Apple Launches "Self Service Repair"
TechGuideLK
Apple විසින් ඊයේ දින repair industry එක සඳහා විශාල නිවේදනයක් සිදු කරා. Apple ඔවුන්ගේ නව "Self Service Repair(ස්වයං සේවා අළුත්වැඩියා)" හදුන්වා දුන් අතර මෙම නව "self service repair" වැඩසටහන මඟින් පාරිභෝගිකයින්ට battery replacement, iPhone display replacement, camera module replacement සහ තවත් බොහෝ පොදු අලුත්වැඩියාවන් ඇතුළුව ඔවුන්ගේ උපාංගවල තමන්ගේම අලුත්වැඩියාවන් සම්පූර්ණ කිරීමට ඉඩ සලසා ඇත. මිට පෙර එසේ සිදු කොරොත් warranty cancel විය.
මෙම වැඩසටහන මගින් පාරිභෝගිකයින්ට Apple genuine parts ලබා ගැනීම පෙරට වඩා පහසු කර ඇත. මේ සදහා Apple Authorized Service Providers (AASPs) සහ tools, parts, repair manual වලට පිවිසීමට අවසර තිබෙන ස්වාධීන අලුත්වැඩියා කරුවන් එකතු වෙන බව වාර්තා වෙනවා.

Apple පවසන්නේ ස්වයං සේවා අළුත්වැඩියා කිරීම මුලින්ම iPhone 12 සහ iPhone 13 සඳහා වන අතර පසුව M1 chip සහිත Mac පරිගණක සඳහා ඉදිරියේදී ලබා ගත හැකි බවයි. මෙම වැඩසටහන මුලින්ම 2022 මුල් භාගයේදී එක්සත් ජනපදයේ දියත් කරන අතර, ඉන්පසුව වසර පුරා අමතර රටවල් වල දියත් කිරීමට සැලසුම් කර ඇත.
කොහොම වුනත් Apple සමාගම මිට පෙර මෙවැනි ආකාරයේ 3rd party repair වලට තදින්ම විරුද්ධ වුනු, 3rd party repair සදහා දිගින් දිගටම වැට බැදපු සමාගමක්. iPhone 13 නිකුත් කිරීමත් සමග මෙය තදින්ම සිදු වුනි. බොහොමයක් iPhone 13 සදහා තුන්වන පාර්ශවිය අලුත්වැඩියාකරුවෙක් හරහා genuine display replace කලද, පසුව iPhone එකෙහි යම් යම් දෝෂ(face id වැඩ නොකිරීම) මතු වුනු බවට පුවත් වාර්තා වුනා. මෙම වාතාවරණය මත අළුත්වැඩියා කිරීමේ අයිතිය සම්බන්ධයෙන් Apple දැඩි පීඩනයකට ලක්වුණා. ඒ වගේම අළුත්වැඩියා කිරීමේ සීමාවන්ට එරෙහිව නීතිය බලාත්මක කිරීම වේගවත් කිරීම සඳහා මෙම වසර මුලදී FTC නව ප්රතිපත්තියක් ප්රකාශයට පත් කළා. මෙම හේතුන් නිසා Apple සමාගමට මෙම තීරණය ගැනීමට පෙලබුනා කිවොත් නිවැරදියි.
මෙම වැඩසටහන තුලදී යම් යම් දේවල් වල මිල ගණන් කෙසේ වෙනස් වන්නේද යන්න ගැන තොරතුරක් තවම නැත.
Follow & Like ❤ 👇