A lovely coincidence

A lovely coincidence

Niweditha Alex
Silent lover

27 දිගහැරුම🖤


මිනැසි මිහින් දිහා බලන් අැහුවේ මිහින් එක්කම වීර් අඩියක් පිටිපස්සට වෙද්දි.


එ් පාර මේ මොනවා වෙන්නද යන්නේ.


මිහින් හිත හිතම මිනැසි දිහා බැලුවා.


" මතක නැද්ද මාව. රත්තරනේ මම ඔයාගේ හස්බන්ඩ්. මිහින්! මේ ඔයාගේ තාත්තා. "


" නැ නේ "


මිනැසි අැස් ලොකු කරන් කිව්වා.


" තාත්තේ ? "


" එ්කනේ පුතේ. මොකද වුනේ මේ ?"


" පොඩ්ඩක්වත් මතක නැද්ද බන් මාව ? අනේ කතා කරපන් මයේ අම්මා "


මිහින් අැස් වල කදුලුත් පුරවන් මිනැසි ලගින් වාඩි වෙලා කතා කරනවා.


එකපාරට මිනැසිට හිනා ගියා මහ හයියෙන්.


" අයියෝ රැවටුනා රැවටුනා. හූ හූ "


මිහින් වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටේ රවලා බලලා.


" මේ කෙල්ල විහිලුවක්ද කරලා තියෙන්නේ. දෙයියනේ බය වුන තරමක් "


" අම්මපා තාත්තේ මේකිට "


මිහින් හිමිහිට මිනැසිගේ කන මිරිකුවා.


" උෟයි "


" දෙන්න තියෙන්නේ පාරක්. එ්පාර මම හිතුවා එකක් යද්දි එකක් කියලා උබේ මතකේ නැති වෙලා කියලා "


" එ්ක අමතක වුනත් ඔයාලව අමතක වෙන්නැ "


" පුතේ එ්නම් අපේ කන් වලට නිදහස හම්බුන කාලේ ඉවරයි "


" සොරිම තමයි තාත්තේ "


**********************************************************


මිහින් මිනැසිව එක්කන් වාහනේට අාවේ ගෙදර යන්න.


" මිනැසි , අහන්න තින ඕනි දෙයක් අහන්න "


" මිහින් , එ් මනුස්සයා හේමන්තගේ පුතානම් අැයි එහෙම කරේ ? හේමන්ත මැරුනේ පොලිසියෙන් වෙඩිකාලා නෙමේ කිව්වේ අැයි ? "


" උබ නොදන්න දේවල් ටිකක් තියෙනවා. "


මිහින් හොඳ හුස්මක් අරන් මිනැසි දිහා බලලා එ් දිග කතාවට මුල පිරුවා.


" මතකද ඔයාට ටේක් කෙයා ටේක් කෙයා ගගා මැසේජ් අාවා. එ්පාර ඔයා මට එ්ක කිව්වාම මම එ් ගැන හෙව්වා. උබ හිතන්න අැති මම එ්ක ගනං ගත්තේ නැ කියලා එ් කාලේ. එ්ත් නැ බන්. මම එ්ක ගැන හෙව්වා. එ්පාර දැනගත්තා. හේමන්ත කලංසූරිය. එදා අර රේප් කේස් එකේදි හිරේ ගිය එකා තමයි මේවා කරන්නේ උබෙන් පලිගන්න කියලා.එ්ක ඉවරයක් කරන්න උබව ලංකාවේ තියන් බැරි නිසා බොරු හේතුවක් හදලා අම්මා එක්ක රට යැව්වා.


එ් අතරේ මම ඕක වීර් තාත්තාට කියලා එ් මනුස්සයව ඉවරයක් කරලා දැම්මේ පොලිස් වරෙන්තුවේ විදිහටමයි.


එ්පාර ඔයා ලංකාවට අාවේ .


එ්පාර අපි නොදැනුවත් වුනාට උගේ පුතා රට ඉදලා අැවිත් තාත්තගේ මරනෙට පලිය උබෙන් ගන්න කියලා. උෟ කුඩු ගෙන්න මාෆියා ලොක්කෙක්. තිසරු කලංසූරිය.


එ්පාර උ තමයි එදා ඔයාව කිඩ් නැප් කරලා මේ හැම සතුටක්ම විනාස කරේ. එ්පාර මම මාස තුනක් තිස්සේ මූව තියන් දස වදද දුන්නා. ඔයා හිතුවා නේ පහු ගිය ටිකේ මම හිටි ගමන් ලැස්ති වෙලා යද්දි එ් කොහේද කියලා. එ් මුංව බලන්න. අද එ් සේරම ඉවර කරා. දැං එ් හැම දේටම හැමෝටම දඩුවම් දුන්නා. අදින් පස්සේ මේ දේවල් ඉවරයි සුදු මැණිකේ. "


මිහින් අන්තිම ටික කිව්වේ මිනැසිගේ ඔලුවට අතක් තියලා.


" ඔයා දන්නවද මිහින් මේ හැමදේටම වඩා හොදම දේ ඔයා මම එක්කම හිටිය එක. ඔයා මම වෙනුවෙන් කරපුවා මම දන්නවනේ. එ් දේවල් දැක්කාම වෙලාවකට මට දරා ගන්න බැ. අැත්තමයි මම හරි අාදරෙයි මිහින් ඔයාට. මගේ හොඳම තේරිම ඔයා. "


මිනැසි මිහින්ගේ අත අරන් සිප ගත්තා.


**********************************************************


ජයනාත් හොස්පිට්ල් බිල් එක පේ කරලා හදිස්සියේම අායේ ඔෆිස් එකට ගියා.


එ් වැඩ ඉවර කරලා හවස ගෙදර යද්දි වෙනදා වගේම මිනැසිට කන්න චොකලට් එකක් ගත්තා .


ජයනාත් ගෙදර යද්දි මිහින්ව උකුලෙන් හාන්ස් කරන් ඔලුව අත ගගා ඉන්න මිනැසිව දැකලා සතුටු වුනේ තමන්ගේ පුතාට හොඳ බිරිදක් , තමන්ට හොඳ දුවෙක් ලැබිලා තියෙන නිසා.


ජයනාත්ව දැකපු මිනැසි මිහින්ට තට්ටු කරලා නැගිට්ටුවා.


මිහින් නැගිටලා ගොං හිනාවක් දාලා ඔලුව කස කසම වාඩි වුනේ මිනැසි එක්ක කරපු කෝලම් ටික තාත්තා දැක්කද කියලා කල්පනා කර කර.


මිනැසි දුවලා ගිහින් ජයනාත්ගේ අතේ තිබුන චොක්ලට් එක ගත්තේ පොඩි කෙල්ලෙක් වගේ.


" තැන්ක් යු තාත්තේ "


ජයනාත් හිටිය තැනම ගල් වුනේ අදහගන්න බැරුව.


" මගේ....මගේ චූටි දුවට කතා කරන්න පුලුවන්ද ? අනේ රත්තරන් කෙල්ල "


ජයනාත් හරිම අදරයෙන් මිනැසිගේ ඔලුව අතගෑවා.


" කනක් අැහිලා ඉන්න වෙන්නැ තාත්තේ අපිට "


" එ් උබට තමයි පුතේ. මට නම් මේ ගිරා පැටික්කිගේ සද්දෙ නැතුව පාලුවේ හිටියේ. "


" නිතිල් කිව්වා හරි. බැන්දාම එයා දුව වෙලා මම බෑනා වෙනවා . ගෞරවයෙන් බුදුසරනයි මට . "


මිහින් කියව කියව උඩට ගියා.


" ඔය ඊරිසියාව . ඊරිසියාව "


මිනැසි හයියෙන් කෑ ගහලා හිනා වෙවි ගිහින් තාත්තටයි මිහින්ටයි හදපු තේ දෙක අරන් අාවා.


මිහින් ගේ තේ එක අරන් කාමරේට අාවට මිහින් නැ.


" මිහින් ! "


ම්හ් . සද්දයක් වත් නැ.


කොහේ ගියාද මේ මනුස්සයා.


මිහින්ව හොයාගෙන මිනැසි ගියේ ඔෆිස් රූම් එකට.


කෝ බොල මේකා ?


එතනත් නැති නිසා මිනැසි ගියේ උඩ තට්ටුවේ බැල්කනියට.


මෙන්න ඉන්නවා ගිටාර් එකත් අතේ තියන් අෑත අහස දිහා බලන්.


මිනැසි ගිහින් පිටට තට්ටු කරා.


" අැයි මිනූ ? "


" කොහොමද දන්නේ මම කියලා ? "


" උබේ සුවදින්. "


මිනැසි මිහින්ට තේ එක දීලා ලග තිබුන පුටුවෙන් වාඩි වුනා.


" මිහින් "


" ම් "


" වඩාගෙන මේකෙන් වාඩි කරන්නකෝ "


මිනැසි පුටුවෙන් නැගිටලා අත්දෙක දික් කරන ගමන් පෙන්නුවේ බැල්කනියේ අත් වැට.


" බය නැද්ද "


" ඔයා ඉන්නකම් අැයි මම බය "


මිනැසි එහෙම කියද්දි මිහින් මිනැසිව වඩාගෙන එතනිං වාඩි කරලා අල්ල ගත්තා.


" මන් දන්නවා මේ ලෝකේ මගේ තාත්තගෙන් පස්සේ මට අැස් පියන් විස්වාස කරන්න පුලුවන් එකම කෙනා එ් ඔයා. "


" උබ දන්නවද මගේ හොඳම තේරිම උබ . "


" උබ උබ කියන්නෙපා අනේ මැණික කියන්න. රත්තරන් කියන්න. බබා කියන්න."


" චැහ් එ්වා සෙට් නැ. එ් වගේද උබ "


එ් හැන්දැවේ එ් බැල්කනියට වෙලා ගොඩාක් වෙලා කතා කර කර හිටියා.


මිහින් මිනැසිව එකපාර උස්සලා වඩාගත්තේ මිනැසි අැස් ලොකු කරලා මිහින් දිහා බලද්දි.


" අද නම් නෝ චාන්ස් ඕකේ බබී "


" වෙනදට කියලා චාන්ස් ගොඩක් දීපු කෙනානේ "


" මේකිගේ කට නම් "


" අැයි අැත්තනේ . කමක් නැ මගේ පරිපූර්න අයිතිය ඔයාට විතරයි. ඔප්පුවකිං ලියලා දෙන්නද "


" ඕන්නැ බන් අර කසාදේ කියන ඔප්පුව බලෙන් ලියව ගත්තනේ. "


මිහින් එහෙම්ම මිනැසිත් උස්සන් ගියේ කාමරේට.


**********************************************************


අායෙත් එ් ජිවිත සුපුරුදු විදිහට ලස්සනට ගලාගෙන ගියා.


මිනැසි දැන් මොන්ටිසෝරි ටිචර් කෙනෙක්.


කරපු රස්සාවෙන් අයින් වෙලා පොඩි උන් එක්ක වැඩ කරනවා. එ්ත් මිහින් වැඩිය කැමති නැ මිනැසි රස්සාවට යනවට.


මිහින් වෙනදා වගේම සුපුරුදු විදිහට රාජකාරි එක්ක බිසි වුනා.


එ්ත් මිනැසි ගැන තියෙන අාදරේ , අවදානේ බින්දුවක් වත් අඩු කරේ නැ.දැං බැදලා අවුරුද්දක් වෙන්නත් අාවා.


සේරම ප්‍රශ්න අමතක දෙන්නම හොදින් ඉන්නේ මේ ටිකේ.


**********************************************************


දවසක් උදේ මිහින් වැඩට ගියේ පාන්දර එලියවත් හරියට වැටෙන්නත් කලින්.


මිහින් එ් කේස් එක ඉවර කරලා ඔෆිස් එකට එද්දි අායේ උදේ දහය විතර වෙලා.


සේනක එක්ක ෆයිල් එකක් බල බල හිටිය මිහින් ඔලුව ඉස්සුවේ සාජන්ට් කෙනෙක්ගේ සද්දෙට.


" සර් , මැඩම් අැවිත් ඉන්නවා. හදිස්සියක් කියලා හම්බෙන්න ඕනිලු. "


" what ? එන්න කියන්නකෝ "


සාජන්ට් එලියට ගියහම මිහින් සේනකටත් ගිහින් පස්සේ එන්න කියලා නැගිට්ටා.


සේනක යනවත් එක්කම අැතුලට කඩාගෙන අාව මිනැසි මිහින්ව බදාගත්තා.


මිහින් උතුර දකුන මාරු වෙලා වගේ කල්පනා කරේ අැයි මේ කියලා.


" මිනැසි , මොකද බන් මේ අඩන්නේ ? කෝ කතා කරන්න. "


" ම්....මට "


" ඔව් ඔයාට මොකද වුනේ ? "


අඩනවා විතරයි. උත්තරයක් නැ.


මිනැසිට එහෙම්ම තුරුල් වෙලා ඉන්න දීලා මිහින් කතා කරේ එලියේ හිටිය සාජන්ට් ට.


" ගිහින් බලන්න මැඩම් අාවේ කා එක්කද කියලා. ඩ්‍රයිවර් කෙනෙක් එක්කනම් එක්ක එන්න ඩ්‍රයිවර්ව. "


" හරි සර් "


සාජන්ට් ගියාම මිහින් මිනැසිව මේසේ උඩින් උස්සලා තියලා වතුර ටිකක් දුන්නා.


" මොකද මේ.බය නොකර කියපන් බන්. අැයි රත්තරනේ ? "


" එයා අා.. අායේ අැවිත් "


" කවුද ? "


මිනැසි අායෙත් මිහින්ව බදා ගත්තේ වචනයක් වත් නොකියා.


" සර් "


" එන්න පියල්. "


" නෝනට මොකද වුනේ මේ ? "


" දන්නැ සර් මම. මාව හදිස්සියෙන් එක්කන් අාවෙ "


" හරි. පියල් එලියට යන්නකෝ "


" මිනූ අඩන්නැතුව කතා කරපන් මගේ මාරයා අවුස්සන්නැතුව "


මිනැසි මූණ තුරුලෙන් එහාට අරන් එ් අැස් දිහා බලන් කතා කරා.


" මිනැසි ! "


" එයා අැවිත් "


කියලා මිනැසි මිහින්ගේ අත අරන් තිබ්බේ තමන්ගේ කුස උඩින්.


මිහින්ට ටික වෙලාවක් ගිහින් තමයි තේරුනේ සීන් එක.


" මේක කියන්නද යකෝ මෙච්චර බය කරේ. අනේ අම්මපා දෙන්න හිතෙනවා මට. ඔහොම බය කරනවද අා ? "


මිහින් මිනැසිගේ කන මිරිකලා අැදලා අරන් බදාගත්තා.


" කොයි වෙලාවෙද දැනගත්තේ ? "


" උදේ "


" අමාරුවක් තිබ්බනම් අැයි මට කෝල් නොකරේ ? "


" ඔයා උදේ රැයින්ම ගියේ වැඩකටනේ. එතකොට කරදර කරන්න හොඳ නැනේ. "


මිහින් මිනැසිව උකුලට අරගෙන පුටුවෙන් වාඩි වෙලා අැස් වලට එබුනා.


" දන්නවද මේ ඔෆිස් රූම් එකට පලවෙනි පාරට එද්දිත් මම හිතන් හිටියේ බදින්නැ කියලා. තාත්තා විදවපු විදිහට මට ගෑනු එපාවුනා. එ්ත් , මගේ ජිවිතේට අාවා පොඩි බටු අැටයක්. අඩි පහයි අගල් දෙකහමාරක් විතර උස. එ් බටු අැටේ මගේ ජිවිතේ වෙනස් කරයි කියලා හිතුවේ නැ මම. සත්තයි මම හරි අාදරෙයි උබට. මම එ්ක කියන්න කැමති නැ. එ්ත් උබ අහන්න අාසම දේ එ්ක. "


මිනැසි මිහින්ගේ පපුවට සිප ගැනිමක් දීලා එ් අැස් දිහා බැලුවා.


" මමත් අාදරෙයි. අනේ අායේ කියන්න මට අාදරෙයි කියලා . අනේ ........ "


" මේක විසාල කරදරයක් වුනානේ . මම අාදරෙයි මටම ගොඩාක්. "


" ර්....ර්....නපුරා. "


" හරි මැඩම් එහෙනම් යන්න . මට වැඩ තිනවා . පරිස්සමට යන්න . ගිහින් කෝල් කරන්න. හවසට මම වේලාසන එනවා . "


මිහින් මිනැසිගේ අවුල් වුන කොන්ඩේ අතින් හද හද කිව්වා.


මිනැසි උකුලෙන් බැහැලා මිහින්ගේ නලල සිප ගෙන අත දික් කරා.


මිහින් නැගිට්ටේ මේ මොකද කියලා කල්පනා කර කර.


" අැයි ? "


" රුපියක් පන්සියක් . "


" මොකක් ? "


" බැරිද ? "


" දෙන්න බැරි කම නෙමේ මොකටද කියපන් "


" වඩේ කන්න. මෙයාට වඩේ ඕනිලු. "


" අම්මටද බබාටද වඩේ ඕනි දැං. "


" අහින්තක අාතාවල්නේ තුදු "


" උබ කපටිම නැ. පියල් , "


මිහින් මිනැසිගේ ඔලුවට එකක් හිමිහිට ගහලා පියල්ට කතා කරා.


" සර් "


" පියල් යන ගමන් හොද තැනක් බලලා මැඩම්ට වඩේ අරන් දෙන්න මේ සල්ලි වල. හැබැයි මැඩම්ට බහින්න දෙන්න එපා. බහින්න ඕනි කිව්වොත් අැතුලට දාලා ලොක් කරන්න. "


" හරි සර් "


පියල් සල්ලි අරන් එලියට ගියාම මිහින් හැරුනේ මිනැසි දිහාට.


" බැහැපන්කෝ වාහනෙන් මම කඩනවා අඩු "


" එ්ම කලන්නැ තුදු "


පොඩි එකෙක් වගේ කට උල් කරලා කිව්වේ මිහින් මිනැසිගේ නලල සිප ගෙන එලියට එක්ක යද්දි.




මිනැසිගෙයි මිහින්ගෙයි කතාවේ අලුත් පරිච්චේදයක් මේ විදිහට පටන් ගත්තේ එ් කතාවේ එක කොටසක් ඉවර කරලා.



එ්නම් සම්තරම්ලා කතාව ඉවරයි😌


කමෙන්ට් කරපු , රියැක්ට් කරපු හැමෝටම ගොඩාාක් තැන්ක් යු .


🖋Sp

Report Page