Another love

Chapter One
〰️〰️〰️〰️〰️〰️〰️
"ලිසෝ, ඔයාට යන්න පරක්කු වෙනවා නේද? Flight එක miss වෙයි, ඉක්මනට ready වෙන්න." අපේ අම්මා කොයි වෙලාවෙත් on time වැඩ එයා පොඩි කාලේ ඉදන්න අපිවත් පුරුදු කලේ එහෙම. එත් ඉතින් මම නම් කොහේ ගියත් අඩුම විනාඩි 5ක් වත් පරක්කුයි, ඒත් අද නම් ඉතින් එහෙම බෑ, I should be there on time.
----------------------------------
හරි මම මෙහෙම පටන් ගන්නම්කෝ. මගේ නම ලිසරා ලිලි හාර්ට් (Lisara Lily Hart), වයස අවුරුදු 24. ඇත්තටම මටත් ඕනෙ වුණේ college එකේ මගේ යාලුවෝ වගේ නිදහස් ජිවිතයක්, එත් අපේ ගෙදර background එකේ හැටියට මට කවදාවත් එහෙම ඉන්න බෑ. මට හැමදාම වැඩ කරන්න උනේ මගේ අම්මලා කියන විදිහට. ඉතින් දැනුත් වෙන්නේ ඒකම තමයි.... මම කොච්චර අකමැති උනත් higher education වලට රට යන්න එයාලට ඕන ඒක.
දැන් වෙලාව හරියටම 8.30 මගේ flight එක 12.15 London වලට පිටත් වෙනවා. මම යන්නෙ අපේ තාත්තගේ යාලුවෙකුගේ දුවක් ඒ කියන්නේ ඉතින් මගේ bestie, අපි කොහොමත් පොඩි කලේ ඉදන්ම family friends ලා. ඒක විතරයි මගේ හිතට පොඩි සහනෙකට තිබ්බේ. තනියම යනවට වැඩිය එයත් එක්ක යන නිසා මට දැනුන බය ටිකක් අඩුයි.
කොහොම හරි අම්මා නිසාම අපිට වෙලාවටම airport එකට යන්න පුළුවන් වුණා.දැන් ඉතින් තව මාස 3ක් යනකන් මට මට මගේ පුංචි පවුලට සමුදෙන්න වෙනවා. ඒක තමයි ඉතින් දුක හිතෙන scene එක.
"මගේ මැණික පරිස්සමෙන් ගිහිල්ල එන්න ඕනෙ, ඔයාලා ඉතින් හොදට ඉගෙනගත්තොත් අපිටනෙ ආඩම්බර"
"අම්මිලට තේරෙන්නෙ නෑනෙ මමනෙ එහෙ ගිහිල්ල තනියම ඉන්න ඕනෙ නෙහාරා ත් එයාලගෙ cousin ගෙ ගෙදර නවතිනවනේ"
"ඒක ගැන නම් බය වෙන්න එපා, සේරා ඔයාව එයාගෙ දරුවෙක්ම වගේ බලා ගනී. ඒක ගැන නම් අපිට බය වෙන්න දෙයක්ඔ නෑ. ඔයා පොඩි කාලේ ඉදන්ම සේරාට ඔයාව එයාගෙම දරුවෙක් වගේ, ඔයාට ඉතින් ඒවා මතක නෑ එයාල අන්තිමටම ලංකාවෙන් යද්දි ඔයාට යන්තන් අවුරුදු දහයයිනෙ"
මට අමතක නෑ... ඒත් ඉතින් ඒ අවුරුදු දහයකටත් වඩා කලින්නෙ....
"කෙනෙකුගෙ ඇත්ත ආදරේ කවදාවත් මැරෙන්නෙ නෑ ළමයෝ. පරිස්සමෙන් ගිහිල්ලා එන්න මැණික."
"බැස්ස ගමන් අපිට call එකක් දෙන්න" ඒ තාත්තා
------------------------------------------------------
අපි දෙන්න london වලින් බහිද්දි මගේ watch එකේ වැටිලා තිබ්බේ උදේ 6 කියලා, එත් ඉතින් මෙහෙ නම් හොදටම කරුවලයි.
"ඒ ලිසෝ දැන් මෙහෙ වෙලාව කීයටද විතර ඇතිද? අනික කෝ අර එනවා කිව්ව aunty"
" මම හිතන්නේ දැන් මෙහෙ රෑ 12 ට විතර ඇති නෝර, අපි ටිකක් ඉස්සරහට ගිහිල්ල බලමු aunty සේරා ඇවිල්ලා ඇති " (මම ඉතින් එයාට nora කිව්වට එයාගේ හරිම නම නෙහාරා ශෙනුලි පීරිස්)
අපි aunty සේරා එක්ක airport එකෙන් එලියට ඇවිල්ලා කෙලින්ම නැවැත්තුවේ ගෙදර මොකාද ඒ වෙනකොට shops ගොඩක් හරිය වහලා. ඇත්තටම මෙහෙ ලංකාවට වඩා ගොඩක් වෙනස් පාරෙ තියන රතු පාට telephone box වලට තමයි මගේ හිත පළවෙනියටම ඇදිල ගියේ, දෙපැත්තේ තියන lampposts නිසා හරියට story book එකක් කියවගෙන යද්දී දැනෙන feeling එකක් දෙන්නේ. ඒ ඔක්කොටම වඩා අප්‍රේල් මාසේ වසන්ත සෘතුව නිසා ගස්වල කොළ වෙනුවට පිරිච්ච මල් lampposts වලට එළියෙන් පෙද්දී හිතට දැනෙන්ලනෙ සැනසිලිදායක ලස්සන සතුටක්....
-----------------------------------------------------
"ලිසෝ කිව්වා, දුව Steak frites කන්න කැමති කියලා ඔන්න ඉතින් මම හැදුවා"
එක ඉතින් nora ට නේ.... Aunty මට මොනවත් හැදුවේ නැහැනේ, හරි නරකයි.... "
අම්මෝ, මෙයාගේ සැර තාමත් පොඩි කාලේ වගේම තමයි, පොඩ්ඩක් ඉන්නකෝ මම ඔයාට Custard tart හැදුවා හැබැයි ඉතින් ඒවා දෙන්නේ කලා ඉවර උනාට පස්සේ හොදේ "
"අනිත් කට්ටිය නැද්ද"
Uncle business වැඩ වගේකට ගියා next week එන්නෙ, කියාන් නම් යාලුවෙකුගේ party එකකට ගියා දැන් පිටත් උනා කියලා call කර තව ටිකකින් එයි. "
"අනේ aunty තරහ වෙන්න එපා මම අපෙ cousin ගෙ ගෙදර නවාතැන් ගන්න එනවා කියලා කිව්වා. මම හිතුවා ලිසෝ කියන්න ඇති කියලා, ඒගොල්ලන්ට මම කිව්වා මෙහෙට එන්න කියලා මාව ගන්න." ඒ නෙහාරා
"අපරාදෙනෙ දුව, අද මෙහෙ ඉදලා යන්න තිබ්බනෙ... අනික දැන් හොදටම රෑ වෙලානෙ"
"අනේ කමක් නෑ aunty කරදර කරන්නත් බෑනෙ, ලිසෝත් ඉන්නවනේ මම හිටියොත තවත්ක කට්ටිය වැඩි වෙනවනේ"
"අනේ දුව එහෙම එකක් නෑ"
කොහොමින් කොහොම හරි නෙහාරා ත් ගියා. ඇත්තටම මම හිතාගෙන හිටපු විදිහ වැරදි ඒගොල්ලො තාමත් මට ඒ කාලේ වගේම ආදරෙයි. නෙහාරා ගියාට පස්සෙ uncle ත් call කරලා ඇහුව්වා මම පරිස්සමෙන් ආවද කියලා, මම ඉතින් ඒ ඔක්කොටම උත්තර දීලා අම්මලාටත් call එකක් අරගෙන නිදා ගන්න යද්දි පාන්දර 1 පහුවෙල තිබුණා .
මම නැගිටිද්දි උදේ 8ත් පහුවෙලා. වෙලාව කීයද කියලා බලන්න phone එක ගත්තම දැක්කෙ, aunty සේරාගෙ voice msg එක.
"ඔයාට tired නිසා ඔයාව නැගිට්ටෙව්වෙ නෑ ලිසෝ, මම office ආවා ඔයාගෙ breakfast එකයි tea එකයි මම ready කරලා ආවා, wash එකක් දාගෙන ගිහිල්ල කෑම කන්න, කියාන් නුත් පහළ ඇති."
ඇත්තටම මට කියාන් ව බලන්න ගොඩක් ආසයි. මම එයාව අන්තිමට දකිද්දී මට අවුරුදු 13. මම wash එකක් දාගෙන හිමින් සැරේ කුස්සියට ගියා. kitchen table එක උඩ තේ දෙකක් වහලා තිබ්බා. මම හිතන්නේ කියාන් තාම නැගිටලා නෑ... එයා දන්නෙත් නෑ මම ආවා කියලා... එයාව surprise කරන්නත් එක්ක මම එයාගෙ tea එකත් අරගෙන ගිහින් එයාගෙ කාමරෙ දොර ට හිමින් තට්ටුවක් දැම්මා.මම ඒයාගෙ mug එකත් අත් දෙකෙන්ම අල්ලගෙන හිටියෙ ඒක හරියට, බිඳෙයි කියලා බයෙන් වගේ...
"mom is it you? ආපහු ආවද? Lily නැගිට්ටද, මට එයට දෙන්න දේකුත් තියනවා." කියාගෙනම ඒයා දොර ඇරියා.
එයාගෙ කොණ්ඩේ තෙත් වෙලා චූටි චූටි වතුර බිංදු එයා ඇඳගෙන හිටපු light blue t-shirt එකට වැටිලා පොඩි පොඩි පැල්ලම් හිටලා.
පොඩි කාලෙ ඉදන්ම අපේ පවුල් දෙක family friends ලා, කියාන්ට අවුරුදු 14ක් වෙනකන්ම එයාලා හිටියෙ ලංකාවේ පස්සේ uncle ගෙ business වැඩ නිසා එයාලා England ආවා. එයාලට දුවෙක් හිටියෙ නැති නිසාද මන්දා ඒගොල්ලන්ට මාව එයාලගෙම දුවෙක් වුණා. අම්මලා මාව England එව්වෙත් ඒගොල්ලො ළඟ මට වැඩියෙනුත් එක්ක ආරක්ෂාව තියන නිසා.
ඇත්තටම කියාන් ගෙ පෙනුම නම් දැන් ගොඩක් වෙනස් වෙලා, ඒත් එයාගෙ ලස්සන හිනාව නම් එහෙම්ම ම ඉතුරුවෙලා ... ඉස්සර එයාට තිබ්බෙ olive colour හමක් ඒත් England වල දේශගුණේ නිසාම දැන් එයාගෙ olive colour skin එක porcelain පාට වෙලා... ඒකටම හරි යන එයාගෙ dark brown බළල් ඇස්... wavey hair එක... ඉස්සරහට පැනපු උගුරු දණ්ඩ... අඩි 6ක් විතර උසV shape body එක... අවුරුදු 13 දී හිටපු එයාව බොහෝදුරට වෙනස් කරලා...
දොර ඇරපු ගමන් එතන හිටගෙන හිටපු මාවත් ඒයාට සමහර විට හදුනගන්න බැරි වෙන්න ඇති... උදේ පාන්දර හොල්යාමනක් දැක්ක ගානට එයා මම දිහා බලන් ඉන්නවා...පොඩි කාලෙ ඉදන්මම එකට ඉඳලත්ම මාව එයාට හඳුන ගන්න බැරි වෙලා කියලා හදවත මට කොඳුරන්න ගත්තා.... ඒයා ඒ විදිහටම විනාඩියකටත් වඩා ඉදලා වචනෙකින් කතා කළා.... එතකල් මම එයාගෙ ඇස් දෙක කියෙව්වා, සමහරවිට එයා මගේ ඇසුත් කියවන්න ඇති.... සමහරවිට නැතුව ඇති....
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Chapters 04 ක short story එකක්. කතාව හොදයි කියලා හිතෙනවා නම් react (❤️) එකක් දාගෙන යන්න.
_DAisy_