Dear මෞර්යා 🕊️💙

Dear මෞර්යා 🕊️💙


(කොටස් දෙකක කෙටිකතාවකි)



02 කොටස

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

ජීවිතේ අපිට දැනෙන අපි ආදරේ කරන අය අපිට මුණ ගැහෙන්නෙ එකම එක පාරයි...❤️


පෙරකොටස


සමුද්‍ර....

සමුද්‍ර....

මුහුද වගේ ම හරි ම නිසංසල කෙනෙක්...

කතා කරත් හිත නිවෙන කෙනෙක්.....

අනේ...

එදා කතා කරලා ගියා ගියාමයි කිසි කතා බහක් නෑ...

උත්තරයක් දෙන්න කියලා එයාලා ගියා...

සමහර විට මං එයාගේ හිත රිද්දුවද දන්නෑ...

අනේ මට තෙරෙන්නෑ....

හැබැයි එයා මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා ගියා.....

මට දැනෙනවා උවිදු ව මගේ හිතින් ටික ටික ඈත් වෙනවා වගේ හැගිමක්.....

ඒ වගේ ම සමුද්‍ර මගේ හිතතට එඹිකම් කරන්න පටන් අරන්...




වේලාවට ඒ හිනාව ඒ කට හඩ ඇහෙනවා වගේ...

මටත් පිස්සු නේ...

තනියම හිත හිත ම මම ඇවිදන් ගියා.....

පහට ඔෆ් වෙලා ගෙදර යන ගමන් හිටියේ....

පහයි විස්සත් වේලා අද නම් බස් එක හොදටම පරක්කුයි....

මං වටපිට බල බල ඉද්දීම මං ඉස්සරහ බයික් එකක් ඇවිත් නතර කරේ...

වුවමනාවෙන් ම ඒ ආව කෙනා මං දිහා බලද්දී...

කවුද යකෝ මේ කියලා මගේ හිතම මගෙන් ප්‍රශ්න කරද්දී...

ආපු කෙනා බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගැලෙව්වා...



දෙයියනේ...

මෙච්චර දවසක් මං බලාපොරොත්තු වුණ රූපේ...

සමුද්‍ර...

හිනාවෙගෙන ම මං ලගට ඇවිදන් එනවා....



"මෞර්යාහ්...."


එදා දවස වගේ ම අදත් ඇස් වලින් හිනා වෙවි කතා කරනවා...

මං ඒ මුණ දිහා බලලා හිනා වුණා...



"මෞර්යාහ්....ඇයි අද මෙතන..."



"මේ...මේ...බස් එක එනකම්..."



දැක්ක සතුටට වචනත් පැටලෙනවා...

මං බිම බලාගෙන ම කිව්වා....



"මං ගිහින් දාන්නම්...."



"එපා...මම බස් එකේ යන්නම්..."



මං ආපිට කිව්වා...



"ඇයි මං එක්ක යන්න විස්වාස නැද්ද?"



"එහෙම එකක් නෑ...කවුරු හරි දැක්කොත් එහෙම...."


"ඉතින් දැක්ක දෙන් කෝ..."


"කතා හදාවි..."



"කමක් නෑ...මගේ අනාගත වයිෆ් නේ..."



එයා ගානක් නැතුව මං දිහා බලාගෙන ම කියනවා...

ඒ බැල්ම දරා ගන්න බැරි වෙද්දී මම බිම බලා ගත්තා....



"යන්....එන්න...."




මං කියන්න කලින් මගේ අතින් ඇදන් යනවා...


"මං එක හෙල්මට් එකයි ගෙනාවේ මෞර්යාහ්..."



එයා ආපිට කියනවා....


"කමක් නෑ අදට මෙහෙම යමු....හෙට ඉදලා මම තව හෙල්මට් එකක් ගෙන්නම්..."




එයා එහෙම කියලා බයික් එකට නැග්ගා....

මං එයා නැග්ගට පස්සේ ඒ දිහා බලන් හිටියා...



"මෞර්යාහ්...නගින්න කෙල්ල...."



එයා ආයම කියනවා...

මං කරේ බිම බලන් හිටපු එක..



"ඇයි දරුවෝ...."




එයා ආයම එහෙම අහන්නේ මාරම නිවිච්ච හඩකින්...



"මං මීට කලින් බයික් එකක මෙහෙම ගිහින් නෑ...."



මං ඔලුව උස්සලා කිව්වා....



"මාව විස්වාස කරලා නගින්න..මගේ උරිස්සට අත තියලා නගින්න..."



එයා එහෙම කිව්වම මම උරිස්සට අත තියලා බයික් එකට නැග්ගා.....



"මාව විස්වාසද මෞර්යාහ්...."



එයා ආයම අහනවා....



"ඔව්..."



"මාව හයියෙන් අල්ල ගන්න එහෙනම්....මං හිමින් යන්නම්...."




එයා එහෙම කිව්වම මම එයාගේ උරිස්දෙකට අත් දෙක තියලා හයියෙන් අල්ල ගත්තා....



එයා බයික් එක ස්ටාර්ට් කරා...

ගොඩක් ස්ලෝ එකේ එයා යන්නේ...

සැරින් සැරේ මං දිහා බලනවා....




"මෞර්යාහ්...බය වෙන්න එපා කෙල්ල මං හිමින් යන්නේ..."




මං බයයි...

ඒත් හිතට පුංචි ආසවක් තිබ්බා පොඩි කාලේ ඉදන්....

මෙහෙම බයික් එකක යන්න හුලං කපාගෙන....



"සමුද්‍ර....පොඩ්ඩක් හයියෙන් යන්ද?"




මං එහෙම කියද්දී සමුද්‍ර එක පාරකට බ්‍රෙරේක් කරා....




"ඇයි මෞර්යාහ්...ඔයාට යන්න හදිස්සිද?"




"නෑ...මං ආසයි හයියෙන් යන්න ඒත් පුංචි බයකුත් නැතුව ම නෙවෙයි.ඒත් ඔයා ඉන්න නිසා මම බය නෑ..."



මං ආපිට එහෙම කිව්වා...

මට ඇහෙනවා එයා හිනා වෙනවා....



"ඇයි අනේ..."



මං ආපිට ඇහුවා..."



"නිකන්.කෝ...හොදට අල්ලගන්න මගේ බඩ මැද්දෙන් අත් දෙක යවලා මට ලංවෙන්න....."


"කමක් නැද්ද?"



"කමක් නෑ...මගෙනේ..."



එයා එහෙම කිව්වේ දගකාර විදිහට...

මං ඉතිං එයා කිව්ව විදිහට ම කරා....

මං එයාට හොදට ලං වුනා...




"ඕං රෙඩි නේ...එහෙනම් මම ඉගිලෙනවා...."




එයා එහෙම කියලා බයික් එක ස්ටාර්ට් කරන් වේගන් යනවා...

දැන් නම් බයයිත් එක්ක...

මං ඇස් දෙක තද කරලා වහ ගත්තා...

දැන් නම් පුංචියට පපුවත් ගැහෙනවා.....

හුලං කපාගෙන ඉස්සරහට යනවා....




"මෞර්යාහ්...අපි ආවා....."




පැය භාගෙකට පස්සේ විතර අපේ ගේ ගාවට ගෙවල් දෙක තුනක් මෙහායින් බයික් එක නතර කරා...

මං එයාගේ උරිස් දෙක ට අත් දෙක තියලා ම බයික් එකෙන් බැස්සා...

දැන් නම් කලුවරත් වැටිලා...

වෙනදට වඩා මං අද පරක්කුයි....





"තැන්කිව් සමුද්‍ර...."



මං කිව්වා....

එයා හිනාවෙනවා....


"මං යන්නම්...."


"එපාහ්...."




මං යන්න යද්දී එයා මගේ අතින් නතර කරලා මාව නැවැත්තුවා....




"මට උත්තරයක් දෙන්නැද්ද මෞර්යාහ්....."




එයා එහෙම කියද්දී නම් දැන් නම් පපුවත් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා...



"මේ...මේ...."




"කියන්න ලමයෝ...."




ඇවිස්සිලා තිබ්බ කොන්ඩේ ආපස්සට හද හද එයා කියනවා...

එයා හුස්ම ගන්න සද්දේ පවා දැන් නම් මගේ ලගට දැනෙනවා....




"මං ආදරෙයි...."



මං බිම බලාගෙන ම කියලා දැම්මා.....

මට දැනෙනවා එයා ගේ අත මගේ ඔලුව උඩ නතර වුනා කියලා...

මං බිම බලන් ම හිටියා...




"මං දැනන් හිටියා...."



එහෙම කිව්ව එයා

මට හිතන්නවත් වේලාවක් නොදි මාව එයාගේ පපුවට තුරුල් කර ගත්තා....

දැන් නම් බඩේ සමනල්ලු පියාඹනවා වගේ...

උවිදු මාව තුරුල් කර ගත්තට මං මේ හැගිම පලවෙනි වතාවට විදිනවා වගේ දැනෙන්නේ....

එයා ගේ පපුව ගැහෙන සද්දේ මට ඇහෙනවා...

ඒ වගේ ම මගේ පපුවත් හයියෙන් හැගෙනවා.....

ගහක් වගේ හිටන් හිටපු මම එයාව බදා ගත්තේ සැනසීමෙන්.....

මාව තුරුලෙන් ඇත් කරපු එයා මට ලං වෙලා...

මගේ නලලෙන් තොල් දෙක තියලා තද කරා...

ඒ සිපුමට මගේ ඇස් දෙක පියවුණේ මං ඒ සිපුම විද ගද්දී.....

විනාඩි ගානක් ඒ තොල් දෙක මගේ නලලේ තිබ්බ එයා...

මගේන් ඈත් වුණේ මගේ කම්බුල් දෙක ඒ අත් දෙකට මැදි කරගෙන...




"මං දැනන් හිටියා....මගේ වෙනවා කියලා....."



ඒ තොල් දෙක යන්තතම් ඈත් කරලා හිනා වෙනවා....

මගේ ඔලුව අත ගාපු එයා හැදුවේ යන්න....

එතකොට ම වගේ කවුරු හරි උගුර පාදන සද්දයක් ඇහෙද්දී...

අපි දෙන්නම ඒ දිහාට හැරුණා....




ආපු කෙනා දැකලා මගේ ඇස් දෙක ලොකු වෙද්දී..

සමුද්‍ර අල්ලන් හිටපු මගේ අත එයාගේ අතින් තද වුණා...




"මෞර්යා.....කවුද මේ....."



ඒ ඇවිත් හිටියේ උවිදු වෙද්දී මං සමුද්‍ර දිහා බලලා හිනා වෙලා....




"මේ තමයි මගේ ලෝකේ.....සමුද්‍ර මං මැරි කරන්න ඉන්න කෙනා...."




මං එහෙම කියද්දී ම සමුද්‍ර මාව තුරුල් කර ගත්තා වෙද්දී...

බලන් ඉද්දද්දී උවිදු ගේ මුණ වෙනස් වුණා....

උවිදු ව හරි හිමින් සිරුවේ රිද්දද්දී මං උවිදුව ගනනකට නොගෙන...

සමුද්‍ර දිහාට හැරිලා....



"පරිස්සමින් යන්න සමුද්‍ර...."




එහෙම කියලා කකුල් දෙකෙන් ඉස්සිලා කම්බුලක් ඉඹලා ගේ දිහාට ඇවිදන් ආවා....



🌙🕊️


කාලයත් එක්ක හැමදේම හොද විදිහට සිද්ද වුණා....

අද විශේෂ දවසක්...

සමුද්‍රයි මායි අද අතින් අත ගත්තා...

මං සදහටම එයාගේ නමින් පේ වුණ පතිනියක් වුණා.....

හොදම දේවල් ලැබෙන්නේ පරක්කු වෙලා කියන්නේ...

බොරුවට නෙවෙයි...

ඒක ඇත්ත....




මාල හතක් දාලා හත් දවසක් මගුල් කාලා නෙවෙයි අපි කසාද බැන්දේ...

හරි චාම් විදිහට පොඩියට රෙජිස්ටර් චාරිත්‍ර කරලා...

පවුල් දෙකේ අයට පොඩියට ආරාධනා කරලා ....

සංග්‍රහ කරලා....

අද දවස ගත වුණා....




අපි නැකතට පිටත් වුණේ අපේ ම කියලා පුංචි ගේකට...

තට්ටු දෙකකින් සමන්විත වෙච්ච හුරු බුහුටි සමාන්‍යය ප්‍රමාණයේ ගෙයක්....




මං අහස දිහා බලන් ඉද්දී,

මට දැනුනා ඒ සුවද....

මාව පිටිපස්සෙන් ඇවිත් එයා තුරුල් කර ගත්තා....




"මෞර්යාහ්...."





මං ආසම විදිහ ට එයා මගේ නමින් කතා කරනවා.....

මං යන්තම් බෙලල හරවලා බැලුවා....





"සමුද්‍ර......"




"දුකයි ද ඔයාට...."




එයා ආපිට මගෙන් අහනවා...




"නෑ....ඇයි මම දුක් වෙන්නේ....."



"නෑ....මම එක්ක ජිවත් වෙන්න ලැබිච්ච එක....."



"එහෙම නෑ...සමුද්‍ර ඔයා තමයි මගේ ලෝකේ ම...."




මං එයා පැත්ත ට හැරිලා ඒ කම්බුල් දෙක අල්ලන්...

ඒ ඇස් දෙක දිහා බලාගෙන ම කිව්වා.....

එයා මාව තුරුල් කර ගත්තේ...

මං ඒ පපුව අස්සේ ගුලි වෙද්දී....



" මෞර්යාහ්....තාමත් පරණ මතක හිතට වද දෙනවා නේද?"



"සමහර වේලාවට"



මං එයාගේ පපුව අස්සේ ම ඉදලා ආපිට උත්තර දුන්නා....



"මෞර්යාහ් අතීතේ කියන්නේ ඕන වෙලාවක ගිහින් සුවද බලලා එන මල් යායක් මිසක ඒ අතීතේ ම යන යන තැන අමාරුවෙන් උස්සන් යන්න ඕන මල්වඩමක් කර ගන්න එපා ලමයෝ "




එයා මගේ ඔලුව නිකන තියාගෙන කියනවා....

මං එයාගෙන් ඈත් වෙලා එයා දිහා බැලුවා....



"මොකද?"



ඇස් දෙකත් හිනි කරන් අහනවා...

ඒ බැල්මට පිච්චිලා යනවා වගේ....




"පන්ඩිතයි...."



මං හිමිට කිව්වා...



"පන්ඩිත වෙන්න එපැයි...."



මාව ආයම තුරුලට ඇදලා අරන් බදා ගන්නවා....

මගේ ඔලුව ඉඹ ඉඹ ඉන්නවා...

අනේ මහ අමුතු හැගිමක්...

හිත බල්ටි ගහනවා වගේ...

දැන් සැහෙන වේලාවක් අපි දෙන්න නිහඩ වෙලා...

එයා මාව තුරුල් කරන් ඉන්නවා....




තවත් ටික වේලාවකට පස්සේ මාව තුරුලෙන් ඈත් කරා....

මගේ කම්බුල් දෙක අල්ලන් හොරාට හිනාවෙනවා....




"මොකද?"




මං ආපිට එයාගෙන් ඇහුවා....



"අද මගේ දවස හැබැයි...."




ඇහැක් ගහලා කියනවා...

කවදාවත් නැතුව තියන මනමාල කම....

හිනත් යනවා....

මම බිම බලා ගත්තා....



"මෞර්යාහ්...."




ආයම කතා කරනවා...

මං ඔලුව උස්සලා බැලුවා....




"මං ආදරෙයි මැනික...."




එයා කියනවා....

ඒ වචනේ මහ බරක් පපුවට....

මගේ ඇස් වලට කඳුලු පිරෙනවා දැනෙනවා.....



"මාත් ආදරෙයි සමුද්‍ර....."




මං ඒ අත අල්ලන් කිව්වා....

එයා හිනා වෙනවා.....

මං ඒ ඇස් අස්සේ කිමිදෙන්න ආසයි....

තප්පරයක් දෙකක් එහෙම ඉන්න ඇති....

එයා ගේ ඇස් වල බැල්ම තියෙන්නේ මගේ තොල් ලග.....

මාව උස්සලා අත් වැට උඩින් ඉද ගස්සවපු එයා...

හිමින් සිරුවේ මගේ තොල් වලට බර වුණා....

හරි පරිස්සමට සන්සුන් ව මගේ තොල් වල එයා දග කරනවා....

මගේ අත එයාගේ බෙල්ලේ වටේ එතෙද්දී...

එයා මාව උස්සලා අරන් රූම් එකට ඇවිත් ඇදෙන් තිබ්බා.....

ඒ නිහඩ රාත්‍රිය අපි අපේ වෙද්දී...

මහ වැස්සක් කඩන් වැටුණේ....

ඒ රැය අපේ නමින් ම ලිය වෙද්දී.....




ශෝකය නම් වු,

කර්කශක නියගයෙන්

ඉරිතලා වැටුණු හදවතට,

ආලය නම් වු තෙත් වර්ෂාවෙන්...

ප්‍රාණය ලබා දුන්නේ ඔබ මිස අන් කෙනෙකු නොව,

සමුද්‍ර ඔයා තමයි මගේ ජිවිතේම.....








🌙🕊️


තවත් දවසක් උදා වුණා....

අපි මැරි කරලා දැන් මාස හතක් විතර ඇති...

ඒ කාලේ ඇතුලත මට සමුද්‍ර නැතුවත් සමුද්‍ර ට මාව නැතුවත් ඉන්න බැරි තරමට....

අපේ බැදීම ශක්තිමත් වුණා...

එයා මට ලෝකයක්....




හොදට නිදි මාව තුරුල් කරන් මට එහෙට මෙහෙට හැරෙන්නවත් බෑ...

ඒ තරමට තදට හිර කරන්....

දාලා යන්න බයෙන් වගේ....



"සමුද්‍ර....."




මං කතා කරා...

සද්දයක් නෑ....




"සමුද්‍ර...."



"හ්හ්ම්...."




තවත් මාව පපුව අස්සට තුරුල් කර ගන්නවා....

හුස්ම හිරවෙලා මැරෙයි මනුස්සයෝ......




"සමුද්‍ර....ම...ට හුස්ම ගන්න බෑ....."




මං එහෙම කිව්වම කරන්ට් එක වැදුනා වගේ නැගිටලා ඇදෙන් ඉද ගත්තා.....




"ඇයි කෙල්ල...."




ඇස් දෙක ත් ලොකු කරන් අහනවා.....




"මාව බදාගෙන හිටපු විදිහට...."




මම ත් එහෙම කියලා ඇදෙන් නැගිටලා ඉද ගත්තා....

ඉද ගත්තා විතරයි...

බඩ කැලතෙනවා වගේ....

වොමිට් වෙන්න යන්නේ

අතින් කට වහගෙන මම වොෂ්රූම් එකට දිව්වා....

මම නැමිලා වොමිට් කරා....

මට දැනෙනවා සමුද්‍ර මාව ඇගට වාරු කරන්...

මගේ පිට අත ගානවා....

අමාරුවට ඇස් වලින් කඳුලු එනවා.....




"මෞර්යාහ්....අමාරුයිද?"




එයා එහෙම අහද්දී....

මං ඔලුව වැනුවා.....



"අපි යමු ඩොක්ටර් කෙනෙක් ලගට....."




🌙🕊️



මේක නම් හිනයක් වගේ.....

මට ඉගිලෙන්න හිතෙනවා....

සමුද්‍ර ට සතුට වැඩි කමට ඇස් වල කඳුලු පිරිලා....

ඔව්...

එයා අඩනවා....

සතුටට එයා අඩනවා....

මාව හරි පරිස්සමට පපුවට තුරුල් කරන්.....



"අඩන්න එපා....සමුද්‍ර...."



"අඩන් නෑ මැනික.මේ සතුටු කදුලු...."


එයා මගේ පිට ඔලුව අත ගගා කියනවා....

මං හිනා වුණා....

එයා මගේ නලල ඉඹලා මාව එයාගෙන් ඈත් කරා.....




"ඔයාට පිං මට ලස්සන ජිවිතයක් දුන්නට...."



සමුද්‍ර හිනා වෙලා කියලා....



"නෑ...ඔයයි මට ලස්සන ජිවිතයක් හදලා දුන්න මගේ රජ්ජුරුවෝ...ඔයා මට ලෝකයක්.ඔයයි මගේ ලෝකේ....නෑ......ඔයාලා දෙන්නා තමයි මගේ ලෝකේ...."




එයා ගේ අත මගේ කුසෙන් තියලා තද කරලා මං කිව්වා....



"සමුද්‍ර....මං එක දෙයක් තෙරුම් ගත්තා.සමහර දේවල් අපිට අහිමි වෙන්නේ ඊට වැඩිය හොද දෙයක්  අනිවාරෙන්ම අපිට ලැබෙන්න "



මෞර්යා එහෙම කියලා සමුද්‍රව බදා ගත්තා.....



"මෞර්යාහ් ඔයා තමයි ලොකේ රැජින...."




ආදරේ කරන්න කාන්තාවක් ට කාන්තාවක් ලෙස ගරු කරන කෙනෙක්ට.....

ආදරේ කරන්න තමන් ව තේරුම් ගන්න කෙනෙක්ට...

ආදරේ කරන්න තමන් ව විස්වාස කරන කෙනෙක්ට...

ආදරේ කරන්න...

ආදරේ කියන හැගිමට සුන්දරබවක් පිවිතුරුබවක්,වටිනාකමක් එක්කරන්න පුලුවන් කෙනෙක්ට....

ආදරේ කරන්න ආදරේ ට ආදරේ කරන්න දන්න කෙනෙක්ට....






🌙🕊️


මාත් කැමති සමුද්‍ර වගේ නිහඩ ආදරවන්තයෙක් ට


කතාව කොහොමද ?

අනිවාරෙන් ම කමේන්ට් එකක් දාගෙන යන්න එහෙනම්....






Report Page