A/L Maths

A/L Maths

Sasiru Anjana
O/L ගේමක් නැතිව ලියපු නිසා දැන් ගැම්මට Maths කරන අයටයි, O/L වල subject 3,4 ක් අමාරු වෙලා මට ඉන්ජෙක් වෙන්න බෑ කියල වෙන stream එකක් කරන අයටයි හැමෝටම තමා මේ post එක.

මුලින්ම බලමු A/L ලේසිද කියල. උත්තරේ තමා නෑ. පට්ට අමාරුයි. ඔයාල දැනට class ගියානම් මාන, ආවර්තිතා වගුව වගේ අමාරු පාඩම් ඉගනගෙන ඇති. ඒත් ඔයාට ඒ පාඩම් වලට වඩා ගොඩක් අමාරු පාඩම් ගොඩක් ඉගනගන්න වෙනව. ඒවට ඉතින් ගොඩක් මහන්සි වෙන්න වෙනව. O/L වගේ අන්තිම සතියෙ පාඩම් කරල ලියන්න නම් යන්න බෑ. O/L වලට මොනව තිබුනද කියන එක අදාලම නෑ ඒකට.

ඊලඟට එන ප්‍රශ්නෙ තමා කියන තරම් යකා කලුද කියන එක. Maths අමාරුයි තමයි. ඒත් ගොඩදාගන්න පුලුවන් ඔයාගෙ මහන්සියෙන්. පොඩි මොලේකුත් ඕන හැබැයි. තමන් තමන් ගැනම අවබෝධ කරගෙන වැඩ කරන්න ඕන ඇත්තටම. කවුරු කොහොම කිව්වත් ඒක තමයි ඇත්ත. ඔයා මහන්සි වෙලා වැඩ කරල ගොඩ යන්න කැමති නම් මේක තමා ඔයාට හොඳම stream එක. මොකද සමහර ඒවගෙ මහන්සි වෙලා වැඩ කරත් ගොඩ යන්න අමාරුයි.

එතකොට ඇයි maths කරන්න ඕන. Tec කරලත් engineering වෙන්න පුලුවන් කියනව නේ ..... 😶
නෑ නෑ tec කරල engineer කෙනෙක් වෙන්න බෑ. IESL තියන කෙනෙක්. ඒ වගේම maths කරල moratu යන්නම ඕන, engineering ම කියල එකක් නෑ. ගොඩක් හොඳ courses තියනව තව. සමහර ඒවගෙ engineering වලට වඩා පඩි තියනව. වගකීමෙන් කියන්නෙ. Maths කරනව කියන්නෙ ජීව්තේ ගොඩදාගන්න හම්බු වෙන හොඳ chance එකක්. කවුරු නෑ කීවත් මිනිහෙක් ගෙ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් දෙයක්. ඉගනගන්නෙ නැතුව සාර්ථක උන අය ඉන්නව. හැබැයි ගොඩක් අඩුයි. ඒක නිසා maths හරි නැත්නම් වෙන මොකක් හරි දේකින් හොඳට ඉගනගන්න 😌

තව විශේෂ දෙයක් තමා Engineering යන්න නම් chemistry කරන්නම ඕන. ඒ වගේම physical science එකෙත් සමහර combination තෝරගන්න බෑ chemistry නැත්නම්. හැබැයි ඔයා IT side එකට ගොඩක් ආස නම් ICT කරා කියක අවුලක් නෑ. Computer science, IT වගේ ඒවට යන්න ඒකෙන් කිසිම බාදාවක් නෑ. හැබැයි engineering CSE බෑ. යන්න පුලුවන් campus ගැන නම් වෙනම article එකක් ලියන්න තරම් දේවල් තියනව 😂

ඔයාල දැන් මාසයක් වගේ class ගිහින් ඇති. හොඳ ගුරුවරු 3ක් තෝරගන්න. පම්පෝරි ගහන අය නෙවේ. උගන්නන. හැබැයි ඔයාලගෙ ජීවිතේ එයාල ගොඩ දන්නෙ නෑ. එයාල කරන්නෙ ඔයාලට උගන්නලා එයාලගෙ ජීව්තේ ගොඩ දාගන්න එක. ඒක තේරුම් අරගෙන මහන්සි වෙලා ගේමක් ගහල කොහොම හරි හොඳ තැනකට එන්න. Good luck හැමෝටම 😁


Report Page