Android 12 Go

Android 12 Go

TechGuideLK

🔹Android Go කියන්නේ Android වලම සැහැල්ලු, බර අඩු OS එක. Google විසින් Android Go නිකුත් කලේ 2007 වසරේදී. ඒ entry-level 2GB හෝ ඊට අඩු RAM තිබෙන දුරකතන වලට smooth Android අත්දැකීමක් ලබා ගැනීමට හැකි වන අයුරින්. මේ වන විට ලෝකයේ Android Go පරිශීලකයින් මිලියන 200 කට වඩා අධික ප්‍රමාණයක් සිටින බවයි Google සදහන් කරන්නේ.

🔹දැන් Google විසින් Android Go හි නවතම OS එක වන Android 12 Go හදුනනවා දි තිබෙනවා. Android 12 Go හි කැපීපෙනෙන ලක්ෂණයක් නම්, එය Android 11 Go වලට වඩා 30% ක වේගයකින් යුතුව apps වෙත පිවිසීමේ හැකියාව සමග smooth animation ලබා දී තිබෙනවා. Google පවසන්නේ කලින් මෙන් app එකක් විවෘත කරන විට කෙටි කාලයක් පෙනෙන black screen එක Android 12 Go හි නොමැති බවයි.


🔹 Android 12 වල මෙන්ම Privacy dashboard, on-screen translation tool, හොඳ battery life එකක් සදහා automatic app hibernation, app sharing වගේ පහසුකම් රැසක් Android 12 Go සමග ලබා දී තිබෙනවා.


🔹කොහොම වුවත් මේ වන විට Android 12 Go ලැබෙන device මොනවද යන්න නිවේදනය කර නැති අතර 2022 දි එය නිකුත් කරන බවයි පවසන්නේ.

Report Page