👩‍🎓BSc Nursing Degree

👩‍🎓BSc Nursing Degree

Study with CHILL
👩‍🎓BSc Nursing Degree

#Degree_details_part6

#NTS_and_nursing_degree


Do not coppy without any permission ⚠️️🚫


පෝස්ට් එකක් ලියන්න කරුනු හොයන්න දවසක් විතර යන නිසා අනවසරෙන් උපුටා ගැනීමක් කරන්න එපා කියලා මුලින්ම කාරුණිකව ඉල්ලනවා..


ඒ වගේම ගොඩක් කරුණු මම සෑහෙන්න හොයලා සහ දන්න ගැන අහල තමයි ඔයාලට ලියන්නෙ..තනි පුද්ගලයෙක් මේ වැඩේ තනියම කරන නිසා සමහර වෙලාවට වරදින්න පුළුවන්.. ලොකු කොටසක් නෙවෙයි සමහර පොඩි පොඩි කොටස් අඩුපාඩු වෙන්න පුළුවන්..ඒ දේවල් වල අඩුපාඩුවක් තියෙනවා තියෙනවා නම් ඔරිජිනල් පෝස්ට් එක යටින් comment එකක් දාන්න...


මුලින්ම හදුන්වා දීමක් කළොත් NTS කියන්නේ Nursing Training School කියන එක .. ඒ වගේම මම මෙතනදි වැඩියෙන්ම හොඳ nursing training school ද නැත්තං nursing degree එක ද කියලා කියන්නේ නැහැ.. එහෙම කියන්නත් බැහැ .. මොකද ඒක තෝර ගන්න කෙනාගෙ තියන තියන කැමැත්ත පරිදි තමයි මේක ද හොද මේක ද කියලා තේරුම් කරගන්න ඕන .. එහෙනම් අපි වෙන වෙනම nursing training school සහ nursing degree එක ගැන කතා කරමු..


👩‍🎓BSc Nursing Degree..


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් Z ලකුනු මත පදනම් කරගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් nursing degree එකට බදවා ගන්නවා...


Nursing degree එකක් කරන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල තමයි,


💉 කොළඹ විශ්වවිද්‍යාලය

💉පේරාදෙණිය විශ්වවිද්‍යාලය

💉ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

💉රුහුණු විශ්ව විද්‍යාලය

💉යාපනය විශ්වවිද්‍යාලය

💉නැගෙනහිර විශ්වවිද්‍යාලය


Nursing degree එකට විශ්වවිද්‍යාලයකට සලකා බලද්දි සාමාන්‍ය පෙළ විභාගයෙ දී ඉංග්‍රීසි විෂය සදහා අනිවාර්යෙන්ම S සාමාර්ථයක් තිබිය යුතුයි..


ඊට අමතරව උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යාව රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කියන විෂයන් තුන කරලා තියෙන්න ඕන..


භෞතික විද්‍යාව වෙනුවට කෘෂි විද්‍යාව හදාරපු ශිෂයන්ට Nursing degree එකට ඇතුල් වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි එයාලට NTS යන්න අවස්ථාව තියෙනවා ..


ඊට අමතරව අයදුම්කරුවෙකු උස අඩි 4 අගල් 10 ට නොඅඩු විය යුතු යි..


විශ්වවිද්‍යාලයේදී හෙද විද්‍යාව පිලිබදව පිළිබදව න්‍යායාත්මක පැත්තත් එක්ක ප්‍රායෝගික(clinical) Side එකේ දැනුම ලබා දීමක් සිදු කරනවා.. පාඨමාලාවන් දෙකම ( NTS/DEGREE ) සම්පූර්ණයෙන් පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්..

සාමාන්‍යයෙන් සායනික පුහුණුව පළවෙනි පලවෙනි අවුරුද්දෙ ඉදන්ම් මා ආරම්භ කරනව..


සාමාන්‍යයෙන් නෑ Nursing වල පහත තියෙන විෂයයන් ඉගැන්වීම සිදු කරනවා..


• Biochemistry


• Logic and Critical Thinking


• Anatomy and Physiology


• Microbiology and Parasitology


• Theoretical Foundations in Nursing


• Health Assessment


• Fundamentals of Nursing Practice


• Community Health Nursing


• Nutrition and Diet Therapy


• Nursing Informatics

• Etc...


ඒ වගේම nursing degree එකකට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් උනාම ඩිග්‍රි එක අවසානයේදී අනිවාර්යයෙන්ම රජයේ රෝහලකට හෙද නිලධාරියෙක් විදිහට බදවාගන්න රජය බැඳිලා නැහැ..

ඒ වගේම nursing degree එක complete කරලා අනිවාරෙන්ම රාජ්‍ය රෝහලක හෙද නිලධාරියෙක් විදිහට කටයුතු කිරීමටත් අවශ්‍යතාවයක් නැහැ ..

ඒ වගේම යම් කෙනෙක්ට අවශ්‍යයි නම් රාජ්‍ය රෝහලක හෙද වරියක් හෝ වරයෙක් විදිහට සේවය කරන්න ගැසට් එක හරහා ඒ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්..


පිට රට ජොබ් මාකට් එක ගැන කතා කරොත් ලංකාවෙ degree වලින් පිටරටවලින් ලොකුම ඉල්ලුමක් තියෙන degree එක තමයි මේ Nursing කියන්නෙ.. ලංකාවේ MBBS doctor කෙනෙක් ටත් වඩා ඉහළ ඉල්ලුමක් මේ Bsc.nursing degree එකක් තියෙන කෙනෙකුට තියෙනවා ජාත්‍යන්තර මට්ටමෙන්.

ඉතින් ඔයාලගේ රැකියාව පිටරට කරන්න හිතාගෙන ඉන්නවනම් ලොකු salary එකක් යටතේදී ඔයාලට තෝර ගන්න පුලුවන් හොද ඩිග්‍රි එකක් තමයි මේ නර්සිං කියන්නේ ...


දැන් අපි බලමු NTS ගැන...


👩‍🎓Nursing training school එකකට යන්න පුළුවන් සුදුසුකම තමයි උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් අවම ලෙස S සාමාර්ථ තුනක් ලබා තිබීම..

S සාමාර්ථ තුනක් තිබ්බ පලියට නර්සිං diploma එකට Select වීමේ හැකියාව අඩුයි.. මොකද දැන් නම් ඒකට දිස්ත්‍රික් මට්ටමේ යම්කිසි Z score එකක් අභිබවා යාම අත්‍යවශ්‍යයි..


උසස් පෙළ ඉවර වෙලා අනිවාරෙන්ම රාජ්‍ය රෝහලක නර්ස් කෙනෙක් විදිහට සේවය කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් යම් කෙනෙක් එයාට Nursing degree එකකට වඩා NTS එකට යන්න පුළුවන් නම් මම හිතනවා ඒක හොදයි කියලා ..

මොකද NURSING ඩිප්ලෝමා එක ඉවර වෙච්ච ගමන් අනිවාර්යෙන්ම රාජ්‍ය රෝහලක හෙදියක් විදිහට අනිවාර්යෙන්ම බඳවා ගැනීමක් සිදු කරනවා..


නමුත් රට යන්න බලාගෙන බලාගෙන ඉන්නවනම් NTS එකකට වඩා අනිවාර්යෙන්ම Nursing Degree එකකට යන්න පුළුවන් නම් ඒක හොදයි..


මොකද පිටරටවල් වල අනිවාරෙන්ම නර්ස් කෙනෙක් විදිහට සේවය කරන්න නම් ඔවුන් ඩිග්‍රි එකක් අත්‍යවශ්‍යයි කියලා කියනවා..


ඒ වගේම NTS එකේ ඉගෙන ගන්න කාලසීමාව තුළදී යම්කිසි දීමනාවක් ගෙවීමක් සිදු කරනවා..දැනට නම් එය රුපියල් තිස් දෙදහක පමණ මුදලක්..


ඉතින් ආර්ථික අපහසුතාවයන් තියෙන කෙනෙක්ට නම් මේක ඉතාමත් හොඳ අවස්ථාවක්.. මොකද ඔයාලා ඉගෙන ගන්න කාලෙත් කාගෙන්වත් සල්ලි ඉල්ල ගන්න ඕන නෑ..

ඔයාලට හම්බ වෙන් සල්ලි ගෙදර මිනිස්සුන්ට වියදම් කරන්න ටිකක් යවන්නත් පුළුවන්..

ඒ වගේම Nts එකට බදවා බදවා ගැනීමේදී අනිවාර්යෙන්ම ඇග්‍රිමන්ට් එකක් යටතේ තමයි බදවා ගන්නේ ..


ඒ කියන්නේ nursing diploma එක ලැබුනට පස්සෙ අනිවාර්යෙන් ම අවුරුදු දහයක් රාජ්‍ය රෝහලක සේවය කිරීම සිදු කරන්න ඕනේ.. යම්කිසි හෙයකින් මේ අවුරුදු දහය ඇතුළත පිටරටකින් ඔයාට චාන්ස් එකක් ලැබුණත් ඔයාට පිටරටකට යන්න නම් යම්කිසි මුදලක් ගෙවීමක් කරන්න සිදු වෙනවා.. මොකද ඔයාලා NTS එක තුළ ඉන්න කාලේ සීමාව පුරාවටම ඔයාලට allowence එකක් ගෙවන ගමන් ඔයාලගේ හැම කටයුත්තකටම ඉතා විශාල මුදලක් NTS එක මගින් එහෙමත් නැත්නම් රජය මගින් වියදම් කරනවා .. ඒ වගේම ඔයාලට අනිවාර්යෙන් රාජ්‍ය රෝහලක හෙද වෘත්තිය ලබාදීමටත් රජය බැඳිලා ඉන්නවා .. ඉතින් මේ ඇග්‍රිමන්ට් එක යටතේ ඔයාලා අනිවාර්යෙන්ම අවුරුදු දහයක් ලංකාවේ සේවය කළ යුතුමයි ..


NTS එකේ මේ වගේ allowence එකක් දුන්නට රාජ විශ්ව විද්‍යාලයේ NURSING DEGREE එක හදාරන කෙනෙක්ට එහෙම දෙයක් ලැබීම වෙන්න නෑ..

මහපොළ හෝ bursery තියන ළමයින්ට ඒ අදාල මහපොළො හෝ Bursery ලබාදීමක් පමණයි සිදු කරන්නේ ...

Nursing diploma එකක් අවසානයේදී ඔයාලට ඕන නම් රාජ්‍ය විවෘත විශ්වවිද්‍යාලය හෝ වෙනත් පිළිගත්ත පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලබාදෙන Nursing degree එකක් කිරීමේ හැකියාව තියෙනවා ...

සාමාන්‍යයෙන් NTS diploma එකකට වඩා අනිවාරෙන්ම Nursing degree එකේ වටිනාකම වැඩියි..


ඒ වගේම NTS ලංකාව පුරා විසිරිලා තියෙනවා ..

ඔයාට ලැබෙන NTS එක මොකක්ද කියලා තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ...


අන්තිමට NTS ගියත් Nursing degree එක කරත් එළියට එන්නේ හෙද නිලධාරීන් වෙන්න පරිපූර්ණ දැනුමක් සහිත අය . හැබැයි වෙනස තියෙන්නෙ Practical සයිඩ් එකේදි NTS එකේ නර්ස්ලා ගොඩක් කාර්‍යක්ශම සහ ඔවුන්ගේ profomans වැඩියි .. ඉතිං හොස්පිට්ල් එක Manage කරන්න ලොකු දැනුමක් එයාලට තියෙනවා ..


ඉතින් ඔයාලම මේකේ වාසි අවාසි වගේ දේවල් සලකලා බලලා ඔයාලට ගැලපෙන එක තෝරගන්න පුළුවන් අනාගත හෙද වරියක් හෝ වරයෙක් වීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ..


ඒ වගේම නර්සිං කියන්නේ කියන්නෙ පුදුමාකාර හොඳ වෘත්තියක් හොදින් කරනවා නම් ... සෑහෙන්න සේවයක් මිනිස්සුන්ට කරන්න පුළුවන් වෘත්තියක්...

ලෙඩෙක්ගෙ නිදන ඇද හදන එක ඉදංම ඒ ලෙඩාගේ කෑම බීම එයාට දෙන්න ඕන බෙහෙත් එයාගෙ ඉන්ජෙක්ෂන් එක පවා ඒ ලෙඩාට දීලා ඒ ලෙඩ්ඩුන්ව සමහරවිට මරණයෙන් ගොඩ ගන්න ඩොක්ටර් කෙනෙක්ට වඩා මහන්සි වෙනවා ඇත්තේ මේ හෙදියන්..

ඒ වගේම නර්සිං කියන Profession එක ටිකක් වගකීම් සහගත සහ කාර්යබහුල profession එකක්.. අනිවාර්යෙන්ම nightshift එහෙම කරන්න වෙනවා .. මේ දේවල් වලට සූදානම් සහ ඔයාල nursing profession එකට කැමතිනම් විතරක් මේකට අයදුම් කරන්න කියලා මං ආදරෙන් ඉල්ලා සිටිනවා...


අකමැත්තෙන් ඕනම දෙයක් කරොත් අනිවාර්යෙන්ම ඉතින් එතැන යම් කිසි ගැටළුවක් පැන නගින නිසයි මං එහෙම කිව්වෙ ...


ඒ වගේම අන්තිමට NTS වලට තේරී පත් වෙච්ච සියලු දෙනාටම හදවතින්ම සුබ පතනවා... ඔයාලට ලැබුණු මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නත් කියලත් මම සුබ පතනවා...!!


එහෙනම් හැමෝටම ජය !!

පෝස්ට් එකෙන් යම් දෙයක් ලබා ගත්තා නම් page එකටත් like එකක් දාන්න ❤️❤️


#Study_with_CHILL

#Degree_Valuation

Report Page