Cigarette vs bidi

Cigarette vs bidi

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

මිල අඩු නිසා, පහසුවෙන් සුලභව ලබාගන්න අවස්ථාවන් තිබෙන නිසා සහ ඇතැම් විට අනෙකුත් cigarette වලට වඩා වැඩියෙන් මත්වීමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වැනි විවිධ හේතූන් පදනම් කරගන පුද්ගලයන් bidi බීම සිදුකරනවා.

මිල අඩු නිසා සහ ඇතැම් විට අනෙකුත් cigarette වලට වඩා ප්‍රමාණයෙන් කුඩා නිසා බොහෝ අය හිතනවා bidi වල තියන හානිදායක බවත් අඩු ඇති කියලා. නමුත් ඇත්ත තත්ත්වය නම් අනෙකුත් cigarette වලට වඩා වැඩි අහිතකර බලපෑමක් bidi වලින් ශරීරයට සිදුවෙනවා. ඒ වගේම ඇතැම් අය හිතනවා cigarette වලට වඩා bidi මිල අඩු නිසා ඉතුරු මුදල් ප්‍රමාණය ඉතිරි කරගන්න පුලුවන් වෙයි කියලා. ඇත්තටම cigarette එකක් ගන්නේ නැතිව bidi එකක් ලබාගැනීමෙන් ඔවුන්ට ඒ මුදල ඉතිරි කරගන්න පුලුවන් වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද ඒ දේවල් වෙන්නේ කියලා.

සාමාන්‍ය cigarette එකකට වඩා වැඩි nicotine ප්‍රමාණයක් ( 3-5 ගුණයක්) bidi බීම මඟින් ශරීර ගත වෙනවා. Nicotine නිසා තමයි දුම්පානයට ඇබ්බැහිවීම ඇතිකරන්නේ. ඉතින් ඒ නිසා bidi බීම සිදුකරන කෙනෙක්, අනෙකුත් cigarette බොන කෙනෙක්ට වඩා bidi බීමට ඇබ්බැහිවීම සිදුවෙනවා. තව තවත් විටින් විට bidi බීම සිදුකරනවා.


මීට අමතරව තාර, කාර්බන් මොනොක්සයිඩ්, සයනයිඩ්, ෆීනේල්, හයිඩ්‍රජන් මොනොක්සයිඩ්, ඇමයිනෝ , වැනි බොහෝ විෂ රසායන ශරීර ගත්වීමක් සිදුවෙනවා.
Cigarette වගේ නෙවෙයි Bidi වල දහනය විටින් විට නිවීමකට ලක්වෙනවා. ඉතින් එය වළක්වා ගැනීමට ඇතැම් අය මෙය නිතර නිතර සහ වැඩි බලයකින් ආශ්වාස කරන නිසා ඒ මඟිනුත් මේ විෂ රසායන ශරීර ගතවීම වැඩි වෙනවා.

මේ හේතූන් bidi බීම සිදුකරන අයට දැඩු අහිතකර බලපෑමක් ඇතිවෙනවා.
මුඛ පිළිකා, පෙනහලු පිළිකා, ආමාශ පිළිකා, වගේම හෘද රෝග ඇතිවීමේ අවධානම ඉතාමත් ඉහළ මට්ටමකින් පවතිනවා bidi පානය කිරීම තුළ. පර්යේෂණ වලින් කියනවා bidi බීම හෘද රෝග ඇතිවීම 3 ගුණයකින් පමණ වැඩි අවධානමක් ඇතිකරනවා.

ඒ වගේම ඕනෑම දුම් පානයකදී සිදුවෙනවා වගේ, විවිධ පිළිකා, හෘද රෝග , ස්වසන ආබාධ, බ්‍රොන්කයිටීස්, දෘෂ්ඨි ආබාධ , ශ්‍රවන ආබාධ, ප්‍රතිශක්තිය අඩුවීම, ආඝාතය, ලිංගික දුර්වලතා, මතකය සම්බන්ධ ගැටලු, ආතතිය සහ කාංසාව, ඇතුළු තවත් බොහෝ විවිධ ගැටලු ඇති වෙනවා.

bidi වලට වඩා cigarette වල හානිය අඩු නිසා, bidi නොබී cigarette බොන්න කියන එක නෙවෙයි කිසිසේත්ම මම මෙයින් අදහස් කරන්නේ.Bidi බීම සිදුකරන අය අතර තිබෙන වැරදි මත කිහිපයක් නිවැරදි කිරීම සහ එහි තිබෙන දැඩි අහිතකර බලපෑම් කියන්නයි මට අවශ්‍ය වුණේ.

Bidi, අනෙකුත් cigarette ඇතුළු ඕනෑම දුම්පානයක් ශරීරයට දැඩි අහිතකරයි. ඒ නිසා කිසිම දුම්පානයක් නොකර ඉන්න උත්සහ කරන්න. දුම්පානය නතර කරගන්න ඕන, ඒත් නතර කරගන්න බැරිව ඉන්නවා නම් ඊට අදාළ සහයෝගයන් (counselling & medication) ලබාගන්න. වටිනා ජීවිතය දුම්පානය නිසා විනාශ කරගන්න එපා.

Avishka Sathsara Piyumal

Report Page