Cryptocarancy

Cryptocarancy

🙏😊💎උදිත💎😊🙏 🔥🔥🔥☯️☮♊

සරලව කියන්නම් .කොහොම නමුත් Crypto currency යනු පොදුවෙ ගත්තොත් USD, EUR, LKR වගේම එක්තරා මුදල් ඒකකයක්. මේ Crypto currency කිසිම වෙලාවක පියවි ඇසින් දැක ගැනීමෙ හැකියාවක් නැහැ. මොකද මෙම මුදල් Digital Currencies නිසා පරිඝණක පද්ධතියක් හරහාම පමණයි දැක ගැනීමට හැකියාවක් තියෙන්නෙ. අපිට මෙම මුදල් බැංකු ගිණුමකට ලබා ගැනීමට අවශ්‍යයිනම් අනිවාර්යෙන් Crypto Currencies හුවමාරු(Exchanger) කරන සේවාවක් මගින් රුපියල් බවට හෝ USD වලට හුවමාරු කරගත යුතුමයි.


වෙන විදියකට කිවොත් මේව Digital Currency ජාතියක්. මේවට ස්ථීර වටිනාකමක් නැහැ, ගණුදෙණු ඉක්මණින් සහ කාර්යක්ෂමව කරගන්න තමයි මේව යොදාගන්නෙ, දෙදෙනෙකු හෝ කීපදෙනෙකු අතර හුවමාරුව සිදු කරන්න පුලුවන්. ඒනිසා මේ ගණුදෙණු peer to peer transactions (P2P) කියලත් හදුන්වනවා…. ඔන්න ඔයවගේ හේතු නිසා මේ අපි ඉස්සරහට කතා කරන්න යන coins වර්ග CryptoCurrency කියල හදුන්වනවා…


මේ එක්කම යන තවත් trend එකක් තමයි bitcoin concept එක . ඒකත් මාර market concept එකක් . Bitcoin කියන්නේ සරලව කිව්වොත් රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වගේම තවත් එක මුදල් ඒකකයක්. අනිත් මුදල් ඒකක වලදී වගේම BitCoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව. මේ කියන Bitcoin මුලින්ම හදුන්වලා දුන්නෙ Satoshi Nakamoto කියන පුද්ගලයා ඒ 2008 වසරේදියි.



ඒකෙත් ඉතින් අර Crypto Currencies වගේම තමයි . මේ bitcoin අපිට කිසිම ආකාරයකින් ප්‍රායෝගිකව දැකගන්නට අවස්ථාවක් නැ . ඒ කියන්නෙ Credit/ Debit කාඩ් වල තියෙන මුදල් වගේ තමයි අපිට වෙනත් මුදල් සමග ගනුදෙනු කරන්න පුලුවන් වෙන්නෙ පරිඝණක පද්ධතියක් හරහායි. මුදල්වල කිසිම අයිතිකාරයෙක් නැහැ. භාවිතා කරන සාමාජිකයින් අනූවයි වටිනාකම තීරනය වෙන්නෙ. මේ bitcoin අපේ මුදල් වලට පරිවර්ථනය කිරීමට අවශ්‍යයිනම් අනිවාර්‍යන්ම BTC exchanger කෙනෙක් භාවිතා කල යුතුමයි. ඉතින් මේ concept දෙකම එකටම යන දෙකක් හින්ද දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වැදගත් . ඉතින් cryptocurrency and bitcoin කියන්නෙ එකටම කතාකරන්න පුලුවන් දෙකක් කියල ඔයලටම තේරෙනව ඇති. සල්ලි ගැන නිසම ගොඩාක් අය ඉතින් මේ දෙවල් දැනගන්න ආස ඇතිනේ . ඉතින් මේ crypto currency කියන්නෙ සරලවම කිවොත් computer based trade marketing and currency exchange වගේ නෙ .එ කියන්නෙ E – money කතාවම ටිකක් ලස්සනට ලියල වගේ .


දැනට ලෝකයේ Crypto Currency වර්ග 1000 පමණ තිබුණත් Base Currency Systems විදිහට Bitcoin හා Ethereum සදහන් කරන්න පුලුවන්. දැන් මේ වෙද්දි bitcoin එකක වටිනාකම Rs 657322.82 පමණ වෙනවා කොහොමද නේද එකක් හරි තිබුනනම්. ඉතින් Forex trading වලදී වගේ අපි Currency pair භාවිතයෙන් Buy sell කරන්න ඕන නෑ Crypto Trading වලදි කරන්නෙ මම කලින් කියපු Bitcoin වගෙ දවසක මිල ඉහලයාවි යැයි සිතන හොද Crypto currency මිල අඩුවට තියෙද්දි මිලදී අරන් තාවකාලිකව හෝ දිගු කාලීනව ගබඩා කර තබාගෙන මිල ඉහල ගියපසු විකුණා දැමීමයි. මාර ආතල් වැඩක් .


මගෙ සරලම හැගීම Crypto trading කියන්නේ අනාගතය වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දිගු කාලීන හා කෙටිකාලීන ආයෝජනයි. යකුනේ IT field එකේ ඉන්න හින්දම try කරල බලන්න .මේ ඉස්සරහට ලියන කරුනු ටික නම් ගත්තෙ ඩිරෙක්ට්ම net එකේ තිබ්බ post එකකින් . forex trading වලදී වගේ buy , sell order දිහා බලන් ඉදලා account loss කරගන්නවට වඩා හොදයි crypto buy කරලා තියන් ඉන්න එක..forex trading කියන්නෙ මොකද්ද කියල නම් මම දන්නෙ නැ හැබැයි එකට වඩා මේක හොඳයි කියල කියවල දැනගත්ත . අද හෙට නැතත් කවදාහරි Price up වෙයිනෙ කියන හැගීමෙන් උනත් බලන් ඉන්න පුලුවන්.. කොච්චර අපි buy කරන crypto එකේ price down උනත් Forex වලදී වගේ account එකට කෙලවෙලාම යන්නෙ නෑනේ.(post එකේ තිබ්බෙ මෙහම .එහම වෙන්නෙ නෑ කියන්නෙ ..) ඒනිසා Forex වලට වඩා Crypto trading හොදයි කියලා කියන්න කැමතියි.. එහෙමයි කියලා අවදානමක් නෑ කියලා හිතන්න එපා මොකද අපි buy කරන crypto සමහර වෙලාවට scam වෙන්න පුලුවන් නැත්නම් අපේ account එක හැක් වෙන්න පුලුවන්.ඇයි ඉතින් cyber attacks කියන්නෙ මාරම common දෙයක් නේ දැන් කාලේ .ඒ නිසා අනිත් අන්තර්ජාල ආශ්‍රිත ව්‍යාපාර වල වගේම Crypto trading වලත් අවදානම කියන එක තියෙනවා.. Crypto trading වලදී Short term(කෙටිකාලීන), Long term(දිගු කාලීන) විදිහට Crypto buy කරලා ලාභ ලබාගන්න පුලුවන් මේව ගැන ඉස්සරහට ලියන්නම් .


§ Cryptocurrencies ගද්දි අපි මොනවගේ දේවල් ගැන සැලකිය යුතුද?

Cryptocurrencies (Coins) ජාතිනම් ගොඩාක් තියෙනවා, එහෙම කියල අපි හැම coin ජාතියක්ම ගන්නෙ නැහෑ..අපි කරුණු හොයල (ඒ කියන්නෙ අදාල coin එක ගැන Research පාරක් දාල) තමයි අදාල coin එක ගන්නවනම් ගන්නේ… නැත්තම් ඉතින් දාපු සල්ලි ටික වතුරෙ තමයි… (These 5 tips are Dirrectly copied from : Internet)


Coin එකක් නිකුත් කරන්න හේතුව සහ ඒහා සම්බන්ධ වෙලා තියෙන වටාපිටාව (Project plans, Companies, Foundersල කවුද වගේ දේවල්)

Market එකෙ අදාලඑකට coin තියෙන place එක

Coins කොච්චරrelease වෙලාද, වෙන්න තියෙනවද

මිනිස්සු අතර coin හුවමාරු වෙනවද, කොච්චර විතර ඉල්ලුමක් සැපයුමක් තියෙනවද

Cryptocurrency Trading platforms වල අදාල ච් ජාතිය ට්‍ර වෙනවද නැද්ද

දැන් ඔයාලට අවුලක් එන්නෙ නැද්ද මේ ගන්න Cryptocurrencies තියගන්නෙ කොහෙද කියල . ඇයි දෙයියනෙ සල්ලි නේ මෙව්ව . එකට ඉතින් wallet එකක් ඕනලු. Cryptocurrency තියාගන්නනම් විවිධ wallets, sites තියෙනවා…. එහෙම කියල හැම තැනම තියාගන්න එකත් ඇගට හොද නැහෑ…. දැනට recommend කරන්න පුලුවන් wallets සහ sites ටිකක් internet එකේ තිබ්බා මෙන්න ඒව :


Coinbase– Bitcoin, Ethereum, Litecoin තියාගන්න පුලුවන්…

Blockchain– Bitcoin තියාගන්න පුලුවන්…

Poloniex– Coins ජාති කීපයක් තියගන්න පුලුවන්… ඒ වගේම Cryptocurrency Trading කරන්නත් පුලුවන්…

Bittrex– Coins ජාති කීපයක් තියගන්න පුලුවන්… ඒ වගේම Cryptocurrency Trading කරන්නත් පුලුවන්…

Cryptocurrency වලින් කරන්න පුලුවන් වැඩනම් ගොඩාක් තියෙනවා… ප්‍රධාන වශයෙන්ම Bitcoin කියන currency එක දැන් ලෝකෙ ප්‍රධාන මුදල් හුවමාරු ඒකකයක් බවට පත්වෙලා තියෙනවා… ඒ කියන්නෙ ලෝකයේ විවිධ තැන්වලට අපේ අවශ්‍යතාවයන්ට අනුව, කිසිම අමතර වියදමකින් තොරව ඉතා අඩු කාලයකින් මුදල් හුවමාරු කිරීමේ පහසුකම ලැබිල තියෙනවා… තාම Bitcoin වලට විතරක් ඒ පහසුකම් ලැබුනත්, නුදුරු අනාගතයේ අනෙකුත් coins වලටත් ඒ අවස්තාව ලැබෙයි.


Cryptocurrency ගැන කරපු introduction එකක් වගේ post එකක් මේක. හොයගත්ත පොඩි පොඩි දේවල් ටිකක් තමයි පුලුවන් විදියට මේ කිව්වෙ . Cryptocurrency treding ගැන ඉස්සරහ post එකකින්ම බලමුකො . මේ ගැන දනගන්න කැමති අය ඉතින් තව හොයන්න .ඕන තරම් තොරතුරු තියෙනව internet එකේ .එහනම් ජය වේවා...

Report Page