Telegra.ph/Instant view එකක් හදන්නෙ කොහොමද?
Telegram_Tips#Telegra.phTips 00

අද මේ ලිපියෙන් කියන්නෙ ඔයාල කොහොමද ඔය කතා ලියන අය/ලිපි ලියන අය වගේ Instant View මැසේජ් එකක් හදන හැටි ගැන. මම වෙනද වගේම පොටෝ වලින් කියන් යනව. ඒක තේරෙන්නැති කෙනෙක් ඉන්නව නං පහළම ඇති you tube video එකක්. අන්න ඒක බලන්න.
එහෙනං බහිමු වැඩේට.
මුලින්ම ඔයා telegram app එක ඕපන් කරපු ගමන් උඩින් එනවනෙ search icon එකක්.

ඔයා මෙන්න මේක click කරල එතන ටයිප් කරන්න @Telgraph කියල. එතකොට ඔයාට පෙන්නන ලිස්ට් එකේ මම මේ පහල පොටෝ එකේ කොටු කරපු බොට් ව ඕපන් කරගන්න. (මතක තියාගන්න නිල් පාට හරියක් දාපු තරුව තියෙන බොට් විතරක් ඕපන් කරගන්න)

දැන් ඔයාල ඒ චැට් එකට ගිහිල්ල start දෙන්න.

ඊට පස්සෙ ඔයාලට පෙන්නනව buttons තියෙන menu එකක්. එතනින් මම පහළ පෙන්නනව වගේ Log in as.... කියන එක ඔබන්න.

දැන් ඔයාලව chrome browser එකෙන් වෙනම පේජ් එකකට අරන් යයි. එහෙම නැති නං ඔයාගෙ ෆෝන් එකේ web browser's කීපයක් තියෙනව නං chrome එක select කරන් ඒකෙන් යන්න.

දැන් ඔයාලව අරන් එනව telegra.ph site එකට. ඔයාලට දැන් පුලුවන් ඕනෙ විදිහකට ඔයාට ලියන්න ඕනෙ උන දේ ලියන්න.
ඒ වැඩේ ඉවර උනාට පස්සෙ පහළ publish කියන එක ඔබන්න.

ඊට පස්සෙ ආපහු එන්න ඔයාගෙ Telegraph bot ගෙ චැට් එකට. ඇවිල්ල ආපහු පාරක් /start කියන එක ඔබන්න.

ඊට පස්සෙ ඔයාට පෙන්නනව My posts කියල button එකක්. අන්න ඒක එබුවම ඔයාට පුලුවන් ඔයාගෙ සියලුම Instant views ටික බලාගන්න.

මේ ටික තේරුනේ නැති කෙනෙක් ඉන්නව නං මේ පහළ you tube video එක බලන්න. ඒකෙ ගානට පැහැදිලිව පේන්නම කරනව. (මම recommend කරනව පැහැදිලිව බලාගන්න 360p වත් බලන්න කියල.)
කැමති නං කෙලින්ම you tube එකෙන් බලන්න.
Link : https://youtu.be/kKCGxg48VpU
ඕනි නං මේකෙන්ම බලන්න.
එහෙනං වැඩේ තේරුනා කියල හිතනව. කතා ලියන ලිපි ලියන අයට වැදගත් වේවි.
ජය වේවා...