BIT
Study with CHILL
විශ්වවිද්‍යාලයකට යන්න ප්‍රතිඵල මදි අයට කරන්න පුලුවන් උපාධියක් ගැන කතා කරන්න තමයි අද අපි ලෑස්ති වෙන්නෙ..
මේක විශ්වවිද්‍යාලයකට යන ගමන්, ජොබ් එකක් කරන ගමන් වුණත් කරන්න පුළුවන් බාහිර උපාධියක්..
ඒක තමයි මේ උපාධිය තියන විශේෂත්වය ඒ වගේම මේක රජයේ විශ්ව විද්‍යාලයකින් පිරිනමන නිසා පිළිගැනීමත් ඉතාමත් ඉහලයි ...
BIT කියලා කිව්වම හැමෝම වගේ දන්නවා කොළඹ විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිරිනමන තොරතුරු තාක්ෂණය පිළිබඳව බාහිර උපාධියක් කියලා ..
මේ විශ්වවිද්‍යාලය දෙක අතර වෙනස ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමේ ක්‍රමවේදයේ සහ output එකේ විවිධ වෙනස්කම් ගණනාවක් තියෙනවා..
නමුත් අවසානයේදී මේ දෙකෙන්ම ලැබෙන්නේ එකම උපාධියක් ..
මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රධානම focus වෙන්න networking සයිඩ් එකට කියලා කියනවා..
කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධාන වශයෙන් focus කරන්න සොෆ්ට්වෙයා ඉංජිනේරින් සයිඩ් එක..
ඉතින් කවුරුහරි කෙනෙක් ඉන්නවනම් Networking වලට එයාලට මොරටුව විශ්ව විද්‍යාලයත්, Software enginering කැමති අයට කොළඹ විශ්ව විද්‍යාලයක් තෝරාගන්න පුළුවන්..
ඊට අමතරව ගත්තොත් මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය තියෙන තවත් විශේෂත්වයක් තමයි මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරනවා නම් අනිවාර්යෙන්ම private class එකකට එහෙමත් නැත්නම් insitute එකට ගිහිල්ලා අදාල දේවල් අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ ... උදාහරණයක් වශයෙන් ගත්තොත් E soft එක වගේ වෙනත් ආයතනයකින් lecturers ගැනීම අනිවාර්ය වෙනවා...
නමුත් රාජ්‍ය සේවයේ නියුක්ත වෙන කෙනෙක් ඉන්නවනම් එයාලට private class එකකට බැඳෙන්න නතුව BIT කරන්න අවස්ථාව විශ්වවිද්‍යාලයෙන් සපයලා දීලා තියෙනවා..
නමුත් කොළඹ විශ්විද්‍යාලයේ BIT හදාරන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට එහෙම බල කිරීමක් නැහැ..
ඒ කිව්වේ private class යන්න කියල බල කරන්නෙ නැහැ මොකද අවශ්‍ය Lecture materials ඔක්කොම එයාලගෙ සයිට් එකෙන් ලබා ගන්න පුලුවන් ..
කවුරු හරි කෙනෙක් ඉන්නවනම් IT දැනුම සාමාන්‍යයෙන් හොඳ කෙනෙක් එයාලට private class එකට යන්නේ නැතුව මේ ඩිග්‍රී එක ගොඩදාගන්න පුළුවන් මේ කොළඹ කැම්පස් එකට ගියොත්..
ඒ වගේම තමයි මිල ගනන් අතිනුත් මොරටුව විශ්ව විද්‍යාලයට වඩා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිය ගොඩක් මිල ගණනින් අඩුයි..
මම සංසන්දනාත්මකව පැහැදිලි කළේ මේ කැම්පස් දෙකද තියෙන පොඩි වෙනස්කම් ටිකක්.
🧑💻 Bachelor Of Information technology- University of Moratuwa .
මොරටුව විශ්වවිද්‍යාලයේ මේ උපාධිය හදාරන්න තියන්න ඕන සුදුසුකම් තමයි ,
🏆️ අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විශය ධාරාවකින් විෂයන් තුනක් සමත් වීම ( S3 )
හෝ,
🏆️වෙනත් academic qualification තියෙන කෙනෙක් ඉන්නවනම් මේ උසස් පෙළ විභාගය අසමත් වෙච්ච හෝ කරපු නැති එයාලට මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබා දෙන උපයෝගීතා පරීක්ෂණයක් සමත් වීමෙන් මේ උපාධියට සුදුසුකම් ලබන්න පුළුවන්. ( london A/L, Other IT qualifications)
ඊට අමතරව O/L අනිවාර්යෙන්ම C සාමාර්ත තුනක් තියෙන්න ඕන( C හෝ ඊට වැඩි)
අනිවාර්යෙන්ම ගණිත විෂය සදහා C සමාර්ථයක් තියෙන්න ඕන.
මෙය විශ්වවිද්‍යාලයේ BIT degre එක හදාරන්න උසස් පෙළ අසමත් අයට හැකියාවක් නැහැ ..
ඒ වගේම අර කලින් සදහන් කරා වගේ අනිවාරෙන් insitute එකක් හරහා ඉගෙනීම් කටයුතු සිදු කරන්න ඕනේ..
ඒ වගේම ගොඩක් hardworking කරන්න පුළුවන් කෙනෙක් නම් කෙනෙක්නම් ඔයාට මොරටුව BIT තෝරගන්න පුළුවන්.
කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක සංසන්දනය කරද්දි මොරටුව විශ්වවිද්‍යාලයේ සිලබස් එක ටිකක් අමාරු වැඩියි සහ A/L Maths පැත්තට ගොඩක් බරයි.
මේකට වියදම් වන ගාන ගැන කතා කළොත් සාමාන්‍යයෙන් කැම්පස් එකට ලක්ෂ දෙකක පමණ මුදලක් වියදම් වෙනවා.
insitute එකට ලක්ශ 3.60 විතර අවම වියදම් වෙනවා ..
එනිසා සම්පූර්ණම වියදම ගත්තොත් ලක්ෂ 6 කට ආසන්න මුදලක් වියදම් වෙනවා අවුරුදු තුනම complete කරනවා නම්..
🧑💻Bachelor Of Information technology- University of Colombo
කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වන්න තියෙන්න ඕන ප්‍රධානතම සුදුසුකම් තමයි,
🏆️ඕනෑම විෂය ධාරාවක් යටතේ උසස් පෙළ සමත් වෙලා තිබිය යුතුයි
🏆️සාමාන්‍ය පෙළ විභාගය ගණිතයට හා ඉංග්‍රීසි විෂයට C සාමාර්ථ තිබිය යුතුයි..
හෝ
🏆️FIT ( Foundation Of Information Technology ) සම්පූර්ණ කර තිබිය යුතුයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලාවට උසස්පෙළ අසමත් අයටත් ඇතුළුවීමේ චාන්ස් එකක් තියෙනවා..
ඒක ගොඩක් හොද Advantage එකක් මේ උපාධිය හදාරන්න බලාපොරොත්තු වෙලා ඉන්න උසස් පෙළ අසමත් අයට.
කොළඹ විශ්වවිද්‍යාලයේ FIT ( foundation of information technology )කියන පාඨමාලාව අවසාන කරල BIT එක හදාරන්න ඇතුල් වෙන්න පුළුවන් ඔයාලා උසස් පෙළ අසමත් නම් එයාලට එන්න පුළුවන් වෙන්නේ මේ FIT කියන එක Compleat කරලා තමයි ..
ඒ වගේම මං ඉහත සදහන් කරලා තියෙන විදිහට කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිරිනමන මෙය උපාධිය self-study කරල ගොඩ දාන්න පුළුවන්..
මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය වගේ එයාලා රෙකමන්ඩ් කරන insitute එකට යන එක අනිවාර්ය නැහැ.. ඒ නිසා ගොඩක් වෙලාවට insitute එකට වියදම් වන ගාන මෙතනදි ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා ..
වියදම ගැන කතා කරොත් මෙහිදී සාමාන්‍යයෙන් මේ අවුරුද්ද (2021) සදහා විශ්වවිද්‍යාලයට රුපියල් 84,200 ක පමණ මුදලක් වියදම් වෙනවා අවුරුදු තුනටම.
ඔයාලා insitute එකට ජොයින් වෙනවා නම් අවුරුදු තුනම සදහා රුපියල් 389,000 පමණ වියදම් වෙනවා ..
ඒ නිසා Institute එකකට ගිහිල්ලා අවුරුදු තුනම complete කරන්න හිතන් ඉන්න කෙනෙක්ට රුපියල් 473,000පමණ අවුරුදු තුනටම දළ වශයෙන් වියදම් වෙනවා .
නමුත් මේ insitute වල විවිධ ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වෙනවා..
උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙතන කවුරුහරි ඉන්නවනම් රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙන ගනිමින් BIT කරන අය එයාලට Course Fee එකෙන් හරි අඩක් විතරයි ගෙවන්න ඕන වෙන්නේ.. හැබැයි මේක තීරණේ කරන්නේ අදාල ආයතනය මගින් ..
එතකොට ඒ වගේ කෙනෙක්ට ලක්ෂ දෙකහමාරකට විතර මේ Degree එක සම්පූර්ණ කරන්න පුළුවන් ක්ලාසසුත් ගිහින්.
ක්ලාස් යන්නෙ නැති කෙනෙක් නම් සම්පූර්ණ වියදම ගන්නෙ රුපියල් 84,200ක් විතරයි කොළබ BIT එක සදහා..
ඒවගේම ඔයාලා අවුරුදු තුනම එක දිගටම කරන්න ඕනත් නැහැ .. පහසු විදියට අවුරුද්දක් ඇර අවුරුද්දක් හෝ ඔයාලට කැමති විදිහට ඩිප්ලෝමා එක, HND එක සහ ඩිග්‍රි එක කම්ප්ලීට් කර ගන්න පුළුවන්..
මෙය University දෙකේම පළවෙනි අවුරුද්ද සම්පූර්ණ කිරීමෙන් පස්සේ ඔයාලට ඩිප්ලෝමා එක ලැබෙනවා .
දෙවන අවුරුද්ද compete කරාම Higher National Diploma ( HND ) එක ලැබෙනවා
තුන්වන අවුරුද්දේ දී ප්‍රොජෙක්ට් එක අවසාන කරල semester exam ඉවර කරාට පස්සේ Degree එක ලබාගන්න පුළුවන්.
1st year - Diploma
2nd Year - Higher National Diploma
3rd year - Degree
BIT ඩිගිරි එක ගත්තට පස්සේ ඕනෑම ආයතනයක IT සම්බන්ධ ඕනෑම රැකියාවක් කරන්න පුළුවන් ආකාරයට හොද Qualification එකක් ලැබෙනවා .
ඒ වගේම මේ degree එක complete කරන්නෙත් බොහොම සුළු පිරිසක් නිසා ඉහළ පිළිගැනීමක් තියෙනවා..
තවත් සමහරු ඉන්නව නම් අමතර qualifications හදා ගන්න කැමති අය එයාලටත් මේ degree එක ගොඩක් හොදයි..
ඔයාලට පුළුවන් regisration details ලබාගන්න අදාල කැම්පස් වල සයිට් වලින්..
පෝස්ට් එකෙන් යමක් ලබා ගත්ත නම් අනිත් අයටත් දකින්න ශෙයා කරන්න..
හැමෝටම ජය..