♡ රාගයේ විලාපය ♡
16❦ දහසය වන කොටස සහ නව ආරම්භයක පළමු කොටස ❦

[ කලින් කොටසට ]
"ඌයිහ් මෝඩයො අනේ හිමීට"
"කෑගහන්න එපා මැට්ටියෙ. වටේ පිටේ අයටත් ඇහෙයි"
"එහෙනං මෝඩයො ඕක හිමීට කරනවකො. අනේ රිදෙනව. හිමීට"
"ලිස්සන්නෑ ඉතින්. ඒකයි තදට තේරෙන්නෙ."
"අනේ යොහාන්.... හිමීට.. "
"ඉස්සෙන්න පොඩ්ඩක්. ඔහොම අමාරුනෙ"
"අනේ ඉස්සෙන්නත් බෑ... ඌවනේ...."
"එහෙම තමා මෝඩියෙ කකුල කඩා ගත්තම. තෙල් ටික ගානකං ඉන්නව ඔහොම. මැට්ටි වගේ එහෙ මෙහෙ දුවනව. පස්සෙ කකුල් කඩාගෙන තෙල් ගාන්න ගියාම රිදෙනව කියා කෑගහනව.
වෙන කුණුහරප මතක් කරන් ආතල් එකක් ගන්න හදපු පාඨක ප්‍රජාව දැන්.

නිශූගෙයි මගෙයි අතර දැන් කිසිම හිඩැසක් නෑ. කෙලින්ම පේශි පටක අතර තියෙන ඩෙස්මොසෝම සන්ධි වගේ ආයෙ ගලවන්න බැරි වෙන්නම බැඳිල තියෙන්නෙ.
එදා නිශූගෙ ගෙදර ගිහිල්ල එයාව මගෙම කරගෙන ඩිස්ඩි ඩිඩිං ඩුකුරු ඩුකුරු කරල අපි පැයක් විතරම ඇඬුව. බදාගෙන ඇඬුව. වැලපි වැලපි ඇඬුව. ආදරේ වෙනුවෙන් හෝ නැතුව ඒ කරපු වැඩේ අපිට ලොකු පීඩනයක් උනා. මොකද ඒක සැපදායක දෙයක් උනත් සුලු වැරදීමක් ඇති අපේ ලස්සන ජීවිතේ ඉවරයක් වෙන්න. ඒ නිසා බඳිනකං ආපහු එහෙම නොකරන්නත් අපි කතා කරගත්ත.
(තොපිලටත් ඔය මෝල තිබ්බට සිරාවටම වෙච්ච දවසට තමා හික් ගෑවෙන්නෙ😂)
ඉතින් කැම්පස් කෝල් කලාට පටන් ගන්නත් තව මාසයක් විතර තිබ්බ. නිශූ දවසක් ගෙදරදි මොකකට හරි දුවන්න ගිහිල්ල කකුල පෙරලිලා. ඉතින් මන් මගේ නැන්ද දීපු තෙල් ටික අරන් ගියාම කාන්ති ඇන්ටි කිව්ව මටම ගාන්න කියල.
තෙල් ගානකොට කාන්ති ඇන්ටි හෙන මීටරෙන් අපි දිහා හෝදිසියෙන් හිටපු එක වෙනමම දෙයක්.
ඉතින් මේ තෙල් ගාන සීන් එකේ තමා උඩ දෙබස ගියේ. තොපි කුණුහරප මතක් කරගත්තට මට කොරන්නට දෙයක් නෑ.
තෙල් ටිකත් ගාල ගෙදර එනකොට දවල් වෙලා. එහෙම්ම දවල්ට කෑම කාල සුපුරුදු පරිදි ගමේ කරක් ගහන්න ගියා.
ඉන්න ටිකේ ඉන්නෝන හොඳට.... තරහ තියන් ඉන්න එපා යන්න වෙන්නෙ දුකට....
ජීවිතේ තරුණ කාලේ... ලලලේ... ලලලා......
'දිල් වාලෙ පුචුනේ ලගා'
අම්මටසිරි පෝන් එක රින් වෙනව. ෆෝන් එක අරන් බැලුවම ඒ පේශලය.
"හෙලෝ පේශල කියහං බං"
"අඩෝ යොයිය සීන් එක ආරංචිද"
"නෑ බං මොකක්ද?"
"ඉස්කෝලෙ ගට්ට ගෙදරක් තියෙනව. උඹට කාඩ් එක හම්බෙයි හෙට අනිද්ද"
මොකක්ද යකෝ ඒ හරුපෙ. 'ගට්ට ගෙදරක්'?.

"මොකක්ද බං ගට්ට ගෙදරක් කියන්නෙ.?"
"ඇයි ඕයි ඔය ඉස්කෝලෙ සෙට් එක ආපහු හම්බෙන්න එන්නෙ. ඔය පාටියක් දාල කතා බහ කරල ඒ සීන් දාන්නෙ."
මේ ගොන් වස්ස කියල තියෙන්නෙ get together එකක් ගැන. ඉඳකින් තිරිසනා.

"ගට්ටු ගෙදරක් නෙවේ බල්ලො. ගෙට් ටුගෙදර් එකක්"
"මොකක් හරි බං. මම දන්නෑ ඕව. වරෙන් ඈ. නිශාධිටත් එවල ඇත්තෙ නිව්ස් එක මං හිතන්නෙ."
"හරි හරි බං එල. තෑන්ක්ස්"
"එලමෝ.."
ෆෝන් එක කට් කරල එහෙම්ම කුමාරයගෙ ගෙදර පැත්තට යන්න හැරුන. කුමාරය එක්ක කයියක් ගහන් ගමේ ඇවිදිනව කියන්නෙ වෙනමම ආතල් එකක්.
අඩි තුනක් යන්න උනේ නෑ "ඩෝං" ගාල පුපුරන සද්දයක් ඇහුන නිසා මං එතනම ගල් උනා.
පපුවයි කන් දෙකයි කීං කූන් ගානව ඒ මගුලට.
මොකක්ද පිපිරුවෙ කියල එහෙ මෙහෙ බලන්කොට දැක්කෙ පාරෙන් එහා පැත්තෙ ගෙදර වයසක ඩයල් එක තුන්හුලස් පත්තු කරනව රිලව් එලවන්න.
රිලව් තියා මිනිහෙක්වත් ඉන්න බෑ ඒ who can නගෙ වැඩේ නිසා😂. මිනිහගෙ නම අමරතුංග. හැබැයි මිනිහගෙ කුහකකම මහා පතරංග.
මම කුමාරයගෙ ගෙදර එනකොටත් කුමාරය එලියට ඇවිල්ල වට පිට බලනව සද්දෙ හොයන්නද කොහෙද.
"අඩේ යොයිය වෙඩි තියනව වගේ සද්දයක් ආව බං. මොකක්ද සීන් එක"
"වෙඩි තියනව බං අමරතුංග මාම"
"තුවක්කුවකින්ද බං?" කුමාරය ඇහුව ගොන් ප්‍රශ්නයක්.

"නෑ කැටපෝල් එකකින්. ගොන් ප්‍රශ්න අහන්න එපා යකෝ. අමරතුංග මාම රිලව් පන්නන්න තුන්හුලස් රතිඤ්ඤ දානව."
"ආ එහෙනං අවුලක් නෑ බං. මම ඒත් හිතුව මේ තැන තැන අත්බෝම්බ බිම්බෝම්බ අහු වෙන කාලෙ ගමෙත් මොකා හරි කෙලින්න යනව ඇති කියල."
"යමන් රවුමක් ගහන්න. ඔය මගුල් වැඩක් නෑ. පස්සෙ රවුම් ගහන්න වෙන්නෙත් නෑ බං"
කුමාරය වට පිට බලල එහෙම මං ගාවට ලං උනා. ශුවර් එකටම මත්ද්‍රව්‍යක් ගැන කියන්න වෙන්නැති.
"මේ බං යොයියා. පොඩි දෙයක් කියන්න තියෙනව බං. කමක් නැද්ද කිව්වට"
"කියහන් බං"
"මේ අර.... මේ.... උඹලගෙ ගෙවල් ඉස්සරහ අක්කට කොල්ලෙක් ඉන්නවද බං"
මම:-

"චතුමිනී අක්කද? උඹට මොකෝ ඒක"
කුමාරය වෙනදට ප@ය වගේ කතා කලාට අද නිකං සැර බැහැල වගේ.
"ඔව් ඔව් එයා තමා. අඩේ යොයියා මේ. උඹ ඉතින් වැඩානෙ බං. මේ ඒක ටෝක් කරල දියන්කො."
who to😂. මූ මේ අක්ක කෙනෙක් මුට ටෝක් කරල දෙන්න කතා කරනව.

"පිස්සෙක්ද ඕයි උඹ. ඕකිට ඔය මගුල් කියන්න ගිහිල්ල මටත් කෙල වෙයි. ඔය ඉන්නෙ බං ඕනෙතරන් කෙල්ලො. මූදෙ ඉන්නෙ එක මාලුවද ඔයි."
"අනේ බං යොහානය. මූදෙ මාලු ගොඩක් හිටියට කලුවර අහසට පායන්නෙ එක හඳයිනෙ බං. අඩේ මොකක්ද බං."
යාලුවෙක් නිසා නොකරත් බෑ. අරකි නිසා කරලත් බෑ. මේ ඩිෆිකල්ට් සිටුවේශන් එක හැඩ්ල් කරන්නෙ කෝමද යකුනේ.
කුමාරයගෙ හිත හැදෙන්නවත් මොකක් හරි කියල සේප් වෙන්න ඕනෙ.
" හා හා මම කියල බලන්නං. ශුවර් කරන්න එපා බං හොඳේ."
"අඩෝ උඹ නං දෙයියෙක් බං යොයියා." කියාගෙන මූ මාව බදාගත්ත.
Tricks:-
උඹේ යාලුවෙක් උදව්වක් ඉල්ලුවම උඹට ඒක කරන්න කම්මැලී නං මෙන්න මේ සරල උපක්‍රමය භාවිතා කරන්න. අනිවාර්යයෙන් කරනව කියල ලොකු බලාපොරොත්තු දීල අන්තිමට කියහන් 'ශුවර් කරන්න එපා' කියල. ඊට පස්සෙ ඒ වැඩේ අතෑරල දාපං. ඌ පස්සෙ දවසක අහනකොට බොරුවක් කියල මාරු වෙයන්.
කුමාරය එක්ක රවුම් ගහල ගහල ආතල් අරන් ගේ ගාවට යනකොට මගේ කරුමෙටද කොහෙද චතුමිණී අක්ක එයාලගෙ ගේ ඉස්සරහට වෙලා පොතක් කියවනව.
මේකිව දැක්ක විතරයි කුමාරයට මදන යකා ගහලද කොහෙද මගෙ කරේ එල්ලෙන්නයි නටන්නයි ගත්ත.
"අඩෝ යොහානය කියපංකො. මම හැංගිලා ඉන්නං බං. කියහංකො ගිහිල්ල."
මූ මට මැරුන් කන්න වෙන වැඩක් සෙට් කරනව පෙන්ස්. මම දැන් mk ?
කුමාරයව පැත්තකට දාල මම හෙමින් හෙමින් සේපට අක්ක ගාවට ගියා.
"ආ මල්ලි. කැම්පස් කවද්ද දැන් තියෙන්නෙ."
"සති දෙකකින් විතර අක්කෙ"
"ආ හොඳයි හොඳයි"
අඩෝ අහන්නත් බෑ ඕයි. මල රෙද්දක් වෙන්නෙ.
"මේ අක්කෙ. මේ දෙයක් කියන්න තියෙනව. මම කියන එකක් නෙවේ."
"මොකක්ද බං. කියන්න ඉතින්"
"මුකුත් නෑ. බොරුවට ඔලුව වනනවකො. මම අරූ එක්ක ඔට්ටුවක් දාල ආවෙ. අක්කට කොල්ලෙක් ඉන්නව කියල ඌ කියනව. මම කිව්ව නෑ කියල. ඌ රුපියල් 100ක් ඔට්ටු දැම්ම. උට පේන්න බොරුවට ඔලුව වනනවකො නෑ කියල."
"මුන් යකෝ. හා හා" කියල අක්ක බොරුවට රවා ගෙන ඔලුව වැනුව.
මම එහෙම්ම කුමාරය ගාවට ගිහින් කිව්ව,
"වැඩක් නෑ බං. අක්ක කැමති නෑ කිව්ව. උඹ වෙන එකක් හොයාගනින්. අක්කට කොල්ලෙක් ඉන්නවලු"
කෝමද මගෙ ටික්කි ටිකිරි ටිකිරි මොලේ

කුමාරයටත් හෙන අප්සට් එක ඉතින්. කරන්න දෙයක් නෑ. මූ මගෙ බෙල්ල ගහල යන වැඩකටනෙ කතා කලේ.
කුමාරය එක්ක රවුම් ගහල ඉවර වෙලා ඊට පස්සෙ නිශූ ලගෙ ගෙදර ගියා ඉස්කෝලෙ get together එක ගැන කියන්න.
නිශූගෙ කකුල අවුල් නිසයි එයා වැඩිය පාටි වලට යන්න ආස නැති නිසයි එයාට යන්න බෑ කිව්ව. මට යන්න කිව්ව. එයා නැතුව තනියම යන එක හිතට මොකක්ද වගේ නිසා මමත් යන්නැතුව ඉන්න තීරණය කලා.
ඉතින් ශේප් එකේ ඔහොම දවස් ගෙවිල යනකොට කැම්පස් එකේ ඉන්ටව් එකට යන්න උන දවසත් ළං උනා.
අම්මලත් මෙහෙ ආව. දැන් කැම්පස් යන්න ගත්තම අපිට ගෙදර ඉඳන් යන්නත් බෑනෙ. බෝඩිමකට සෙට් වෙන්නම වෙනව. ඉතින් ඒව කතා කරගන්නයි ඔක්කොටම එක්ක තමා අම්මලත් ආවෙ. නිශූගෙ අම්මලත් දැන් අපිට ෆිට් නිසා දෙගොල්ලොම එකතු වෙලා කතා කරගන්නව.
මගේ ජීවිතේ ගැන මම ඇරෙන්න එයාල ඔක්කොම සැලසුම් කරන දිහා උපේක්ශාවෙන් බලන් ඉන්න මෝඩ මම

නිශූගෙ තාත්ත කොහෙන්ද මංද බෝඩිමක නම්බරයක් හොයන් ඇවිල්ල ඒකෙ ඇන්ටි එක්ක කතා කරල තිබ්බ. කොහොමත් දැන් ස්ටෝරි ලයින් එක යන සිස්ටම් එකේ හැටියට නිශූවයි මාවයි එක බෝඩිමේ නවත්තන්න වගේ ප්ලෑන් එක.
එක බෝඩිමෙ නැවැත්තුවම සැප කනේ කණ සාක්කුවෙ කියල දන්න මම

ඉතින් ඔහොමෙයින් ඔහොමෙයින් ඉන්ටව් යන දවසත් ආව. අපේ තාත්ත නං ගමේ ගියා එයාගෙ වැඩකට. අම්මයි නැන්දයි නිශුගෙ අම්මයි තාත්තයි අපි සෙට් එක වෑන් එකක් අරන් ගියා පේරාදෙණියට.
ඩෙන්ටල් උනත් ඉතින් ඩොක්ටර් යොහාන් තමා හරිය....
එහෙනං ගමේ ජීවිතේට සමු දෙන්න වෙන කාලෙත් එනව එහෙනං..... බෝඩිම් ජීවිතේ පිළිගනිමු....
ඉන්ටව් එකෙන් සෙට් වෙමු ඒනම්....