ᏉᎥᏞᏞᎪᎥᏁ ⚚꙳

ᏉᎥᏞᏞᎪᎥᏁ ⚚꙳

පබා ලියනගේ﹏✍


𝐈𝐟 𝐲𝐨𝐮 𝐚𝐫𝐞 𝐫𝐞𝐝 𝐟𝐥𝐚𝐠 , 𝐨𝐡 𝐬𝐨𝐫𝐫𝐲 𝐢 𝐚𝐦 𝐜𝐨𝐥𝐨𝐫 𝐛𝐥𝐢𝐧𝐝✖‿✖•



පෙර දිගහැරුම 🌙

https://telegra.ph/ᏉᎥᏞᏞᎪᎥᏁ-08-15


(අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..) 🚫



හයවන දිගහැරුම....



"වොහ්.....මරු ...රොමෑන්ටික් ෆිල්ම් එකක් වගේ... අනඟ ඔයාව උස්සන් ඇවිත් ඇදෙන් තියලා බෙඩ්ශීට් එකකුත් පොරවලා...බට්...ඒක වෙන්න පුළුවන්ද...මේ අනඟ... මන් අහන්නෙ මූ වගෙ පොරක් එහෙම හිතක් පපුවක් තියන හොඳ ක්‍රියාවක් කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද..."


ප්‍රභාත් කිව්වේ අනඟගෙ ටේබල් එක දිහා බලන්...



"ඒකනේ...අනඟ මන් දිහා බැලුවත් බලන්නෙ රවාගෙන...එහෙම එකේ එයා ඒ වගේ වැඩක් කරයිද මන් එලිවෙනකන් බැල්කනි එකේ නිදාගත්තත්..."


කෙල්ල කිව්වේ අභී දිහා බලන්...අභී උරහිස් ඇකිලුවේ අනේ මන්දා කියන්න වගේ...



"ආආආඅ..."



මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු හශී එක පාරම කෑ ගහන්න ගත්තෙ අනිත් තුන් දෙනාම බය වෙලා වගේ හශි දිහා බලද්දි....


"වෙන්න බෑ...අපෙ හනා අනඟගෙ හිත හෙල්ලුවාවත්ද..."



හශී කිව්වේ කට්ටිය දිහා මාරුවෙන් මාරුවට බලන්..

ප්‍රභාත් ඉක්මනට කෙල්ල දිහා බැලුවේ හශීගෙ කතාව ඇත්ත වෙන්නත් පුළුවන් කියලා හිතුන නිසා...කෙල්ල කට ඇද කරලා හශී දිහා බලන් හිටියේ ඒක කවදාවත් වෙන් නැති දෙයක් කියලා හිතුන නිසා...ඒත් හශීගෙ කතාවට අභීගෙ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් උනේ කාටවත් හිතාගන්න බැරි විදිහට......



......................................................................................................................................................................................................


හත් වෙනි පීරියඩ් එක....🌙



අනඟ පංතියේ කොල්ලගෙ ටේබල් එකට වෙලා වාඩි වෙලා කෙල්ලගෙ ටේබල් එක දිහා බලන් හිටියේ හිත එක එක හැඟීම් ගොඩකින් පිරෙද්දි...


"අනඟ...අනඟ...."


ඒත් එක්කම කොල්ලා ගැස්සුනේ කෑ ගහන් එන කසුන්ගෙ සද්දෙට....



"මොකද බන් කෑ ගහන්නෙ....කන් ඇහනවා මගේ...."


අනඟ කිව්වේ කසුන් දිහා රවාගෙන බලාගෙන...කසුන් කෑගහන එකත් නවත්තලා හිටි තැන ගල් ගැහුනේ අනඟ කේන්තියෙන් ඉන්නෙ කියලා මතක් උන නිසා...


"මේ මේ අර..."


කසුන් ගොතගගහ කියන්න ගත්තම කොල්ලාගෙ බැල්ම තවත් රළු උනේ කසුන්ට හුස්ම ගන්නත් අමතක වෙද්දි..



"මගෙ යකා අවුස්සගන්නෙ නැතුව කියන්න තියන දේ කියලා පලයන්...."


අනඟ කිව්වෙ දත්මිටි කාගෙන...


"ර...රශාත් ඇවිත් ඉන්නවා..."



කසුන්ගෙ කතාවට අනඟට පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටම වගේ...



"කොහෙද..."


එක ක්ශනයෙන් කසුන් ගාවට ගියපු කොල්ලා ඇහුවේ කසුන්ගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලන්..


"ඔ...ඔෆිස් එ..එකේ ඉදන් මීඩියා රූම් එක පැ..පැත්තට ගියා.."


කසුන් කිව්වෙ බයෙන් වෙව්ල වෙව්ල... කසුන්ව අත ඇරපු අනඟ හීයක වේගෙන් ගියේ මීඩියා රූම් එක පැත්තට... මීඩියා රූම් එක තියන්නෙ පළවෙනි තට්ටුවෙ...අනඟ ඉන්නෙ හතර වෙනි තට්ටුවේ...


......................................................................................................................................................................................................


මේ අතරතුර 💕



රශාත් වටපිට බල බල මීඩියා රූම් එක ඇතුළට ගියේ මීඩියා මිස්ව හම්බෙන්න... ඒත් රශාත්ගෙ ඇස් නැවතුනෙ හුරු නැති අගාන්තුක රූපයක් ළග...ඒ හනා... අභී එක්ක කතා කර කර පොතක් දිහා බලන් ඉන්න හනා දිහා රශාත් බලන් හිටියේ සම වැදිලා වගේ...


"ඔහ් රශාත්...come in...."


මීඩියා මිස්ගෙ හඬට රශාත් විතරක් නෙමෙයි අභීත් ඔලුව උස්සලා බැලුවේ රශාත්ගෙ නම ඇහුන නිසා...කෙල්ල අභී දිහා බලද්දි අභී ගල් ගැහිලා වගේ කොහෙහරි බලන් ඉන්නවා කියලා දැක්ක නිසා කෙල්ලත් ඇස් ඒ පැත්තට යැව්වෙ ඇයි බලන්න...


කෙල්ලගෙත් ඇස් තප්පරේකට නැවතුනා ඒ අගාන්තුක රූපෙ ළග...මේ මාස දෙක ඇතුළත ස්කෝලෙ කවදාවත් දැකලා නැති කෙනෙක්... අනඟගෙ කඩවසම් බවට සමාන කරන්න පුළුවන් කඩවසම් පෙනුමක් රශාත්ට තිබ්බා...හීනි ඇස් නපුරු පාටයි....කොල්ලා හිනා වෙද්දි ඒ ඇස් පියවෙන තරමට හීනි වෙනවා....ස්කෝලෙ යුනිෆෝම් එකෙන් හිටියත් කොල්ලට තිබ්බෙ අමුතුම ලුක් එකක්...


"කවුද ඒ..."


කෙල්ල අභීගෙන් ඇහුවේ රශාත් ළගම ඇස් තියාගෙන..


"රශාත්... අනඟගෙ සෝල් මේට්... I mean best friend... ස්කූල් එකේ ප්‍රින්සිපල්ගෙ පුතා..."


අභී කිව්වේ රශාත්ගෙන් ඇස් අරන් කෙල්ල දිහාට හැරෙන ගමන්....


"Same age?..."

(එක වයසෙද..)


කෙල්ල ඇහුවේ අභී දිහා බලන්..


"Yeah..also same class..."

(ඔව්..එක පංතියේ...)



අභී කිව්වේ ආයෙත් රාශාත් දිහා බලන්..



"අනඟගෙ බෙස්ටානම් අනඟ වගේම රෙඩ් ෆ්ලැග් එකක් වෙන්න ඇති..."




කෙල්ල කිව්වේ හිනාවෙවී ආයෙත් පොත දිහා බලන්....




"එහෙමමත් නෑ...හැබැයි අනඟගෙ හැම කේස් එකකම මෙයත් ඉන්නවා... මෙච්චර දවස් ස්කූල් ආවේ නැත්තෙත් අනඟගෙ ෆයිට් එකකදි අනඟව බේරගන්න ගිහින් මෙයාට තුවලා වෙලා තිබ්බා.. කට්ටියනම් කිව්වේ නැගිටගන්න බැරි තරමට ඩැමේජ් කියලා....but he looks good now..."


අභීත් කිව්වේ පොත දිහා බලා ගන්න ගමන්.


"By the way he is hondsome ...."

(මොනා උනත් එයා හැන්සම්...)



කෙල්ල කිව්වේ අභී දිහා බලන් ඇහැකුත් ගහලා...



"Yeah...but කුකුළා..."




අභී කිව්වේ හිනාවෙවී... කෙල්ලත් හිනා උනේ ඒ මූණ දැක්කම කුකුලා කියලා තේරුන නිසා..


"Who is she..."


රශාත් මීඩියා මිස්ගෙන් ඇහුවේ කෙල්ල දිහා බලන්..


"Who..."


කාගෙ ගැනද කියන්නෙ කියලා දන්නෙ නැති නිසා මීඩියා මිස් ඇහුවේ රශාත් දිහා බලන්..


"That girl...with Abhishek"

(අර ගෑණු ළමයා...අභිශේක් එක්ක ඉන්න...)



රශාත් කිව්වෙ කෙල්ල ළගම ඇස් තියන්..


"Oh she... she is hanaa.. new student... your classmate..."

(ඔහ් එයා..ඒ හනා.. අලුත් ළමයෙක්... ඔයාගෙ පංතියේ..)



මීඩියා මිස් කිව්වේ රශාත්ගෙ පිටට තට්ටුවක් දාලා...


"by the way she is beautiful..."

(මොනා උනත් එයා ලස්සනයි...)


කෙල්ල කියපු දේම රාශාතුත් කෙල්ලට කිව්වෙ මීඩියා මිස් හිනා වෙලා අතේ තිබ්බෙ ෆයිල් එකෙන් රශාත්ගෙ ඔලුවට එකක් ගහද්දි...


ඒ එක්කම මීඩියා රූම් එකේ දොර සද්දෙන් ඇරුනම හැමෝම ඒ පැත්ත බැලුවේ රශාත් විතරක් නොබලා බිම බලන් හිනාවෙද්දි...


"You are so late for welcome me bro..."

(ඔයා මාව පිළිගන්න ගොඩක් පරක්කුයි මචන්..)


රශාත් ඔලුවවත් උස්සලා බලන් නැතුව බිම බලාගෙනම කිව්වේ ඇවිත් ඉන්නෙ කව්ද කියලා දන්න නිසා....


විරාමයක්...


බුදු සරණයි 🌸

රශාත් 🌙
අනඟ💕
හනා 💕
අභී 💫



Report Page