Delayed Gratification

Delayed Gratification

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•


⁃ ඇතැම් අය අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකර මුදල් ඉතිරි කරනවා.
⁃ හොදින් exam එක කරන්න ඕන නිසා අපි exam ලන් උනාම සෙල්ලම් කරන්න යන්නේ නැහැ.
⁃ ලොකු අරමුණක් වෙනුවෙන් වැඩ කරද්දී Parties වගේ විනෝදවීම් පවා මඟහරිනවා.
⁃ හොදින් ශරීර සෞඛ්‍ය පවත්වාගන යන්න ඕන නිසා, රසවත් වුණත් ශරීරයට අහිතකර ආහාර ඇතැම් අය කන්නේ නැහැ.
මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියල දැනගන හිටියාද.??
ඒකට බලපාන්නේ Delayed Gratification.

දිගුකාලීන/ අනාගත ප්‍රතිලාභයක් හෝ ප්‍රතිලාභ වෙනුවෙන් කෙටිකාලීන/ ක්ෂණික සතුටක්/ ප්‍රතිලාභයක් ප්‍රතික්ෂේප කිරීමට සිදුකරන පෙළබීම Delayed Gratification ලෙස හදුන්වනවා.
සරළව කියනවා නම්, අනාගතයේ අරමුණක් වෙනුවෙන්/ අනාගත යහපත් දෙයක් වෙනුවෙන් අපි තාවකාලිකව ලැබෙන ඇතැම් සතුටු දේවල් නොකර ඉන්නේ මේ Delayed Gratification බලපෑම නිසා.

මෙයට පුද්ගලයාගේ ස්වයං පාලනය, ඉවසීම, ස්වයං අවබෝධය වැදගත් වෙනවා.අපේ ජීවිතය සාර්ථකව ගත කරන්න නම් අපේ අනාගත අරමුණු වෙනුවෙන් මේ මොහොතේ සුවපහසුව සහ ක්ෂණික වින්දනයන් වලට යොමුවීම අපි පාලනය කරගත යුතුම වෙනවා.

අපගේ ජීවිතයට Motivation එකක් ලෙසද මේ Delayed Gratification හදුන්වන්න පුලුවන්. අරමුණු වෙනුවෙන් වැඩකරද්දී එන දුෂ්කර අවස්ථාවන් වල, අපට සුවපහසු නොවන ඇතැම් අවස්ථාවන් වල ඉවසීමෙන්, නිසි අවධානයෙන් යුතුව වැඩ කිරීමේ වටිනාකම ඇතැම් අය දන්නේ නැහැ. ඔවුන් සැමවිටම මේ මොහොත පහසුවෙන් ගත කරන්න සහ තාවකාලික වින්දනයන් ලබාගන්න කාලය වැය කරනවා විතරයි. එම තත්ත්වය ගැන ඒ කියන්නේ Instant Gratification ගැන මම කලින් ලිපියෙන් විස්තර කළා.

අපේ අනාගත අරමුණු වෙනුවෙන් හොදින් කටයුතු කිරීමට තිබෙන කාලය, තාවකාලික, ක්ෂණික වින්දනයන්, වෙනුවෙන් වැය නොකිරීමට අපි හැමෝම කටයුතු කරන්න ඕන.
මම දැන කියන්නම් මේ Delayed Gratification වැඩිදියුණු කරගන්න මොනවාද කරන්න පුලුවන් දේවල් කියලා.

⁃ ඔබේ ස්වයං පාලනය වැඩි කරගන්න.
හිතට එන හැඟීම් ගැන අවධානයෙන් ඒවගේම අවබෝධයෙන් ඉන්න.
⁃ දෙයක් කරන්න කලින් නැවත හිතන්න
හිතට එන හැමදේම කරන්නේ නැතිව, කරන්න කලින් දෙවතාවක් විතර හොදින් ඒ ගැන හිතන්න. තමන් කරන්න යන දේ තමන්ට අවශ්‍ය දෙයක්ද, කරන්න යන්නේ හරි දෙයක්ද, හරි විදිහටද කරන්න යන්නේ කියලා හිතන්න.
⁃ තාවකාලික වින්දනයන් සොයා යන එක පාලනය කරගන්න. තමන්ගෙම සීමාකම්, තමන් හදාගත්ත ප්‍රතිපත්ති ජීවිතය තුළ ඇතිකරගන්න ඔයාට පුලුවන්.
⁃ තමන්ගෙ ජීවිතයට පැහැදිලි අරමුණු තියාගන්න. ඔයාගේ ඒ අරමුණු ගැන නිතර අවබෝධයෙන් ඉන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න.
⁃ ජීවිතය තුළ එක් එක් කාලවලදී තමන් ලබන ජයග්‍රහණ සමරන්න.
ජයග්‍රහණයක් ලැබුණාම උඬගු වීම්ක් හෝ ජයග්‍රහණ සුඛෝපභෝගී ලෙස සමරන්න කියන එක නෙවෙයි කිසිසේත්ම ඒකෙන් මම අදහස් කළේ. තමන්ගේ හැකියාවෙන්, උත්සහයෙන්, කැපවීමෙන්, තමන් දෙයක් කලානේ කියන එක ගැන තමන් ගැනම සතුටු වෙන්න. තමන් ගැනම ආඩම්බර වෙන්න. පොඩි treat එකක් තමන්ට දෙන්න.

Avishka Sathsara Piyumal

Report Page