වචන දෙක තුනක් වුනත් ගැටගහන් කතාකරන්න දැනගෙන ඉන්න එක කරන්නම වෙනවා.
Job එකක් ගැන විතරක් නෙවෙයි. ඔයා හොද hotel එකකට ගිහින් මෙනු එක select කරන තැනේ ඉදන් , ph එකක් operate කරන තැනේ ඉදන්, bank එකකට ගිහින් අපහසුතාවයකට ලක්වෙන්නැතුව form එකක් fill කරගන්න වුනත් හැමවිටකම නැතිවුනත් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි ඕනමයි.ඔයා දැකලා තිනවද pizzahut , kfc වගේ තැන් වල bill counter එකේ ඉන්න girlsla, එයාලට ලොකු අධ්‍යාපන මට්ටමක් තිබුනත් නැතත් එයාලා හරි ලස්සනට කස්ටර්මස්ලා එක්ක ඉංග්‍රීසි වලින් කතාකරනවා.ඒ එයාලගෙ උත්සාහය, කිසිම වෙලාවක ඔයා දේකට උත්සහ නොකර බැහැයි කියන එක මෝඩ කමක්..
මං ඉස්කෝලෙ පවා english medium කරපු කෙනෙක් නෙවෙයි.ඒත් මං ol වලදි හැම දවසකම english essay එකක් ලිව්වා.මං හිතුවා මට ඉංග්‍රීසි බැහැ කියල.ඔයාට බැහැයි කියල හිතලා ඔයා බින්දුවෙ ඉන්නෙ කියල හිතලා ඔයා පටන්ගත්තොත් ඔයාට දිනන්න ලේස්යි.මොකද ඕනම දෙයක් ඉගෙනගන්න නිහතමානී වෙන්න ඕන.මං සේරම දන්නවා කියල ඉන්න එක හොදයි.ඔයා හොරෙන්හරි ඒක ඉගෙනගන්නවනම්.ඒත් එහෙමත් නැතුව සේරම දන්නවා කියල ලොකුකමෙන් ඉන්න එකෙන් වෙන්නෙ තවත් ඔයා දුර්වල වෙන එක විතරයි.මං මේ ලගදි post එකක් දැම්මා.ඒකෙ මම type කරපු හදිස්සියකට වෙන්නැති මගෙ video කියන වචනෙ spellings වැරදියට තිබුනා. ඒ ගැන කෙනෙක් මට කිව්වම මං නිහතමානිව ඒ මනුස්සයට ස්තූති කරල මගෙන් වෙලා තින වැරැද්ද හදාගත්තා..ඒ නිසයි මං කිව්වෙ ඕනම දෙයක් ඉගෙනගන්න කලින් අපි නිහතමානී වෙන්න ඕනෙ කියල.ඉතින් මං කියන්නම් ඔයාලට tips ටිකක් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් වෙන්න උදව් ගන්න.
1. අනිවාර්යයෙන් ඔයා එක දවසකට ඔයා දැනට දන්නෙනැති අලුත් ඉංග්‍රීසි වචනයක් ඉගෙනගන්න ඕන.මේකට ඔයාට ph එකේ dictionary එක නැත්නම් google translate පාවිච්චි කරන්න පුළුවන්.(එක දවසකට එක වචනයක් ) ලියන්න ඕන්නැ ඔයාගෙ ඔලුවට දාගන්නයි ඕන මොකද මෙතන අපි කරන්නේ ඉංග්‍රීසි පන්තියක වගේ පොත් පුරවන එක නෙවෙයි ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්න එක.
2. පුළුවන් හැමවෙලාවකම ඔයා ඉංග්‍රීසි films බලන්න subtitles එක්ක , සිංදු අහන්න , පුළුවන් කමක් තිනවනම් ඉංග්‍රීසි පත්තරයක් බලන්න දවසකට එක කොටසක් හරි ( නැත්නම් මේක සතියකට එක පාරක් කරන්න)
3. ඔයාට යාලුවො එක්ක ඉංග්‍රීසි වලින් කතා කරනන් බැරිනම් අපිට ලගම නැති යාලුවොන්ට හරි text කරද්දි english වලින් text කරන්න පුරුදු වෙන්න.ඔයාට වැරදෙයි.ඔයා හරිම grammer කතා කරන එකක් නැ.ඒකට කමන්නැ.වැරදුනා කියල එයා හිනා වුනත් ඔයා ගනන් ගන්නෙපා. වැරදි වැරදි හරි වචන එකතු කර කර හරි text කරන්න..ටික දවසක් යද්දි ඔයා පුරුදු වෙනවා.
4. ඔයාට පුළුවන් නම් ඉංග්‍රීසි කතා කරන මිනිස්සු එක්ක දවස ගෙවන්න බලන්න.මං කියන්නේ instagram එකේ english වලින් status දාන ඉංග්‍රීසි වලින් කතා කරන මිනිස්සුන්ගෙ status බලන්න.එයාලා ඉංග්‍රීසි කතා කරන විදිය , අලුත් වචන අපිට ගොඩක් ඉගෙනගන්න පුළුවන්.ගොඩක් වෙලාවට හැමතිස්සෙම මං insta එකේ ගගුලි වල්පොල , සෙනුරි රෑපසිංහ වගේ අයගෙ status daily check කරනවා.එයාලා ඉංග්‍රීසි කතාකරද්දි බලන් ඉන්න ආසයි.මං හැමදාම අලුත් වචන එයාලගෙන් ඉගෙනගන්නවා. අනිවාර්යයෙන් ඔයා ඉංග්‍රීසි කතාකරන විදිය දවසට එක පාරක් හරි අහන්න හරි ඕනෙ, කොහෙන්හරි , කොහොමහරි
5. අන්තිම එක ඔයා කතාකරන්න ඕන..මාලුවෙක් ගොඩට වෙලා පීන්න්න theory practice කලා කියල එයාට කවදාවත් පීනන්න බෑ.ඒ වගේ ඔයා තනියම කන්නාඩියක් ඉස්සරහට ගිහින් හරි , නැත්නම් පාරෙ තනියම එන වෙලාවට හරි ඔයාට හිතෙන දේවල් ඉංග්‍රීසි වලින් ඔයා එක්කම කතාකරගන්න, මං එහෙම කරනවා ( මිනිස්සු මට පිස්සු කියල හිතන්නැ තනියම කතා කලාම, මොකද mask එක තින නිසා එයාලට පේන්නැ මං කතා කරනවා 🙈😬)
මං මේ කිව්වේ පොඩි tips ටිකක් ඉංග්‍රීසි වලින් කතාකරන්න ආස අය මගෙන් අහපු නිසාම..ඒත් මං කියන්න ඕන මටත් මහලොකු දැනුමක් නැ, සමහරවෙලාවට මං දාන status වලත් ඉංග්‍රීසි අඩුපාඩු මහගොඩක් ඇති..ඒ වුනාට කමන්නැ අපි හැමෝම අතින් වැරදි අඩුපාඩු වෙනවනි.. ඉතින් චුටට්ක් වැරදුනාට මොකද අපි දෙයක් ඉගෙනගන්නවනම් නේද ?
පිටරට යන්න ඉන්න කෙනෙක් නම් දන්නවා IELTS වල වැදගත්කම, ඒ නිසා ඔයාට විතරක් නෙවෙයි මං දැනට අපෙ ගෙදර ඉන්න අම්මට පවා ඉංග්‍රීසි ටිකක් ඉගෙනගත්තට පාඩුවක් නැ කියලයි කියන්නේ..ඒ නිසා ඔයා තරැන කෙනෙක් නම් , job එකේ ඉස්සරහටම යන්න ඕනන්ම් , international level එක එක්ක සම්බන්ධ වෙනවනම් අනිවාර්යයෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න.
ඒක ඔයාට සමහරවිට අමාරැ දෙයක් වෙයි,,ඒත් හොදට මතක තියාගන්න ඉංග්‍රීසි ඉගෙනගන්නවා කියන එක කවදාවත් කරන්න බැරි වැඩක් නෙවෙයි 🥰
මොකද අපි ඉංග්‍රීසි වලට වඩා අමාරැ භාෂාවක් වෙන සිංහල හොදට කතාකරනවනෙ ☺️
ලියන්නෙ 📝 පියුමි
