Dependant Personality Disorder
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•එදිනෙදා අපි වැඩකටයුතු කරද්දී අන් අයගේ උපදෙස්, සහයෝගය අවශ්‍ය වන අවස්ථාවන් තිබෙනවා. හැමදෙයක්ම, හැමදාම තනිවම කරන්න බැහැනේ. ඕනම කෙනෙක්ට තව කෙනෙක්ගේ යම් සහයෝගයක් අවශ්‍ය වන තැන් එනවා.
නමුත් අද ලිපියෙන් කතා කරන්න යන්නේ ඒ විදිහ සාමාන්‍ය තත්ත්වයක්, ඒ කියන්නේ අන් අයගේ සහයෝගය, උපදෙස් ලබාගන්නා සාමාන්‍ය තත්ත්වයක් ගැන නොවෙයි.
මෙහිදී සිදුවන දෙය තමයි, පුද්ගලයාට තමා ගැන නිතර අසරණ බවක්, යටහත් බවක් හිතෙනවා. අන් අයගේ සහයෝගය, උපදෙස් නැතිව වැඩ කරගන්න නොහැකි බවක්, තීරණයක් ගන්න නොහැකි බවක් මේ අයට හිතෙනවා.
Dependant Personality Disorder කියලා තමයි මේ තත්ත්වය හඳුන්වන්නේ.
අපි බලමු මේ Dependant Personality Disorder තත්ත්වයේ තිබෙන ලක්ෂණ මොනවාද කියලා.
⁃ අන් අයගේ උපදෙස් නොමැතිව තීරණ ගැනීමට නොහැකි වීම
⁃ තමාගේ ජීවිතය පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීමට නොහැකි වීම
⁃ අන් අයගේ සහයෝගය නොමැති වේ යැයි යම් බියක් තිබීම
⁃ තමා එකඟ නොවන දේවල්, තමා අකමැති දේවල් වලටද අන් අය ඉදිරියේ විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීම
⁃ වැඩකටයුතු කිරීමට එතරම් අභිප්‍රේරණයක් නොමැති වීම
⁃ අන් අය වෙනුවෙන්/ සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් තමන් අකමැති දේවල් පවා කිරීමට යොමුවීම
⁃ තමා ගැන අසරණකමක් හැඟීම
⁃ යථාර්ථවාදී බවෙන් දුරස්ව කටයුතු කිරීම
⁃ තමන් තනිවේ යැයි බියක් තිබීම. ඒ ගැන කල්පනා වන විට කළබලයට පත්වීම
⁃ තමා ගැන සැළකිලිමත් වීමට නොහැකි වීම
⁃ අවධානය යොමුකිරීමේ සහ තීරණ ගැනීමේ ගැටලු ඇතිවීම.
ඉතින් ඒ වගේ දේවල් තමයි මේ Dependant Personality Disorder තත්ත්වයේදී ඇතිවෙන්න පුලුවන් ලක්ෂණ.
Dependant personality disorder තත්ත්වය නිසා එදිනෙදා ජීවිතයට ගොඩක් අහිතකර බලපෑම් ඇති වෙනවා. ඒ කියන්නේ ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට ඇති හැකියාව බිඳ වැටෙනවා මෙහිදී. මම සඳහන් කරපු ලක්ෂණ වලින් ඔයාලාට ඒ දෙය තේරුම් යන්න ඇති පැහැදිලිවම.
ඒ වගේම තමයි, Dependant personality disorder තිබෙන පුද්ගලයාගේ සමීප අයටත් මේ නිසා එදිනෙදා ජීවිතයේ විවිධ ගැටලු ඇති වෙනවා.
Dependant Personality Disorder ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්න පුලුවන් කරුණක් තමයි විවිධ හිංසනයන් වලට ලක්වීම.( Physical, Sexual, Mental).
ඒ වගේම අධි ආරක්ෂිත දෙමව්පියන් හෝ අධිකාරීවාදී ලෙස කටයුතු කරන දෙමව්පියන් සිටීම වැනි කරුණු කාරණාද බලපාන්න පුලුවන්.
ඊට අමතරව Dependant personality disorder පවතින පවුල් ඉතිහාසයක් තිබීම ඔස්සේද Genetically නැවත ඇතිවීම කෙරෙහි බලපාන්න පුලුවන්.
දැන් මේ Dependant Personality Disorder තත්ත්වයක් කෙනෙක්ට තියනවා නම් මොනවාද ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන්?
ප්‍රධාන වශයෙන් Psychotherapy, Counseling යොදාගන්න පුලුවන් ඒ පුද්ගලයා වෙනුවෙන්. ඒ වගේම පුද්ගලයා සිටින තත්ත්වයනුව අවශ්‍ය නම් Medication ලබාගැනීමද සිදුකරන්න පුලුවන්.
වැදගත්ම දෙය තමයි, ලක්ෂණ හඳුනාගන්නා මුල් කාලයේදීම අපි ඒ නිසි ක්‍රියාමාර්ග වෙත යොමුවෙන්න ඕන. එහෙම කළොත් ඉක්මනින් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
Avishka Sathsara Piyumal
