👹

👹

හොල්මන් 🔆කතා

මේක පොඩි Incident එකක්. කුරුණෑගල බෝයගනේ කෑම්ප් එක කට්ටිය දන්නවා ඇති. ඔන්න ඔය කෑම්ප් එක පැත්තෙන් පාරක් තියෙනවා සාමාන්‍ය ගමට යන්න. කෑම්ප් එකේ Racing track එක පිටිපස්සෙන් යන පාර..


මේක වෙනකොට මං A/L කරනවා.මාත් එක්ක ක්ලාස් යන මගේ යාළුවෙක් දෙන්නෙක් ඉන්නවා ඔය කෑම්ප් එකට පල්ලෙහා ගමේ. තල්කොට කියන ගම! අපි ක්ලාස් ඉවර වෙලා ටවුමෙ ඇවිදලා කරලා සාමාන්‍යයෙන් 6.30 පැනලා තමයි ගෙදර එන්නෙ. අපේ ගෙදරට ඕනෙ වෙලාවක යන්න එන්න පුළුවන් කොළඹ 6 පාර ලඟ තිබුණට ඔය තල්කොට පැත්තට යන්න 5 පස්සෙ බස් නෑ. ඉතින් ගොඩක් වෙලාවට මම තමයි යාළුවන්ව බයිසිකලේ 🚲 ගිහින් ගෙදරට දාලා එන්නෙ. හයිවේ එක හදන්න කලින් නයිලිය හන්දිය , තල්කොට පැත්තට යන්න තියෙන පාරවල් ඉඳන් පට්ට පාළුයි. හරි මූසල ගතියක් දැනෙන්නේ , ඉතින් ඔය ක්ලාස් ගිහින් 6.30-7 කියන්නෙ කළුවර වේගෙන එන වෙලාව...

යාළුවත් ගෙදර දාලා ආපහු මට එන්න තියෙන්නෙත් ඔය පාළු මූසල පාරවල් වලින්. ඒ කාලෙ ලයිට් එහෙමත් නෑ නයිලිය හන්දියෙ ඉඳන්. දැනටත් ඔය කෑම්ප් එක පැත්තෙන් පාරේ කෑම්ප් එක පහුකරනකම් ලයිට් නෑ ⚠️


සයිකලේ පැදගෙන එනකොට කෑම්ප් එකේ මායිම පටන්ගන්නවත් එක්කම තියෙන්නෙ කන්දක් නගින්න. බයිසිකලේ ඔය හරියට එද්දි මාර හැක්. දන්න අය දන්නවා එතන හැටි, ඉතින් පයින් යන ගානට හරිම හෙමීට තමයි ඔතන පාගන්නෙ. පාගනවා නෙමෙයි පෑගෙනවා ඇත්තටම 🙉


සමහර දවස්වලට ඔය හරියට එද්දි කෑම්ප් එකේ මායිම් කණුව හම්බෙනකොටම කවුරුහරි අඩිය ලඟ ලඟම තියලා ඇවිදින්න පටන්ගන්න සද්දෙ ඇහෙනවා මට. අර නිකං අපි එනකම් බලාගෙන ඉඳලා අපිත් එක්කම යන්න පිටත්වෙනවා වගේ. හරියටම මගේ පිටිපස්සෙන් ඇවිදගෙන එනවා කවුරුහරි. ඔය හරියෙ එක පැත්තක කෑම්ප් එකේ රේස් පදින ට්‍රැක් එක. අනිත් පැත්තට කැලේ වැහිලා තියෙන පස් කන්ද. මායිම්ව කලින් තියෙන අන්තිම ගෙදර වත්තෙ ඉඳන් තමයි කොල පාගගෙන ඇවිදින්න පටන්ගන්නෙ..


මරුම වැඩේ ඔතන ඉන්නවා පල්ලෙහා බල්ලො රංචුවක්, මං හොඳට බලලා තියෙනවා අනිත් හැමදාම ඕකුන් ටික බුරාගෙන පන්නගෙන එනවා උනත් ඔය ඇවිදින සද්දෙ ඇහෙන දවසට උන්ව යටකරගෙන ආවත් සද්දයක් නෑ. පාරෙත් නෑ උන්ටික!


හරි , ඉතින් ඔය සද්ද සීන් එක මුලින් බයවුනා ට පිටිපස්ස හැරිලා බලලා පණබයේ පැනලා පැදලාම හුරුවෙලා තිබුනා. දවසක් ඔය විදිහටම ටිකක් වෙනදට වඩා රෑ වෙලා යන්න උනා මට, 7.30 විතර..

සිද්ධිය දැන් හුරු නිසා මටත් ලොකු වෙනසක් නෑ. වෙනද වගේම බල්ලොත් නෑ. අදත් ඇවිදින සද්දෙ ඇහෙනවා කියලත් හැරෙන කොටම මං දන්නවා. ඒ උනාට වෙනදා වගේ නෙමෙයි හන්දියෙ ඉඳන්ම අද කරන්ට් එකත් නෑ. වෙනදා ලයිට් දාන ගෙවල් ටිකත් කළුවරේම තියෙනවා මිනිස්සු නෑ වගේ. ඕනෙ මඟුලක් කියලා කොහොමත් යන්න ඕනෙ නිසා මම ටිකක් හයියෙන් ඇදලා යනවා කියලා කන්ද පාගන්න ගත්තා...


සිරාවට එදා මචං කෑම්ප් එකේ පලවෙනි මායිම පැන්නා. අර ගෙදර වත්තෙන් දැන් ඇවිදින්න පටන් ගන්න ඕනෙනෙ සද්දෙ. මමත් ඒකට ලෑස්ති පිට පදිනවා. වෙනදා ඒ ඇහෙන සද්දෙ අද නෑ මෙන්න ⚠️


මට නිකං අර වෙනසටද දන්නෑ පදින වේගෙ අඩුවුණා, නැවතුනෙ නෑ.. මං ඕක කල්පනාවෙන් ඉස්සරහට යද්දි අදටත් කියද්දි ට්‍රැක පනිනවා, බයිසිකලේ නැවතුනා..


අර නිකං අපි යාළුවෙක් පදිනකොට ඉස්සරහට වෙලා නවත්තගෙන ඉන්නෙ අත්දෙකෙන් අල්ලගෙන, අන්න එහෙම.. මට හොඳටම ෂුවර් මොකෙක් හරි අල්ලගෙන ඉන්නෙ කියලා. නැත්නම් හරියටම කන්දෙ හොඳම නැග්ම හරියෙදි බයිසිකලේ නැවතිලා තියෙයිද?? මට බයට එක්ක දැන් හයියෙන් පෑගෙනවා. සයිකලේ දශමයක් හෙල්ලෙන්නෑ.. ඉහින් කනින් දාඩිය දාගෙන මාව රත්වේගෙන එනවා දැන්, බයිසිකලේ දාලා දුවනවා කියලා හිතලා බහින්න හදනකොටම මං බලාපොරොත්තුවෙන් හිටපු අඩි සද්දෙ ඇහෙන්න ගත්තා. එච්චරයි අඩුවට තිබ්බෙ මට, දැන් මං ඉන්නෙ වෙනදාට වඩා ඈතින්. ඒත් මට හොඳට ඇහෙනවා අර වත්තෙන් පටන්අරන් වැට පැනලා ටික ටික මගේ ලඟට අඩි සද්දෙ එනවා.. වටේ නිකං සීතල වේගෙන යද්දි මට පෙනුනා එලියක්. දෙයියනේ බයික් එකක් උඩ පැත්තෙන් එනවා. ඒ ක්ෂණික අර තිබ්බ හිරවීම නැතිවුනා කියලා මට දැනුනා. එදා තරම් වේගයෙන් බයිසිකලයක් පැදල නෑ මම ජීවිතේට!


බයික් එකේ කවුරු ආවද මන්දන්නෑ. ඒ මනුස්සයට මාව කොහොම පෙනුනද මන්දන්නෙත් නෑ. මම පැදගෙන යනකොට අර ඇවිදගෙන ආපු සද්දෙ දුවගෙන එන්න ගත්තා කියලායි , හති සද්දෙ ලඟින් ඇහෙන්න ගත්තා කියලායි විතරක් මට අදටත් කියන්න පුළුවන්..


එදායින් පස්සෙ අද වෙනකම් තනියම ඒ පාරෙ රෑවෙලා ගිහින් නෑ 💔


⚠️⚠️⚠️


ඔය සීන් එක අදටත් දන්නෙ නෑ හේතුවක්, හැබැයි කෑම්ප් එකේ හවස හයට , රෑ දහයට අනුස්මරණ නලාවක් ගහනවා. යුද්ධෙන් නැතිවුන රණවිරු ස්මාරකයක් තියෙනවා. අන්න ඒකෙ තමයි ඔය සද්දෙ ගහන්නෙ. හරි අමුතු පාළු, ගුප්ත නාදයක් ඒක..


ඔන්න ඕකත් එක්ක මොකක්හරි දෙයක් ඔතන වෙනවා ඇති කියලා මට හිතෙනවා!

Report Page