CHAT

CHAT

Dn

ෆෙයාරි එක්කගෙන යනකොටත් ඇය මැරිලා 





දොස්තරවරු නම් කිව්වේ ඇයගේ හදවත කවුරු හෝ එළියට අරගෙන ඇති බව 






අපි දැන් බලමු ෆෙයාරි ගේ ආත්මෙ කියන කතාව 




ෆෙයාරි ගේ ආත්මය 



මට අම්මයි තාත්තයි ෆෝන් එකක් අරන් දුන්නෙ ස්විමින් තරමින් දින නිසා ....මං එෆ්බී දාගත්තෙ කම්මැලිකමට යාලුවෝ හොයාගන්න ..



අන්තිමට යාලුවෝ ගොඩක් හොයාගත්තා .. දවසක් මම එෆ්බී එකේ දැක්කා ලස්සන පිරිමි ළමයෙක් ..ඔයාගේ profile එකේ හැමතැනම තිබ්බෙ එයාගේ පොටෝ..

එයා ඇඳන් හිටපු හැම ඇඳුමක්ම කළු පාටයි ....







ඉතින් එයාගේ හැම පෝස්ට් එකටම like කරා කමෙන්ට් කරන්න ....ඉතිං එක දවසක් මට ඉන්බොක්ස් මැසේජ් එකක් ආවා....




"hi"



මං බැලුව ඒ කවුද කියලා ...ඒ හිටියේ මං කිව්වේ ඒ පිරිමි ළමයා ...




ඉතින් මාත් 

"hi "



"මගේ නම නිම්න "





"මගේ නම ෆෙයාරි "





"ඔයා කොහෙද "





"අම්පාර "




"අම්පාර කොහෙද "





"ඇයි එන්නද 😂"





"ඇයි මං එන්න ඕනෙද "





"🤣🤣"





 "කොහෙද කියලා කියන්න "






"අම්පාරේ uhuna එතකොට ඔයා"






"බොරැල්ලේ "






"බොරැල්ල කනත්තේ ද "






"නෑ ඒ ළඟ ගුහාවේ "





"🤣🤣හාකො හාකො "





මේ විදිහට අපි එක දිගට මැසේජ් කරා ....හැමදාම දාම වගේ මැසේජ් කරා .... ඒත් එයා මාත් එක්ක මැසේජ් කරන එක මං මැරෙන්න මාසෙකට කලින් එකපාරටම නැවැත්තුවා ....මං මැසේජ් දැම්මට සීන් කළෙත් නෑ ....




එදා බාප්පා accident නිසා අම්මයි තාත්තයි බප්පා බලන්න ගියා ...

මාත් ගියා නම් මෙහෙම මැරෙන්න වෙන්නේ නෑ....





කතා කරල වැඩක් නෑ ...එදා මම සෝෆා එකට වෙලා එෆ්බී එකේ හිටියෙ එතකොටම මට නිම්න ගෙන් මැසේජ් එකක් ආවා....




"ඔයා එන්න කිව්ව නිසා මං ආවා😈 "




"කොහෙද "




"ඔයාගේ ගෙදරට 😈"




"හෑ "




"දොර අරින්න 😈"




 "හලෝ බොරැල්ල ඉන්න කොහොමද මෙහෙ එන්නෙ"





"ඇරපන් ගෑනිය දොර 😈😈"






මේ සද්දෙට බය උනා ...දොර ඇරලා බැලුවොත් එයා හිටියේ නෑ ...මං පාරටත් ගියා ...ඒත් නෑ මම ද ගෙදරට ඇවිල්ලා දොර වහලා අනිත් පැත්ත හැරෙනකොටම හිටියේ ...



නිම්න .... එයා ටිකක් අමුතුයි එයාගෙ පිටිපස්සෙන් වලිගයක් තිබ්බා.... අන් දෙකකුත් තිබ්බා ..

මුලු මූනම පනුවො වගේ හරි අමුතුවෙන් .... එකපාරටම ඌ මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා 






"අයියෝ ....කෙනෙක් එකපාරටම හායි කිව්වට හොයලා බලන්න නැතුව හායි කියනවද ....ඕගොල්ල වගේ කෙල්ල නිසා මට ඉන්න ජීවත්වෙන හරිම ලේසියෙන් ...ඔයා හිතයි මං මේ බොරුවක් කියන්නේ කියලා .... මට එක කෙල්ලෙක්ගෙ පුවතක් කෑවොත් අවුරුදු දහයක් ජීවත් වෙන්න පුළුවන්..... හැබැයි ඒ කෙනා කෙනාත් එක්ක මම කතා කරල තියන්න ඕනේ ..... ඉතිං ඔයා මාත් එක්ක ෆෝන් එකෙන් කෝල් අරන් තියෙනවනේ ....ඉතින් මට තමුසෙගෙ හදවත කන්න පුළුවන් "





ඌ මහ හයියෙන් හිනා වුණා 








කරන්න තියෙන එකම දේ තමයි පණ බේරගෙන දුවන එක ..කොහෙද කියලා දුවන්නද අනිවාර්යෙන් මගේ හදවත ගලවා ගනී කියලා මට තේරුණා .... මම ෆෝන් එකක් අරගෙන කෙලින්ම දුවලා ගියේ මගේ කාමරේට .... එහෙම ගිය මම කාමරේ දොර වහගත්තා .....මන්දිරයේ මන්දා මන්ද මොකක්ද කරන්නේ.... අම්මට කෝල් එකක් ගන්න ඕනේ...


මම පරක්කු වැඩියි ..ඒ රාක්ශයා මගේ කාමරයට ඇවිල්ලා ඉවරයි .... ඌ කොන්ඩෙන් අල්ලගෙන මාව ඌගෙ පැත්තට ගත්තා .... මගේ මූණ හූරන්න ගත්තෙ මට හෙල්ලන්නවත් බැරි විදිහට ..... ටික වෙලාවකින් ඌ මගේ පපුව හිල් කරන්න පටන් ගත්තා ...ඒත් එක්කම මගේ ඔක්කොම වේදනාවන් නැති වුණා .....





තේරුණා මං මැරිල මේ මගේ ආත්මය කියලා ...ඒත් එක්කම මගෙන් ගත්ත හදවත පාරටම කෑවෙ මස් ගුලියක් කනවා වගේ .....ඊට පස්සේ ඌ කාමරෙන් එලියට පැනලා ගියා ....






ටිකකින් අම්මලාත් ආවා .


 

කොහොම කියන්නද ආත්මයක් නේ ...ඒත් එක්කම මං ඇදීගෙන ගියේ ... ඊළඟ ආත්මයට වෙන්න ඇති 









කෙනෙක් හායි කිව්ව පලියට හායි කියන්න එපා .....ඒක බරපතළ වෙන්න පුළුවන් 






කතාව කියව්ව්ටබොහොම ස්තුතියි බුදු සරණයි ...




  #DN



තව කතාවකින් හමුවෙමු

Report Page