Applied Science - Biology

Applied Science - Biology

Study with CHILL
👩‍🎓ව්‍යවහාරික ජීව විද්‍යාව උපාධි පාඨමාලාව- Applied Biology Degree Program

#Degree_details_part5

#Applied_Science_bio


Do not coppy without any permission ⚠️️🚫


පෝස්ට් එකක් ලියන්න කරුනු හොයන්න දවසක් විතර යන නිසා අනවසරෙන් උපුටා ගැනීමක් කරන්න එපා කියලා මුලින්ම කාරුණිකව ඉල්ලනවා..


ඒ වගේම ගොඩක් කරුණු මම සෑහෙන්න හොයලා සහ දන්න ගැන අහල තමයි ඔයාලට ලියන්නෙ..තනි පුද්ගලයෙක් මේ වැඩේ තනියම කරන නිසා සමහර වෙලාවට වරදින්න පුළුවන්.. ලොකු කොටසක් නෙවෙයි සමහර පොඩි පොඩි කොටස් අඩුපාඩු වෙන්න පුළුවන්..ඒ දේවල් වල අඩුපාඩුවක් තියෙනවා තියෙනවා නම් ඔරිජිනල් පෝස්ට් එක යටින් comment එකක් දාන්න...


👩‍🎓ව්‍යවහාරික ජීව විද්‍යාව උපාධි පාඨමාලාව- Applied Biology Degree Program .


ව්‍යවහාරික ජීව විද්‍යාව උපාධි පාඨමාලාව සාමාන්‍ය උපාධිය සහ විශේෂ උපාධිය කියලා අංශ දෙකකින් යුක්ත උපාධියක් . සාමාන්‍යයෙන් ව්‍යවහාරික ජීව විද්‍යාව උපාධිය තුන් අවුරුදු සාමාන්‍ය උපාධි පාඨමාලාවක් ..


විශේෂ දක්ෂතා අනුව විශේෂ උපාධිය සදහා ශිෂ්‍යයන් තෝරා ගැනීමක් සිද්ධ කරනවා..


ජීව විද්‍යා අංශයෙන් ව්‍යවහාරික විද්‍යා උපාධියක් ලබාගන්න ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුනක අවස්ථාව සැලසෙනවා ..


1) සබරගමු විශ්වවිද්‍යාලය

2) රජරට විශ්වවිද්‍යාලය

3) යාපනය විශ්වවිද්‍යාලය


මේ උපාධි පාඨමාලාවන් ගේ අන්තර්ගතය සහ ලැබෙන උපාධිය විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයටත් වෙනස් වෙනවා ..


ගොඩක් අය අහලා තිබ්බා applied science අහ bio science අතර වෙනස මොකක්ද කියලා..


ප්‍රධානතම වෙනස තමයි සාමාන්‍ය ජීව විද්‍යා උපාධිය තියරි පැත්තට තමයි ගොඩක්ම බර.. practical side එකක් තිබුනට උගන්වන දේවල් practically apply කරන විදිය ගැන ලොකුවට ගැඹුරට ජීව විද්‍යාව උපාධියේ කතා කෙරෙන්නෙ නෑ..


නමුත් මෙය applied science ගොඩක්ම තියරි පැත්තට නෙවෙයි ප්‍රැක්ටිකල් සයිඩ් එකට තමයි බර ..


ඒ නිසා ඔයාලටත් කැම්පස් ගියාම ලොකුවටම pactical තියෙන නිසා මුලදී පොඩි අපහසු තාවයක් වගේ දැනෙන්නත් පුළුවන්.. ඒත් ඒක පස්සේ හරි යනවා හුරු වුනාම..


අපි බලමු එකින් එක විශ්ව විද්‍යාලයේ මේ degree කොහොමද කියලා..


👩‍🎓 සබරගමුව විශ්වවිද්‍යාලය - Sabaragamuwa University Srilanka


සබරගමුව විශ්ව විද්‍යාලයේ ලබා දෙන උපාධිය තමයි තුන් අවුරුදු

"විද්‍යාවේදී ( ව්‍යවහාරික විද්‍යා ) පාරිසරික විද්‍යා හා සම්පත් කළමනාකරණය සාමාන්‍ය උපාධිය..

විශේෂ දක්ෂතා දක්වන ශිෂ්‍යයන්ට මේකේ විශේෂ උපාධිය හදාරන්න අවස්ථාව හිමිකර ගන්න පුළුවන්..

පාඨමාලා කාලය විශේෂ උපාධිය දී අවුරුදු හතරයි..


මේ උපාධිය පවත්වාගෙන යන්නේ ස්වාභාවික සම්පත් අධ්‍යන අධ්‍යයන අංශය විසින් ..


මේ උපාධියත් සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් තමයි පැවැත්වෙන්නේ ...

පාරිසරික විද්‍යා හා ස්වාභාවික සම්පත් කළමනාකරණ උපාධි පාඨමාලාව සමත් වීමට නම් අඩුම ගානෙ සියලු පාඨමාලා සඳහා අදාල අධ්‍යන වර්ෂ වලදී C pass එකක් වත් තියෙන්න ඕන..


ඒ වගේම මේ degree එක අවසානයේ GPA එක 2 ට වැඩිය ලබා ගන්නත් ඕනේ..


එහෙම වුනොත් විතරයි මේ උපාධිය ඔවුන්ට ලැබෙන්නේ..


පලවෙනි අවුරුද්දෙ අනිවාර්යෙන්ම පයෙන්ම පහත සඳහන් විෂයයන් හැදෑරීම සිදු කළ යුතුයි ,

1) ගණිතය

2)භෞතික විද්‍යාව

3)රසායන විද්‍යාව

4)ජෛව විද්‍යාව

5)සංඛ්‍යානය

6)මූලික කළමනාකරණ මූලධර්ම

7)තොරතුරු හා සන්නිවේදනය


මේ ඩිග්‍රියේ ප්‍රධානම පාඨමාලාවේ විෂය නිර්දේශයට

පාරිසරික විද්‍යාව, ස්වභාවික සම්පත් කළමනාකරණය, මිහිතල විද්‍යාව,වන විද්‍යාව, ජෛව විවිධත්වය,ස්වාභාවික සම්පත්, ආර්ථික විද්‍යාව, පාංශු විද්‍යාව, පාංශු ඛාදනය හා සංරක්ෂණය වගේ විෂයන් රාශියක් ඇතුළත් වෙලා තියෙනවා ...


උපාධි අවසානයේදී අවසාන වසරේ සති 15 ක ක්ෂේත්‍ර පුහුණුවකට සහභාගි වෙලා ඒ සම්බන්ධව නිබන්ධනයක් පිළියෙල කරන්නත් ඕනේ ..


උඩින් පේනවා ඒ ඩිග්‍රි යකට අයිති subject ඔක්කොම පාහේ තියෙන්නෙ පරිසරයත් එක්ක සම්බන්ධ වෙච්ච හා කළමනාකරණ විෂයන්.. ඉතින් ඒ පැත්තට තමයි ඔයාලගේ ජොබ් එකත් බර වෙන්නේ .


👩‍🎓 රජරට විශ්වවිද්‍යාලය - Raharata university


රජරට විශ්ව විද්‍යාලයේ ලබා දෙන ව්‍යවහාරික විද්‍යාව උපාධි තමයි,


1) විද්‍යාවේ දී සාමාන්‍ය ව්‍යවහාරික විද්‍යාව උපාධි පාඨමාලාව - 3 Yeara

2) විද්‍යාවෙදී ව්‍යවහාරික විද්‍යා උපාධි පාඨමාලාව - 4Years

3) විද්‍යාවේදී ව්‍යවහාරික විද්‍යා උපාධි පාඨමාලාව ( ප්‍රධාන විශය දෙකක සංකලනයකි)- 4 years

4) විද්‍යාවේදී විශේෂ උපාධි වාරික විද්‍යාව උපාධි පාඨමාලාව - 4years


රජරට Applied science පළවෙනි අවුරුදු දෙක biology, zoology සහ Botany කියන විෂයයන් තමයි ඉගෙන ගන්න තියෙන්නෙ ..


මේ විෂයයන් යටතේ තවත් අනුඛණ්ඩ විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙනවා .. උදාහරණ විදිහට Zoology යටතේදී ,


*Biodiversity Conservation

*Fisheries and Aquaculture Management

*Microbiology ගන්න පුලුවන් ..


තුන් වන අවුරුද්දෙ පහත විශයන් ඉගනගන්න ලැබෙනවා..


Plant Tissue Culture

Principles and Practice of Horticulture and

Landscaping

Postharvest Technology of Plant Products

Flora of Sri Lanka

Medical Entomolog

Applied Parasitology

Economic Entomology

Laboratory Techniques in Zoology

Molecular Biology

Ecotourism

Environmental Pollution

Bioinformatics *

Ecotoxicology *

Experimental Design and Nonparametric

Methods in Statistics

Field Project

Concepts of Biodiversity Conservation

Environmental Impact and Risk Assessment

Introduction to Geographical Information

Systems *

Wildlife Conservation and Management

Fisheries and Aquaculture

Breeding Techniques in Aquaculture FAM

Ornamental Fish Industry */** FAM 3201

Industrial Microbiology

Soil Microbiology *

Virology *

Food Microbiology

Plant-Microbe Interactions *

Analytical Techniques in Molecular Biology*

Immunology *

Environmental Microbiology


මම මෙතන උඩින් පොඩි තරු ලකුණක් දාලා තියෙන විෂයයන් කරන්න පුළුවන් හතරවැනි අවුරුද්දේ ගෞරව උපාධිය කරන ශිෂ්‍යයන්ට විතරයි ..


ඉතින් මේ විෂයන් දැක්කම පේනවා හැම විශාම ගොඩක් practical පැත්තට බර විෂයන්.. ඒකයි මේ deegree එකට applied science කියලා කියන්නෙ..


පහුගිය පොස්ට් එකකින් මම දැක්කා biologycal science අයට තියෙන විෂයයන් ඒවත් එක්ක ඔයාලා මේවා සංසන්දනය කරලා සංසන්දනය කරලා බැලුවොත් ඔයාලට හොඳින්ම වටහා ගන්න පුළුවන් bio වල සහ applied science වල තියෙන වෙනස මොන වගේ එකක්ද කියලා...

ඒ වගේම මේ සබ්ජෙක්ට් වලට අනුව තමයි තමන්ට ලැබෙන රැකියා අවස්ථාවන් තීරණය වෙන්නේ..


මේ සබ්ජෙක්ට් ගොඩක් හොඳ සහ ඉහළ වටිනාකමකින් යුක්ත සබ්ජක්ට්ස් උනාට ලංකාව ඇතුලේ තාම මේ වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් ලැබිලා නැත්තෙ මොකද මේක තවමත් දියුණු වෙමින් පවතින රටක් නිසා...


ඒක රටේ වරදක් මිසක් ඩිග්‍රී එකේ වරදක් නෙවෙයි .. එනිසා පිටරටකට යන්න ඉහළම සුදුසුකමක් විදිහට මේ විෂයන් දක්වන්න පුළුවන් ..


👩‍🎓 යාපනය විශ්වවිද්‍යාලය (වව්නියා මණ්ඩපය) - University of Jaffna


යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියා මණ්ඩපය applied science වලට පිරිනමන උපාධිය තමයි " Bachelor of

Science Honours in Environmental Science" 3 Years සහ 4 years hons degree එක..


තුන් අවුරුදු පාඨමාලාව තමයි සාමාන්‍යයෙන් පිරිනමන්නේ හොඳ pofomance තියෙනවා නම් special එකට යන්න පුළුවන්...


ඔයාලගේ අධ්‍යයන වැඩසටහන සැලසුම් කරලා තියෙන්නෙ න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික කුසලතා, ගැටළු විසඳීම කියන හැම සයිඩ් එකක්ම කවර් වෙන විදියට..


පලවෙනි සෙමෙස්ටර් එකේ පහත දක්වන විෂයයන් ඉගැන්වීම සිදු කරනවා


Fundamentals of Environmental Science in different disciplines of Chemistry

Botany

Zoology

Basic Mathematics

Fundamental of Information Technology. From


පළවෙනි අවුරුද්ද second semester එකේ ඉදන් විශයන් සවිස්තරාත්මකව ඉගැන්වීමක් සිද්ධ කරනවා .


4වන අවුරුද්දේ පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කිරීමට තමයි තියෙන්න..ඒ වගේම මාස දෙකක කාලයක් කාර්මික පුහුණුවක් ලබා දෙනවා...


හතරවැනි අවුරුද්දේ දී ඩිග්‍රී එක කරන්න තේරෙන කට්ටියට පහත දක්වන විෂයන් කරන්න අවස්ථාව තියෙනවා පළවෙනි සෙමෙස්ටර් එකේ අවසාන අවුරුද්දේදී ...


Core programs

❤️Project planing and Management

❤️Cleaner Production


Elective

❤️ Limnology and Wetland Management

❤️Advanced Water Treatment

❤️Groundwater Management

❤️Environmental Microbiology

❤️Advanced Spectroscopic Method

❤️Climate Change

❤️Environmental Communication


අන්තිම අවුරුද්දේ අන්තිම සෙමෙස්ටර් එකේ research project එකයි Industrial training එකයි තමයි තියෙන්නේ ..


ඉතින් මේ ඩිග්‍රී එකෙත් උඩ තියන සබ්ජක්ට් තෝර ගත්ත විදිහට තමයි ඔයාලගේ රැකියා අවස්ථාවන් තීරණය වෙන්නේ..


ගොඩක් ඒකෙ තියෙන්නෙ පරිසරය සම්බන්ධව වතුර සම්බන්ධ වගේ pactical පැත්තට බර රැකියාවන් තමයි.. ඒ වගේම ඇප්ලයිඩ් කරාම මේ මේ රැකියාවල් වලට යන්න පුලුවන් කියලා නිශ්චිතවම කියන්න පුළුවන් කමක් නැහැ ..


සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම බැංකුවලට , ගුරු පත්වීම් ,රාජ පරිපාලන සේවා වගේ සාමාන්‍යයෙන් පොදු ඕනෑම ඩිග්‍රී එකක් අවශ්‍ය කරන රැකියාවකට යන්නත් ඊට අමතරව කරපු විෂයන් වලට අදාලව සුදුසු රැකියා අවස්ථා වලට යන්නත් පිට රටවල් වලට යන්නත් අවස්ථාව තියෙනවා..


මොකද BSc Degree එකක් කියන්නෙ ලොකු වටිනාකමක් තියන ඩිග්‍රී එකක්..


සමහරවිට මීට වඩා දේවල් වෙනස් වෙනවා ඇති ෆැකල්ටි එක ඇතුලෙදි ...


මේ ටික හොයා ගත්තෙත් පුදුම විදිහට මහන්සි වෙලා.. මොකද මේ ගැන දන්න කෙනෙකුත් නෑ දන්න අය කියන්නෙත් නෑ 😫

ඉතින් වැරැද්දක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න ... එහෙනම් හැමෝටම ජය !!


#Study_with_CHILL

#Degreevaluation

Report Page