Broken

Broken

sanem
My heart scares you but my gun does not

Episode 03


නිර්වාන්ගෙ සැර වචන වලට බය වුනු මම දගලන එක නවත්තද්දී අර කෙල්ල අඩ අඩම ටැටූ එක මගෙ අතේ ගැහුවේ ,මට ඒක දැකල හිනාවක් යද්දී ,ඊයේ වෙච්ච තුවාලෙට උඩින් අද ටැටූ එකක් ගහද්දි කොච්චර රිදෙනවද කියල ඒ කෙල්ලට තේරෙන්න ඇති ,විනාඩි හතලිහක් විතර යද්දී ටැටූ එක ගහල ඉවර වුනම ඒ කෙල්ල මැශින් එක අතෑරල හයියෙන් අඩන්න ගත්තෙ නිර්වාන් ඇස් හීනි කරගෙන ටැටූ කෙල්ල දිහා බලද්දි


නිර්වාන්ගෙ ඒ බැල්ම මොන වගේ එකක්ද කියල එයාව හැමෝටම වඩා හොදින් දන්න මට තේරුනත් මට කරන්න පුළුවන් දෙයක් තිබ්බෙ නෑ ,බලාගෙන ඉන්නවා ඇරෙන්න , ඒ පුංචි කෙල්ල ටැටූ මැශින් එක අරගෙන අඩ අඩම කාර් එක පහු කරගෙන යද්දී එකපාරට ඇහුනු වෙඩි සද්දෙ එක්ක එයා බිමට කඩාගෙන වැටුනේ මම ඉදපු තැනින් නැගිටල එතනට දුවගෙන යන්න හදද්දී


ඒත් නිර්වාන්ගෙ අතක් මගේ අත් ගොබේකින් අල්ලගත්තෙ මගෙ ගමන නවත්තලා, බලාගෙන ඉදිද්දී ඒ කෙල්ලගෙ ඔලුව පුපුරලා ගලාගෙන ගියපු ලේ වලින් එතන බිම තෙමිලා යද්දී ආයෙම පුරුදු අප්පිරියාවෙන් මගෙ හිත පිරිලා ගියා


" රයන් මෙතන ක්ලීන් කරන්න " මාව ඇතෑරලා දාලා මිනිය තිබුනු තැනට ගියපු නිර්වාන් ඒ කෙල්ලගෙ අතින් බිමට වැටුනු ෆෝන් එක අතට අරගත්තේ එයාගෙ නිතරම ග්ලවුස් දාපු අත් වලින්,එයා මගේ ලගට ඇවිදගෙන එද්දි මගෙ ඉස්සරහට එයා දික් කරපු ෆෝන් එකෙ තිබුනෙ emergency number එකක් අර ගෑනු ලමයා හදල තියෙන්නේ ඒකට කෝල් කරන්න ,ඒත් නම්බර් එක ටයිප් කරන්න විතරයි පුළුවන් වෙලා තිබුනේ


" මගෙත් එක්ක හැරෙන එක ලේසි නෑ " මාවත් තල්ලු කරගෙනම නිර්වාන් වාහනේට නැගල ඉවර වෙද්දි මාත් කතා නොකරම වාහනේ ඇතුලට ගියේ එයා කකුලක් පිට කකුලක් දාගෙන ෆෝන් එක ඔබන්න ගනිද්දී


ආයෙම දිග ගමනකින් පස්සෙ ලක්සරි හොටෙල් එකක් ගාව වාහනෙ නැවත්තුවෙ නිර්වාන් එක පැත්තකින් බැහැල යද්දී


" හරියට ම විනාඩි අටකින් තමුන් මගෙ ගාව ඉන්න ඕන vip entrance card එකක් මගේ උකුලට විසි කරල එයා ගාඩ්ස්ලා පිරිවරාගෙන ඇතුලට ගියා රයනුත් වාහනෙන් බැහැල ඒ පිටිපස්සෙන් යද්දී එකපාරට ම වාහනේට ඇවිත් නැග්ගේ අර මට බෙහෙත් දන්න ආපු පොඩි කොල්ලා


" මැඩම්" එලිය බලාගෙන ඉදපු මම ඒ කොල්ලා දිහාවට හැරෙද්දි ඒ අතේ තිබුනේ බෙහෙත් පෙති දෙකක්

,එක ඇහි බැමක් උස්සගෙන මම ඒ කොල්ලා දිහාම බලාගෙන හිටියෙ ඒ මොකද්ද කියන්න අහන්න වගේ


" පේන් කිලර්ස් සැර අඩු ඒව "


" ඇයි මට ඕව දෙන්නෙ"


" රිදෙනවනෙ අත ඒකයි" සැරින් සැරේ වෙලාව බලන ගමන් ඒ කොල්ලා කියවගෙන යද්දී මම කරේ හිනාවෙලා අහක බලාගත්ත එක,මම බෙහෙත් පෙති ගන්නෙ නෑ කියල හිතුන නිසාද කොහෙද ඒ කොල්ලා ඒක ආයෙම සාක්කුවට දාගත්තේ තොල් දෙකත් නොපිට පෙරලගෙන පොඩි එකෙක් වගේ


"මම සචින්" ආයෙ ම වතාවක් ඒ කොල්ලා හිනාවෙලා කියද්දි කට කොනෙන් හිනාවෙලා මම කාර් එකෙන් එලියට බහින්න හැදුවෙ


"තව විනාඩි තුනක් තියෙනවනෙ විනාඩියක් තියල බහින්න සර් කැමති නෑ වෙලාව වරද්දනවට"


බහින්න හදපු කකුල ආයෙම මම ඇතුලට ගත්තා


" මම ග්‍රේස්" 


" මම දන්නො"


" ඉතින් මොකද මේ ඔයා විතරක් මට හොදින් සලකන්න හදන්නෙ...නිර්වාන් කිව්වද එහෙම කරල බලන්න කියල මම මොකද්ද කරන්නෙ කියල "


" අයියා එහෙම කිව්වෙ නෑ "


"අයියා ?"


" ඕ නිර්වාන් මගෙ අයියා නෙ"


" මට එයා මල්ලි කෙනෙක් ගැන කියල නෑ "


" රසද අර ජෑම් එක" කිසිම ගැලපීමක් නැති ප්‍රශ්නයක් එකපාරට සචින් අහද්දි මම ඇස් හීනි කරගෙන බැලුවෙ එයා දිහා


" අක්කට කන්න දුන්නෙ පාන් ...නිර්වාන් අයියා ඒව නිකන් දුන්නෙ ගල් වගේ කන්න බෑ නෙ හලෝ මම හදපු ජෑම් එකක් ගාල මම ඔයාට ඒව දුන්නෙ"


" ඇත්තට ඒකෙ ජෑම් ගාල තිබුනද?"


" ඔ මන් හොදට ජෑම් ගෑවනෙ"


" ආයෙ ඔයා ජෑම් හදන්න එපා ලේසි ඊට වඩා වතුර වලින් පොගවල පාන් කන එක" මම කියද්දි සචින්ගෙ මූන මැලවිලා ගිය හැටි දැකල මට හිනාවක් යන්න ආවා


" ඒව රහ නැද්ද "


" නෑ පොඩ්ඩක්වත් රහ නෑ අඩුම මම ඔයා කියනකන් දැනගෙන හිටියෙ නෑ ඒ පාන් වල ජෑම් තිබුන කියන එකවත් "


පිහියෙන් අනින්න වගේ වචන ටිකක් කියල වාහනෙන් මම එලියට බැස්සෙ බූට් දෙක අස්සෙ රදවපු කිනිස්සකින් කකුල තුවාල වෙනව දැනෙද්දිම, නිර්වාන් මේ තරම් මිනිහෙක් කියල මම දැනගෙන හිටියෙ නෑ අඩුම එයාට මල්ලි කෙනෙක් ඉන්නවා කියන එකවත් දැනගෙන හිටියෙ නෑ මම,ආයෙම වතාවක් මට මන් ගැනම කලකිරීමක් දැනෙද්දී ටිකෙන් ටික අඩි තියල ඉස්සරහට යද්දී මට ඇහුනේ සචින් බෙරිහන් දෙනවා


" ආහ් අයියා වගේමයි ඔයත් මනුස්සපාටක් ගෑවිලාවත් නෑ " සචින් වාහනෙ ඇතුලෙ මොකක් හරි පොලොවෙ ගහල කෑ ගහද්දි මට මතක් වුනේ හැමදාම ගල් ගෙඩි ගිලිනවා වගේ කාපු පාන් කෑලි වල සමහර දවස් වලට පුංචි පැනි රසක් ආපු හැටි,අදුරගන්න බැරි විදියෙ හිනාවක් මගේ මූනෙ ඇදෙද්දී මම බලාගෙන හිටියෙ අත් ඔරලෝසුව දිහාම බලාගෙන ගාඩ්ස්ලා මැදට වෙලා ඉන්න නිර්වාන් ව


" වෙලාවට ම ඇවිත් "

එහෙම කියපු නිර්වාන් මාත් එක්ක හිනාවුනේ මාව එයාට පිස්සුවෙන් වගේ මේ තරම් කාලයක් අලවගෙන තියාගෙන ඉදපු පිස්සු හැදෙන හිනාව දාලා


" රයන් එලියෙන් ඉන්න මගේ ගාඩ් එකට දැන් ඒන්ජල් ඉන්නවනෙ" රයන්ලට අතින් සන් කරගෙනම නිර්වාන් ඉස්සර වෙද්දි රෙඩ් කාපට් එක මැදින් මම එයා එක්ක ගියේ සැරින් සැරේ මූනට වදින ෆ්ලෑශර් එලි හින්දා නොපෙනී යන්න හදන ඇස් යතා තත්වෙට අරගන්න ගමන්


" මිස්ට නිර්වාන් අපිට කියන්න පුළුවන් ද අද ඔබතුමා විශ්වාස කරනවද මේ සම්මානය ඔබතුමාට හිමිවෙයි කියල " මීඩියා එකෙන් එහම අහගෙන නිර්වාන් ලගට ලං වෙනවත් එක්කම නිර්වාන්ව ගාඩ් කරගන්න මම ඉස්සරහට ආවෙ ඇයි කියන්න මට තේරුනෙ නෑ ,


" මිස්ට නිර්වාන් මේ අලුත් ගාඩියන්ද?"


" ඔක්කොටම උත්තර හම්බෙයි පස්සෙ " ඉතින් එයා කිව්වෙ එච්චරයි ,ආයෙම පාරක් ඒ විශාල රූපෙ පිටිපස්සෙන් මම ඇවිදගෙන ගියේ සාක්කුවට අතකුත් දාගෙනම ,




කතාව පටන් ගත්තා විතරයි යාලු..කමෙන්ට් සීයක් තිබ්නොත් තව එපිසෝඩ් එකක් දෙන්නම්....දැන් අහන්න එපා කියාදෙන්න ආදරේ තරම් එකෙ උන්ගෙ නම් කතාවෙ උන්ට දැම්මෙ මොකද කියල මම ලියපු කතා ගානෙ හැටියට මට දැන් කොල්ලොන්ට කෙල්ලොන්ට දාන්න නම් නෑ බොලව් සපුමල් කියල දාන්න වෙන්නෙ ඊලග එකාට



Report Page