CCalendar method for study well
Study with CHILL
පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්රමය...
ඔන්න අද ආටිකල් එක ලියන්නෙ පාඩම් කරන්නෙ කොහොමද.. කොහොමද ආසාවක් ඇති කරගන්නෙ කියලා.. ඔයාලට දැනටම ටයිම් ටේබල් එකක් තියනවා වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන්. හිතන හිතෙන සබ්ජක්ට් එක පාඩම් කරනව වෙන්නත් පුලුවන් .. ඕන ක්රමයක් ඔයාට පහසු විදියට මේ ක්රමයට ඇප්ලයි කරල බලන්න.. මේකට පොඩි බඩු දෙකක් ඕන වෙනවා..
1) ලොකු අංක සහිත කොටු තියන කැලැන්ඩර් එකක්
2)තරු ස්ටිකර් කාඩ් එකක්
ඔයා විනඩි 5 ,10 වගෙ එක තැනකට වෙලා ඉන්න බැරි කෙනෙක් නම් ඔයා දවසට පොඩ්ඩ පොඩ්ඩ පාඩම් කරල ලොකු කාලයක් පාඩම්කරා වගෙ ෆීලිං එකක් එනව ඇති.. මටත් ආවා😂 අනේ එත් බලනකොට මහ බොරුවක්.දවසට අවම පැය දෙකක් වත් ඵලදායි දෙයක් කරල නෑ..
මෙහෙමයි.. මුලින්ම ඔයා හෙට ඉදන් පටන් ගන්න ඉන්නවනම් මේක හෙට මොනාද පාඩම් කරන්නෙ කියාල අද රෑ නිදාගන්න කලින් කල්පනා කරලා තියලා ඒ අදාල නෝට්ස්,පේපර්ස් ලග තියාගෙන( මේසෙ උඩ) නිදාගන්න පුලුවන් නම් වැඩේ ලේසි. ආයෙ නෝට් හොයන්නයි මොකක්ද අද කරන්නෙ කියලයි තීරනය කරන්න වෙලාව යන්නෙ නෑ.
දැන් පටන් ගමු.. ඔයා ලග තියන ෆෝන් එකෙ ටයිමර් එක තියාගන්න පැයකට. (60min)පස්සෙ ටයිමර් එක ස්ටාට් කරපු වෙලේ ඉදන් හිමින් ඔයගෙ අදාල කොටස පාඩම් කරන්න.. හැබැයි ඔයා මෙ පැය අනිවාරෙන් පාඩමට ෆෝකස් වෙන්න ඕන..
හිතන්න ඔයාට 20 වෙනි විනාඩියෙදි වොශ් රූම් යන්න ඕන වෙනවා කියලා.. එහෙම වුනොත් අර ටයිමර් එකක් ස්ටොප් කරල අදාල වැඩේකරගෙන ඇවිල්ල ආයෙ ස්ටාර්ට් කරල පටන් ගන්න.. ඔන්න ඔය වගෙ පැයක් ඔයා ඔයාගෙ පාඩම හෝ ගනන් හදන එක හරියටම කරන්න.. ඔයාට දැන් ටයිමර් එක වදින්න ගනි. ඒ කියන්නෙ ඔයා පැයක් සාර්තකව පාඩම් කරලා.. දැන් ඔයා ඉන්න තැනින් ටිකක් නැගිටල අර තරු කාඩ් එකෙන් තරුවක් අරන් අද දවසට අයිති කැලන්ඩර් කොටුවෙන් අලවන්න.. ඒ කියන්නෙ අද ඔයා පැයක් පාඩම් කලා..
ඔයාට මුල කාලෙ ඕකෙ ඇලවෙයි තරුවක් දෙකක් තුනක්.. කමක් නෑ කරන්න.
ඔයා තරු 6 පාස් කරනවමයි අද කියල හිතන්න..මම මුල් දවසෙ ඇලෙව්වෙ තරු දෙකයි😂 එදා මම හිතුවා " දෙයියනෙ මෙච්චර පැය 24න් පැය දෙකද වැඩ කලේ මම මොන අපතයෙක්ද " කියලා.. පස්සෙ මම සතියෙන් පැය 6+ කරන්න ගත්ත. ඇත්තටම පාඩම් කරලා හුරු නැති අයට මේක ලොකු කට්ටක් වගෙ.. එත් බලන්න කැලැන්ඩර් එකෙ තරු ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ආස හිතෙන තරම..
අත්දැකිමෙන් කියන්නෙ.. ඔයාලත් එ ෆීලිං එක ගන්න..
පැයෙන් පස්සෙ විනඩි 5ක් 10ක් රෙස්ට් එකක් අරන් ආයෙම කන්ටිනිව් කරන්න.
ඔයා පේපර්ස් කරනවනම් ෆුල් පේපර්ස් ඒකට පැය 5ක් ගන්නවනම් ඒ පැය පහටම ටයිමර් සෙට් කරලා අවසානයෙ පැය පහට තරු පහක් අලවන්න..
මේක හරිම ලේසි වගෙම මේක සැගවුන මෝටිවේශන් එකක් වෙයි අනිවාරෙන්ම..
පාඩම් කරන අතර අනිවාරෙන් හොදට වතුර බොන්න මතක ඇතුව.. ලග අනිවාරෙන් වතුර බෝතලයක් තියාගන්න.. මොලේට ගොඩක් ඔක්සිජන් ඕන.. එව්ව අපිට වතුරෙන් ගන්න පුලුවන් .
ඒ වගෙම හොදට නාන්න.. අපිට නානකොට ලොකු රිලැක්ස් එකක් දැනෙනවා..
පැය හයක් අනිවාරෙන් නිදාගන්න.. බොරුවට දවසට පැයක් දෙකක් නිදාගන්න එපා..එක්සැම් ලං වෙලා ලෙඩෙක් වෙයි..
අම්මල එක්ක කතා කරන්න .. කුස්සියට ටිකක් ගිහින් පොල් ටිකක් එහෙම ගාල දෙන්න.. පොතේම ඉන්න එප පොත් ගුල්ල වගේ.. අපිට රිලැක්ස් එකක් ඕන
දවසට හොදට වැඩ කලා කියල ඔයාට තෘප්තිමත් නම් ෆිල්ම් එකක් බලන්න .. කිසිම අව්ලක් නෑ..
හොද පෝශ්ය ආහාර ගන්න.. අනිවාරෙන් ඒක කරන්න.. ඒලෙවල් කාලෙ තමා ගැස්ට්රයිටිස් එන්නෙ.මටත් ආවා.. ගැස්ට්රයිටිස් ආවම රෑට වැඩක් කරන්න බෑ වමනෙ එනවා. පරිස්සමින් වැඩ කරගන්න.. ජය වේවා!! පෝස්ට් එක ප්රයෝජනවත් උනා නම් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න ✌🙂
#Study_with_CHILL
#Motivation
#learning methods