Be Offline 📲❌ and Chill (Sunday Reminder)

Be Offline 📲❌ and Chill (Sunday Reminder)

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•


මානසික පීඩනය, කාන්සිය,


හිතට මහන්සිය වගේ දේවල් අපට දැනෙන්න එක එක හේතු සාධක බලපනවා.

ඔය හේතු අතරින් සමහර කාරණා තියෙන්නේ out of our control. ඒ කියන්නේ කොච්චර හිතුවත් ඒ හේතු අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා දිගින් දිගටම ඒ ගැන සිතීම අපිව තවදුරටත් වෙහෙසට පත් කරනවා.

ඔය අතරේ තව හේතු තියෙනවා අපිට control කරන්න පුලුවන්.

දැන් ඔයා මේ post එක කියවන ඔය අතේ තියෙන phone එකත් අපිට stress වැඩි කරවන ප්‍රධාන හේතුවක්. ඒත් අපි බොහො දුරට ඊට ඇබ්බැහි වීම නිසා අපිට ඕක තේරුම් ගන්න බෑ. අනුන්ගේ ඕපදූප, negativity, විවේචනය, රටේ පවතින තත්වය ගැන නිරන්තරයෙන් ඇස ගැටෙන post අපේ හිත් ඇතුලේ සාමය බිඳ වට්ටනවා. ඒ වගේම likes, comments මත්තේ නැහීගෙන ඉන්න එක තුලින් ඔයා attention seeker කෙනෙක් බවට පත් වෙන්නත් පුලුවන්. මේකේ බරපතලකම තමයි ඔයා සමාජයේ අවධානය පිණිස ඇත්තම ඔයාගේ ස්වරූපය බලෙන් වහගෙන ප්‍රතිරූප මවාපාන්න පෙළඹීමයි.

ඉතිං phone එකෙන් මිදිලා සති අන්තයේ ඉරිදා දවසක් ගෙවා ගන්නේ කොහොමද❓

Screening time වලින් ඈත් වෙලා ඉරිදා දවසක කරන්න පුලුවන් දේවල් මොනවද❓

සතියක මහන්සිය නිවා ගෙන අලුත් සතියකට ලෑස්ති වෙන්නේ කොහොමද❓

ඔයාට එහෙම උත්සහයක් ගන්න ඕනා නම් අපි මෙහෙම දේවල් ටිකක් කරමු.

📴 Office phone එකක් වෙනම තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඒ phone එක off කරන්න.

🔕 ඊළඟට එන personal calls වලට ඉතාම අත්‍යවශ්‍ය හා හදිස්සි වුමනාවක් නෙවෙයි නම් "පසුවට ගන්නම්" කියලා phone එක තියන්න.

🏡 ගෙදර හා කාමරේ ටිකක් අස් කරගන්න. අලුත් bedsheets සෙට් එකක් දාගන්න. මේක මාර magic එකක්. සුවඳ ගහන අලුත් bedsheets කියන්නේ ඔයාව නොහිතනා විදිහට සැහැල්ලුවට පත් කරන දෙයක්.

🖼 හැමවෙලාවෙම ඇඳුම් වලට, සෙරෙප්පු වලට, bag වලට වියදම් කරන සල්ලි වලින් පුලුවන් නම් theme එකකට යන bedsheets and curtain සෙට් දෙකක් විතර ගන්න. මාරුවෙන් මාරුවට කාමරේ theme එක change කරන්න.

🕯 Air freshner ටිකක් කාමරේට ඉහින්න. සුවද ගහන ඉටි පන්දමක්, හඳුන්කූරක් තියෙනවා නම් පත්තු කරන්න. (ඒත් පීනස්කාරයෝ ඉන්නවා නම් පරිස්සමින්. සුවඳ ගහන දේවල් ඇලර්ජි අය ඉන්නවා.)

💐 ඊළඟට ගෙදරින් වත්තට බහින්න. කොච්චර පොඩි ඉඩක හිටියා වුනත් ගෙදර මල් ටිකක් කොල ටිකක් ඇති නේ. එහෙම ටිකක් එහෙන් මෙහෙන් එකතු කර ගන්න. අම්මගේ විනිවිද පේන විදුරුවක් අරගෙන වතුර ටිකක් දාලා පොඩි මල් vase එකක් හදන්න. (වීදුරුව නම් බිම දාන්න එපා. මටත් එක්ක බැනුම් අහන්න වෙයි.)

🧖‍♀️ හොඳට නාගන්න. පිරිසිදු වෙන්න. අලුත් සතියකට අතේ පයේ cutex ටිකක් ගා ගන්න. හෝදන රෙදි කූඩේ පිරිලා නම් ඒක හිස් කරගන්න.

🥰 Screening time ඇතුලත් නොවෙන ඔයා ආස කරන වෙන මොකක් හරි hobby එකක් තියෙනවද?

🖍Doodle arts
🎨Painting
📝Creative writing
📚Reading
📖Journaling
✂️Scrap books
👩🏼‍🍳Baking
🧶Sewing

මේ වගේ ඕනම දෙයක්. එහෙම මොනවා හරි දෙයක් තියෙනවා නම් පොඩි කාලයක් ඒ වෙනුවෙන් වෙන් කරන්න.

🥤 හොඳ රස තේ එකක්, කෝපි එකක්, බීම වීදුරුවක් හදා ගෙන රස විඳින ගමන් ඔය වගේ දෙයක් කරන්න.

🐶 ගෙදර හුරතල් සතෙක් ඉන්නවා නම් එයා එක්ක ටිකක් කතා කරන්න.

🗣 නැත්නම් ගෙදර මිනිස්සු එක්ක අහල පහල ඕපදූපයක් හරි දොඩවන්න.

📻 ඔය අතරේ ලස්සනට අස් කරපු කාමරේ හීනියට soft music ටිකක් play කරන්න. සමහර විට කැමතිම playlist එක වෙන්නත් පුලුවන්. ඉරිදා දවසේ අල්ලපු ගෙදර මිනිස්සුන්ටත් කනක් ඇහිලා ඉන්න බැරි වෙන විදිහට සද්දෙට නම් නෙවෙයි. ඔයාට විතරක් ඇහෙන්න.

🛌 පොඩි energy nap එකක් ගන්න. ඇඳට වෙලා මුකුත්ම නොකර ඉන්න. ගෙවුණ දවසවත් හෙට දවස ගැනවත් නොහිතා මේ වෙලාව ගැන විතරක් හිතන්න. ඔයාට relax එකක් දැනේවි.

ඉතිං එහෙම නම් දැන් පෙනවා නේද? Phone එකෙන් ඈත් වෙලා කොච්චර නම් දේවල් තියෙනවද කරන්න. අනික මහ ගොඩක් වියදම් යන මහ ලොකු දේවලුත් නෙවෙයි.

මේ කතා කරපු ගොඩක් දේවල් තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ කට්ට කන අපේ කොල්ලෝ කෙල්ලො ටිකට නම් ප්‍රායෝගිකව කරන්න අමාරුයි. හැබැයි මේවා phone එකට addict වෙලා online භාවිතය නිසා stress ඇති වුණ සහ එක නවත්වගන්න ඕනා කෙනෙක්ට උදවු වෙනවා.

ඇත්තටම සමහර වෙලාවට race එකක් වගේ දුවන ජීවිත වලට පොඩි break එකක් ගහන්න ඕනා වගේ දැනෙනවා නම් "BE OFFLINE".

✍🏻 මංතාරා 💫 post no. 129
2022.07.31
(කරුණාකර උපුටා ගැනීමේදි කතෘ අයිතිය සුරකින්න)

Report Page