Billy Milligan (multiple personality disorder)

Billy Milligan (multiple personality disorder)

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•



1955දි ඉපදුන විලියම් ස්ටැන්ලි මිලිගන් කියන්නෙ අහින්සක ලමයෙක් .. කාටවත් හිරිහැරයක් නැති පුද්ගලයෙක්.. ඒ උනාට මෙයාගෙ තාත්තා නම් බේබදුකම නිසා හැම වෙලේම අම්මටයි ලමයින්ටයි වද දිදී හිටිය කෙනෙක්.. කොහොම හරි කාලයක් යනකොට පුන්චි බිලී ලොකු වෙන්න ගන්නව.. පොඩි කාලෙ හිතේ මවාගත්ත යාලුවො එක්ක කතා කරන බිලී ලොකු වෙනකොට හිතෙ මවාගත්ත යාලුවන්ව තමන්ගෙ මවටද මිතුරො විදියට හදුන්වලා දෙනව.. කාලයක් යනකොට බිලී ප්‍රශ්න වැලකට පැටලෙන්න ගන්නව

පැහරගැනීම් 3ක් මංකොල්ලකෑම් 3ක් ප්‍රචන්ඩ ක්‍රියා 4ක් නිසා 1975දි මෙයා හිරෙ විලන්ගුවෙ වැටිලා 1977දි ආපහු නිදහස් වෙලා එනව.. ඒ ආවයින් පස්සෙ ඔහියො ප්‍රාන්ත විශ්ව විද්‍යාල කාන්තාවන් තුන් දෙනෙක් දූශනය කිරීම සම්බන්දව වැරදිකරු වෙච්ච නිසා ආපහු 1977දිම මෙයාව හිරේට දානව.. මේ හේතු නිසාම 1977දි සිරගත වන බිලී මිලිගන්ගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය පෙලබෙනව.. පස්සෙ මෙයාව මනෝ වෛද්‍යවරයෙක් ලගට යැව්වම තමා කතාව උඩු යටිකුරු වෙන්නෙ.

මනෝ වෛද්‍යවරු මෙයාව පරීක්ශා කලාට පස්සෙ දැනගන්නව බහු පෞර්ශ ආබාදයකට ගොදුරු උන රෝගියෙක් කියල.. හැසිරීම් රටා අපරාද නිරීක්ශනය කිරීම මගින් වෛද්‍යවරු තහවුරුකරගන්නව මෙයාගෙ මනසෙ මෙයාට අමතරව පුද්ගලයන් 10 දෙනෙක් ජීවත් වෙනව කියල .. මේ 10 දෙනා ප්‍රදාන 10 දෙනා විතරයි සෙසු අයත් එක්ක ගණනය කලාම බිලී මිලිගන් කියන පුද්ගකයගෙ මනසෙ තවත් පුද්ගලයො 24කගෙ අනන්‍යතාවයන් තියනව කියල තහවුරු වෙනව

බිලී මිලිගන් වයස අවුරුදු 3 -4 වගෙ කාල වලදි තමා මනස තුල විවිද පෞර්ශයන් වලට බෙදෙන්න අරන් තියෙන්නෙ.. වයස අවුරුදු 8 - 9 වගෙ කාල වලදි සුලු පියා අතින් දූශනයට ලක් වීම හේතුවෙන් මනස තුල හිටපු පුද්ගලයන් ගාන වැඩි වෙලා තියනව

අපි සාමන්‍යෙන් ගත්තොත් වෙලාව බලන්නෙ පැය ගනන් වලින්නෙ ඒ උනාට බිලී මිලිගන් කියන ප්‍රදාන චරිතය වෙලාව බලන්නෙ දින වලින්.. අද දිනය මොකක්ද කියන එක තමා එයාට තියනව ප්‍රශ්නය.. මොකද බිලී මිලිගන් කියන කෙනා අවදි වෙන්නෙ දවස් ගානකට මාස ගානකට වතාවක්.. එතකන් අනිත් ප්‍රදාන පෞර්ශයන් 10 තමා මනස පාලනය කරන්නෙ..

හරි දැන් බලමු මේ එක පුද්ගලයෙක්ගෙ මනස ඇතුලෙ හිටපු 24 දෙනාගෙ හැකියාවන් මොනාද කියල

පහලින් විස්තර කරන චරිත බිලීගෙ මනසෙ ඉන්න අය .. ඒ අයගෙ බර උස වයස හැම දේම බිලී විසින් මවාගත්ත එව්වා .. ඒ නිසා ඒව ගැන වැඩිය හිතන්න යන්න එපා

1) විලියම් ස්ටැන්ලි මිලිගන් ( බිලී) වයස 26යි .. "ප්‍රාතමික චරිතය" සාමන්‍යෙන් දන්න අහින්සක චරිතය තමා මෙයා.. මේ තමා ඔරිජිනල් කෙනා.. උස 183 cm බර 86 KG ඇස් නිල් පාටයි කොන්ඩෙ දුඹුරුයි

2) ආතර් , වයස 22යි . ඉන්ග්‍රීසි ජාතිකයෙක්.. මොලේ තියන කෙනෙක්.. භෞතික විද්‍යාව රසායන විද්‍යාව ගැන දැනුමක් තියනව.. ඒ වගේම අරාබි බාශාවත් චතුර විදියට කතා කරනව.. අදේවවාදි පුද්ගලයක් වගේම ධනවත් කන්නාඩි පලදින කෙනෙක් විදියට තමා මෙයාගෙ හැසිරීම තියෙන්නෙ.. ඒ වගේම බිලි මිලිගන්ගෙ මනසෙ ඇඳුන සියලු දෙනාගෙ අනන්‍යතාවය හදුනාගන්න තරම් මේ පෞර්ශය බුද්දිමත්

3) ‍රීඩ්ෂෙඩ් වඩස්කොවිනිච් - බිලීගෙ මනසෙ ඉන්නෙ ටිකක් කලහාකාරි චරිතයක්.. වයස 23යි .. ඕනම දෙයක් සම්බන්දව වෛරයකින් තමා මෙයා ඉන්නෙ.. ඒ කියන්නෙ ඉක්මනට තරහ යන කෙනෙක්.. ස්ලෝවික් උච්චාරණය සහිත ඉන්ග්‍රීසි බාශාව කතා කරන නමිත් සර්බියානු ක්‍රෝෂියා බාශා ලිවීම කියවීම කතා කිරීම වගේ විශේශ දක්ශතාවයක් බිලීගෙ මනසෙ ඉන්නෙ මේ චරිතයට හැකියාව තියනව.. ඒ වගේම කරාතේ ශූරයෙක් උන අතර බර කිලෝ 95ක් .. මෙයා පවුලේ ආරක්ශකයා (මනස තුල ඉන්න අයට තමා පවුල කියල හදුන්වන්නෙ) .. මෙයාගෙ බර කිලෝග්‍රෑම් 95ක් වගේම ශක්තිමත් අත් උඩු රැවුල කලු කොන්ඩෙ වගේ තේජාන්විත පෙනුමක් තමා තියෙන්නෙ..

ආතර් සහ රීඩන් සමාජ විරෝධී හැසිරීම, නීති උල්ලංගනය කිරීම ආදියට කැමති අය නෙමෙයි කියල ඔහියො මානසික රෝහලේදි මේ අයගෙ ප්‍රකාශ වලින් ඔප්පු වෙනව ඒ නිසා බිලී කරපු අපරාද මේ දෙන්නගෙ ගිනුමට දාන්න බෑ.

4) ඇලන් - වයස 18යි.. .පෞර්ශයන් 24න් එකම දකුනත හුරු එකම පුද්ගලය.. චිත්‍ර අදින්න ප්‍රියතාවයක් දක්වනව වගේම ආගන්තුකයන් එක්ක කතා බහ කරන්න පැකිලෙන් නැති ලැජ්ජ ශීලි නැති කෙනෙක්.. බර කිලො ග්‍රෑම් 75යි .. එච්ංහර විශාල ශරීරයක් නැති උනාට වැඩ කිඩ අතින් අඩුවක් නෑ

5) ටොමී - වයස 16යි .. වෙඩි තැබීමෙ ශූරයෙක්.. ඇලන් සමග එකට පෑහෙන කෙනෙක් නම් නෙමෙයි ටොමී කියන්නෙ දෙන්නට දෙන්න පොඩ්ඩක් අමනාමප වෙලා ඉන්නෙ ඒ නිසා බිලී තුලින් ඇලන් එන වෙලාවට ටොමී එන්නෙ නෑ

6) ඩැනී - වයස 14යි .. පෞර්ශ 24 තුල ඉන්න බියගුලුම කෙනා.. වැඩිය නාදුනන පුද්ගලයන් ඉන්න වෙලාවට මෙයා බිලීගෙ මනසට එන්නෙ නෑ ..

7) ඩේවිඩ් - වයස 8යි. රහස් රකින්න දක්ශ පුද්ගලයෙක්.. බිලීගෙ පෞර්ශයන් සියල්ලගෙම පාහෙ රහස් රැකගන්නව .. ඔව් ඔව් බිලීගෙ මනසෙ රැදිල තියන රහස් බිලී විසින්ම මේ චරිතය ලවා රැකගන්නව.. තද දුබුරු හිසකේ වගේම නිල් ඇස් මෙයාට තියනව

8) ක්‍රිස්ටීන් - වයස 3යි .. මේ චරිතෙ බිලීට ආරුඩ උනාම කතා කරන්නෑ මොකද මේ චරිතෙට කතන ආබාද තියනව..චිත්‍ර අදින එක තමා කරන්නෙ

9) ක්‍රිස්ටෝපර් - වයස 13යි.. ක්‍රිස්ටීන්ගෙ සහෝදරයා..හර්මෝනිකා වාදනයට දක්ශයි වගේම බ්‍රිතාන්‍ය උච්චාරනකින් ඉන්ග්‍රීසි කතා කරනව.. හැඩ රුව ක්‍රිස්ටීන්ට සමානයි සහෝදරය නිසා

10) අදාලනා - වයස 19යි... සමලින්ගික කාන්තාවක්.. කවි ලිවීම ආහර සකස් කිරීම වැනි විශේශ කුසලතා තියනව.. මෙයාගෙ ඇස් බෝනික්කියෙක්ගෙ වගෙ ඇස් සෙමෙන් සෙලවෙන විදියට ඇහි පිල්ලම් ගහන නිසා අනිත් චරිත 23ම මෙයාට අන්වර්ත නාමයක් දාල තියෙන්නෙ "dancing eyes" කියල

මුලින්ම මානසික වෛද්‍යවරුන් විසින් හදුනගත්ත 10 දෙනා තමා කලින් කතා කලේ .. මේ ඉන්නෙ ඊටත් ටිකක් ගැබුරට හොයල බලනකොට බිලීගෙ පෞර්ශත්ව ආබාදය නිසා හම්බ උන අය

11) ෆිලිප් - වයස 20යි.. නිව් යෝක් වල නම ගියපු චරිතයක් විදියට තමා මෙයාව හදුන්වගන්නෙ.. ෆිල් කිව්වම කවුරුත් දන්නව.. ෆිල් සුලු අපරාද කිහිපයකට වැරදි කරු වෙනව අනිත් 23න් දෙනාගෙ කට උත්තර එක්ක.. ඒත් ඉතින් හිරේට දාන්න විදියක් නෑ මොකද ෆිලිප් කියන්නෙ බිලීගෙ මනසෙ ඇඳුන එක චරිතයක් නිසා..

12)කෙවින් - වයස 20යි.. මෙයත් සුලු අපරාද කාරයෙක් .. ෆාමසියක් මන්කොල්ල කෑමට සැරසුන කෙනෙක් ඒත් ඉතින් මෙයාව හිරේ දාන්නත් විදියක් නෑ..

13) වෝල්ටර් - වයස 22යි... උඩු රැවුලක් තියන ඔස්ට්‍රේලියානුවෙක් විදියට තමා මෙයාව හදුන්වගන්නෙ.. තුවක්කු වලින් වෙඩි තැබීමට දක්ශතාවයක් දක්වනව

14) අප්‍රිල් - වය්ස 19යි. උම්මන්තක කාන්තාවක්.. බිලීගෙ සුලු පියාගෙන් පලිගැනීමට තැත් කරපු කෙනා තමා අප්‍රිල් කියන්නෙ.. 24කින් යුත් කන්ඩායමෙ Bitch විදියට හදුන්වන්නෙ මෙයාව.. Bitch කියන්නෙ කාටද කියල මන් කියන්ඩොනි නැනෙ

15) සමුවෙල් - වයස 18යි .. යුදෙව්වෙක්.. දෙවියන් වෙනුවෙන් බක්‍තියක් දක්වන එකම.කෙනා..

16) මාර්ක් - වයස 16යි.. 24කින්‍යුත් කන්ඩායමෙ පිල්ලිය විදියට හදුන්වන්න පුලුවන් ...මොකද මෙයා මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක්.. බලාගත්ත අතෙ බලන් ඉන්නව කතා බහක් නෑ.. කවුරු හරි (අනිත් 23න් දෙනා) වැඩක් කරන්න බල කලොත් ඇරෙන්න කරන්නෑ

17) ස්ටීව් - වයස 21යි.. රැවටිලිකාර චරිතයක් .. එකට ඉදල හිනා වෙලා කතා කරල හිටියට අවස්තාවාදියෙක්.. මත්ද්‍රව්‍ය ලෝලියෙක්.. බිලීව වෛද්‍ය සත්කාර සදහා එක්ක ගියාම අනික් 23න් දෙනාම පිලිගන්නව බිලීට multiple personality disorder රෝගය තියන නිසා තමන් බිලීගෙ මනසෙ ඇඳුනා කියල ඒත් මේ ස්ටීව් ඒ කතාව එක හෙලා ප්‍රෙතික්ශේප කරල තියනව.. එක එකාට ඇද කරන්න හොද දක්ශයෙක්

18) ලී - වයස 20යි.. විකට චරිතයක්.. විනෝදකාමියි.. ඒ වගේම මෙයා කරන විහිලු නිසා අනිත් 23න් දෙනා අතර මත බේද ඇති කරවනව .. කොහොම හරි කරවල අනික් උන්ව කොටවන විහිලු කරන එක තමා ලීගෙ විනෝදාන්ශෙ

19) ජේසන් -වයස 13යි.. පොඩ්ඩ ඇත්නම් කෝපයට පත් වෙන පුද්ගලයෙක්

20) රොබට් (බොබී) - වයස 17යි.. මෙයා ලෝකය යහපත් තැනක් කිරීමට හීන දකින කෙනෙක්.. මෙයා කොයි වෙලෙත් මනෝ ගහපු ගමන්ම තමා ඉන්නෙ

21) සීන් - වයස 4යි.. මානසික ආබාදයකින් පෙලෙන බිහිරි ලමයෙක්.. මෙයා එක්ක කතා බහ කරන්න වෛද්‍යවරු සෑහෙන දුක් විදල තියනව මොකද මෙයා බිලීගෙ මනසට ආවම කන් ඇහෙන් නැනෙ

22) මාටින් -වය්ස 19යි .. ආශාවන්ගෙන් පිරුන වැඩ කරන්න කම්මැලි වැදගත් විදියට ඉන්න දගලන කිසි හරයක් නැති කෙනෙක්

23) තිමෝති (ටිමී) - වයස 15යි ...මල් සාප්පුවක වැඩ කලායැයි කියාගත්ත කෙනෙක්.. මෙයාට මේ කියන මල් සාප්පුවෙදි සමලින්ගික ඇසුරකුත් ලැබිල තියනව 😉 (මල් සාප්පුවත් හිතේම මැවුන එකක් වෙන්න ඇති)

24) teacher (ගුරුවරයා) - වයස 26යි ... ආතර්ට අමතරව බිලීගෙ මනස ගැන මනා වැටහීමකි හිටපු අනිත් කෙනා තමා මෙයා.. මෙයාට අනික් 23න් දෙනාම ගුරුවරයා කියල තමා කතා කරන්නෙ.. මෙයා අනිත් 23න් දෙනාටම ගුරුහුරුකම් දුන්න නිසයි එහෙම කතා කරන්නෙ.. මනෝ වෛද්‍යවරු එක්ක කතා කරපු වෙලාවෙ මෙයා කියල තියනව "මම බිලී .. සියල්ලගෙම එකතුවක් ..මම මේ හැම දේම දන්නව .. මේ හැමෝම බිලීගෙ හිතේ මැවුන අය.. මේ හැමොම තනිව පාලනය වෙනව මමත් ඇතුලුව"

ඒ වගේම මන් කලින් කියපු ඔහියෝ විශ්ව විද්‍යාලයෙ බිලී විසින් දූශනය කල කාන්තාවන් 3න් දෙනා කියල තියනව එයාල එක්ක බිලී ඉන්නකොට ප්‍රචන්ඩ පුද්ගලයෙක් වගේම කුඩා ලමයෙක් විදියටද හැසිරිලා තියනව කියල

බහු පෞර්ශ ආබාදය සෑම මනුශ්‍යයෙක් තුලම පවතිනවා.. මේ පෝස්ට් එක කියවන ඔයත් මටත් මේ ආබාදය තියෙන්න පුලුවන්.. ඒත් ඒක නොදැනීම වෙන දෙයක් .. හිතත් එක්ක කතා කරන එක අපි හැමෝම කරනව ඒත් මේ තරම් සංකීර්න විදියට ඒක වෙන්න පුලුවන් කියල කිව්වම හිතා ගන්ඩත් බෑ නේ ?

#ජැකා
@pyscho jaka
.

Report Page