Dr.KC
NO PMC
නේපාලයේ වෛද්‍ය අධ්‍යාපනය බේරා ගැනීමට දිවිය කැප කල "Doctor KC"
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමත් සමග පාකිස්තානය ,ඉන්දියාව ,බංග්ලාදේශය ,මැලේසියාව ඇතුලු කලාපයේ රටවල් සියල්ලකම පාහේ වෛද්‍ය අධ්‍යාපනය සීඝ්‍ර කඩා වැටීමකට ලක් වුනා. නේපාලයේ ඇතිවුනු මේ අර්බුදයට විසඳුම් සෙවීමට තම ජීවිතයම කැප කල වෛද්‍යවරයෙක් ලෙස මහාචාර්ය ගෝවින්ද KC හඳුන්වන්න පුලුවන්.
නේපාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භයත් සමග රජයේ වෛද්‍ය විද්‍යාල කඩා වැටීම ,රජයේ වෛද්‍ය විද්‍යාල වලට අවශ්‍ය රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ලබා දීම , දේශපාලන උවමනා මත ප්‍රමිතියෙන් තොර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා අනුමැතිය ලබා දීම වැනි කරුණු රැසක් මතු වුන පසුබිමක වෛද්‍ය KC ගේ මැදිහත්වීම කැපී පෙනුනා.
වෛද්‍ය KC විකලාංග ශල්‍ය වෛද්‍ය වේදය පිලිබඳ Tribhuvan වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය වරයෙක් මෙන්ම ප්‍රසිද්ධ දානපතියෙක් සහ ස්වේච්ඡා වෛද්‍යවරයෙක්
2012 වසරේදී වෛද්‍ය අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ වලට බලකරමින් ඔහු මාරාන්තික උපවාසයකට එලඹුනා. ඔහුගේ සටන ඉන් අවසන් නොවුනු අතර මේ දක්වා මාරාන්තික උපවාස 20ක් සිදු කලත් පැවති රජයන් විසින් ඒ සෑම අවස්ථාවකම කමිටු පත් කිරීම හෝ අදාල ප්‍රතිසංස්කරණ සිදුකරන බවට බොරු පොරොන්දු ලබා දෙමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ මග හැරියා.
2015 දී වෛද්‍ය අධ්‍යාපනයට අදාල ප්‍රමිතිගත කිරීමේ නීති සහ අනපනත් වෙනස් කර වෛද්‍ය විද්‍යාල දෙකක් ආරම්භ කිරීමට විරුද්ධව ඔහුගේ පස්වෙනි සහ හයවෙනි මාරාන්තික උපවාස ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙහිදී නේපාල වෛද්‍ය සංගම් සහ වෛද්‍ය ආචාර්යවරුන් රටපුරා වර්ජන ක්‍රියාත්මක කරමින් KC ට සහය පලකලා. නමුත් පැවති රජය සහ එහි දේශපාලකයන් විශාල වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාවෙන් මුදල් සහ අල්ලස් ලබාගන්නා මට්ටමක පසුවීම හේතුවෙන් එවරත් ඔවුන් පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ මගහැරියා.
2018 දී එක්තරා අධිකරණ විනිසුරුවරයෙක් දූෂිත ලෙස වෛද්‍ය අධ්‍යාපනයට අදාල තීන්දු ලබා දීමට විරුද්ධව ඔහු ආරම්භ කල උපවාසය අවසන් වූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත උපවාසය අතරතුරම ඔහුව පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමගයි. 2018 දී නැවත වරක් අන්තනෝමතික ලෙස වෛද්‍ය ආඥාපනත අහෝසි කර වෙනත් පනතක් ගෙන ඒමට විරුද්ධව ඔහු 15 වෙනි මාරාන්තික උපවාසය ආරම්භ කලා. මෙහිදී ඔහුට සහය පලකරමින් සාමකාමී උපවාසයට එක්වූ සියගණනක් ජනතාව ම්ලේච්ඡ ලෙස පහරදී තුවාල සිදුකර විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කලා. එහිදී අසාධ්‍ය තත්වයේ පසු වූවෛද්ය KC ව බලහත්කාරයෙන් ගුවන් මගින් කත්මන්දු දක්වා ගෙනයනු ලැබුවා.
වෛද්‍ය KC ගේ ඉල්ලීම් අතර ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීම , පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලාබ නොලබන ආයතන ලෙස පවරාගැනීම , වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ නීති සංශෝධනය කිරීම ආදිය ඇතුලත්. නමුත් මේ වනතෙක් පැවති රජයන් විසින් අදාල කිසිදු ප්රතිසංස්කරණයක් සිදු කර නොමැති අතර නේපාලයේ වෛද්‍ය අධ්‍යාපනය පෙරටත් වඩා දරුණු අර්බුද ගණනාවකට ලක්වී තිබෙනවා.
දැනට 61 වන වියේ පසු වන KC අවිවාහකයෙක් වන අතර තම මුලු ජීවිතයම මහජනතාවගේ සුබසිද්ධිය සහ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහල නැංවීම වෙනුවෙන් සටන් කිරීමට කැප කර තිබෙනවා.
වරක් රූපවාහිනි සාකච්ඡාවකදී ඔහුගේ ජීවිතයේ ප්‍රමුඛතා තුන මොනවාදැයි විමසූ විට "පලමුවැන්න මගේ රෝගීන් ,දෙවැන්න මගේ වෛද්‍ය ශිෂ්‍යයින් , තුන්වෙනි ප්‍රමුඛතාවක් නැත" යනුවෙන් ප්‍රකාශ කරනවා.
දකුණු ආසියානු කලාපයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාවේ ගොදුරක් නොවී පැවති ශ්‍රීලංකාවත් අනිත් කලාපීය රටවල් වල අඩිපාරේම යන ලකුණු දැනටමත් පහල වෙමින් තිබෙනවා. අනාගතයේ රටේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින්නට Doctor KC වැනි චරිත ලංකාවේත් බිහි වෙයිද ?
#NO_PMC #For_Free_Education