Chronicle of the vampires

Chronicle of the vampires

IMANDI UDUPIHILLA

😍😍😇😇😇 ''හලෝ යාළුවනේ.මට හිතුණා වෙනසකටත් එක්ක වැම්පයර්ස්ලගේ කතාවක් ලියන්න ඕනේ කියලා. මම heirs of the night කතාවට ගොඩාක් කැමති හින්දා මේකේ තියෙන වංශ වල නම් අරන් තියෙන්නේ ඒ කතාවෙන්.ඉතින් ඔයගොල්ලෝ මේ කතාවට කැමති නම් comment එකක් දාගෙනම යන්නකෝ.'' 😍😍😇😇😇




එය අන්දකාර රාත්‍රියකි. කෞන්ට් dracula තම සහායකයාත් සමග මන්දිරයක් අසල සිටගෙන සිටියේය.කලක් මෙම මාලිගාව ඔහුට අත්වී තිබුනත් ඔහුගේ බලය පිරිහී යාමත් සමග මෙම මන්දිරය ඔහුට නැතිවී ගියේය.මේ කතාන්දරය පටන් ගන්නා දවසේ මොහූ තම පැරණි මන්දිරය ඉදිරිපස සිටගෙන සිටියේය. 

උතුමාණෙනි ඔබගේ ඊලග සැලැස්ම කුමක්ද.. ඒ සදහා මා සූදානම්.ඔහුගේ සේවකයා පැවසුවේය.


කෞන්ට් dracula වියරු සිනාවක් නැගුවේය.'' මම නොඉවසිල්ලෙන් ඉන්නේ මගේ අනිත් වංශවල නෑදෑයන් දැකගන්න.''


''එසේය උතුමාණෙනි.මම කුමක්ද කල යුත්තේ.''


''අපි එහෙනම් ගින්දරෙන් පටන් ගමු.''


''එසේය උතුමාණෙනි.'' එසැනින්ම ඔහුගේ සේවකයා තම ස්වරූපය වෙනස් කොටගෙන එතනින් නික්ම ගියේය.


කෞන්ට් dracula රුදුරු හඬකින් මෙසේ පැවසුවේය. ඉක්මනින්ම එළිසබෙතා අපි දෙන්නා එකතු වේවි. ඊට පස්සේ අපිට අපේ හතුරන්ගෙන් පලිගන්න පුළුවන් වේවි. වියරු සිනාවක් පෑ dracula එතනින් අතුරුදහන් විය.


එවිටම සුව නින්දක ගිලි සිටි අයෙක් මෙම සිදුවීම දැක ගැස්සී නින්දෙන් නැගිට සිටියේය.



Drake ඔය විකාරේ විකාරේ නවත්වන්න. මොනවද ඔය මේ කියවන්නේ. dracula නැවත නැගිටලාලු. මොකද්ද මේ විකාරේ...dracula මැරුණා. ගොඩක් කාලෙකට කලින්.කට වහගෙන ඉන්න.

''එත් තාත්තේ මම ඊයේ රෑ දැක්කනේ. මම දැක්ක කෞන්ට් dracula තව කෙනෙක් එක්ක අර එයාගේ මන්දිරේ ඉස්සසරහ හිටගෙන ඉන්නවා.''


''මල්ලි ඔය විකාරේ නවත්වන්න. බොරු කියන්න එපා.''


එත් අක්කේ මම කියන්නේ මම දැකපු දේ නේ.


drake ඔයා ඔය විකාරේ නවත්වුවේ නැත්නම් මම කරන දේ බලාගන්න.


එතකොට තාත්තේ තාත්ත කියන්නේ ඊයේ dracula කියපු මොනවදෝ වංශ ගැන ....ඒවත් බොරු කියලද....


drake මෙසේ පැවසීමත් සමග තාත්තගේ හා අම්මගේ සුදුමැලි මුහුණු තවත් සුදුමැලි වුවේය. 


ඔයා කොහොමද එක දන්නේ drake ...


මම කිව්වනේ අම්මේ මම ඊයේ රෑ කෞන්ට් dracula දැක්ක කියලා.


''තාත්තේ මේ drake කියන දේ ඇත්තද...ඒ වගේ ඇත්තටම වංශ තියෙනවද'' Darran , ඒ කියන්නේ drakeගේ අයියා ඇහුවා.


 ම්ම්ම්ම්...ඒ කතාව ගැන කියනවා නම්....තාත්තා ඒ ගැන විස්තර කිරීමට යද්දීම ඔහුගේ කරේ පැළඳි රතු පැහැති පලිගුව දිස්නේ දීමට පටන් ගත්තේය.

දිලිසීම දුටු සැනින් drake ගේ තාත්තාට බයානක පෙනුමක් ආරුඩ විය.

''ඒ මොකද්ද තාත්තේ..''drake ඇසුවේ කුතුහලයෙනි.

''මොකුත් නැහැ drake.''



එවිටම ඔවුන්ගේ වාසස්ථානයේ දොරට කවුරුන් හෝ තට්ටු කරන ශබ්දයක් ඇසිනි. තාත්තා දොර විවර කරන විට එතන සිටියේ තාත්තගේ පැරණි මිතුරන් හා ඔවුන්ගේ දරුවන්ය. 


''හෙලෝ කොහොමද cassiyas.''


''ඔයගොල්ලෝ හැමෝම මොකද මෙහෙ කරන්නේ.''drake ඇසුවේය.


''ටිකක් ආචාරශීලි වෙන්න drake.'' ලයිලා ඒ කියන්නේ drakeගේ අක්කා පැවසුවේ අමුත්තන් පෙන්වමිනි. drake ඔහුගේ ඇස් කැරකුවේ නොසතුටිනි.


''අපේ පලිඟු දිලිසුනේ මම හිතන ඒ හේතුව නිසාද ...''cassiyas ඇසුවේය.


''ඔව් එක තමා අපි මෙහෙට ආවෙත්, අපි හිතන්නේ dracula උතුමාණන් නැවත නැගිටලා කියල.''


''එහෙනම් drake අපිට ඔය කියපු දේ අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා.drake ඊයේ හීනෙන් දැකල dracula උතුමාණන් තව එයාගේ සේවකයෙක් එක්ක dracula මන්දිරය ඉස්සරහ හිටගෙන ඉන්නවා.එයා යන්නේ අපේ වංශවල බලය අරගෙන එලිසබීතට ජීවය දීලා මේ ලෝකෙම පාලනය කරන්න.එයා බැරිවෙලාවත් අපේ බලය ලබා ගත්තොත් අපි මෙච්චර කල් කරපු සියල්ලම විනාශ වෙලා යනවා.'' cassiyas, drakeගේ තාත්තා පැවසුවේ කනස්සල්ලෙනි.


 ''බය වෙන්න එපා cassiyas , අපි කලිනුත් එයාව පැරැද්දුවා. අපහු පාරක් අපිට බැරි වෙන එකක් නෑ.''

''එත් එයා වෙන ක්‍රමයක් හොයාගෙන තිබුනොත් ......අපිව පරද්දන්න.''


''Cassiyas අනාගත වාක්‍ය අමතක කරන්න එපා.'' drake ගේ තාත්තගේ මිතුරෙකු පැවසිය.


''මොකද්ද අනාගත වාක්‍ය..''drake ඇසුවේය.


drakeගේ තාත්තා ලොකු හුස්මක් අරගෙන කතා කරන්න පටන් ගත්තා.

 

''මේක අවුරුදු ගණනක් ඈතට යන කතාවක්. ඉස්සර කෞන්ට් dracula ට ගොඩාක් ලොකු බලයක් තිබුනා. ඉතින් ගොඩක් මිනිස්සු dracula ව විනාශ කරලා එයාගේ බලය ලබා ගන්න උත්සහ කරා. එයාගේ බිරීදගේ ඉල්ලීමට අනුව dracula එයාගෙම ලේ වලින් ගොඩාක් බලයක් තියෙන මැණික් ගල් දහතුනක් හැදුවා . ඊට පස්සේ dracula හා අපි අතර සටනක් ඇරබුනා. ඒ සටනට මිනිස්සු කියන්නේ වංශ යුද්දය කියලා. ඉතින් ඒ සටනේදී මැණික් ගල් කිහිපයක් විනාශ වුනා. මේ අපි පැළදගෙන ඉන්න පලිගු ටික විතරයි ඉතුරු වුනේ.පලිඟු අපි අතට පත් වුන හින්දා draculaගේ බලය පිරිහිලා ගිහිල්ලා එයා විනාශ වුණා.එත් ටික දවසක ඉඳලා අපි මේ පැළදගෙන ඉන්න පලිඟු වලින් එලිය විහිදෙනවා. ඒ කියන්නේ dracula දැන් නැවත මරණයෙන් නැගිටලා කියලා. බයානකම දේ තමා ද්‍රචුලට දැනෙනවා අපේ පලිඟු තියෙන්නේ කොහෙද කියලා. ඒවා එයාගේ ජීවිතයත් එක්ක සම්බන්ද නිසා. එලිසබේතට, ඒ කියන්නේ draculaගේ බිරිඳට හැමවෙලේම ඕනේ වුනේ මේ ලෝකේ පාලනය කරන්න. ඒකට dracula තදින්ම විරුද්ද වුණා. එත එලිසබීතා හැදුවේ පලිඟු උපයෝගී කරගෙන එයාට බලය ගන්න.ඒත් ඊට කලින් එය මැරුණා. දැන් dracula හදන්නේ එලිසබීතට ආපහු ජීවය දෙන්න.එහෙම වුණොත් මහා විනාශයක් වෙනවා.අපි මේ මානික්‍ය විනාශ කරන්න හැදුවත් අපිට බැරි වුණා.''


drake මේ සියල්ල අස සිටියේ කටත් අයාගෙනය. ''එතකොට තාත්තේ අනාගත වාක්‍ය මොකද්ද''


''ගොඩක් කාලෙකට කලින් dracula ව විනාශ කරන්න මිනිස්සු ක්‍රම හොයමින් හිටියා. වැම්පයර්වරුත් ඒ දේටම උත්සහ කරා. එතකොට අපිට හම්බුනා පොතක්.ඒක ලියලා තිබ්බේ ගොඩාක් කාලෙකට කලින්.dracula ගෙන් මිනිස්සුන්ට කරදර වේවි කියලා හිතලා තමා මේක ලියල තිබ්බේ.ඒකෙ තිබ්බේ මෙහෙම දෙයක්.

            ''අනාගතයේදී ඉපදෙන බලවත් දරුවෙකු විසින් draculaගෙන් සාමය ළඟ කිරීමට ඔහුව පරද්දා පැරණි වංශ නගා සිටුවනු ඇත.''


අපි උත්සාහ කරා මේ කියන ළමයාව හොයාගන්න.ඒත් අපිට බැරිවුණා.

''එතකොට තාත්තේ ඒ වංශ මොනවද...''


'' dracas වංශය - ඒ කියන්නේ අපේ වංශය. .එයාලාට පුළුවන් අනිත් අයගේ මනස කියවන්න.

 ඊළඟට තියෙනවා nosferas වංශය - ඒ ගොල්ලන්ට පුළුවන් කුරුසිය අල්ලන්න . පුජනීය වස්තූන් හැම එකක්ම කිසිම බාදාවක් නැතුව අල්ලන්න පුළුවන්.

 ඊළඟට Vyrad වංශය - ඒ ගොල්ලන්ට පුළුවන් කාළගුණය පාලනය කරන්න.

 ඊළඟට pyras වංශය - ඒ ගොල්ලන්ට පුළුවන් ගින්දර පාලනය කරන්න.

 ඊට පස්සේ vamalia වංශය - ඒ ගොල්ලන්ට තියෙන්නේ මේ ලෝකේ තියෙන බලවත්ම දෙය. ආදරයේ බලය.

  තව වංශයක් තියෙනවා Lycana කියලා ඒත් අපිට තාම lycana වංශයේ කෙනෙක් හමුවෙලා නෑ. ඒ ගොල්ලන්ට පුල්ලුවන් සත්තු එක්ක කතා කරන්න.ඔය ටික තමා වැම්පයර් වංශ ටික.''


''තාත්තේ dracula කිවුවා එයා ඉස්සෙල්ලාම පටන් ගන්නේ ගින්දරෙන් කියලා.ඒ කියන්නේ Pyras වංශයෙන් නේද''


'' එක තමා drake අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ.''



DRACAS


VAMALIA


VYRAD


LYCANA


NOSFERAS


😉😉😉....ඊට පස්සේ මොකක් වෙයිද...ඒ ටික ඉතින් අනිත් කතාවෙන් තමයි දැනගන්න ඕනේ.....එකත් ඉක්මනටම අරගෙන එන්නම්කෝ.....😉😉😉

Report Page