D.D.

D.D.


නිහඬත්වය වෙනුවෙන් දෛවය බිඳ හෙලූ ඔහුගේ කතාව...

පෙර කොටස

https://telegra.ph/DD-10-28-5


ධනූෂගේ පන්තියේ මුල් දවස


(9 කොටස)


වෙලා උදේ 8ට ළඟයි. මං කාමරෙන් එලියට එනකොට දැකපු දෙයින් පුදුම වුණා.


.............................................................



  හිතුවෙවත් නෑ සත්තයි. සජියා වතුර වීදුරුවක් අරන් මං ඉස්සරහ හිටගෙන හිටියේ. සාමාන්‍යයෙන් ඔය දේවල් කරන්නේ අම්මා හරි වෙන පවුලේ ඉන්න ගෑනු කෙනෙක් කියලයි මං අහලා තිබ්බේ.



හරි හරි මට මොකෙක්වත් නෑ තමා. ඒත් යාළුවා..?



 " කට ඇරන් බලන් ඉන්න එපා බං. මැස්සෙක්වත් යයි."



 සජියා එහෙම කිවුවා ම මං ඔලුව ගස්සලා බැලුවේ මේක හීනයක් ද කියලා.



  නෑ නෑ. මිනිහා ඇත්තට ම ඉන්නවා. මාරයිනේ... 



  " ඔහොම බලන්න එපා බං. අපේ අම්මත් මං මුලින් ම වැඩට ගියපු දවසේ උදේ මේ වගෙ සුදු මල් දාපු වීදුරුවක් පෙවුවා. ඒක මතක් වෙලා මාත් කරන්න බැලුවේ.



  උඹ අද ජීවිතේ ලොකු පිම්මක් පනින්න යන්නේ. ඒ හින්දා කවුරු නැතත් මේ සජියා ඉන්නවා. මේක අර වැබෝජ ඇන්ටිට කියලවත් පොවනවා. ඒත් ගෑනි උඹ එක්ක ඇරියස්නේ. ඒකයි මං ම මේ හිත හදාගෙන වතුර එකත් හදාගෙන ආවේ."



  සජියා කිවුවා. ඌට මොකවත් කියන්නවත් බෑනේ. හිනාවකින් ම සංග්‍රහ කළා මං. 



  " අනෙ මේ, ඔය සිරික්කිය පැත්තකින් තියලා මේක බීලා පලයන්."



  සජියා එහෙම කිවුවේ ලැජ්ජාව වහගන්න වගේ. කොහොමහරි අම්මා අතින් බොන්න තිබ්බ සුදු මල් වීදුරුව යාළුවාගේ අතින් මං බිවුවා.



  " මං අදට එක්කන් යන්නම් උඹව. බයික් එක ගාවට ගිහින් හිටපන් මං පර්ස් එක අරන් එන්නම්."



  සජියා එහෙම කියලා මගේ පිටට ගැහුවේ මාව තල්ලු වෙලා යන්න. මිනිහා වෙලාවක හිතාගන්න බැරුව යන මනුස්සයෙක්. පුදුමයි.



.............................................................



 " කොල්ලෝ.... සර් කාරයා නම් තද නීතිකාරයා. පරිස්සමෙන් වැඩ කරහන් ඌ එක්ක."



  දැන් ඕක කිවුව 4 වෙනි සැරේ. මූට අද අමතක වෙලා ද කොහෙ ද මු මගේ අයියා නෙවෙයි. යාළුවා කියලා.



  "අනිත් එක. වැඩිය කොන් වෙලා ඉන්න හදන්න එපා. අනික් අයත් එක්ක fit වෙන්න බලන්න."



  ඕක කිවුව 2 සැරේ. බැරි ම තැන මං මැසේජ් එකක් කෙටුවා.



  📱 "........තමුසේ අද මගේ අයියා වගේනේ. පොඩ්ඩක් සද්ද නොකර යමන්කෝ බං මාව බය නොකර......."



  මං ඒක සජියට පෙන්නුවා. 



  " හරි හරි බං. මට ඒ මිනිහව මතක් වෙද්දි උඹට නොකියා බෑ කියලා හිතුණා. ඒකයි කිවුවේ...."



  සජියා එහෙම කිවුවා.



  📱 "......හරි හරි බං. මාව ක්ලාස් එකට දාහන්කෝ. මං බලාගන්නම්........"



   මං කිවුවා. 



  " හා හා Mr. ධනූෂ්.... එහෙනම් ඔන්න ගී......."



  එච්චරයි හරියට ඇහුණේ. මිනිහා එකපාරට ම බයික් එක රේස් කරගෙන වේගෙ වැඩි කළේ නැද්ද. අඩු කරන්න කියන්නත් බෑනේ කරුමෙට. ෂික්.....



  ඇදලා ගිහින් බයික් එක නැවැත්තුවේ ටවුන් එකේ පැත්තක තිබ්බ තට්ටු කඩ කාමර කීපයක් ගාව. 



  " මේකේ උඩ එකේ තමා තියෙන්නේ. ගිහින් බලහන්."



  සජියා මගේ දිහා බලලා කිවුවා. මං බයික් එකෙන් බැස්සේ ඒකයි.



   පඩිපෙලක් තිබ්බ තැන Dream way dance academy කියලා උඩට ඊතලයක් එක්ක ගහලා තිබ්බා. මං සජියා දිහා බලලා ඒ පැත්තට ගියා.



  " මං හවසට එන්නම්. පරිස්සමෙන් කොල්ලෝ...."

  


  සජියා එහෙම කියලා බයික් එකෙන් ගියා. මං අතේ තිබ්බ බෑග් එකත් කරට දාගෙන ඉස්සරහට ගියා.



    පඩිපෙල නැඟ්ඟේ පොඩි චකිතයකුත් තියාගෙන. ස්කෝලෙ දී නැටුම් කළාට කවදාවත් නැටුම් කරන්න මං ක්ලාස් එකකට ගිහින් තිබ්බේ නෑ. මේ පලවෙනි පාර.



  සජියා කියපු විදිහට සර් මාර යකෙක් වගේ පුද්ගයෙක්. මාත් බලල ම ඒක තීරණය කරන්න හිතාගෙන ම කාමරේ දොර ගාවට ගියා. 



  කාමරේ තිබ්බ පොඩි ජනේලෙන් පෙනුනා ඇතුලේ හිටපු කට්ටිය ප්‍රැක්ටිස් කරන හැටි. ඒ කියන්නෙ ක්ලාස් එක පටන් අරන්වත් ද?



  පටස් ගාලා පෝන් එක අතට අරන් බැලුවා. ඒත් නෑ. වෙලාව තාම 8.30යි. මං කාමරේ දොර හෙමීට ඇරියා. එතකොට තමා ඇතුලේ වෙනදේ හරියට ම දැක්කේ.



  ස්ලෝ මියුසික් එකක් එක්ක කට්ටිය පොඩි පොඩි exercises වගයක් කරනවා. මට හිතෙන්නේ ඇඟ උණුසුම් වෙන්න warm up exercises කරන්නේ. 



  " කවු ද ඔයා?"



  එක පාරට ම ක්ලාස් එකෙන් ඇහුණ කටහඬත් එක්ක මං ඇතුල බැලුවා.



  එක කොල්ලෙක් මං දිහාවට ආවා. මිනිහව මට හොඳට හුරුයි.



" දිගට ම continue කරන්න...."



  එයා අනික් අයට එහෙම කියලා මං හිටපු පැත්තට ආවා.



     ආ..... දැන්නේ මතක් වුණේ. මේ අර පර්ස් එකේ අයිතිකාර හැන්ඩියනේ. මිනිහගේ කෑදැත්තා හොට කොණ්ඩේ අද ඉත්තෑකුරු වගේ වෙනස් කරලා.



  එයා මට ඇතුලට එන්න කියලා අතින් කිවුවා. මාත් ඇතුලට ගියා.



   " කවු ද ඔයා?"



  එයා ඇහුවා. මං මොනා කියන්න ද.... මං පෝන් එකේ නම කොටන්න ගත්තා.



  " මං කිවුවේ මැසේජ් එකක් එවන්න නෙවෙයි. නම මොකක් ද කියලා ඇහුවේ."



  ඒ පාර නම් හැන්ඩියට පොඩ්ඩක් තද වුණා. මට පේන්නේ එදා කේස් එක හින්දාවත් පොරට මාව මතක නෑ. වෙන්න පුලුවන්. ඒ දවස්වල හිටපු කළු කටුස්සා නෙවෙයිනේ මං දැන්.



මං කිවුවේ මං ගේ ඇතුලේ ඉඳලා සුදු වෙලා කියලා නෙවෙයි. සති දෙකක් ම රැවුල හැදුවේ නැති හින්දා ඉස්සර තිබ්බ කට් එක වැහිලා යන්න ම රැවුල වැවිලා. ඒකට හරියන්න ම කොණ්ඩෙත් වැවිලා. ඉතින් එක පාර ම මාව අඳුරන්න පුලුවන් වෙයි ද...



මං අතින් හැන්ඩියට පොඩ්ඩක් ඉන්න කියලා ආයේ මැසේජ් එක කොටලා පෙන්නුවා.



📱 ".......ධනූෂ දුලේන්....."



  " හ්ම්.... මොකට ද ආවේ?"



  එයා ඇහුවා. මං ආයේ මැසේජ් එකක් කෙටුවා.



  📱 "....... මං ක්ලාස් එකට join වෙන්න ආවේ....." 



   මං මැසේජ් එක පෙන්නුවා. 



 " ඔයා අද ද එන්නේ? දන්නේ නැද්ද අලුත් ම සෙට් එක ගිය මාසේ join කරගෙන ඉවර කළා කියලා?"



  එයා ඇහුවා. මං ආයේ එකක් කොටන්න ගත්තා.



  " ඇයි තමුසේගේ කට පණ නැද්ද හැම එකක් ම පෝන් එකේ ගහලා පෙන්නන්නේ?"



  එයා ඇහුවා. එයා දිහා බලලා ආයේ මං ඒක කෙටුවා.



  📱 "...සොරි. මට කතා කරන්න බෑ. ඔයාට sign language පුලුවන් නම් මං ඒකෙන් කතා කරන්නම්......"



  මං ඒක පෙන්නුවා. එයා මං දිහා බැලුවා.



  " ගොලුවෙක් ද? ඒත් එහෙම පේන්නෙත් නෑනේ."



  එයා කිවුවේ එයාගේ රැවුල අතගාන ගමන්.



" හොඳට දැකලා හුරු මූණක්. කවු ද කියලා මතක නෑ. 


  ඒක නෙවෙයි. මොකෝ සති දෙකක් ම පරක්කු....?"



  එයා ඇහුවා. මං මැසේජ් එකක් කෙටුවා.

  


📱 ".......... මං හොස්පිටල් එකේ මේ දවස් ටිකේ හිටියේ. ඒකයි එන්න බැරිවුණේ......."



  " ආ..... ඒක තමා. ඇයි පණිවිඩයක් එවුවේ නැත්තේ...?"



 📱 ".........මගේ යාළුවා පටන් ගන්න කලින් දවසේ ඇවිත් කතා කළා කිවුවනේ......"



  " ආ.... ඒක ද උඹේ යාළුවා?"



  ඒ පාර හැන්ඩියට කේන්ති ගිහින් එහෙම ඇහුවා. මොකක් හරි ගිනි ගෙඩියක් තියෙනවා කියලා යාන්තමට මට තේරුණා.



  📱 ".........ඇයි සර්?......."



  " ඇයි සර්? මිනිහගේ ලොකුකම වැඩීයි මල්ලි. හොඳින් කතා කළා ම ඌට මාව යකෙක් වගෙ පේන්නේ. 



  මිනිහා යාළුවා නම් කියහන් කට පරිස්සම් කරගන්න කියලා. ඌට තේරුම් කරනවට වඩා හොඳයි නිකම් ඉන්නවා."



  හැන්ඩියා කියාගෙන ගියේ පුදුම තරහකින්. 



  📱 "........ මොක ද වුණේ?........."



  " ඒක අහගනින් තමුන්ගේ යාළුවාගෙන්. දැන් මෙතනින් යන්න."



  හැන්ඩියා මුල ටික වේගෙන් කියලා අන්තිම ටික හෙමින් කියාගෙන ගියා. 



   එයා මට ඇතුලට යන්න කියලා කිවුව නිසා මං ඇතුලට යන්න ගියේ. ඒත් යද්දි එයා මාව අල්ලගත්තා.



  " ඔයා මෙතනින් එලියට යන්න. දැන් ම....."



  ආයේ අර හැන්ඩියා හෙමින් කිවුවා. මං උඩ ගියා. තාම අපි හිටියේ දොර ගාව. ඒ කියන්නේ මෙයා මට කියන්නේ එලියට යන්න කියල ද....?



  " මුකුත් කියන්න ලෑස්ති වෙන්න එපා. දැන් ම මෙතනින් යන්න."



  හැන්ඩියා එහෙම කිවුවා. ඒ කියන්නේ වැඩේ පලවෙනි දවසෙ ම කඩාකප්පල්. හැරිලා හැන්ඩියගේ හොම්බට දෙකක් දීලා එදා පර්ස් එක බේරුවේ මං කියලා මැසේජ් එකක් කොටලා පෙන්නන්න හිතුණා.



ඒත් වැඩක් නෑ. සජියනේ වැඩේ නාලා තියෙන්නේ. ඌටයි හොම්බට අනින්න ඕනේ. එහෙම හිතන ගමන් මං යන්න හැරුණේ.



  ඒ එක්ක ම දොරෙන් ඇතුලට තව කෙනෙක් ඇතුලට ආවා. මං එයා දිහා වැඩිය බැලුවේ නෑ.



   ඒත් ඒ කෙනා ඒ තප්පරේට මගේ එක අතක මොනාහරි තියලා අත ගුලි කරලයි ඉස්සරහට ගියේ. මං පුදුම වෙලා අත දිහා බැලුවේ.



   අත උඩ තිබ්බේ පොඩි නවපු කොල කෑල්ලක්. මං ආයේ හැරිලා බැලුවේ ඒක දුන්නේ කවු ද කියලා.



  ඒ කෙනා එතකොට ක්ලාස් එක ඇතුලේ තිබ්බ කාමරයක් ඇතුලට ගිහින් වගහත්තා. යාන්තමට වගේ මං දැක්කේ එයා දුඹුරු පාට ජැකට් එකක් එක්ක කලු පාට කලිසමක් ඇඳපු කෙනෙක් කියලා.



  " මොනා ද බලාගෙන ඉන්නේ? යනවා...."



  හැන්ඩියා ඒ පාර තද වෙලා කෑ ගැහුවා. ඔක්කොම මං දිහා බැලුවා. දැන් නම් වෙන දේකට මූණ නොදී එලියට යන එක හොඳයි කියලා මාත් පන්තියෙන් එලියට ආවා.



  වෙච්චි කිසි දෙයක් හිතාගන්න නම් බෑ. ෂුවර් එකට ම හැන්ඩියා වෙන්නැති ක්ලාස් එකේ සර්. ඒත් සජියා එක්ක එයාට මොකක් ද වෙලා තියෙන්නේ? 



  ඒ එක්ක ම මතක් වුණේ අර කෙනා මගේ අතේ තිබ්බ කොල කෑල්ල. මං ඒක අරන් දිග ඇරලා බැලුවා.



  .......හැමෝගෙ ම පලවෙනි දවස සුබ වුණා නම් ගොඩක් මිනිස්සු දිනන්න තිබ්බා........


   දැන් ගෙදර ගිහින් වුණ දේ හොයාගන්නකෝ. මතක් කරලා හෙට උදේ 7.30 වෙද්දි එහා පාරේ තියෙන පාර්ක් එකේ තුන් වෙනි බංකුව ගාවට එන්න. සුදු පාට මතක තියාගන්නකෝ....



  එච්චරයි ඒකේ තිබ්බේ. ඒත් කවු ද ඒ? ඇයි හෙට මට පාර්ක් එකට එන්න කිවුවේ?



  සේරම පැටලිලා. මං පඩිපෙළ බහින ගමන් මැසේජ් එකක් දැම්මේ සජියට.



  📥" කොහෙ ද ඉන්නේ?"



  විනාඩියක් යද්දි රිප්ලයි ආවා.


 📤 "තාම පාරේ. මොකෝ changing room එකේ ඉඳන් ද මැසේජ් දාන්නේ?"


 📥 " changing? වරෙන් ආපහු හරවගෙන."


 📤 " ඇයි? ඒ මොකට ද?"


📥 " මොකට ද? තමුන්ගේ වැඩ හින්දා මට ගෙදර යන්න කිවුවා. වරෙන් ඉක්මණට. මට හිටගෙන ඉන්න බෑ."


📤 " හෑ..... ඒ මොකෝ?"


📥 " වරෙන්. මටත් ඒක ම තමා උඹෙන් අහගන්න ඕනේ. වරෙන් ඉක්මණට."


📤 "හරි හරි. මං එන්නම්."



  මං ඒක දැක්කා ම පෝන් එකේ screen එක ඕෆ් කළා.



  දැන් සති දෙකක් ම එකතැන හිටපු නිසා කකුල් දෙකත් පණ නෑ වගේ. මේ ටිකේ නැටුවෙවත් නෑනේ. ඒ හින්දා අද මං බෝඩිමට ගිහිල්ලා පැයක් දෙකක් එක දිගට නටනවා කියලා හිතුවා.


ඒ එක්ක ම සින්දුවක් ඇහෙන්න ගත්තේ නැතැයි....


Gaddi Lamborghini peele rang di

Menu kendi ay chala ve slowly

Oh pehle gear te oh,

jadon mordi

O menu lagni ay the one and only


Ay ay bechare mundeyan de

dilaan di tu qaatil

Vekhade meny kivenz javengi tu

faster

Dabb de tu gas ni a little bit harder A bit harder

yo



I'm a rider, Provider

Bring the heat girl I will bring the fire

And my name keeps Scoring worldwider

So my job is to satisfy yaaa

(aaa, ay, satisfy aaa, ai) 



  එක පාරට ම මට පණක් ආවා වගේ. මං හිතන්නත් කලින් ම සින්දුවට ඇඟ නැටවෙන්න පටන් ගත්තේ පරණ පුරුද්දට කොහෙ ද ඉන්නේ කියලාවත් ගාණක් නැතුව. 


   ඒ එක්ක ම සජියා මං ගාව ම වගේ බයික් එක නැවැත්තුවා. 



   " ඒ, උඹට දැන් පාරෙත් නැටවෙනව ද? ඉක්මණට නැඟහන්. නැත්තම් පාරෙ එවුන් හිතයි තොට පිස්සු කියලා. නැඟහන්."



  සජියා එහෙම කිවුවට නටන එක නවත්තගන්න බෑ. ඒ හින්ද ම රවුමක් කැරකිල ම බයික් එකට නැග්ගා. 



  ඒත් රවුම ලොකු වුණා. ඒ හින්දා ඉන්ඳවුණේ බයික් එකේ අනික් පැත්තට. සජියා ආයේ බහින්නත් කලින් ම බයික් එක රේස් කරලා වේගෙන් ගියා. තව ඩිංගිත්තක් වෙනස් වුණා නම් මං බිම.



  බයික් එකෙත් නැටවෙයි කියලා මං කළේ කන් දෙකේ ඇඟිලි ගහගත්ත එක. එතකොට මට පොඩ්ඩක් හොඳ සිහියට එන්න පුලුවන්.



  එතකොට තමා මං දැක්කේ. එතන කඩවල ඉන්න මිනිස්සු කටවලුත් ඇරගෙන, ඇසුත් ලොකු කරගෙන මං දිහා බලන් හිටියේ. මාර චාටරේ. ඒත් දැන් මොනවා කරන්න ද? ඕනේ එකක් වෙන්න කියලා මං ඇස් දෙකත් පියාගත්තා.



  ටික දුරක් ගිහින් සජියා බයික් එක නැවැත්තුවා. මං ඇස් ඇරියේ ඒ නිසා.



  " බැහැපන්. ඉස්සරහ පොලීසියෙන් ඉන්නවා. ඔහොම යන්න ද කල්පනාව?"



  සජියා අතේ තිබ්බ හෙල්මට් එක දික් කරගෙන කිවුවේ තරහෙන්. මං ඉක්මණට බයික් එකෙන් බැහැලා ඌ දීපු හෙල්මට් එකත් දාගෙන ආයේ හරි පැත්තට නැග්ගා.



.............................................................


   මේ වෙද්දි අපි හිටියේ බෝඩිමට ඇවිල්ලා. සජියට වොෂ් එකක් දාගන්න ඕනේ කියපු නිසා ඌට යන්න දීලා මං මගේ ඇඳේ වාඩිවුණා.



 📱 "........... දැන් මට කියපන් එදා උඹ මාව හොස්පිටල් එකේ ඉද්දි මාව බලලා ගිහින් ඒ සර් එක්ක වුණේ මොකක් ද කියලා....?............."



  සජියා ආවා ම මං පෝන් එකේ ස්ක්‍රීන් එක සජියට පෙන්නුවා.



   " පොඩ්ඩක් හිටපන් බං."



  සජියා පිහදදා හිටපු ටවල් එක පුටුවට දාලා එයාගේ ඇඳෙන් වාඩි වුණා.



  මං ආයේ මැසේජ් එක පෙන්නුවා.



   " වුණේ මොකක් ද කියලනේ අහන්නේ? වුණේ....."



  සජියා කියන්න පටන් ගත්තා.



.......................................................... 



  " අනේ, කොහොම ද ඒ කොල්ලව එක්ක එන්නේ? ඒ මනුස්සයා හොස්පිටල් එකේනේ. මට කියන්නේ ඌව උස්සන් එන්න කියල ද?"



  සජියා ඇකඩමි එකේ හිටපු අයදුම්පත් භාරගන්න කෙනා එක්ක වාදෙක පැටලිලා හිටියේ.



  " මට කරන්න දෙයක් නෑ සර්. අශ්වින් සර් මට කිවුවේ නම දෙන වෙලාවට ඒ කෙනාගෙන් අත්සන ගන්නත් ඕනේ කියලා. තමුන් ක්ලාස් එකට එන්නේ නැත්තම් යාළුවාට අත්සන් කරලා හරියන්නේ නෑනේ....."



  ඒ භාරගන්න කෙනා කිවුවා.



  " ඉතින් යෝධයෝ ඒ මිනිහා අද ගුටි බැට කේස් එකක් හින්දා ඉස්පිරිතාලෙ ඉන්නේ. තව දවස් කීපයක් යනකම් මිනිහව discharge කරන්නේ නෑ කිවුවා."



  සජියත් කියවගෙන ගියා.



  " මොක ද මේ සද්දේ?"



  ඒ එක්ක ම එතනට ආවේ අර හැන්ඩියා. නැත්තම් මෙතන කියවුන අශ්වින්. එදා එයා ඇඳන් හිටපු කහ පාට ටී ෂර්ට් එකයි, කෑදැත්තගේ හොට වගේ කොණ්ඩෙත් තිබ්බා.



   " සර් ද අශ්වින් කියන්නේ?"



  සජියා ඇහුවා.



  " ඔව් මං තමා. මොකක් ද ප්‍රශ්නේ දැන්?"



  " සර්, මගේ යාළුවගේ නම ධනූෂ. මිනිහා නැටුම් පිස්සෙක්. ඌ හොය හොය හිටියේ මේ වගේ ඇකඩමි එකකට එන්න. අද තමා දැනගත්තේ මේක ගැන."



  " ඉතින්, කෝ දැන් එයා?"



  " ඒක ගැන කියන්න තමා ආවේ සර්. මිනිහට අද කට්ටියක් ගහලා දැන් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා. පවු සර්. 



   මේ ඇකඩමි එක ගැන ඇහුව ගමන් මිනිහා එන්න ගියේ. ඒත් එහෙන් discharge කරන්න බෑ කිවුවා. ඒක නිසා මං ආවේ එයාව ඇතුල් කරන්න කියන්න. ප්ලීස් සර්. ලොකු උදව්වක්."



   සජියා කිවුවේ බැගෑපත්ව.



  " හරි. ඔයා ඔය කියන කොල්ලගේ ඩාන්සින් වීඩියෝ එකක් තියෙනව ද?"



  අශ්වින් ඇහුවා.



   " වීඩියෝ? නෑ සර්."



   " මේකයි. අපි ඇකඩමි එකට කට්ටියව බඳවගන්නේ මාස 6කට සැරයක්. ඒකත් dance trail එකකට අවස්ථාව දීලා.



   එහෙම කරන්නේ එයාගේ මට්ටම ගැන දැනගන්න. ඒක කරන්න බැරි ම නම් අපිට සිද්ධ වෙනවා එයාව මුල ඉඳන් ම පුහුණු කරන්න. ඒකයි අපි කොල්ලව ම ගෙන්නන්න හදන්නෙ."



   " හරි හරි සර්. ඒක මටත් තේරෙනවා. කොල්ලටත් මුල ඉඳන් ම පුරුදු වෙන්න තමා ඕනේ. 



   කොහොමත් උස්සගෙන ආවත් කොල්ලට නටන්නත් බෑ. කකුල් දෙක ම බැන්ඩේජ් කරල තියෙන්නේ. සතියක් යනකම් ඇඳෙන් බහින්නවත් එපා කිවුවා."



  සජියා කිවුවා.



  " හරි. අපිට එයාට tranning පටන් ගන්න පුලුවන්. ඒත් discharge කරන්න කොච්චර දවස් යයි ද කියල ද කිවුවේ?"



  අශ්වින් ඇහුවා.



   " සතියක් කියලනේ කිවුවේ. අඩු ම තරමේ අඩියක් තියාගන්නවත් දවස් තුන හතරක් යයි. වැඩි ම වුණොත් සති දෙකක් තමා."



  සජියා කිවුවා.



  " සති දෙකක්? ලොකු කාලයක්නේ. ඒ වෙද්දි ට්‍රේන් කරන අයටත් ලොකු ප්‍රමාණයක් cover කරන්න පුලුවන්.



   මේක හරියන්නේ නෑ. ඔයා ඔයාගේ යාළුවාව ඊළඟ සැරේ එකට දාන්න. ඒක තමා හොඳ ම."



   අශ්වින් කිවුවා. ඒ එක්ක ම සජියට කේන්ති ගියා.



  " ආයේ ලබන පාරක් ගහන්නේ ඇයි? එහෙම ඕන්නං මේ රෑ වෙන්න ඔන්න මෙන්න වෙලා මං මෙහේ එයි ද?"



  සජියා ඇහුවේ තරහෙන්.



   " ඔයා තරහා ගත්තා කියලා වැඩක් නෑ මිස්ටර්. මං කිවුවේ හොඳ ම දේ. අනික ඒ කොල්ලා හොස්පිටල් ඉන්න එකට අපි පලි ද?"



   " හොඳ ම දේ මොකක් ද මිස්ටර්? මං මේක කලින් දැනගත්තා නම් මගේ යාළුවාව මේකට එවන්නේ ඒ කාලේ. මෙච්චර පරක්කු වෙන්නෙත් නෑ.



   මිනිහට හොඳ talent එකක් තියෙනවා. ඒක ඇස් දෙකෙන් ම දැකපු කෙනෙක් මං. මට හිතුනෙ ම නෑ ඒක රෙකෝඩ් කරගන්න කරුමෙට. නැත්තම් උඹලත් බලන් ඉඳීවි ඇස් දෙක නළලේ තියන්."



  සජියා කියාගෙන ගියේ තරහෙන්. අශ්වින්ටත් මේ වෙද්දි කේන්ති ගිහින් තිබ්බා.



  " ඇයි? ඌ මයිකල් ජැක්සන් ද? ඇස් නළලේ තියන් බලන්න?"



  අශ්වින් ඇහුවෙ කේන්තියෙන්. 



  " නෑ අශ්වින්. එයා මයිකල් ජැක්සන් නෙවෙයි. 



  ඒත් ඌ වැඩ්ඩෙක්. එච්චර පොඩි එකෙක් වෙලත් ඌ දාන වැඩ මටවත් බෑ. ඌ මට, උඹට වඩා ගොඩක් බාලයි. ඒත් ඌගේ වයසට වඩා ඒ හැකියාව ඉස්තරම්. 



  මං ඌව හොඳ වෙච්චි ගමන් ගේන්නම්. ඌ දාන වැඩ උඹලා බලන්න ම ඕනේ. එදාට උඹ ම හිතයි මං බොරු කිවුවේ නෑ කියලා."



  සජියා එහෙම කිවුවා.



   " මං හිතන්නේ සර් එලියට ගියොත් හොඳයි. මොක ද මට යකා ඇවිස්සුණොත් උඹට වඩා ගොඩක් දරුණුයි.



   ඔච්චර ම කියන හින්දා එයාට එක අවස්ථාවක් දීලා බලන්නම්. හැබැයි එයා එන්න කලින් වෙන කෙනෙක් ආවොත් මං එයාට එයාගේ අවස්ථාව දෙනවා. දැන් ම යන්න."



   අශ්වින් කියාගෙන ගියේ තරහා මැඩගත්ත මෘදු හඬකින්.



  " අනිවාර්යයෙන් ම ඒ අවස්ථාව තියාගන්න. මොක ද ඔයාට ම පස්සේ පසුතැවෙන්න වෙයි එයාගේ එක වෙන කෙනෙක්ට දුන්නා කියලා."



   සජියා එහෙම කියාගෙන දොර ගාවට ගියා.



   " ධනූෂ දුලේන් රත්නසිරි. මේ නම තියෙන කෙනා කවදාහරි උඩට එන එක එනවාමයි. මං හිතනවා මට දකින්න පුලුවන් වෙයි කියලා ඔය මහත්තයා ඒකේ දායකයෙක් වෙන විදිහ දකින්න."



   එලියට ගියපු දොරෙනුත් ඔලුව දාලා සජියා කිවුවා.



..........................................................



  " ඔච්චර තමා වුණේ."



  සජියා කිවුවා. මට ඔලුවේ අත ගැහුණේ මූ කරපු දේ ගැන අහලා.



  📱 "........අපරාදේ බං මං හින්දා උඹ වලියකුත් දාගෙන......"



  " නෑ ධනුෂ්. උගේ කට නැති වුණාට හෙන පණ්ඩිතකම. මට වැඩිය ඕන්නං අවුරුද්දක්, දෙකක් බාල ඇති. ඒත් මිනිහා හිතන් ඉන්නේ ඌ යකෙක් කියලා. 



  කතා කරපු වචන ටිකෙත් තිබ්බේ ගහන්න වගේ විදිහක්. ඒකයි කලින් ම මං උඹට warn එක දුන්නේ. ඒත් මං හිතුවේ නෑ උඹව ඔහොම එලවයි කියලා."



   සජියා කිවුවා.



  📱 ".....නෑ මචෝ. මට දරාගන්න බෑ උඹ ඔහොම මට සලකද්දි. උඹ ඇත්තට ම මට අයියෙක් වගේ සලකන්නේ. මට බෑ යකෝ......"



  " ආ.... ගණන් ගන්න එපා බං ඕවා. මට වෙලාවකට ටියුන් මාරු වෙනවනේ. එතකොට උඹට හොඳට සලකන්න හිතෙන්නේ. ඒකයි. වරදවා ගන්න එපා බං. නැත්තම් උඹ දරාගෙන ම පිපිරිලා මැරෙයි."



   සජියා කියපු එකට මට හිනත් ගියා. ඌ එහෙම කඩ කැඩිච්ච කතා කියන එක අහන් ඉඳල ම මටත් පුරුදුයි.



   " ඒත් දැන් නම් මට හිතෙනවා මං උඹේ වැඩේ කෑවා කියලා. සොරි බං. මට පට්ට අවුල් ඒක."



  සජියා කිවුවේ අවුලෙන්. මං ඉක්මණට ම තව මැසේජ් එකක් කෙටුවා.



  📱 "...... තව දෙයක් තියෙනවා කියන්න. පොඩ්ඩක් ඉඳපන්කෝ අවුල් නොවී....."



  මං ඒක පෙන්නලා ඒ අශ්වින් බැනපු එක, ඒ වගේ ම චිට් එක දුන්න කෙනාගේ ඉඳලා වුණ සේරම දේවල් කෙටියෙන් දාලා දිග මැසේජ් එකක කෙටුවා. කොටලා චිට් එකක් එක්ක මං ඌට පෝන් එක පෙන්නුවා.



  සජියට ඒක කියවන්න විනාඩි දෙකක් විතර ගියා.



  " කවු ද බං මේ? එදත් ඔහොම මොකක්දෝ වාක්‍යයක් ටයිප් කරලා දුන්නා නේ ද කවුදෝ?"



  සජියා එහෙම ඇහුවේ මං එදා හොස්පිටල් එකේ දී මගෙ නෝට් බුක් එකේ කවුදෝ ලියපු වාක්‍ය ගැන ඌට කිවුව හින්දා.



   මිනිහා ඒ නෝට් බුක් ගැන නොදන්න හින්ද මං කිවුවේ ඒක පෝන් එකේ කොටලා තිබ්බා කියලා. ඒකයි ටයිප් කරපු එකක් ගැන කියන්නේ.



  මං ඌ අහපු දේට ඔව් කියන්න ඔලුව වැනුවා.



   " පිස්සුවක් බං මේක. දැන් උඹ හෙට යනව ද?"



  සජියා ඇහුවේ පෝන් එක දෙන ගමන්. මං එකේ මැසේජ් එකක් කොටලා එයාට පෙන්නුවා.



 📱 ".......යන්න එපැයි. මේ යකා කවු ද කියල හොයාගන්න ම වෙනවනේ......"



   මං කිවුවා.



    " හරි එහෙනම්. උඹ වොෂ් එකක් දාගෙන ඉඳපන්. මං පැහැසිව හම්බවෙන්න එනවා කියලා පොරොන්දු වෙලා හිටියේ. මං යනවා එයාව හම්බවෙන්න.



  එහෙම කියලා සජියා ඇඳගෙන හිටපු ෂෝට වෙනුවට ම ටී ෂර්ට් එකකුයි, දිග කලිසමකුයි දාගෙන එලියට ගියා.



  මං කල්පනා කළේ කවු ද ඒ චිට් එක මගේ අතේ ඔබපු හාදයා කියලා. මූණවත් දැක්කේ නෑනේ. 



  මං සාක්කුවේ තිබ්බ පර්ස් එකෙන් නෝට් බුක් එක අරන් ඒ කෙනා ලිවුව වාක්‍යත් ලිවුවා.



  ........හැමෝගෙ ම පලවෙනි දවස සුබ වුණා නම් ගොඩක් මිනිස්සු දිනන්න තිබ්බා.....



   ඒ කෙනා මට දෙන ඒවා මං ලිවුවෙ පැන්සලෙන්මයි. එදා හොස්පිටල් එකේ එකත් එහෙමයි. මං ලියපු ටික විතරයි මං පෑනෙන් ලිවුවේ.



  මං මේසේ තියෙන පෑන් දාන එකෙන් පෑනක් අරන් මෙහෙම ලිවුවා.



 ........සමහර කැපකිරීම් හරි බලවත්. ඒ තරම් ම ප්‍රතිඵල දරුණුයි. ඒක කියන කෙනාට වඩා කරන කෙනා අනුව වෙනස් වෙනවා.......



...................................................................


හෙට අනික් ටික..... බලමු මොකෝ වෙන්නේ කියලා.... කවුරු වෙන්න පුලුවන් ද මේ චිට් එක දීපු හාදයා?



සජියා පවු නේ ද? කොච්චර ලොකු දෙයක් කරල ද?


😌චතූ...😊

Report Page