..........💙

..........💙

.... භාගී ....


මතකයක දුර.... 💙 Ep 10..💙


https://telegra.ph/-11-13-847


පෙර කොටසට 👆 Ep 09..💙


"Mmm man thamai ishara 🙂"


මොන කෙන්ගෙඩියක්ද යකෝ මට මේ පාත් වෙන්න යන්නෙ. කමක් නෑ බලමුකෝ මේකා මොකටද එන්නේ කියලා.


"ah ubada mn baluwa me kaud kiyal"


"Mm ekane man tham mk ithin"


"ah man me pandara aharagena pol ganawane bn"


"😂😂 Ammoo ammoo puduma katak meka aa"


"Gn bn mn yanw"


"ei inna inna moko me hadissi mm


මොන හු## යකො මේ. මල නට් එකක් වෙයිද මන්දා. 😒 හිටපන්කෝ💥



"anne bn me mata ubawa hurathal kara inna wela na man yanawa. kalla gawata gihin hurathal weyan redda"


"mata kallak nanii ithim"


"ithin hoya ganiko magula"


"Kenek nam hoygaththa eth eka eya thama dannane wade kininne"


මුගෙ ආච්චිට හාල් ගරන්ඩ. මට මල පැන්න පාර දාපූ මැසේජ් එකත් සීන කරලා රිප්ලයි නොකරම ගියා ඔෆ්ලයින් සෙද්ද. 😡


මගේ ස්ලීපින් බියුටියා නෙතුවෝ වරේන් ඇදාට... කීලා කතා කොරනවා ඇහුන නිසා මාත් ඉතින් පවු කියලා පොත වහලා දාලා සීරියස් බියුටියාව බදාගෙන දෝ ගත්තා.


.................................


ඔන්න ඕම දවස් දෙක තුනක් ගියාලු හොදේ...


ඒ දවස් ටිකේ වෙනසකට කියලා උනේ අයියාකාරයා ගෙනත් දුන්න කෑම ලොට්ටරිය ඉවර වෙච්ච එකයි ඉශාර බොසා මෙසෙජ් කරන එක අයියා දැනගෙන මෑන්ව බ්ලොක් කරන්න කීව එකයි තමා. මාත් ඉතින් අයියන්ඩිගේ සුවච කීකරූ නගන්ඩිය නිසා මෑන්ව එකහිතින්ම මගේ බ්ලොක් ලිස්ට් එකෙ සාමජිකයෙක් කරා ✌️💥.


ආහ් ඔම ඉන්න ඕම ඉන්න ඕනිම එක කියන්න අමතක උනානී අර ගනන් පංතියේ පැණී ඇබලයා අපේ බිනුවට දැන් මැසේජ් කරනෝලූ. මෑන් දැන් අපේ බිනුවගේ බුදු ෆිට් එකක්. මන් නම් ඉතින් ඕවාට මුකුත් කියන්නෙම නෑ මයි 🤐💔


අදත් ඉතින් ඉස්කෝලේ දවසක් 😍....


"ඒ නෙතුවා යමන්කෝ කැන්ටිමටවත් දැන් පීරියඩ් එක හිස් 😆"


ඕන් පටන් ගත්තා අදෝනාව 😕.


"හිටපන්කෝ ටිකක් මට මේ තෙරෙන්නෑ නැති ගානක් තියනෝ ඒක හිමාශගෙන් අහන් එන්නම්"


"අප්පෝ මොකක්ද අනේ 😔"


"බිනු උබට මන් කොච්චර කියනවද බන් තේරුම් ගනින් ආතල් ගන්න ඕනී ඇත්ත ඒත් දැන් සීමාවක් තියාගනිම් බලපන් තව මාස 3 ක් වත් නැ o/l වලට. ඕම පිස්සු කෙල කෙල හිටියොත් හොදට තියෙයි."


"ආපෝ මෙ මෙ මන් ආස නැ සීරියස් වෙන නෙතුට හොදේ මන් ආස නැව ගිලුනත් බෑන්ඩ් චූන් ඉන්න නෙතුවට"


දීපන් සාන්ත මට පොල්ලක් මගේ ඔලුවටම එකක් ගහ ගන්න. මේ වගේ එවුන්ට මේවා කියන්ට යනවට😒.දෙයියනේ මගේ වචන ටික ☹️💔


"නැව ගිලුනට පස්සේ මොන බෑන්ඩ් චූන්ද යකෝ කෙලින්ම වල පල්ලට නැතුව.. ඔන්න මන්නම් කලින්ම කියන්නේ මන්නම් පාඩම් කරනවා බිනූ හොදේ"


"හරි හරි අද පඩම් කරන්නම්කො"


"උබ ඔය හැමදාම කියන එකනේ බන්"


"හලි හලි ඉතිම්"


"හරි බලමුකෝ ඈ"


"ඒ නෙතුවා වටෙන්කෝ"


"ඇයී... ..."


"ඇයි අහන්නේ එන්න කීවාම වරෙන්කෝ යකෝ"


"හිටපන් ඉතින්"


"ඒ නිකියා උබ එන්න කියලා කොහෙද යන්නේ ඔය?"


"ඔතනට නෙවේ යකෝ වරෙන් මෙහෙට."


"ඒ නෙතුවා මොකො බන් අර නිකියා හෝල් එක පස්ස්ට එන්න කියන්නේ."


"අනේ මන්දා යමන්කෝ බලන්න"


මායි බිනුවයි හෝල් එක පිටිපස්සට ගියාට පස්සේ දැක්කේ එතන නිකියයි ඉශාරයයි අනික් කොල්ලෝ සෙට් එකයි හිටන් ඉන්නවා.


"ඇයි බන් එන්න කීවේ?"


"ආහ් මේ ඉශාරට උබට මොනාදෝ කියන්න තියනෝලූ"


"අහ් කාටද? මටද?බිනූටද?"


"නෑ නෑ උබට"


"ඇයි උබලට ඒක පංතියේදී කියන්න බෑද?"


"පංතියේ කියන්න පුලුවන්නම් මෙතෙන්න එන්න කියන්නේ නෑනී ගෙම්බියේ"


"මචන් නිකියා උබල පලයන්කෝ මන් කතා කරල එන්නම්."


"අහ් හරි හරි එහ් බිනු වරෙන්කෝ"


"එයි එයි බිනුවා ඉදපු දෙන් මා එක්ක ඇයි එකිව එක්කන් යන්නේ."


මට පේන විදියට මෙතන හොද ජවුසමක් නටයි වගේ ඒ නිසා මන් බිනුවට අතින් ඇදලා යන්න එපා කියලා වගේ ඇක්ශන් එකක් දැම්මා.


"අහ් හරි හරි කමක් නැ නිකියා බිනුරි හිටපු දෙන්"


"මොකද්ද කියන්න තියෙන්නේ ඉශාර"


"ම්ම්ම් මේකයි නෙතු"


"ඔවු මොකක්ද?"


යකැඩෝ මෙන්න මේ ගස් නරියා එකපාරටම මගේ අත අල්ලගත්තා බොලවු.

ඔන්න ඔය වෙලාවට තමයි මට මුගේ අත්ත මුත්තා කිරිකිත්තව මතක් වෙන්නේ. හැබැයි ඉතින් ඒ මිනිස්සුන්ට බැනල වැඩක් තියනෝද මෝඩ නෙතුවෝ මේ හිපාටුවගේ වරිගෙ නහන වැඩ වලට. යකෝ මන් මේකගේ කිරිකිත්තව සිහි කරනවා මේක තාම මගේ අත අල්ලම් නෙදකින් නෙතු මූ හිතවද දන්නැ මන් අත අල්ලන් ඉන්නවට කැමතී කියල.


සනික ඇදල ගත්තා මගේ අත මම. යකෝ මගේ අත පිරිමියෙක්ගෙන් කියලා මෙහෙම හිතලම අල්ලල තියෙන්නේ මගේ අප්පොච්චයි අයියා කාරයයි විතරයි. මෙ මොන ගස් ගොබිලයෙක්ද ඒයි .


ඔහොම ඉන්න ඔහොම ඉන්න අයියා මොකෝ එදා කවදාවත් නැතිව මගෙන් එදා මේකා ගැන අහුවේ🤔 අනික මූව බ්ලොක් කරන්නත් කියලා කීවානේ....


අප්පට.💥


එතකොට තම මට මගේ මෝඩ මොලේට මොකද්ද මේ වෙන්න යන්නේ කියලා අප්ලෝඩ් වෙන්න ගත්තේ. මගේ අයියාකාරයා අවෙත් මේ ඉස්කෝලෙටම නිසා මනුස්සයා අදුරම කස්ටිය එමටයි. කවුද කියන්න දන්නැ බට් සමහර දවස් වලට කරන මගොඩි වැඩ මන් කියන්න කලින් අයියා මගෙන් අහනවා. ඒවගේම මු ගැනවත් මොකක් හරි අටමගලක් මැන්ගේ කනට ගිහින්වත්ද?


තෝ මොකද ගොන් නෙතුවෝ මෙතන ඉදන් මනෝපාර ගහන් ඉන්නේ මේ කේස් එක ඉක්මනට කන්ටිනිව් කරලා මෙතනින් පලයාන් කියලා මගේ සුට්ටන් කිතල මොලේ දුන්න පණිවිඩේට අනුව මන් ටාර් ගාල මේ ලෝකෙට කඩන් වැටුනා.


"මොන මගුලක්ද කරන්නේ යකෝ උබ මොකද මගේ අත ඇල්ලුවේ"


මාත් හෙන ගෙම්බර් සයිස් එකකින් උගෙන් අහපි.


"නෙතුකි.... මන් ඔයාට ආදරෙයි.."


අම්මා ගහයි බැට් එකෙන් කිවලු. මොකද්ද යකෝ මේකා කීව ඒ කඩිප්පුලි කතාව..


"හිහ්.."

බිනුවටත් එක පාරටම හීල්ලුනා කියාම්කෝ..


"සොරි බම් මන් කැමති නැ "


"නෙතු මෙ ඒත්"


"සොරි බම් ඒත් ඕම දෙයක් ගැන මන් එක්ක ආයේ කතා කරන්න එන්න එපා"


කියලා මන් බිනුවත් ඇදන් පංතියට ආවා.


මන් හරිද වැරදිද කියන එක මන් දන්නේ නෑ. හැබැයි මට එයා ගැන කවදාවත් විශේශයක් හිතිලා නැ. අනික මගේ ජිවිතේ මන් හිතන්නෙම නැති පැත්ත තමයි ඔය එෆෙයර් කියන පැත්ත.ඒකට ප්‍රදානම හේතුව තමයි මගේ පවුල. මොකද ගෙදර හැමෝම ඕනවටත් වැඩිය මාව විශ්වාස කරනවා. අම්ම මට කොච්චර බැන්නත් එයා මට ගොඩක් ආදරෙයි. එක මට දැනිලා තියනවා. අප්පච්චි මට උගන්නන ගොඩක් මහන්සි වෙනවා එයා දැන් ටිකක් වයසයි ඒත් එයා මන් වෙනුවෙන් අවුවේ පිච්චි පිච්චි සල්ලි හොයන්නේ එහෙම කැපකිරීම වගේම මාව විශ්වාස කරන මගේ පවුල ඉද්දි මට මේ වෙනකම් ආදරේ අඩුවක් වෙලා නෑ තවත් ආදරේ හොයන් යන්න තරම්. මට මේ වෙනකම් හිතිලා තියනවනම් හිතිලා තිය්න්නේ මගේ අප්පච්චිට අම්මට අයියට කවදාහරී මන් දිහා ආඩම්බරෙන් බලන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන කියන එක විතරයි. ඒ නිසාම තමයි මන් කොච්චර පිස්සු නැටුවත් හැමදාම පාඩම් කරන්නේ.


ඉශාර අද ඉල්ලපු අදරේ හෙට වෙද්දි එයාට නැති වෙන්න පුලුවන් හෙට වෙද්දී මේ ආදරේ තරමටම එයා මට වයිර කරන්න පුලුවන් ඒ වගේ අවිශ්වාස ආදරය්ක් වෙනුවෙන් මගේ පවුලේ හිනාව නතර කරන්න මන් කැමති නැ.


"නෙතූ උබ අවුලෙන්ද?"


'වයියේ ?"


'නෑ ඉතින්.."


"පිස්සුද අලේ උබ දන්නවනේ මන් ඔය සබ්ජෙක්ට් එකට කැමති නෑ කියලා"


"මෙ ඒක නෙවේ"


"වට්ස් ?"


"උබ අයියට කියනොද දන්නවනේ ආරන්චි උනොත් උබ නොකියා ඉදලා"


'ඒක තමා මාත් බැලුවේ බිනූ ඉට පස්සේ පොර හිතයි මන් නොකිවේ අරකට කැමති නිසාවත් කියලාඅ"


"මේ එක්කො මන් කියන්නේ උබ අයියට........."


මතු සම්බන්දයි.....


අයියට කියයිද නොකියයිද ? ඔයාලට මොකෝ හිතෙන්නේ කිවොත් හොදද?නොකියම ඉන්නවද? කමෙන්ට් එකකුත් දාන් යන්න්කූ........


අහ් තා පොඩ්ඩෙන් අමතක වෙනෝනී කමෙන්ට් කරපු හැමෝටම ගොඩ ගොඩාරියක් තන්කූ.......💙💙💙💙💙


පරිස්සමින් ඉන්න හැමෝම කොරෝනා ආපහූ වැඩීලුනේ 😷💙

ආදරෙයි ගොඩාරියක් හොදේ💙💙💙💙💙


මන්......

🌸...භාගී...🌸

Report Page