සමාජ ආකල්ප වලට බයේ ඉන්න එපා...

සමාජ ආකල්ප වලට බයේ ඉන්න එපා...


#Motivation_EXE

Photo 01

මිනිස්සුන්ට තියෙනව එක එක ප්‍රශ්න. සමහරුන්ට ආදර ප්‍රශ්න , ගෙවල් වල ප්‍රශ්න , යාලුවන්ගෙ ප්‍රශ්න සහ කොටින්ම තමන් එක්කම ප්‍රශ්න තියෙනව. ඔයත් මේ අතරින් කෙනෙක් වෙන්නැති.


ඉතින් ඔයාගෙ මානසික නිදහස , සතුට , කාලය මේ වගේ ප්‍රශ්න නිසා කොච්චර අපතේ යනව ඇතිද?


කමක් නෑ... මෙච්චර කල් එහෙම උනාට අද ඉඳන් අපි හැදෙමු...


ඔයාට ප්‍රශ්න හදන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. ගෙදරින් ප්‍රශ්න හදනව නං ගෙදරින් යන්න. ලව් එක ප්‍රශ්න හදනව නං ඒක නවත්තන්න. යාලුවො ප්‍රශ්න හදනව නං , යාලුවො කපල දාන්න. ඔයාට ඔයාවම ප්‍රශ්නයක් නම්.... 💀 ඔයා දන්නවනෙ කරන්න ඕනෙ දේ...


හැබැයි මතක තියාගන්න...


ඇත්තටම උත්සාහ නොකර අපිට කිසිම දෙයක් කරන්න බෑ. යමක් කරන්නත් අපිට හිතේ ධෛර්ය්‍යයක් තියෙන්න ඕනෙ. ඉලක්කයක් තියෙන්න ඕනෙ.


සාමාන්‍යෙන් අපිට මේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නෙ , සමාජ ආකල්ප නිසා. ඒ කියන්නෙ සමාජයේ මිනිස්සු කියන සමහර දේවල් නිසා ඔයා දුක් විඳිනව ඇති. වේදනාවෙන් ඇති. ඒ නිසා ඔයාට ගොඩක් ප්‍රශ්න ඇති.


ඔයාට ඒකට ගන්න තියෙන හොඳම පියවර තමා ගෙදරින් වත් එලියට බහින්නැතුව හැංගිලා ඉන්න එක. සමාජෙන් ඔයාව දකින්න එපැයි ඔයාට පද හදන්න...


ඒ වගේම... ඔයා ඔයාගෙන්ම අහල බලන්න ඔයා කොච්චර උත්සාහ කරනවද කියල...


ඔයාගෙ ප්‍රශ්න විසඳගන්න , ඔයා උත්සාහවත් කරන්නැත්තං කෝමද ඔයා ඒක විසඳගන්නෙ. සමහරවිට සක්කරය ඇවිල්ල විසඳල දෙයි. ඒත් ඒක හිටිගමන්නෙ වෙන්නෙ.


මිනිස්සු කියල ඇති ඔයා කැතයි කියල. ඔයාගෙ මූණෙ හැඩේ කචල් කියල. ඉතින් මම අහන්නෙ. ඔයා අඩුම තරමෙ මූණට ප්ලාස්ටික් සැත්කමක් හරි කරන්න උත්සාහ කලාද. ආපහු ලස්සන වෙන්න උත්සාහ කලාද. ප්ලාස්ටික් ටික නං ගෙදර පුටුවක් උණු කරල හරි අරන් යන්න තිබ්බ නේද? ඔයා උත්සාහ කලානං , සමහරවිට මිනිස්සු අද ඔයාට එහෙම නොකිය හිටීවි...


තවත් සමහරු කියයි මනුස්සයොන්ට පියාඹන්න බෑ කියල. ඉතින් ඔයත් ඒක අහල පොළවටම වෙලා හිටියද? ඔයත් සමාජය කියන විදිහටද ඉන්න හදන්නෙ. ඔයාට ඔයාගෙ ප්‍රශ්න වලින් ගැලවෙන්න ඕන්නං , ඔයාට සිද්ද වෙනව සමාජයට වඩා වෙනස් විදිහට හිතන්න. සමාජයෙන් කියනව නං , මිනිස්සුන්ට පියාඹන්න බෑ කියල , ඔයාට තියෙන්නෙ, උස බිල්ඩිමකට ගිහින් පැනල බලන්න. පියාඹන්න පුලුවන්ද කියල.


සමහරවිට , ඔයා අසාර්ථක වෙයි. ඔයාට ඇත්තටම පියාඹන්න බැරි වෙන්න පුලුවන්. ඒත් වටින්නෙ , අසාර්ථක උත්සාහයද? නැත්තං ප්‍රශ්නෙ වෙනුවෙන් නැගීසිටින්න උත්සාහ කරපු එකද?


ඔයා එවෙලෙට අසාර්ථක උනත් , ඔයාට ඊට පස්සෙ මුලු ජීවිත කාලෙම "මම උත්සාහ කලානෙ" කියන සුන්දර සිතුවිල්ල එක්ක ජීවත් වෙන්න පුලුවන්. සමහරවිට බැරි වේවි. ජීවත් වෙන්න එපැයි එහෙම හිතෙන්නත්.


ඔයා පිරිමියෙක් නං මෙන්න මේ කතාව අහල ඇති. පිරිමින්ට ළමයි හදන්න බෑ. එයාලට ඒ දේට හැකියාවක් නෑ කියල. සමාජෙන් කියන ඒ දේට ඔයා නිකංම එකඟ උනාද? ඔයා උත්සාහ කලාද ඒ දේට එදිරිව යන්න.


සමාජෙන් හැමතිස්සෙම ඔයාව මනිනව. ඒක නවත්තන්න බෑ අපිට. ඔයා දැනගන්න ඕනෙ සමාජෙටම අභියෝග කරන කෙනෙක් වෙන්න.


මම කියන්නෑ සමාජයෙන් එල්ල වෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද කියල. සාමාන්‍යෙන් මෝටිවේශනල් ලිපි වල , ඒව කරන විදිහක් කියන්නෑනෙ. නිකංම "ඔයා ඔයාටම ආදරය කරන්න" , "ඔයාව හොයාගන්න" , "ඔයාගෙ හැකියාවන් හොයාගන්න" වගේ දේවල් කියනව විතරනෙ.


ඉතින් මේකත් සාමාන්‍ය මෝටිවේසනල් ලිපියක් තමා.


එහෙනං...


උත්සාහ කරන්න... සමාජෙට අභියෝග කරන්න... ප්‍රශ්නෙන් ගැලවෙන්න... හැංගිලා ඉන්න... අතාරින්න...


#Motivation #කණ_හරහා_අක්මාවට #පට්ට_වදන් #සිරා_කතා #ළඟමපාසල_හොඳම පාසල #අපි_නම්_තැවෙයි


මම කිසිම වෘත්තීයමය හෝ අධ්‍යාපනික සුදුසුකමක් නැති සෝශල් මීඩියා වල කාලය නාස්ති කරන නමට ජීවන උපදේශකයෙකි...

(මෙහි සඳහන් වන දේවල් සීරියස් ලෙස නොගැනීමට තරම් කාරුණික වෙන්න)

Report Page