A secret world..

මං ආසම දේ නින්ද.
"චූටි දූ .. 6ත් වෙලා නැගිටින්න නැගිටින්න .. ස්කෝලෙ යන්න පරක්කු වෙනව .."
උදේට හැමදාම අපේ ගෙදර වදින එලාම් එක තමයි ඒ ..
'ශිට් .. අපරාදෙ .. මුහුදු ලෝකෙ හොයාගත්තා විතරයි මං .. ඇතුළට යන්න කලින් අම්ම කෑගගන්න පටන් ගත්තනි ..'
"දැන් මං කාමරේට එන්නද .. ඔයා නැගිටල එනවද .. මේ තේකත් ඇල් වෙනව .. "
තව ටික වෙලාවක් ඇදේ හිටියොත් ඉතිම් අම්මගෙ දහඅට වන්නමම බලාගන්න පුළුවන් .. ඒ නිසා මං නැගිටල ෆෝන් එකත් අරගෙන කාටුන් එකක් බලන ගමන් පිටි එක බිව්වා ..
"මොකක්ද ලමයො මේකෙ තේරුම .. දැන් ඔයා පොඩි ලමයෙක් නෙවෙයි .. දැන් ඔයාට අවුරුදු දහඅටක් වෙනව .. තාම කාටුන් බලනවද .. ඊටත් හොදටම පරක්කු වෙලා තීන්නෙ ස්කෝලෙ යන්නෙ නැද්ද අද .. "
"හරි හරි අනේ .. පිටි එක තාම උණුයි .. මං ලෑස්ති වෙන්නම් .."
....................
"උදේටත් නිදි .. දවල්ටත් නිදි .. රෑටත් නිදි .. "
"ස්කෝලෙ ගිහින් ආපු ගමන් ඇදට පනිනව හඩු පිටින් .. ගිහින් නාගන්නව ලමයො .. නැත්නම් කන්න ගිහින් .. ඔහොම නම් ඉදල බෑ .. එදා වැඩේ එදාට කරන්න ඕනි .. ස්කෝලෙන් කරපු වැඩ බලන්න .."
"උදේට නිදාගන්න දෙන්නෙත් නෑ .. දවල්ට නිදාගන්න දෙන්නෙත් නෑ .. රෑට නිදාගන්න දෙන්නෙත් නෑ .. අනේ අම්මෙ දැන්වත් චුට්ටක් නිදාගන්න දෙන්නකො .."
"තේරෙයි මේ අම්ම කියපුව කවදහරි .. ඕලෙවල් මෙ කනාවට පාස් උනාට ඒලෙවල් ඒම බෑ .. අපි විදින දුක තේරෙයි දවසක .."
මට බැන බැනම අම්ම යන්න ගියා .. මං ඉතිම් සැප සේ ආයිමත් මගෙ නින්දට අවතීර්ණ උනා ..
ඔයාල දන්නවද මං නිදාගන්න මෙච්චර ආස ඇයි කියල .. නිදාගත්තාම මගෙ හීන ලෝකෙ ඇතුළෙ මට ඕනි විදියට ජීවත් වෙන්න පුළුවන් ..
මං විශ්වාස කරන දෙයක් තමයි මායාව ..
මටත් තිනව මං විසින්ම මවාගත්තු මායා ලෝකයක් ..
ඒකෙ රැජින මම .. මට එක එක විදියට වෙස් වලාගන්න පුළුවන් .. කතා කරන සත්තු ,, දියකිඳුරියො ,, සුරංගනාවියො ,, යක්ෂයො ,, සින්දු කියන මල් ,, මස් කන ගස් ,, කතා කරන දියඇළි ගංගා .. ඇත්තටම ඒක හරිම ලස්සන ලෝකයක් ..
කොහෙද ඉතිම් මෙව්ව අම්මලට තේරෙන්නෙ නෑනි ..
මේ වගේ ලස්සන ලෝකවල ජීවත් වෙන්න පින නෑ එයාලට ..
"අනේ අම්මේ .. මට ස්කෝලෙ යන්න බෑ .. "
"ඒ මොකද "
"අනේ අම්මේ මට බෑ .. මං ආස නෑ .. "
"අනේ මේ ලමයො විකාර නොකර ස්කෝලෙ යන්න .. "
ඒ අපේ ගෙදර ගොඩක් දවස්වල උදේට ප්ලේ වෙන මගෙයි අම්මගෙයි දෙබසක් ..
මං පොඩ්ඩක්වත්ම ආස නෑ ස්කෝලෙ යන්න .. ස්කෝලෙ යන්න අකමැති වෙන්න විශේෂ හේතුවක් නැතත් හේතු ගොඩක් තිබුන මං ස්කෝලෙ යන්න කැමති නැති වෙන්න ..
ඇත්තටම අපේ පන්තිවල ලමයි හරි අමුතුයි .. මට ඒක කියන්න තේරෙන්නෑ .. මං ඒ කාගෙවත් ගතිගුණ වලට හැසිරීම්වලට කැමති නෑ .. හරි අමුතුයි එයාලා ..
පණ දෙන්න වගේ එකටම ඉන්න යාළුවගෙ වැරදි කිය කිය අනිත් අයත් එක්ක බනිනව .. පොඩ්ඩ ඇත්නම් කේලම් කියනව ගුරුවරුන්ට .. ඊටත් කිසි විනෝදයක් නෑ .. පොතේමයි පොතේමයි ..
ඒ ලමයි හැමෝම කියනවලු මං හරි ආඩම්බරයි කියල .. ඒත් එහෙම නෑ මං එයාලට කැමති නෑ .. ඒකයි
තව දෙයක් තමයි මං හැමවාරෙම වගේ ඉන්නෙ පන්තියේ අන්තිම පස්දෙනා අතර .. මට ඒ උගන්නන ඒව තේරෙන්නෙත් නෑ .. මං ඉගෙනගන්න ආසත් නෑ ..
නෑ ඇත්තටම මං ඉගෙනගන්න ආසයි .. ඒත් මං ස්කෝලෙ උගන්නන විකාර ඉගෙනගන්න ආස නෑ .. මං ආසයි එක එක ග්‍රහලෝක ගැන ,, අමුතු සත්තු ,, අමුතු ජීවීන් ,, පිටසක්වලයො ,, හොල්මන් ,, අත්භූත අවතාර ගැන ඉගෙනගන්න ..
ඒ ඔක්කොම බොරු වෙන්නත් පුළුවන් .. ඒත් මට අනුව ඒ ඔක්කොම ඇත්ත .. අපි නොදන්න ලොකු ලෝකයක් තීනව .. ලොකු රහසක් හැංගිල තීනව ..
ඔයාගෙ ලග ඉන්න යාලුවො හැමෝම මිනිස්සු නොවෙන්න පුළුවන් .. එයාල වෙස්වලාගත්‍තු වෙනත් ජීවීන් වර්ගයක් වෙන්න පුළුවන් .. මේ අපේ ඇස්වලට පේන හැමදෙයක්ම මායාවක් වෙන්න පුළුවන් .. ඇස්බැන්දුමක් ..
........
සුපුරුදු මගෙ දහවල් නින්දෙන් පස්සෙ ඇස් දෙකත් අතින් පොඩි කර කර වටපිට බලද්දි මගෙ කතන්දර පොත්ගොඩ අස්සෙ කලින් දැකල නොතිබුනු දෙයක් තිබුනා ..
'ම්ම්ම් .. මේ මොකක්ද .. '
'කාඩ්බෝඩ් පෙට්ටියක් .. '
'කොහෙන්ද මේක මෙතනට ආවෙ .. '
'වැඩක්නෑ .. විසිකරල දාන්නෝනි .. '
' ...... ආව් අම්බොහ් මේක ඒ උනාට බරයිනි ගොඩක් .. ඇතුළෙ මොනාහරි තීනව වගෙයි .. ඇරලම බලමුකො .. '
'ඈහ් .. කලු පාටයි සුදු පාටයි පොතක් .. ඒත් මේක මෙච්චර බර ඇයි ....... ම්හ් ඒ උනාට ඉස්සුවට පස්සෙ පොඩ්ඩක්වත් බරක් නෑනි .. මට පිස්සු හැදිලවත්ද දෙයියනේ .. ඒත් අමුතුවෙන් හැදෙන්න දේකුත් නෑනි ඒකෙ .. කෝමත් පිස්සුනෙ .. කතා පොතක්ද කොහෙද .. බලමුකො කියවල .. '
'අම්බෝ මේකෙ දිස්නෙ .. මේ පොතෙ පිටු මෙච්චර දිලිසෙන්නෙ ඇයි .. ඇස් දෙකත් පොට්ට වෙයිද මන්ද මේක කියවල .. '
පොතේ පිටුවලින් එන දිස්නෙ ඉවසගන්න බැරි නිසා මං ඇස් දෙක පියාගත්තා ..
ඇස් දෙක ඇරල බලද්දි මං හිටියෙ වෙනමම ලෝකෙක ..
මං කියවපු කතාවල වගේ ලස්සන ලෝකයක් .. එතන ගොඩක් අය හිටියා .. පොඩි පොකුණුවල දියකිඳුරියො ,, අත්තටු තියෙන පියාඹන මිනිස්සු ,, සත්තු ..
ඒත් මං මේ කොහෙද ඉන්නෙ .. මම මං දිහාම බැලුවා .. අම්මෝ ලස්සන .. මටත් අත්තටු තිබුනා .. මාලයක් තිබුනා දාගෙන ඒක දිලිසෙනව ලස්සනයි .. තට්ටු තට්ටු දිග ගවුමක් ඇදල හිටියෙ මං .. ඒත් ඒ ඔක්කොම කලු පාටටයි සුදු පාටටයි විතරක් සීමා වෙලා තිබුනා .. ඒත් වටපිටාව නම් එක එක පාටවලින් පිරිල තිබුනා ..
_______________
චූටි බබාලගෙ සුරංගනා කතාවක් වගේ නේත ලමයි 😪
කම්මැළිකමට වගේ ටයිප් කරපු එකක් ඉතිම් .. ඔයාල කියවනවද ..
කමෙන්ට් එකක් දුන්නොත් ඉතුරු කොටසුත් බලමු නේත .. 😪❤🩹
𝑻𝒉𝒂𝒏𝒖𝒖 .. ✍🏽