Attitude Is Everything
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•
දිනය: 08/09/2019
වේලාව : 01.45 ප.ව(විතර ඇති)
මේක 255 ගල්කිස්ස කොට්ටාව Bus Root1 ඒ කොන්දොස්තර මහත්තයා වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මා ගති ඇති මහත්මයෙකි. වචන පාවිච්චිය අගනේය. කාගේවත් හිත රිදවීමක් නැත. කටුබැද්ද හන්දියෙන් පිලියන්දල බලා ගමන් ගන්නා මා ගමන් ඇරැඹෙන බස් රතයේ සෙනගද වැඩිය.
ඒත් මේ කොන්දොස්තර මහත්තයා කෑ ගසා කාගේවත් හිත රිදෙන්න කතාවක් නැත.
"මහත්තයෝ - නෝනා" කියා හිනාමුසු මුහුනින් හැමෝවම අමතයි. මේ මනුස්සයා මෙහෙමත් කියයි.
"සල්ලි දෙන්න බැරි උන කව්රුත් ඉන්නවා නම් බහිනකොට ගමු සෙනග වැඩි නිසා".
වයසින් වැඩි අම්මා කෙනෙක් බසයෙන් බැසීමට බෙල් 1 ගහනවා දුටු මේ මහතා , රියදුරු මහතා අමතා කෑ ගැසීය..
"වයසක අම්මා කෙනෙක් බහිනවා.. බහිනවා... බහිනවා... තව බහිනවා...// අත්දන්න එපා.." , අම්මා ට ඉතුරු වශයෙන් රුපියලක්ද පිරිනැමීය. මේ මනුස්සයා දෙස තවත් විනාඩි 15ක් බලා සිටියෙමි. සෑම බැසීමට ඇති රිය නැවතුම්පොළ ලන් වෙත්ම ඔහුගේ කටින් පිටවූ වචන කීපයකි..
" කාලය ගොඩාක් වටිනවා.. බහින තැන ලගයි නම් නෝනා මහත්තයා ලා දොරවල් ගාවට ලන් වෙන්න..." මම මේ මිනිසාට කතාකලෙමි. මොහු ඉදිරියේ දොර අසල සිට මා වෙතට පැමින මාගෙන් මෙසේ ඇසීය.
" මහත්තයා ඉස්සරහ හෝල්ට් එකේ බහිනවද?" මා "නෑ" කියා පිලිතුරක් දුන් විට ඔහුගෙන් ලැබුණේ " මහත්තයා මගෙන් මොකක් හරි වැරදීමක් උනාද?"
මම: නෑ ඔයා job 1 ලස්සනට කරනවා , නේ?
ඔහු: අපි කව්රුත් මැරෙන මිනිස්සුනේ මහත්තයා..
ඔහුගේ පිලිතුර විය.
බහුතරයක් බස් කාරයන් අතරේ ඔහු නියම මිනිසෙකි.
පින්තූරෙ ඉන්නේ ඒ මහත්තයා. Job1 ආසාවෙන් කරන ගමන්..
-උපුටා ගැනීමකි.
