A/L
Study with CHILL
ඔයාල මේ වෙලාවෙ වැටිලද??
එක්සෑම් එකට කල් මදි කියලා හිතනවද?
හැම වැඩක්ම පැටලිලාද??
හ්ම්ම්ම්ම්...!!
නවතින්නකො චුට්ටක් ඔහොම.. මුලින්ම සන්සුන් වෙන්න..
පහුගිය අවුරුදු වල ප්‍රථිඵල අමතක කරන්න.. මේ දවස් ටිකෙන් ගේමක් ගහගන්න පුලුවන් කියලා හිතන්න..
හිතන්න දෙයක් නෑ පුලුවන් !! මම මාස තුනකින් මගෙ රිසාල්ට්ස් ලොකුවටම වෙනස් කරගත්තා..
මේ සේරටම බලපාන්නෙ තමන්ගෙ හිත.. සහ තමන්ගෙ උනන්දුව...
වැටෙන වැටෙන පාරට මට බෑ අයියෝ කියල හිතුවොත් ඔයාට බෑම තමා...
කොච්චර වැටුනත් කට්ට කාගෙන " මට පුලුවන් "කියලා වැඩේ කරන්න.. ඇත්තටම මේ වගෙ සතියක් කරල බලන්න... ඔයාට පුලුවන් වෙනවා ඔයාගෙ මානසික ඒකාග්‍රතාවය තියාගන්න..!
ඔයාට ඔයාගෙ අම්ම තාත්තා කොයි තරම් වියදම් කරාද?ඒකට වටිනා කමක් දෙමු..
ඔයා තර්ඩ් ශයි සෙකන්ඩ් ශයි කෙනෙක් නම් කලින් රිසාල්ට්ස් අව්ල් නම් ඔයාට රිසාල්ට්ස් ආව දවසෙ දැනුන හැගීම ආයෙ ඕන නැ නේද?
පට්ට අඩු රිසාල්ට්ස් එකක් සැහෙන්න හොද z එකක් එක්ක රිසාල්ට්ස් එකක් ආවම දැනෙන සතුට මාරයි.. ඒක විදින්න.. අනිවාරෙන් පුලුවන් ඒ දේ කරන්න!!
මේව සුරංගනා කතා නෙමෙයි...
මුලින්ම කරන්න ඕන මේ දේ.. ඔයා කලබලයි නම් ඉස්සෙල්ලම පාඩම් කරන එක කරන්න කලින් ඔයා ඔයාව සන්සුන් කරගන්න..
හැම පාඩමක් ම පාඩම් කරන්න ගන්න කලින් හිතන්න මේ පාඩම අනිවාරෙන් මම පුලුවන් කරගන්නව, මට පුලුවන් කියල..
මෙන්න මෙ සිතුවිල්ල මාරම බලවත්...
මුලින්ම මේ පොඩි දේවල් කරන්න..
✨️පුලුවන්මම් පොඩි කාල සටහනක් හදාගන්න. මේක අත්‍යාවශය නෑ.
✨️පාඩම් කරන්න පටන් ගන්න ලේසිම පාඩමෙන්..
✨️අවසානයේ පාඩමට අදාල පාස්ට් පේපර්ස් කරන්න..
✨️පාඩම් කරන ථලදායි කාලය ස්ටොප් වොච් එකකින් මැනල සටහන් කරගන්න
✨️ඊලග දවසෙ පාඩම් කරන පැය ගාන ඊට වඩා වැඩි කරගන්න ට්‍රයි කරන්න.
✨️හොදට වතුර බොන්න. ඒක මාරම වැදගත් මතකයට
✨️සමබල ආහාර ගන්න
✨️පැය 8ක පමණ නින්දක් ලබාගන්න.. මේ කාලයෙ තමා ඔයාල පාඩම් කරපුව ඔයාගෙ මොලේ ස්ටෝර් වෙන්නෙ.. එ නිසා නිදිමරන්න එපා
✨️කාම් මියුසික් එකක් එක්ක පාඩම් කරන්න්න.. ඒකත් හොද ට්‍රික් එකක්( එහෙම පුරුදු නැත්තම් එපා)
✨️පොඩ්ඩක් සද්දෙට කියවල පාඩම් කරන්න.. මතක හිටින ප්‍රසන්ටේජ් එක වැඩි වෙයි.
✨️නිදාගන්න කලින් හෙට කරන වැඩ ප්ලෑන් කරන්න..
✨️නින්ද යනකන් ඔයාගෙ ඩ්‍රීම්ස්, ඔයා කැම්පස් යන හැටි, ඔයාගෙ රිසාල්ට්ස් ඉමෙජින් කරන්න.. මේක මාරම හොද වැඩක්.. කරලම බලන්න..
මේ පොඩි ටිප්ස් ටිකක් විතරයි .. තව මෙ වගෙ ටිප්ස් බලන්න කැමති නම් පේජ් එකට ලයික් කරල තියාගන්න..
අනිවාරෙන්ම ඔයාට මේ පාර උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින් ජය ගන්න පුළුවන් !!
ඔයාට ආස කරන කැම්පස් එකටම යන්නත් පුළුවන් !!
මේ ලෝකයේ බැහැ කියලා දේවල් නෑ .. ඒ නිසා අපි try කරමු !
එහෙනම් හැමෝටම ජය!!
#StudywithCHILL
#Studytips