A/L වලට Maths එක්ක ICT කරලා කැම්පස් යමු ද?

A/L වලට Maths එක්ක ICT කරලා කැම්පස් යමු ද?

Randinu Jayaratne

A/L වලට ICT කරලා කැම්පස් යමු ද?


උසස් පෙළ විභාගයට භෞතීය විද්‍යා විෂය ධාරාව එහෙමත් නැත්නම් Maths තෝරගන්න ගොඩක් අය විෂයයන් තෝරා ගනිද්දී බොහෝ දුරට Combined Maths + Physics සහ Chemistry කියන විෂය සංකලනය තමයි තෝරගන්නේ. නමුත් මෑතක ඉඳලා ICT නැත්නම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන විෂයයේ ජනප්‍රියත්වයත් එක්ක මම කලින් කියපු Chemistry නැත්නම් රසායන විද්‍යාව විෂය වෙනුවට ICT විෂය තෝරගන්න යොමුවෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් Maths කරන ගොඩක් අයගේ හීනේ වෙන්නේ Engineering faculty එකකට තේරිලා ඉංජිනේරුවෙක් වෙන එක. ඉතින් ඒ වෙනුවෙන් හොඳම විෂය සංකලනය මම කලින් කියපු Com. Maths + Physics + Chemistry කියලා දෙපාරක් හිතන්නැතුව කියන්න පුලුවන්.


එතකොට Chemistry නොකර ICT තෝරගන්න අයට මොකක්ද වෙන්නේ?

 

ICT තෝරගන්න එක හොඳ මදි ද?

ICT කරන අයට Government Universities වල Degrees නැද්ද?


මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ICT කරන ඔයාලට ඇතිවෙන්න පුලුවන්.


ඉතින් මම දැන් කතා කරන්න යන්නේ ICT කරන එකේ සහ Chemistry කරන එකේ වෙනස්කම් ගැන. ඉස්සෙල්ලම බලන්න ඔයා Maths කරන්න හේතුව.


ඔයා Maths කරන්නේ Engineering/Physics/Chemistry වගේ Science & Research පැත්තට බර විෂය ක්ෂේත්‍ර පැත්තෙන් ඉස්සරහට යන්න නම් ඔයාට වඩාත්ම ගැළපෙන්නේ මම කලින් කිව්ව විෂය සංකලනය. විශේෂයෙන්ම රජයේ විශ්වවිද්‍යාල වල Engineering faculties වලට apply කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ඒකටත් අවස්ථාව තියෙන්නේ ඒ විෂයයන් තෝරගත්තොත් විතරයි.


ඔයා Maths කරන්නේ Computer Science, Software Engineering, Data Science වගේ Computation & Mathematics පැත්තට බර විෂය ක්ෂේත්‍ර වලින් ඉස්සරහට යන්න නම් ඔයා ICT තෝරගත්තට වරදක් නෑ.


ඒ වගේම තවත් විශේෂ දෙයක් මෙතනදී මතක් කරන්න ඕනි ලංකාවේ බහුතරයක් ICT කරලා යන්න පුලුවන් degree programs වලට chemistry කරලත් යන්න කිසිම බාධාවක් නෑ. නමුත් අනිවාර්යයෙන්ම Chemistry කරලා විතරක් යන්න පුලුවන් program ටිකකුත් තියෙනවා. ඒ නිසා මෙතනදි ඔයාගේ අතේ තමයි ඔයා මොන විෂයයක් තෝරගන්නවද කියන තීරණය තියෙන්නේ. Chemistry වලට සාපේක්ෂව ICT වල තාක්ෂණික කරුණු, ගණිතමය කොටස් , තර්කනය වගේ දේවල් එකතු වෙලා තියෙන නිසා සාමාන්‍යයෙන් ICT ලේසි විෂයයක් වෙන්නත් පුලුවන්. හැබැයි ඒක තීරණය වෙන්නෙත් ඔයාගෙ කැමැත්තයි, දක්ෂතාවයයි, උවමනාවයි මත විතරයි. ඔයා මොන විෂය කරත් ඔයාගේ ගණිතමය, තර්කන, විශ්ලේෂණාත්මක හැකියා වර්ධනය වෙන නිසා සුලුතරයක් ඇරෙන්න එකම වගේ ක්ෂේත්‍ර වලට අදාලව ඉදිරියට ඉගෙන ගන්න විෂයයන් දෙකෙන්ම හැකියාව දීලා තියෙනවා.


දැන් කතා කරමු ICT කරන අයට Government Universities වල තියෙන Degree Programs මොනව ද කියලා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා(UGC) වෙබ් අඩවියට ගිහින් University Handbook එක download කරගත්තොත් මේ විස්තර ඔයාලට තනියම උනත් බලාගන්න පුලුවන්. (Link - https://bit.ly/46sMlId)


1. Computer Science

2. Software Engineering

3. Applied Science (Physical Science)

4. Statistics and Operations Research

5. Computing and Information Systems

6. Physical Science - ICT

7. Artificial Intelligence (AI)

8. Electronics and Computer Science

9. Information Technology (IT)

10. Management and Information Technology (MIT)

11. Computer Science and Technology

12. Information Technology and Management

13. Information Systems

14. Information and Communication Technology (ICT)

11. Quantity Surveying

12. Surveying Science


මීට අමතරව වෙනත් විෂයයන් කරලා කරන්න පුලුවන් degree programs වලටත් ඔයාලට apply කරන්න පුලුවන්.


1. Town and Country Planning

2. Architecture

3. Law

4. Business Science

5. Design

6. Entrepreneurship and Management

7. Financial Management

8. Geographical Information Science

9. Financial Mathematics and Industrial Statistics

10. Human Resource Management


මේ ටික වගේම තවත් degree programs ගොඩක් ICT වලින් විභාගයට මුහුණ දෙන අයට රජයෙන් ලබා දෙනවා. ඒ වගේම හොඳ ම result එකක් ගන්න බැරිවුණ අයටත් Open University, Sir John Kothalavala Defense University වගේ වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩකින් Maths + ICT විෂය සංකලනය හදාරපු අයට degree programs ලබා දෙනවා. ඉස්සරට වැඩිය දැන් ඕනම විෂයයකින් ඉස්සරහට යන්න පාරවල් ගොඩක් තියෙනවා. උනන්දුවයි කැපවීමයි තිබුණා නම් ඕනම දෙයක් කරන්න පුලුවන් 

 ඔයාලාගේ අදහස් අනුව අද කියපු/ නොකියපු programs ගැන වැඩි විස්තර තව ලිපියකින් කියන්න බලාපොරොත්තුවෙන් මේ ලිපිය ඉවර කරනවා. Good luck!


Randinu Jayaratne

Technical writer

01.07.2023


Report Page