12 Buddhist Quotes

12 Buddhist Quotes

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°

(1) ඔයා stress වෙලා අනුන්ව පිනවන්න යන්න එපා . ඒ වෙනුවට ඔයාගෙ හිත නිදහසෙ තියාගන්න .
Example : ඔයා ආදරය කරන කෙනා වෙනුවෙන් ඔයාගෙ හිත stress කරගෙන වෙනස්කම් කරගන්න එක ඔයාගෙ කාලය නාස්ති කිරීමක් .

(2) ඔයාගෙ හිතෙ නිදහස පටන් ගන්නෙ කිසිම කෙනෙක්ට , කිසිම සිදුවීමකට ඔයාව පාලනය කරන්න ඉඩ නොදීමෙන් .

(3) ඔයාගෙ ජීවිතය හරිම දුකක් කියලා හිතලා අඬන්න ඕන නැහැ . හැමදෙයක්ම වෙනස් වෙන එකෙ නරක දේවලුත් අනිවාරෙන්ම වෙනස් වෙනවා .

(4) මිනිස්සු නිසා , සමහර සිදුවීම් නිසා upset වෙන්න එපා . ඔයාගෙ react එකක් නැතිව මේ දෙකටම කිසිම බලයක් නැහැ .

(5) ඔයාට ඔයාගෙ සිතුවිලි මාර විදියට පාලනය කරගන්න පුලුවන් නම් , congratulations ඔයා හැමදෙයකටම Master කෙනෙක් .

(6) ඔයාගෙන් අනිත් අයට දෙන්න පුලුවන් හොදම තෑග්ග තමයි අතාරින එක (නරක දේවල් ) . ඔයාගෙන් ඔයාටම දෙන්න පුලුවන් සුපිරිම තෑග්ග තමයි අවධානය .

(7) ඔයාගෙ ජීවිතයට සාමය ගේන්න ඕන නම් negative සිතුවිලි අයින් කරලම දාන්න .

(8) ඔයාට ඔයාගෙ ජිවිතය හොදම ලොකුම වෙනසක් කරගන්න ඕන නම් ඉස්සෙල්ලම mind එක ඒ විදියට වෙනස් කරගන්න . මොකද හැමදේකටම මුල් වෙන්නෙ මනස නිසා .

(9) ඔයාට strong 💪 කෙල්ලෙක් , කොල්ලෙක් වෙන්න ඕන නම් තනියම ජීවිතය විදින විදිය ඉගෙනගන්න .

(10) ආදරය , බැඳීම කියන්නෙ හාත්පසින්ම වෙනස් දෙකක් .
ආදරය : " මට ඕන ඔයා සතුටින් ඉන්නව දකින්න "
බැඳීම : " මට ඕන ඔයා මාව සතුටින් තියනවා දකින්න "

(11) කර්මය කියනවා , ඔයා දෙන දේවල් පෙරලා ආපහු ඔයාට ලැබෙනවා කියලා . ඉතින් ඔයාට ආදරය ඕන නම් අනිත් අයට ආදරය දෙන්න . පෙරලා ඔයාට ඒ ආදරය ලැබෙනවා කාගෙන්හරි කොහෙන්හරි .

(12) භාවනා කරනකොට තරහා , බය , විෂාදය , කලකිරීම , සැකය කියන අනවශ්‍ය දේවල් නැතිවෙනවා . ඊටපස්සෙ තමයි ප්‍රඥාව කියන දේ ඔයාගෙ ඇතුලෙන් පටන් ගන්නෙ .

- inaayat -

Littlesecret

Report Page