මුලින්ම ආවෙ කිකිළිද , බිත්තරේද , කෝච් ඩුමාල්ද?

මුලින්ම ආවෙ කිකිළිද , බිත්තරේද , කෝච් ඩුමාල්ද?


#Knowledge #Social_Mid

DNA01

LearnBits චැනල් එකේ මීට කලින් පළ කරපු poll එකේ Results අනුව , ජයග්‍රාහකය උනේ කිකිළි. ඒ කියන්නෙ මුලින්ම ඇවිල්ල තියෙන්නෙ කිකිළි.


ඊළඟට කෝච් ඩුමාල් සහ අවසානයට තමයි බිත්තරේ ආවෙ. කෝච් ඩුමාලුත් බිත්තරේ සහ කිකිළිගෙ සටනේ ලොකු තැනක් හිමිකරගත්ත එකට සතුටුයි.


එහෙනං ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නයි මේ යන්නෙ.


අපි හැමෝම දන්නව සමහර youtube creators ලට අනුව පරිණාමවාදය 100%ක් ම නිවැරදි "වාදයක්" සහ පර්යේශණ වල නියැලෙන විද්‍යාඥයන්ට අනුව , පරිණාමවාදය කියන්නෙ , වත්මන් දැනුම් තත්වය මත පිළිගන්න න්‍යායයක් විතරක් කියල.


ඉතින් ඒ න්‍යාය ඔස්සේ අපි මේ සාකච්ඡාව කරමු.


බහුතර මතය තමයි මුලින්ම ආවෙ කිකිළි කියන එක. ඒක හේතුවත් ඇත්තටම විද්‍යාත්මකව පිළිගත හැකි දෙයක්. සමහරු ඒක දන්නව , සමහරු ඒක නොදන්නව වෙන්න පුලුවන්.


කිකිළි බිත්තරේක හමුවෙන එක්තරා ප්‍රෝටීනයක් තියෙනව Ovocleidin-17 (හෝ කෙටියෙන් OC-17) කියල. මේ ප්‍රෝටීනය නිවදවන්නෙ කිකිළියන්ගේ ඩිම්බකෝශ තුළ පමණයි. මේ ප්‍රෝටීනයෙන් තමයි , කුකුළ් බිත්තර වල කටුව / කවචය සාදන කැල්සියම් කාබනේට් ස්ඵටික ආකාරයට තැන්පත් වීම සක්‍රීය කිරීම සහ වේගවත් කරන්නෙ. ඉතින් OC-17 ප්‍රෝටීනයෙන් තොරව , බිත්තරේ කටුව සෑදීම කරන්න බැරි දෙයක්.


එහෙම බැලුවම අනිවාර්යයෙන්ම කිකිළි තමයි මුලින්ම ඇවිල්ල තියෙන්නෙ වගේ පෙනෙයි. මොකද කුකුල් බිත්තරේ හමුවෙන ප්‍රෝටීනය නිපදවන්නෙ කිකිළි නම් , කිකිළිනෙ මුලින්ම ඇවිල්ල තියෙන්නෙ.


අපි දැන් යමු මේ කරුණෙ විරුද්ධ පැත්තට. ඒ කියන්නෙ බිත්තරේ මුලින්ම ආව වෙන්න බැරිද?


පරිණාමික ශාකයේ , "බිත්තරය" කියන්නෙ ගොඩක්ම කලින් ඇති උන දෙයක්. මේ පහළ පොටෝ එක (2) බැලුව නං ඔයාට තේරෙයි , ජීවින් බිත්තර දාන එක සිදු කරල තියෙන්නෙ සමහර ජීව විශේෂ ඇතිවෙන්න ගොඩක්ම කලින් කියල.

Photo 2


ඉතින් ඒ අනුව බිත්තරේ මුලින්ම ආව කියන කරුණ සැලකිල්ලට ගන්නත් පුලුවන්.


හැබැයි මම උඩදි කිව්ව ප්‍රෝටීනමය ගැටලුව නිසා ආපහු අපිට ප්‍රශ්නයක් ඇති වෙනවනෙ.


ඒකට අපි යමු , කිකිළි පරිණාමය උනා යැයි කියන යුගයට.


කිකිළියක් පරිණාමය උනේ , ඒ කිකිළිට අතිශයින්ම සමාන නමුත් සුලු වෙනස්කමක් තියෙන කිකිළියෙක් නොවන කෙනෙක්ගෙන්. විද්‍යාත්මකව අපි මේ කිකිළියට අතිශයින් සමාන , නමුත් කිකිළියක් නොවන ජීවියාට කියන්නෙ , promo chicken කියල.


මේ කියන promo chicken ල , වර්තමාන කුකුළන්ට ජානමය වශයෙන් ගොඩක් දුරට සමාන උනත් සර්වසම නෑ. කොහොම උනත් ජානමය විකෘතියක් නිසා , promo chicken ල දෙදෙනෙක් අතර සිදු උන සංවාසයක ප්‍රතිඵලයක් නිසා වර්තමානයේ අපි මේ දකින OC 17 ප්‍රෝටීනය මත යැපෙන වෙනමම කුකුළ් කාණ්ඩයක් බිහි වෙලා තියෙනව.


හැබැයි , මේ promo chicken ල විසින් දැම්මෙ "කුකුළ් බිත්තරයක්" නෙවෙයි කියන කාරණාවත් සැලකිල්ලට ගන්න වෙනව. ඒක "promo කුකුළ් බිත්තරයක්".


එතකොට මේ කාරණා ඔක්කොම සැලකිල්ලට ගත්තම අපිට ඇත්තටම දැනට 100% කියන්න අමාරුයි මුලින්ම ආවෙ කිකිළිද බිත්තරේද කියල. ඒකට තවදුරටත් ගැඹුරට අධ්‍යනය කරල තවත් විද්‍යාත්මක කරුණු හොයාගන්න වෙනවා.


හැබැයි කෝච් ඩුමාල් නෙවෙයි කියල නං තහවුරු වෙනව....


සහ LearnBits Editor කෙනෙක් වන , මම මේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් team බිත්තරේ තෝරගන්නව...

ඒ වගේම , ඔයාල ගාව මුලින්ම ආවෙ කිකිළි හෝ බිත්තරේ කියන්න කරුණු අඩංගු වෙනව නං , comment section එක ඔයාලට විවෘතයි...!

Report Page