How to get Circle to Search Feature on Any Android
Jenith Indusara
Google සමාගම මේ වසර මුල දී හඳුන්වා දීපු Circle to Search පහසුකම ගැන දන්නේ නැති කෙනෙක් නම් නැති තරම්. මොකද මේ වෙද්දී මේ Circle to Search පහසුකම තිබීම සෑම ජංගම දුරකථන සමාගමක ම Flagship devices market කරන තරමේ දෙයක් බවට පත් වෙලා.
ඒ වගේ ම මේ Circle to Search පහසුකම ගැන අහලා නැති කෙනෙක්ට කියන්න තියෙන්නේ සරලව ම කිව්වොත් මේ feature එක හරහා ඔයාලට mobile device එකේ ඕන ම App ඒකක වැඩක් කර කර ඉද්දී ඍජුව ම Google search කරන්නත් display එකේ තියෙන ඕන ම දෙයක් simple tap එකකින් search කරලා බලන්නත් පුළුවන් විදිහේ දෙයක්.
ඉතින් මේ Flagship exclusive වෙලා තිබුණු Circle to Search feature එක ඔයගොල්ලන්ගෙ device එකෙනුත් use කරලා බලන්න පුළුවන් නම් ගොඩක් වටිනවා නේද? Team Widox අපි හිතුවා මේ ගැන කියලා දෙන්න. අද එහෙනම් ඒ ගැන...
Step 1

මුලින් ම ඔයගොල්ලෝ මේ file එක download කරලා install කරගන්න ඕනා. (Virus මොකුත් නෑ ☠️)
Step 2

Circle to Search App එක install වුණාට පස්සෙ App එක open කරන්න. මෙතන දී ඔයගොල්ලොන්ට Features for Google කියලා Play Store එකෙන් Google App එක update වෙන notification එකක් එයි. ඒක Update වුණා ම App එකේ මේ වගේ පෙන්නයි. (Update වෙන්න data ටිකක් නම් ඕනා 🥲)
Step 3

ඔයාලගේ device එකේ quick settings edit panel එකට ගිහින් මේ toggle එක add කරගන්න. නැත්තම් වෙන Task කරද්දී Circle to Search feature එක use කරන්න බෑ. (මොකද device එක officially support නැති නිසා)
• Xiaomi device වල quick ball එකට හරි side bar එකට හරි මේ App එක add කරගෙන කරන්නත් පුළුවන්
• Samsung වල Edge Panel එකෙනුත් පුළුවන්
Step 4

දැන් ඔයගොල්ලන්ගෙ device එකෙන් Circle to Search feature එක use කරන්න පුළුවන්.
ඉතින් Guys අපි මේ කතා කරේ මේ වටිනා Circle to Search feature එක flagship නොවන වගේ ම මේ feature එක support නොකරන ඔයගොල්ලන්ගෙ devices සඳහා ලබා ගන්න පුළුවන් ලේසි ම විදිහ ගැන. ඒ වගේම තවත් නොදන්නා යාලුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා...
Tested on
• Galaxy (Android 14)
• Redmi (Android 10)